ප්‍රෙස් ටීවී

විකිපීඩියා වෙතින්
ප්‍රෙස් ටීවී
Press TV
දියත්කල දිනය 2 ජූලි 2007; වසර 16 කට පෙර (2007-07-02)
අයිතිකරුවෝ Islamic Republic of Iran Broadcasting[1][2]
රූප ආකෘතිය 720p HDTV
ප්‍රචාරණ උද්‍යෝග පාඨය News anew
රට  ඉරානය
භෘෂාව ඉංග්‍රීසි
විකාශන සරිය ලොව පුරා
මූලස්ථානය ටෙහෙරාන්, ඉරානය
සහෝදර නාලිකා(ව) Islamic Republic of Iran News Network, Al-Alam News Network, HispanTV
වෙබ් අඩවිය Presstv.ir
උපයෝජ්‍යතාව
චන්ද්‍රිකා
Optus D2
Pacific Rim
12706 / 22500 / 3/4 V
Paksat-1R
Asia & Africa
4060 / 23000 / 5/6 H
ArabSat 5A
Middle East
12719/ 2960 / 3/4 H
Badr 4
Middle East
12054 / 27500 3/4 V
Badr 5
Central Asia
12303 / 27500 / 3/4 H
11881 / 27500 /5/6 H
Eutelsat 7A
Europe
11186 / 2892 / 5/6 V
Nilesat 201
Middle East
11823 / 27500 / 5/6 V
අන්තර්ජාල රූපවාහිනිය
Live Webcast Free (Flash)
Video On Demand VOD
(free Windows Media stream)
Livestation Free, 502 Kbit/s
YouTube channel PressTVGlobalNews &
PressTVbroadcast

ප්‍රෙස් ටීවී (PRESSTV) යනු ඉරානයට අයත්, පැය 24 පුරාම විකාශන කටයුතු සිදුකරන, ඉංග්‍රීසි රූපවාහිනී ප්‍රවෘත්ති නාලිකාවකි. නාලිකාවේ ප්‍රධාන මූලස්ථානය ඉරානයේ ටෙහෙරාන් අගනුවර පිහිටුවා තිබේ.

වෙබ් අඩවිය සහ සැටලයිට් රූපවාහිනියේ ආරම්භය[සංස්කරණය]

නාලිකාවේ නිල වෙබ් අඩවිය 2007 ජනවාරි මස අගදී දියත් කල අතර,[3] පලමු පරීක්ෂණ සැටලයිට් විකාශනය 2007 අප්‍රියෙල් මස සිදු කරන ලදී. නාලිකාව නිල වශයෙන් අරඹන ලද්දේ 2007 ජුලි මස දෙවැනිදායී.[4] රූපවාහිනී නාලිකාව දියත් කිරීමේ සමාරම්භක අවස්ථාවට එරට ජනපති මහමුද් අහමදිනෙජාද් මහතාද සහභාගී වූ බව සඳහන්ය. 2009 මාර්තු 18 වන දිනදී ප්‍රෙස් ටීවී නාලිකාව, නවතම රූප ආකෘතියක් සහ නව මුහුණුවරක් සහිතව අළුත් වෙබ් අඩවියක් පටන් ගන්නා ලදී.[5] 2011 නොවැම්බර් 17 වන දිනදී නාලිකාව, පුළුල් තිර ආකෘතියේ විකාශනය අරඹන ලදී.[6] පුළුල් තිර ආකෘතියෙන් විකාශනය පටන් ගත් ඉරානයේ පළමු සහ මැදපෙරදිග පදනම් කර ගත් දෙවන සැටලයිට් ප්‍රවෘත්ති නාලිකාව (කටාර් රාජ්‍යයේ අල් ජසීරාට පසු) වන්නේද ප්‍රෙස් ටීවී නාලිකාවයි.

නඩත්තුව සහ කළමණාකාරීත්වය[සංස්කරණය]

නාලිකාව ඉරාන රජයෙන් නඩත්තු වන අතර,[7] හිමිකාරීත්වය ඉස්ලාමික් රිපබ්ලික් ඔෆ් ඉරාන් බ්‍රෝඩ්කාස්ටිං (IRIB) සතු වෙයි.

නාලිකාවේ වාර්ෂික අය-වැය ඉරාන රියාල් බිලියන 250 ක් පමණ වෙයි. (අමෙරිකා ඩොලර් මිලියන 8.3 ක් පමණ).[8]

ප්‍රෙස් ටීවී හී විකාශනය කරන පුවත් වැඩසටහන් සහ විශ්ලේශන වැඩසටහන්, ඉරාන රජයේ රාජ්‍ය ආකල්පයන්ට සමීප වන අයුරින් විකාශනය කරන අතර, එම වැඩසටහන් ඉස්ලාමීය ජනරජය (Islamic Republic) මගින් නිරික්ෂණයට සහ නියාමනයට ලක්වන බවද සඳහන් වේ.[9][10] කෙසේ නමුත් ඉරානය තුල, පුද්ගලික සහ ස්වාධීන මාධ්‍ය ව්‍යාපාර බිහි කිරීමේ උත්සහයන්ද සිදුව තිබෙන අතර, ඒ සම්බන්ධව විශේෂයෙන් ක්‍රියා කල අයෙක් ලෙස හිටපු ජනපති අපේක්ෂකයෙකු වූ Mehdi Karroubi හැඳින්වේ. ඉස්ලාමීය ජනරජයේ 1979 ව්‍යවස්ථාවේ විධිවිධාන අනූව "එරට සියළුම විකාශන මාධ්‍යයන්, රජයේ විශේෂ පාලනයක් සහිතව පැවතිය යුතුයි."[11]

ආවරණය[සංස්කරණය]

ප්‍රෙස් ටීවී හී සෑම පැය භාගයකට වරක් පුවත් සංග්‍රහයක් විකාශනය වේ. මීට අමතරව ආවර්ථීයව විවිධ අටුවා වැඩසටහන්, විද්වත් වට මේස සංවාද වැඩසටහන් සහ වාර්ථා චිත්‍රපට ආකාරයේ දේශපාලනික වැඩසටහන්, නාලිකාවේ විකාශය කෙරේ.

නාලිකාව ආරම්භ කිරීමේ එක් අරමුණක් වී තිබෙන්නේ, විශේෂයෙන්ම මැදපෙරදිග කලාපය සම්බන්ධ සිදුවීම් වලදී බීබීසී වර්ල්ඩ් නිව්ස්, සීඑන්එන් ඉන්ටර්නැෂනල් සහ අල් ජසීරා ඉංග්ලිෂ් වැනි බටහිර හිතවත් නාලිකා ඉදිරිපත් කරන පුවත් විස්තර වලට, අවශ්‍ය අවස්ථාවලදී ප්‍රතිකූලතාවයන් ගොඩ නංවා ගැනීමයී.[12]

මතභේදයට ලක්වීම්[සංස්කරණය]

ඇමරිකානු විරෝධී ආකල්ප සහ අවිචාරවත් රූපවාහිනී ප්‍රතිපත්තියක් පවත්වා ගෙන යන බවට ප්‍රෙස් නාලිකාවට චෝදනා එල්ල වෙයි. මාධ්‍ය විචාරකයෙකු වන Douglas Murray ට අනූව මෙම නාලිකාව "ඉරාන රජයේ ප්‍රචාරණ කටයුතු සිදු කරන නාලිකාවකි".[13]

2012 වසරේදී බීබීසී මාධ්‍යවේදිනී Linda Pressly විසින් ප්‍රෙස් නාලිකාව, පළස්තීන හිතවාදී, බටහිර විදෙස් ප්‍රතිපත්ති විවේචනය කරන නාලිකාවක් ලෙස හදුන්වන ලදී.[14] එලෙසම ප්‍රෙස් ටීවී තුලින් ඉවත් ගිය, හිටපු වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු වූ Nick Ferrari ද ටයිම්ස් වෙත කියා තුබුණේ, 2009 මැතිවරණය තෙක් නාලිකාව “සෑහෙන තරමකින් අපක්ෂපාතීව” කටයුතු කලත්, ඉන් පසුව එය එසේ සිදුවූ නොවූ බවයි.[15]

බටහිර සහ ආසියානු සැටලයිට් තුලින් ඉවත් කිරීම[සංස්කරණය]

ඉරානයට පැනවූ සම්බාධක හේතුවෙන්, 2013 ජුලි මසදී සමහර යුරෝපියානු සහ අමෙරිකානු සැටලයිට් තුලින් ප්‍රෙස් නාලිකාව ඇතුළු අනෙකුත් ඉරාන නාලිකා ඉවත් කරන ලදී.[16][17] 2012 නොවැම්බරයේදී, හොංකාං පදනම් කොට ගත් AsiaSat චන්ද්‍රිකාවෙන්ද, ප්‍රෙස් නාලිකාව ඉවත් කර දමන ලදී.[17]


මේවාද බලන්න[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. "About Us". Islamic Republic of Iran Broadcasting. සම්ප්‍රවේශය 29 December 2009.
  2. "Country Profile: Iran". BBC News. 30 November 2009. සම්ප්‍රවේශය 29 December 2009.
  3. "IRIB-Iran launches Press TV website". ISNA. Asia-Pacific Broadcasting Union. 24 January 2007. සම්ප්‍රවේශය 27 June 2007.
  4. "Media Environment Guide: Iran" (PDF). BBC Monitoring. 30 July 2009. 1 August 2014 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 21 December 2013.
  5. "Press TV launches new website". Press TV. 17 March 2009. සම්ප්‍රවේශය 29 December 2009.
  6. "Press TV upgrades to widescreen format". සම්ප්‍රවේශය 7 December 2011.
  7. Fathi, Nazila (2 July 2007). "Iran expands role in media, via satellite and in English". New York Times. සම්ප්‍රවේශය 29 December 2009.
  8. "بودجه پرس تی‌وی 25 میلیارد تومان است / میزان پخش فیلم‌های ایرانی و خارجی متعادل می‌شود". Mehr News. සම්ප්‍රවේශය 29 December 2009.
  9. Freedman, Seth (13 July 2009). "The Press TV pantomime". The Guardian. London.
  10. "Lawmaker slams Iran media control, praises US-funded broadcasters". WashingtonTV. 4 August 2009. සම්ප්‍රවේශය 29 December 2009.
  11. Sanati, Kimia (4 July 2007). "New TV Channel to Focus on Iraq, Shia Issues". IPS. සම්ප්‍රවේශය 29 December 2009.
  12. "Iran launches English TV channel". bbc.co.uk. 2 July 2007. සම්ප්‍රවේශය 6 August 2007.
  13. Douglas Murray "Push off now, Press TV, and take your conspiracy theories with you", The Spectator (blog), 20 January 2012
  14. Linda Pressly. "Iran's battle for TV influence takes shape on Press TV". BBC. සම්ප්‍රවේශය 15 April 2012.
  15. Martin Fletcher (1 July 2009). "Presenter Nick Ferrari quits Iran Press TV over bias after election". The Times. London.
  16. "Intelsat to take Iranian satellite channels off air". Press TV. 26 June 2013. 7 August 2013 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 13 March 2014.
  17. 17.0 17.1 "Iranian channels dropped by Intelsat". Asharq Al-Awsat. 2 July 2013. 5 July 2013 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 13 March 2014.

භාහිර සබැදි[සංස්කරණය]

Videos
"https://si.wikipedia.org/w/index.php?title=ප්‍රෙස්_ටීවී&oldid=592556" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි