ජවාරි දේවාලය, ඛජුරාහෝ
ජවාරි දේවාලය | |
---|---|
![]() ඛජුරාහෝවේ ජවාරි දේවාලය | |
මූලික තොරතුරු | |
පිහිටීම | ඛජුරාහෝ[1] |
අනුබැඳියාව | හින්දු ආගම |
දිස්ත්‍රික්කය | ඡතර්පූර්[1] |
ජනපදය | මධ්‍ය ප්‍රදේශ් |
රට | ඉන්දියාව |
ගෘහනිර්මාණ විස්තර | |
නිර්මාපක | චන්දේල පාලකයින් |
ඉන්දියාවේ ඛජුරාහෝවේ ජවාරි දේවාලය යනු හින්දු දේවාලයක් වන අතර, එය යුනෙස්කෝ ලෝක උරුම අඩවියක් වන ඛජුරාහෝ ස්මාරක සමූහයේ කොටසකි. ක්‍රි.ව. 975 සහ 1100 පමණ කාලය අතරතුර මෙය නිර්මාණය වන්නට ඇත.[1]
මෙම දේවාලය හින්දු දෙවියකු වන විෂ්ණු වෙනුවෙන් පුදකොට ඇත.[1] දේවාලයේ පිහිටි ප්‍රධාන දේව ප්‍රතිමාව කැඩීගොස් ඇති අතර, එහි හිස දක්නට නොලැබේ. (රූපය බලන්න).[2]
පිහිටීම[සංස්කරණය]
මෙම දේවාලය ඛජුරාහෝවේ නැගෙනහිර පෙදෙසේ පිහිටා ඇත.[1] වාමන දේවාලයේ සිට මීටර 200ක් පමණ දකුණින් පිහිටි මෙය එම දේවාලයේ සිට මැනවින් දර්ශනය වේ.[1]
ගෘහනිර්මාණ ශිල්පය[සංස්කරණය]
මෙය මනා-සමානුපාතික ගෘහ නිර්මාණ ලක්ෂණවලින් යුතු ය. මෙහි ගර්භගෘහයක්,[1] අන්තරාලයක්,[1] මණ්ඩපයක්[1] සහ ද්වාරමණ්ඩපයක්[1] දක්නට ලැබෙන මුත්, ප්‍රදක්ෂිණාපථයක් දක්නට නැත. මෙහි අලංකාර මකර තොරණක්[1] සහ ශිඛරයක් (මුදුනේ) පිහිටා ඇත. පිටත බිත්තිය කැටයම් තීරු තුනකින් සමන්විත ය. මෙම දේවාලය ඛජුරාහෝවේ චතුර්භූජ් දේවාලයට[1] සමානත්වයක් පෙන්වයි.
ප්‍රධාන දේව ප්‍රතිමාව[සංස්කරණය]
දේවාලයේ ප්‍රධාන දේව ප්‍රතිමාවේ (විෂ්ණුගේ[1]) හිස දක්නට නොමැති ඇති අතර, එයට හානි වී ඇත.[2]
මකර තොරණ[සංස්කරණය]
දේවාලයේ ප්‍රවේශ ද්වාරමණ්ඩපයේ අලංකාර මකර තොරණක්[1] දැකගත හැක. (රූපය බලන්න)
ගර්භගෘහයේ පිවිසුම[සංස්කරණය]
ගර්භගෘහයේ ප්‍රවේශ ද්වාරය මුදුනේ නව-ග්‍රහයන් නිරූපිත කැටයම් දැකගත හැක. නව-ග්‍රහ ප්‍රතිමාවලට අමතරව බ්‍රහ්ම, විෂ්ණු සහ ශිව යන හින්දු දෙවිවරුන්ගේ රූ ද දැකගත හැක.
ප්‍රතිමා[සංස්කරණය]
දේවාලයේ පිටත බිත්තියේ ප්‍රතිමා තීරු දෙකක් දක්නට ලැබේ. (පින්තූරය බලන්න)[3]
ගැලරිය[සංස්කරණය]
ආශ්‍රේයයන්[සංස්කරණය]
- ↑ 1.00 1.01 1.02 1.03 1.04 1.05 1.06 1.07 1.08 1.09 1.10 1.11 1.12 1.13 1.14 1.15 "Archaeological Survey of India (ASI) - Javari Temple". Archaeological Survey of India (ASI). සම්ප්‍රවේශය 21 March 2012.
{{cite web}}
:|first=
missing|last=
(help)[dead link] - ↑ 2.0 2.1 Image:Main Idol in Javari Temple
- ↑ Image:Javari Temple
බාහිර සබැඳි[සංස්කරණය]
- ම.ප්‍ර. සංචාරක වෙබ්අඩවිය, මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්ත සංචාරක සංස්ථාවේ නිල වෙබ්අඩවිය, ඛජුරාහෝ
- ඉන්දියාවේ පුරාවිද්‍යා සමීක්ෂණ දොපර්තමේන්තුව, භෝපාල් කොට්ඨාසය, ඛජුරාහෝ නාමාවලි පිටුව - ඡතර්පූර්
- ඉන්දියාවේ පුරාවිද්‍යා සමීක්ෂණ දෙපාර්තමේන්තුව, භෝපාල් කොට්ඨාසය, ජවාරි දේවාලය, ඛජුරාහෝ
