Jump to content

බටහිර කොළඹ මැතිවරණ බලප්‍රදේශය

බටහිර කොළඹ මැතිවරණ බලප්‍රදේශය ජූලි 1977 සහ පෙබරවාරි 1989 අතරතුර ශ්‍රී ලංකාවෙහි මැතිවරණ බලප්‍රදේශ අතුරින් එකක් විය. මෙම මැතිවරණ බලප්‍රදේශය නම් ලද්දේ බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයේ, කොළඹ නගරය අනුව යමිනි . 1977 ජූලි හිදී මෙම දිස්ත්‍රික්කය තනන ලද්දේ දකුණු කොළඹ මැතිවරණ බලප්‍රදේශය නැගෙනහිර කොළඹ සහ බටහිර කොළඹ මැතිවරණ කොට්ඨාශයන් ලෙසින් බෙදා වෙන් කිරීමෙනි. ශ්‍රී ලංකාවේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෝරා පත්කර ගැනුම සඳහා සමානුපාතික නියෝජන මැතිවරණ ක්‍රමය හඳුන්වාදෙන ලදි . එවිට පැවැති බොහෝ දුරට ඒක-මන්ත්‍රී මැතිවරණ බලප්‍රදේශ වූ බලප්‍රදේශ 160 වෙනුවට බහු-මන්ත්‍රී මැතිවරණ බලප්‍රදේශ 22 ක් ඇති කරන ලදි.[1] සමානුපාතික නියෝජනය යටතේ පැවැත්වුණු පළමු මැතිවරණය වන 1989 මහා මැතිවරණයේදී බටහිර කොළඹ මැතිවරණ බලප්‍රදේශය වෙනුවට කොළඹ බහු-මන්ත්‍රී මැතිවරණ බලප්‍රදේශය ආදේශ කරනු ලදුවත් බහු-මන්ත්‍රී මැතිවරණ බලප්‍රදේශය තුළ ඡන්ද බලප්‍රදේශයක් ලෙස බටහිර කොළඹ දිගටම පවතියි.

1977 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

21 ජූලි 1977 දිනදී පැවැත්වුණු අටවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ බලප්‍රදේශය සඳහා ප්‍රතිඵල:[2]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
ජූනියස් රිචඩ් ජයවර්ධනඅලියා21,70779.22%
එම්. චන්ද්‍රලාල් සල්ගාදුඅත3,76913.75%
එස්.ඩී. විජේසිංහයතුර1,8036.58%
එච්. නවරත්න බණ්ඩාපුටුව700.26%
කේ.ඒ. තාබෲසමනලයා530.19%
වලංගු ඡන්ද සංඛ්‍යාව27,402100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව107
මුළු ඡන්ද සංඛ්‍යාව27,509
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව37,983
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය72.42%


ආශ්‍රිත

[සංස්කරණය]
  1. "ද ඉලෙක්ටරල් සිස්ටම්". ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව.
  2. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1977" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.

6°55′55″N 79°50′52″E / 6.93194°N 79.84778°E / 6.93194; 79.84778