සීඑන්එන්-අයිබීඑන්

විකිපීඩියා වෙතින්
සීඑන්එන්-අයිබීඑන්
CNN-IBN
CNN-IBN
දියත්කල දිනය 2005 දෙසැම්බර් 16
ජාලය සීඑන්එන්
අයිතිකරුවෝ TV18 (NBCUniversal සහ Network 18)
Turner International India
රූප ආකෘතිය 4:3 (576i, SDTV)
1080i (HDTV)
ප්‍රචාරණ උද්‍යෝග පාඨය "Whatever it takes".
රට  ඉන්දියාව
භෘෂාව ඉංග්‍රීසි
විකාශන සරිය ඉන්දියාව
මූලස්ථානය Noida, Gautam Buddh Nagar , උත්තර් ප්‍රදේශ්
සහෝදර නාලිකා(ව) IBN7
IBN-Lokmat
වෙබ් අඩවිය IBNLive.com

සීඑන්එන්-අයිබීඑන් (CNN-Indian Broadcasting Network) (CNN-IBN) යනු ඉන්දියාව පදනම් කරගත් ඉංග්‍රීසී ප්‍රවෘත්ති නාලිකාවකි. මෙම නාලිකාවේ හිමිකාරීත්වය TV18 Broadcast Limited සහ Turner International India යන සමාගම් සතු වෙයි.[1]

ජාත්‍යන්තර පුවත් ආවරණය සීඑන්එන් විසින් සිදුකරන අතර, අයිබීඑන් (Indian Broadcasting Network) විසින් දේශීය පුවත් ආවරණය කරනු ලබයි.[2]

ඉතිහාසය[සංස්කරණය]

සීඑන්එන්-අයිබීඑන් (CNN-IBN) නාලිකාවේ ප්‍රථම විකාශනය 2005 දෙසැම්බර් 16 දින සිදුකරන ලදී.[3]

වර්ථමානයේදී, සීඑන්එන් ඉන්ටර්නැෂනල් නාලිකාවට වඩා වැඩි ප්‍රේක්ෂක පිරිසක් සීඑන්එන්-අයිබීඑන් නාලිකාව සතු වෙයි. මෙම නාලිකා ද්විත්වයම ඉංග්‍රීසි පුවත් නාලිකා වෙයි.[3]

Network 18 ට අනූව, දිනකට මිලියන 45 ක පමණ ප්‍රේක්ෂක පිරිසක් මෙම නාලිකාව නරඹයි.[4]

සීඑන්එන්-අයිබීඑන් විසින් ප්‍රධානය කරනු ලබන සම්මාන[සංස්කරණය]

  • CNN-IBN Indian of the Year[5]
  • Real Heroes[6]
  • Young Indian Leaders[7]
  • Citizen Journalist Awards[8]
  • India Positive Awards[9]

මතභේදයට ලක්වීම්[සංස්කරණය]

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා විකාශන කොන්ත්‍රාත්තුව[සංස්කරණය]

2011 අගෝතු 5 දින ඉන්දියානු පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ වාර්ථාවක දැක්වුනේ 2010 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල ප්‍රචාරණ කටයුතු සඳහා ටෙන්ඩර කැඳවූ අවස්ථාවේ එහි නිලදාරීන් විසින් එම කොන්ත්‍රාත්තු හිතුමනාප ලෙස එන්ඩීටීවී සහ සීඑන්එන්-අයිබීඑන් (CNN-IBN) නාලිකා වෙත ලබා දීමට කටයුතු කර ඇති බවයි.[10][11][12]

ව්‍යාජ ට්විටර් ප්‍රතිචාර[සංස්කරණය]

සංවාදමය පුවත් වැඩසටහනක් අතරතුර, තිරය යටින් ප්‍රේක්ෂකයින් විසින් එවනු ලැබූ බව කියන ව්‍යාජ ට්විටර් (Twitter) ප්‍රතිචාර දැක්වීමක් පිළිබඳව මෙම නාලිකාවට චෝදනා එල්ල වී තිබෙයි.[13]

ව්‍යාජ සජීවී සංවාද[සංස්කරණය]

2012 නොවැම්බරයේදී, මෙම නාලිකාව සජීවී යන නාමය යටතේ කලින් පටිගත කොට තුබූ සංවාද වැඩසටහනක් විකාශනය කරන ලදී.[14][15]

සේවකයින් නෙරපා දැමීම [සංස්කරණය]

2013 අගෝස්තුවේදී, සීඑන්එන්-අයිබීඑන් නාලිකාවේ සේවකයන්ද ඇතුළත් වන පරිදි, TV18 විසින් සමාගමේ සේවකයින් 400 ක පමණ පිරිසක් නෙරපා දැමූ අතර, සමාගම මේ පිළිබඳව හේතු දැක්වීමක් සිදු නොකරන ලදී.[16]

මේවාද බලන්න[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. Network18 Website on CNN-IBN, http://www.network18online.com/cnnIbn.html, ප්‍රතිෂ්ඨාපනය 2014-02-11 
  2. Philip Seib. The Al Jazeera Effect: How the New Global Media Are Reshaping World Politics Potomac Books, Inc., 2008.
  3. 3.0 3.1 Ulrike Rohn. Cultural Barriers to the Success of Foreign Media Content: Western Media in China, India, and Japan Peter Lang, 2009 p. 278-279, 293
  4. CNN-IBN reaches out to 45 million households every day, http://www.network18online.com/aboutus.html, ප්‍රතිෂ්ඨාපනය 2014-02-11 
  5. Indian of the Year
  6. CNN-IBN Real Heroes honours extraordinary services of ordinary women
  7. Honouring the young Indian leaders
  8. About the Citizen Journalist Awards, http://cjkhabar.ibnlive.com/cjawards/cj_2013/index.php, ප්‍රතිෂ්ඨාපනය 2014-02-11 
  9. Inspirational people felicitated at India Positive Awards, http://southasia.oneworld.net/news/inspirational-people-felicitated-at-india-positive-awards, ප්‍රතිෂ්ඨාපනය 2014-02-11 
  10. "CAG Report on XIX Commonwealth Games" (PDF). Comptroller & Auditor General of India (Pdf).
  11. "CAG blames top media houses in Commonwealth Games Scam". News of Delhi. 2012-01-06 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2014-02-11.
  12. "Games contracts to media houses arbitrary and biased: CAG". India Today.
  13. Priscilla Jebaraj (2010-12-19). "Thehindu.com". Thehindu.com. සම්ප්‍රවේශය 2011-06-07.
  14. "Face The Nation: A clarification and an apology". November 10, 2011. සම්ප්‍රවේශය November 21, 2011.
  15. "CNN-IBN 'small' apology to Sri Sri". November 11, 2011. සම්ප්‍රවේශය November 21, 2011.
  16. Layoffs at TV18 group | Business Standard

භාහිර සබැදි[සංස්කරණය]


"https://si.wikipedia.org/w/index.php?title=සීඑන්එන්-අයිබීඑන්&oldid=593797" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි