ලක්ෂ්මි දේවාලය, ඛජුරාහෝ
Appearance
(ලක්ෂ්මී දේවාලය, ඛජුරාහෝ වෙතින් යළි-යොමු කරන ලදි)
ලක්ෂ්මි දේවාලය | |
---|---|
මූලික තොරතුරු | |
පිහිටීම | ඛජුරාහෝ |
භූගෝලීය ඛණ්ඩාංක | 24°51′7.7″N 79°55′20″E / 24.852139°N 79.92222°Eඛණ්ඩාංක: 24°51′7.7″N 79°55′20″E / 24.852139°N 79.92222°E |
අනුබැඳියාව | හින්දු ආගම |
දිස්ත්‍රික්කය | ඡතර්පූර් |
ජනපදය | මධ්‍ය ප්‍රදේශ් |
රට | ඉන්දියාව |
ලක්ෂ්මී දේවාලය (දේවනගරි: लक्ष्मी मंदिर) යනුවෙන් හැඳින්වෙන්නේ විෂ්ණු දෙවියන්ගේ බිසව වන ලක්ෂ්මී දෙවඟන වෙනුවෙන් පුදකළ දෙවොලකි.
මෙම ව්‍යූහය ඉන්දියාවේ ලෝක උරුම අඩවියක් වන ඛජුරාහෝ ස්මාරක සමූහයට අයත් එක් ස්මාරකයකි.
පිහිටීම
[සංස්කරණය]මෙම දේවාලය පිහිටියේ ඛජුරාහෝවේ බටහිර දේවාල සමූහය තුළ ය. දේවාල සංකීර්ණය තුළ මෙය පිහිටියේ වරාහ දේවාලයට උතුරිනි.[1] එසේම එය ලක්ෂ්මණ දේවාලයට මුහුණලා ඉදිකොට ඇත.
ඛජුරාහෝ යනු ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ්හි ඡතර්පූර් දිස්ත්‍රික්කයේ පිහිටි කුඩා ගම්මානයකි.
ගෘහනිර්මාණ ශිල්පය
[සංස්කරණය]දේවාල ගොඩනැගිල්ල ඉදිකොට ඇත්තේ සමචතුරස්‍ර හැඩැති වේදිකාවක් (චබුතාරා) මත ය.[1] මෙහි කුඩා ගර්භගෘහයක් දැකගත හැක.[1]
මෙහි පැති සහ පසුපස බිත්තිවල කිසිදු ප්‍රතිමාවක් දක්නට නොලැබේ.[1]
ආශ්‍රේයයන්
[සංස්කරණය]- ^ a b c d Image:Lakshmi Temple
බාහිර සබැඳි
[සංස්කරණය]- ම.ප්‍ර. සංචාරක වෙබ්අඩවිය, මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්ත සංචාරක කර්මාන්තයේ නිල වෙබ්අඩවිය, ඛජුරාහෝ
- ඉන්දියාවේ පුරාවිද්‍යා සමීක්ෂණ දෙපාර්තමේන්තුව, භෝපාල් කොට්ඨාසය, ඛජුරාහෝ නාමාවලි පිටුව - ඡතර්පූර්
ලක්ෂ්මි දේවාලය ඛජුරාහෝ හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත.