කිලිනොච්චි මැතිවරණ බලප්‍රදේශය

විකිපීඩියා වෙතින්

කිලිනොච්චි මැතිවරණ බලප්‍රදේශය මාර්තු 1960 සහ පෙබරවාරි 1989 අතරතුර ශ්‍රී ලංකාවෙහි මැතිවරණ බලප්‍රදේශ අතුරින් එකක් විය. මෙම මැතිවරණ බලප්‍රදේශය නම් ලද්දේ උතුරු පළාතේ කිලිනොච්චි දිස්ත්‍රික්කයේ, කිලිනොච්චි නගරය අනුව යමිනි . මාර්තු 1960 හිදී චාවකච්චේරි මැතිවරණ කොට්ඨාශයේ දකුණුදිග කොටස ඡේදනය කිරීමෙන් මෙම බලප්‍රදේශය නිමවන ලදි. ශ්‍රී ලංකාවේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෝරා පත්කර ගැනුම සඳහා සමානුපාතික නියෝජන මැතිවරණ ක්‍රමය හඳුන්වාදෙන ලදි . එවිට පැවැති බොහෝ දුරට ඒක-මන්ත්‍රී මැතිවරණ බලප්‍රදේශ වූ බලප්‍රදේශ 160 වෙනුවට බහු-මන්ත්‍රී මැතිවරණ බලප්‍රදේශ 22 ක් ඇති කරන ලදි.[1] සමානුපාතික නියෝජනය යටතේ පැවැත්වුණු පළමු මැතිවරණය වන 1989 මහා මැතිවරණයේදී කිලිනොච්චි මැතිවරණ බලප්‍රදේශය වෙනුවට යාපනය බහු-මන්ත්‍රී මැතිවරණ බලප්‍රදේශය ආදේශ කරනු ලදුවත් බහු-මන්ත්‍රී මැතිවරණ බලප්‍රදේශය තුළ ඡන්ද බලප්‍රදේශයක් ලෙස කිලිනොච්චි දිගටම පවතියි.

1960 (මාර්තු) පාර්ලිමේන්තු මහා මැතිවරණය[සංස්කරණය]

19 මාර්තු 1960 දිනදී පැවැත්වුණු සතරවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ බලප්‍රදේශය සඳහා ප්‍රතිඵල:[2]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
ඒ. සිවසුන්දරම් ෆෙඩරල් පක්ෂය ගෙය 3,741 41.76%
ඇන්ටන් සී. පොන්නම්බලම් ස්වාධීන මහණ මැෂිම 2,582 28.82%
පී. ආරුමුගම් කුකුළා 1,386 15.47%
වීරසිංහම් ආනන්දසාගරී ලංකා සම සමාජ පක්ෂය යතුර 1,114 12.43%
සී. සරවනමුත්තු හිරු 136 1.52%
වලංගු ඡන්ද සංඛ්‍යාව 8,959 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 120
මුළු ඡන්ද සංඛ්‍යාව 9,079
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 13,991
ඡන්දය භාවිත කල ප්‍රතිශතය 64.89%

1960 (ජූලි) පාර්ලිමේන්තු මහා මැතිවරණය[සංස්කරණය]

20 ජූලි 1960 දිනදී පැවැත්වුණු පස්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ බලප්‍රදේශය සඳහා ප්‍රතිඵල:[3]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
ඒ. සිවසුන්දරම් ෆෙඩරල් පක්ෂය ගෙය 5,338 72.64%
වීරසිංහම් ආනන්දසංගරී ලංකා සම සමාජ පක්ෂය යතුර 2,011 27.36%
වලංගු ඡන්ද සංඛ්‍යාව 7,349 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 88
මුළු ඡන්ද සංඛ්‍යාව 7,437
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 13,991
ඡන්දය භාවිත කල ප්‍රතිශතය 53.16%

1965 පාර්ලිමේන්තු මහා මැතිවරණය[සංස්කරණය]

22 මාර්තු 1965 දිනදී පැවැත්වුණු හයවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ බලප්‍රදේශය සඳහා ප්‍රතිඵල:[4]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
කේ. පී. රත්නම් ෆෙඩරල් පක්ෂය ගෙය 5,922 44.69%
වී. කුමාරස්වාමි සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය බයිසිකලය 4,076 30.76%
වීරසිංහම් ආනන්දසංගරී ලංකා සම සමාජ පක්ෂය යතුර 1,804 13.62%
සී. සරවනමුත්තු ගස 831 6.27%
කේ. සේලවනායගම් තරාදිය 390 2.94%
එන්.එස්. සෙතුකවාලර් බස් රථය 130 0.98%
ආර්. වේදනායගම් කුඩය 97 0.73%
වලංගු ඡන්ද සංඛ්‍යාව 13,250 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 116
මුළු ඡන්ද සංඛ්‍යාව 13,366
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 18,738
ඡන්දය භාවිත කල ප්‍රතිශතය 71.33%

1970 පාර්ලිමේන්තු මහා මැතිවරණය[සංස්කරණය]

27 මැයි 1970 දිනදී පැවැත්වුණු සත්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ බලප්‍රදේශය සඳහා ප්‍රතිඵල:[5]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
වීරසිංහම් ආනන්දසංගරී සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය බයිසිකලය 9,049 50.19%
එම්. අලලසුන්දරම් ෆෙඩරල් පක්ෂය ගෙය 8,392 46.55%
කේ.ඒ. ජෙරෝම් තරාදිය 253 1.40%
ඒ. සිවසුන්දරම් ඇස 196 1.09%
කේ. කනගරත්නම් ලංකා සම සමාජ පක්ෂය යතුර 139 0.77%
වලංගු ඡන්ද සංඛ්‍යාව 18,029 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 60
මුළු ඡන්ද සංඛ්‍යාව 18,089
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 23,793
ඡන්දය භාවිත කල ප්‍රතිශතය 76.03%

1977 පාර්ලිමේන්තු මහා මැතිවරණය[සංස්කරණය]

21 ජූලි 1977 දිනදී පැවැත්වුණු අටවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ බලප්‍රදේශය සඳහා ප්‍රතිඵල:[6]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
වීරසිංහම් ආනන්දසංගරී දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ හිරු 15,607 73.42%
සී. කුමාරසූරියර් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අත 4,006 18.84%
එන්. කනගසූරියර් අලියා 1,497 7.04%
අයි. ඥානසංගරී තරාදිය 76 0.36%
සින්නතම්බි ගනේසු ඇස 72 0.34%
වලංගු ඡන්ද සංඛ්‍යාව 21,258 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 56
මුළු ඡන්ද සංඛ්‍යාව 21,314
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 26,670
ඡන්දය භාවිත කල ප්‍රතිශතය 79.92%

ආශ්‍රිත[සංස්කරණය]

  1. "ද ඉලෙක්ටරල් සිස්ටම්". ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව.
  2. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1960-03-19" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  3. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1960-07-20" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  4. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1965" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  5. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1970" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  6. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1977" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.

ඛණ්ඩාංක: 9°24′0″N 80°24′0″E / 9.40000°N 80.40000°E / 9.40000; 80.40000