චිත්‍රගුප්ත දේවාලය, ඛජුරාහෝ

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
චිත්‍රගුප්ත දේවාලය
चित्रगुप्त मन्दिर
Vamana temple Khajuraho.jpg
Lua දෝෂය in Module:Location_map at line 502: Unable to find the specified location map definition: "Module:Location map/data/India Madhya Pradesh" does not exist.
මූලික තොරතුරු
පිහිටීමඛජුරාහෝ
භූගෝලීය ඛණ්ඩාංක24°51′16″N 79°55′12″E / 24.8544234°N 79.9200664°E / 24.8544234; 79.9200664ඛණ්ඩාංක: 24°51′16″N 79°55′12″E / 24.8544234°N 79.9200664°E / 24.8544234; 79.9200664
අනුබැඳියාවහින්දු ආගම
දේවතාවාසූර්ය
දිස්ත්‍රික්කයඡතර්පූර්
ජනපදයමධ්‍ය ප්‍රදේශ්
රටඉන්දියාව
ගෘහනිර්මාණ විස්තර
ස්ථාපිත දිනයක්‍රි.ව. 11වන සියවස

චිත්‍රගුප්ත දේවාලය යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ්හි ඛජුරාහෝ නගරයේ පිහිටි 11වන සියවසට අයත් සූර්ය (හිරු දෙවි) දේවාලයකි. ගෘහනිර්මාණ ශෛලිය අතින් මෙම දේවාලය එයට යාබදව පිහිටි ජගදම්බි දේවාලයට සමානත්වයක් දක්වයි.

ඉතිහාසය[සංස්කරණය]

ශිලා ලේඛනවලින් හමුවන සාක්ෂි මත පදනම්ව, මෙම දේවාලයේ ඉදි කිරීම් ක්‍රි.ව. 1020-1025 අතර කාලසීමාවට අයත් යැයි සැලකිය හැක. මෙය පූජා කිරීමේ කටයුත්ත සිදුවී ඇත්තේ ක්‍රි.ව. 1023 පෙබරවාරි 23 ශිවරාත්‍රී උත්සවයේදී ය.[1]

ඉන්දියාවේ පුරාවිද්‍යා සමීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් මෙම දේවාලය ජාතික වැදගත්කමක් සහිත ස්මාරකයක් ලෙස වර්ගීකරණය කොට ඇත.[2]

ගෘහනිර්මාණ ශිල්පය[සංස්කරණය]

චිත්‍රගුප්ත දේවාලය එයට යාබදව පිහිටි ජගදම්බි දේවාලයටට අතිශයින් සමානත්වයක් දක්වයි. මෙහි ප්‍රදක්ෂිණා පථයක් සහිත ගර්භගෘහයක්, අන්තරාලයක්, හරස් අංශ සහිත මහා-මණ්ඩපයක් සහ ප්‍රවේශ ආරුක්කුවක් දක්නට ලැබේ. මහා මණ්ඩපයේ සිවිලිම අෂ්ටාස්‍රාකාර හැඩැති වන අතර, එය ජගදම්බි දේවාලයේ සිවිලිමට වඩා විසිතුරු ය. මේ අනුව යෝජනා වී ඇත්තේ චිත්‍රගුප්ත දේවාලය ඉදි වූයේ දේවි ජගදම්බි දේවාලය ඉදිවූ මඳ කාලයකට පසුව බව ය.[3] ගොඩනැගිල්ලේ සඳලු තල දෙකක් පවතියි. මෙහි පියස්සේ ඇති ආරෝහණ පරිමාණය ඛජුරාහෝවේ විශාල දේවාල මෙන් චිත්තාකර්ෂණීය නැත.[4]

ප්‍රතිමා[සංස්කරණය]

දේවාලයේ ගර්භගෘහයේ තුළ අර්ධ වශයෙන් කැඩී ගිය මීටර 2.1 (අඩි 6.9) උසැති සූර්ය දේව ප්‍රතිමාවක් ඇත. මෙහි සූර්යයා අශ්වයින් සතක් සහිත රියක නැගී සිටියි. මෙහි ඔහු සිටගෙන සිටින අතර, සන්නාහ ලෝගුවක් සහ උස් පාවහන් පැළඳ, නෙළුම් මල් දරා සිටින අයුරින් කැටයම් කොට ඇත. ගර්භගෘහයේ දොරටුවේ උඩළිපත මෙයට සමාන නමුත්, ප්‍රමාණයෙන් කුඩා සූර්ය දේව ප්‍රතිමා තුනකින් සමන්විත ය.[5][3]

දේවාලයේ පිටත බිත්ති ශෘංගාරාත්මක පෙම් යුවළවල්, සුරසුන්දරියන් සහ විවිධ දේව රූපවලින් ආවරණය වී ඇත. මේ අතර හිස් 11ක් සහිත විෂ්ණු ප්‍රතිමාවක් ද වේ.[3] විෂ්ණු ප්‍රතිමාව මගින් දෙවියන් ඔහුගේ පාර රූප (උත්තරීතර ස්වරූපය) ස්වරූපයෙන් යුතුව, ඔහුගේ අවතාර දහය සමගින් නිරූපණය කොට ඇත. මෙම විරුළ නිරූපණය වෙනත් ස්ථානවල දක්නට නොලැබේ. එසේම ඒ පිළිබඳ කිසිදු ඓතිහාසික ග්‍රන්ථයක ද සඳහන් නොවේ.[6] සෙසු ප්‍රතිමා අතර මෛථුන්‍යයේ යෙදෙන පෙම් යුවළවල් සහ සිය යටි කය වස්ත්‍ර ඔසවා ගනිමින් යෝනිය ප්‍රදර්ශනය කරන අප්සරාවන්ගේ රූ දක්නට ලැබේ.[5] මීට අමතරව ශිව දෙවියන්ගේ සහායකයකු වන නන්දි මිනිස් සිරුරක් සහ ගව හිසක් සහිතව නිරූපණය කොට ඇත.[7]

මෙම ප්‍රතිමා (සහ ජගදම්බි දේවාලයේ ප්‍රතිමා) විශ්වනාථ දේවාලයේ ප්‍රතිමාවලට පසුව සහ කන්දාරියා මහාදේව දේවාලයේ ප්‍රතිමාවලට පෙර කාලයක නිර්මාණය වන්නට ඇතැයි සැලකේ.[3]

ආශ්‍රේයයන්[සංස්කරණය]

ග්‍රන්ථාවලිය[සංස්කරණය]

  • Ali Javid; Tabassum Javeed (2008). World Heritage Monuments and Related Edifices in India. Algora. ISBN 978-0-87586-482-2. https://books.google.com/books?id=iXVNBAAAQBAJ&pg=PA209. 
  • "Chitragupta Temple". Archaeological Survey of India, Bhopal Circle. Retrieved 2016-11-16.
  • "Alphabetical List of Monuments - Madhya Pradesh". Archaeological Survey of India, Bhopal Circle. Retrieved 2016-11-16.
  • Deepak Kannal (1995). "Khajuraho: beginning of new iconological cycle". මෙම කෘතිය තුල: R. T. Vyas. Studies in Jaina Art and Iconography and Allied Subjects. Abhinav Publications. ISBN 978-81-7017-316-8. https://books.google.com/books?id=fETebHcHKogC&pg=PA112. 
  • Margaret Prosser Allen (1991). Ornament in Indian Architecture. University of Delaware Press. ISBN 978-0-87413-399-8. https://books.google.com/books?id=vyXxEX5PQH8C&pg=PA210. 
  • Rana P. B. Singh (2009). Cosmic Order and Cultural Astronomy. Cambridge Scholars. ISBN 9781443816076. https://books.google.com/books?id=YQoaBwAAQBAJ&pg=PA60.