බ්‍රහ්ම දේවාලය, ඛජුරාහෝ
බ්‍රහ්ම දේවාලය | |
---|---|
මූලික තොරතුරු | |
පිහිටීම | ඛජුරාහෝ |
අනුබැඳියාව | හින්දු ආගම |
දේවතාවා | ශිව |
දිස්ත්‍රික්කය | ඡතර්පූර් |
ජනපදය | මධ්‍ය ප්‍රදේශ් |
රට | ඉන්දියාව |
ගෘහනිර්මාණ විස්තර | |
ගෘහනිර්මාණ ප්‍රභේදය | නගර ගෘහනිර්මාණ ශිල්පය |
නිර්මාපක | චන්දේල |
සම්පූර්ණ කෙරුණේ | 9/10වන සියවස |
සම්පූර්ණ විස්තර | |
දේවස්ථාන(ය) | 1 |
බ්‍රහ්ම දේවාලය වනාහි ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි ඡතර්පූර් හි පිහිටි නවවන හෝ මුල්කාලීන දහවන සියවසට අයත් දේවාලයකි. මෙය හින්දු දෙවි බ්‍රහ්මගේ නමින් හැඳින්වුවද, මෙය ශිව දෙවියන් උදෙසා කැපකළ දෙවොලකි. මෙම දේවාලය ඇතුළු ස්මාරක සමූහය, යුනෙස්කෝ ලෝක උරුම අඩවියක් වන ඛජුරාහෝ ස්මාරක සමූහයට අයත් ය.
පසුබිම
[සංස්කරණය]ඛජුරාහෝ සාගර් ජලාශයේ ඉවුරේ පිහිටි මෙම දේවාලය බ්‍රහ්ම දේවාලයක් ලෙස හඳුන්වන්නේ වැරදීමකිනි. දේවාලයේ ගර්භගෘහය තුළ සිව් මුහුණත් ශිව ලිංගයක් දක්නට ලැබේ. බැතිමතුන් විසින් මෙය වරදවා මුහුණු සතරක් ඇති බ්‍රහ්ම ප්‍රතිමාවක් ලෙස සලකා ඇත.[1] ගර්භගෘහයේ බටහිර කවුළු සහ උඩලිපත් හි මැද කොටස්වල විෂ්ණු රූප දක්නට ලැබේ. කෙසේනමුත්, මෙහි භාවිත පාෂාණ දේවාලය තැනීමට භාවිතා කළ පාෂාණවලට වඩා වෙනස් ය.[1]
මෙම දෙවොල නවවන හෝ දසවන ශතවර්ෂයේ මුල් භාගයේ නිර්මාණය වී ඇත.[2][3]
ගෘහනිර්මාණ ශිල්පය
[සංස්කරණය]බ්‍රහ්ම දේවාලය ඛජුරාහෝ දේවාල සංකීර්ණයේ නොනැසී ඇති ගොඩනැගිලිවලින් එකකි. ග්‍රේන්ස්ටෝන් පාෂාණයෙන් තැනූ මෙහි බොහෝ දේවාල මෙන් මෙම දේවාලය තනා ඇත්තේ ග්‍රැනයිට් පාෂාණයෙන් වීම විශේෂත්වයකි.[4] මෙම දෙවොලෙහි සැලැස්ම ලාල්ගුවන් මහාදේව දේවාලයට සමාන ය. මෙම දේවාල නිර්මාණය කොට ඇත්තේ ග්‍රැනයිට් පාෂාණ භාවිතයේ සිට වැලිගල් භාවිතයට සංක්‍රමණය වෙමින් පැවති කාලසීමාවක බැව් පෙනේ.[5]
ඉන්දියාවේ පුරාවිද්‍යා සමීක්ෂණ දෙපාර්තමේන්තුව අනුව, මෙහි බිම් සැලැස්ම ඛජුරාහෝවේ සෙසු දේවාලවලට සාපේක්ෂව සරල ය. ශිඛරය (දේව ප්‍රතිමාව තබන ස්ථානයට ඉහළින් වූ) තනා ඇත්තේ වැලිගලිනි.[6] මුලින් මෙම දේවාලයට ද්වාර මණ්ඩපයක් සහ ගර්භගෘහයක් පැවතී ඇත. ද්වාර මණ්ඩපය විනාශ වී වර්තමානයේ ගර්භගෘහය සහ එහි ඉහළින් වූ ශිඛරය පමණක් දක්නට ලැබේ. බාහිරින්, ගර්භගෘහය කුරුස හැඩැති වන අතර, දෙපසින් නෙරීම් දක්නට ලැබේ. එහි අභ්‍යන්තරය, සමචතුරස්‍ර හැඩැති අතර එය ග්‍රැනයිට් කුළුණු 12ක් මත පිහිටියේ ය. නැගෙනහිර නෙරුමෙහි ප්‍රධාන ද්වාරය පිහිටි අතර, බටහිර නෙරුමෙහි කුඩා ද්වාරයක් පිහිටා ඇත. සෙසු පාර්ශ්වික නෙරුම්වල් ගරාදි සහිත කවුළු දක්නට ලැබේ.[6]
මෙහි ප්‍රධාන ද්වාරය එතරම් විසිතුරු නැත. එහි උඩලිපතෙහි ත්‍රීමූර්ති ප්‍රතිමාවක් සහ පාදමෙහි ගංගා සහ යමුනා රූ පමණක් දැකගත හැක.[6]
ආශ්‍රේයයන්
[සංස්කරණය]ග්‍රන්ථාවලිය
[සංස්කරණය]- Deva, Krishna (2002). Khajuraho. Archaeological Survey of India.
- Dhama, B.L. (1927). A Guide To Khajuraho. Times of India.
"Madhya Pradesh" යනු සැකිල්ල:ඛණ්ඩාංක නොමැත සඳහා බාරගත නොහැකි ප්‍රවර්ග පරාමිතියකි.
The problem is usually caused either by a spelling mistake or by an-over-precise category.
For a full list of categories, see ප්‍රවර්ගය:වර්ගීකරණය කර නොමැති භූගෝලීය ඛණ්ඩාංක සපයා නොමැති ලිපි and its subcategories.