රෙකෝඩ් නිව්ස්

විකිපීඩියා වෙතින්
රෙකෝඩ් නිව්ස්
Record News
දියත්කල දිනය සැප්තැම්බර් 27, 2007 (2007-09-27)
අයිතිකරුවෝ Central Record de Comunicação
ප්‍රචාරණ උද්‍යෝග පාඨය Jornalismo 24 horas de plantão
රට  බ්‍රසීලය
විකාශන සරිය Record International හරහා දේශීයව සහ ජාත්‍යන්තරව
වෙබ් අඩවිය r7.com/recordnews

රෙකෝඩ් නිව්ස් යනු බ්‍රසීලයට අයත් පැය 24 පුරාම විකාශන කටයුතු සිදු කරන රූපවාහිනී ප්‍රවෘත්ති නාලිකාවකි. එහි හිමිකාරීත්වය Rede Record සතු වෙයි.

අතීතය[සංස්කරණය]

1953 වසරේදී, බ්‍රසීලයේ දෙවන රූපවාහිනී නාලිකාව ලෙස Rede Record ආරම්භ කරන ලදී. එම ජාලයේ 54 වන සංවත්සරය දිනදී, එනම් 2007 වසරේදී බ්‍රසීලයේ පළමු නොමිලේ මුදා හරින ප්‍රවෘත්ති නාලිකාව, ලෙස රෙකෝඩ් නිව්ස් නාලිකාව අරඹන ලදී. නාලිකාවේ දියත්කිරීමේ අවස්ථාවට එරට එවක ජනපති වූ Luiz Inácio Lula da Silva සහ ජාලයේ හිමිකරු වූ Edir Macedo, යන අය සහභාගී වූහ.

මතභේදයට තුඩුදීම්[සංස්කරණය]

රෙකෝඩ් නිව්ස් දියත් කිරීමට දින දෙකකට පෙර, Organizações Globo හී උප සභාපති වූ Evandro Guimarães, බ්‍රසීලියාහී (Brasilia) රජයේ නිලදාරීන් මුණ ගැසී චොදනා කලේ São Paulo හී, Rede Record සතුව , Rede Record සහ Record News නමින්, රූපවාහිනී පලවල් දෙකක් පවතින බවයි. බ්‍රසීලියානු නීතියට අනූව, එක් නගරයක් තුල හිමිකරුවෙකුට රූපවාහිනී පලවල් එකකට වඩා පවත්වා ගැනීම නීති විරෝධී වෙයි.

මේවාද බලන්න[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

භාහිර සබැදි[සංස්කරණය]

ඛණ්ඩාංක: 23°31′30″S 46°39′43″W / 23.525°S 46.662°W / -23.525; -46.662

"https://si.wikipedia.org/w/index.php?title=රෙකෝඩ්_නිව්ස්&oldid=602750" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි