Jump to content

මුත්තූර් මැතිවරණ බලප්‍රදේශය

මුත්තූර් මැතිවරණ බලප්‍රදේශය අගෝස්තු 1947 සහ පෙබරවාරි 1989 අතරතුර ශ්‍රී ලංකාවෙහි මැතිවරණ බලප්‍රදේශ අතුරින් එකක් විය. මෙම මැතිවරණ බලප්‍රදේශය නම් ලද්දේ නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ, මුත්තූර් නගරය අනුව යමිනි . මාර්තු 1960 සහ ජූලි 1977 අතරතුර මෙම බලප්‍රදේශය ද්වි-මන්ත්‍රි ආසනයක් විය. ශ්‍රී ලංකාවේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෝරා පත්කර ගැනුම සඳහා සමානුපාතික නියෝජන මැතිවරණ ක්‍රමය හඳුන්වාදෙන ලදි . එවිට පැවැති බොහෝ දුරට ඒක-මන්ත්‍රී මැතිවරණ බලප්‍රදේශ වූ බලප්‍රදේශ 160 වෙනුවට බහු-මන්ත්‍රී මැතිවරණ බලප්‍රදේශ 22 ක් ඇති කරන ලදි.[1] සමානුපාතික නියෝජනය යටතේ පැවැත්වුණු පළමු මැතිවරණය වන 1989 මහා මැතිවරණයේදී මුත්තූර් මැතිවරණ බලප්‍රදේශය වෙනුවට ත්‍රිකුණාමලය බහු-මන්ත්‍රී මැතිවරණ බලප්‍රදේශය ආදේශ කරනු ලදුවත් බහු-මන්ත්‍රී මැතිවරණ බලප්‍රදේශය තුළ ඡන්ද බලප්‍රදේශයක් ලෙස මුත්තූර් දිගටම පවතියි.

1947 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

23 අගෝස්තු 1947 සිට 20 සැප්තැම්බර් 1947 දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු පළමුවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ බලප්‍රදේශය සඳහා ප්‍රතිඵල:[2]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%%
ඒ.ආර්.ඒ.එම්. අබුබකර්අලියා3,48043.98%
එම්.ඊ.එච්. මොහොමඩ් අලිකොමියුනිස්ට් පක්ෂයතරාදිය1,76022.24%
ඊ. සොක්කලිංගම්තරුව1,55519.65%
ඒ.සී. චෙල්ලරාජාකුඩය1,11814.13%
වලංගු ඡන්ද සංඛ්‍යාව7,913100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව228
මුළු ඡන්ද සංඛ්‍යාව8,141
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව16,649
ඡන්දය භාවිත කල ප්‍රතිශතය48.90%

1952 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

24 මැයි1952 සහ 30 මැයි1952 දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු දෙවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ බලප්‍රදේශය සඳහා ප්‍රතිඵල:[3]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
එම්.ඊ.එච්. මොහමඩ් අලිස්වාධීනතරාදිය6,05064.51%
ඒ.ආර්.ඒ.එම්. අබුබකර්කුඩය3,32935.49%
වලංගු ඡන්ද සංඛ්‍යාව9,379100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව119
මුළු ඡන්ද සංඛ්‍යාව9,498
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව16,705
ඡන්දය භාවිත කල ප්‍රතිශතය56.86%

1956 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

5 අප්‍රේල් 1956 සහ 10 අප්‍රේල් 1956දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු තෙවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ බලප්‍රදේශය සඳහා ප්‍රතිඵල:[4]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
එම්.ඊ.එච්. මොහමඩ් අලිඑක්සත් ජාතික පක්ෂයතරාදිය10,54984.72%
ඒ.එච්. අල්විස්අහස්යානය1,90215.28%
වලංගු ඡන්ද සංඛ්‍යාව12,451100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව114
මුළු ඡන්ද සංඛ්‍යාව12,565
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව22,177
ඡන්දය භාවිත කල ප්‍රතිශතය56.66%

1960 (මාර්තු) පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

19 මාර්තු 1960 දිනදී පැවැත්වුණු සතරවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ බලප්‍රදේශය සඳහා ප්‍රතිඵල:[5]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
ටී. අහම්බරම්ෆෙඩරල් පක්ෂයගෙය10,68526.73%
එම්.ඊ.එච්. මොහමඩ් අලිස්වාධීනඉණිමග10,68026.72%
ඒ.එල්. අබ්දුල් මජීඩ්මහනහැෂිම7,54018.86%
එස්.බී. වීරකෝන්අත6,74816.88%
ඒ.එච්. අල්විස්අලියා1,4883.72%
පී.ඩී.ඊ. වික්ටර් පෙරේරාකරත්ත රෝදය1,1652.91%
ජේ.ඒ.පී. තුරෙයිනායගම්හිරු1,0752.69%
ඒ.ආර්.ඒ.එම්. අබුබකර්කුඩය2980.75%
එන්.ටී. ෆ්‍රැන්සිස් සේවියර්කුකුළා2950.74%
වලංගු ඡන්ද සංඛ්‍යාව39,974100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව1,153
මුළු ඡන්ද සංඛ්‍යාව41,127
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව28,520
ඡන්දය භාවිත කල ප්‍රතිශතය144.20%

1960 (ජූලි) පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

20 ජූලි 1960 දිනදී පැවැත්වුණු පස්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ බලප්‍රදේශය සඳහා ප්‍රතිඵල:[6]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
ටී. අහම්බරම්ෆෙඩරල් පක්ෂයගෙය13,30428.88%
ඒ.එල්. අබ්දුල් මජීඩ්ශ්‍රී ලංකා නිදහස් පක්ෂයඅත13,24728.76%
එම්.ඊ.එච්. මොහමඩ් අලිඅලියා11,41724.78%
එච්.ඩී.එල්. ලීලාරත්නඉණිමග7,91617.18%
වික්ටර් පෙරේරාකරත්ත රෝදය1810.39%
වලංගු ඡන්ද සංඛ්‍යාව46,065100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව677
මුළු ඡන්ද සංඛ්‍යාව46,742
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව28,520
ඡන්දය භාවිත කල ප්‍රතිශතය163.89%

1965 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

22 මාර්තු 1965 දිනදී පැවැත්වුණු හයවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ බලප්‍රදේශය සඳහා ප්‍රතිඵල:[7]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
එම්.ඊ.එච්. මොහමඩ් අලිෆෙඩරල් පක්ෂයගෙය20,23735.64%
ඒ.එල්. අබ්දුල් මජීඩ්ශ්‍රී ලංකා නිදහස් පක්ෂයඅත16,72629.45%
එච්.ඩී.එල්. ලීලාරත්නඅලියා15,32826.99%
ඩී.වී. පවුලිස්කුරුල්ලා3,7926.68%
ආර්.එම්. ගුණතිලකඉණිමග3760.66%
එස්.එස්. ඇරුමුගම්සමස්ත ලංකා දෙමළ කොංග්‍රසයබයිසිකලය3270.58%
වලංගු ඡන්ද සංඛ්‍යාව56,786100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව1,343
මුළු ඡන්ද සංඛ්‍යාව58,129
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව38,516
ඡන්දය භාවිත කල ප්‍රතිශතය150.92%

1970 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

27 මැයි 1970 දිනදී පැවැත්වුණු සත්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ බලප්‍රදේශය සඳහා ප්‍රතිඵල:[8]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
ඒ.එල්. අබ්දුල් මජීඩ්ශ්‍රී ලංකා නිදහස් පක්ෂයඅත22,72729.72%
තංගතුරෙයි අරුණාසලම්ෆෙඩරල් පක්ෂයගෙය19,78725.87%
එච්.ඩී.එල්. ලීලාරත්නඉණිමග18,69824.45%
එම්.ඊ.එච්. මොහමඩ් අලිඑක්සත් ජාතික පක්ෂයඅලියා15,01819.64%
බී.ජී. සිරිසේනලාම්පුව2530.33%
වලංගු ඡන්ද සංඛ්‍යාව76,483100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව705
මුළු ඡන්ද සංඛ්‍යාව77,188
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව44,176
ඡන්දය භාවිත කල ප්‍රතිශතය174.73%

1977 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

21 ජූලි 1977 දිනදී පැවැත්වුණු අටවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ බලප්‍රදේශය සඳහා ප්‍රතිඵල:[9]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
එම්.ඊ.එච්. මහරූෆ්එක්සත් ජාතික පක්ෂයඅලියා12,53044.99%
ඒ.එල්. අබ්දුල් මජීඩ්ශ්‍රී ලංකා නිදහස් පක්ෂයඅත7,80028.01%
එස්.එම්. මකීන්දෙමළ එක්සත් විමුක්ති පෙරමුණහිරු7,52027.00%
වලංගු ඡන්ද සංඛ්‍යාව27,850100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව115
මුළු ඡන්ද සංඛ්‍යාව27,965
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව30,389
ඡන්දය භාවිත කල ප්‍රතිශතය92.02%

ආශ්‍රිත

[සංස්කරණය]
  1. ↑ "ද ඉලෙක්ටරල් සිස්ටම්". ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව.
  2. ↑ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1947" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  3. ↑ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1952" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  4. ↑ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1956" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  5. ↑ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1960-03-19" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  6. ↑ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1960-07-20" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  7. ↑ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1965" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  8. ↑ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1970" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  9. ↑ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1977" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.

8°27′14″N 81°15′56″E / 8.45389°N 81.26556°E / 8.45389; 81.26556