උඩුවිල් මැතිවරණ බලප්‍රදේශය

විකිපීඩියා වෙතින්

උඩුවිල් මැතිවරණ බලප්‍රදේශය මාර්තු 1960 සහ පෙබරවාරි 1989 අතරතුර ශ්‍රී ලංකාවෙහි මැතිවරණ බලප්‍රදේශ අතුරින් එකක් විය. ජූලි 1977 දී මෙම බලප්‍රදේශය මනිපෙයි මැතිවරණ බලප්‍රදේශය ලෙසින් නම් වෙනස් කෙරණි.මෙම මැතිවරණ බලප්‍රදේශය නම් ලද්දේ උතුරු පළාතේ යාපනය දිස්ත්‍රික්කයේ, උඩුවිල් සහ මනිපෙයි නගර අනුව යමිනි . ශ්‍රී ලංකාවේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෝරා පත්කර ගැනුම සඳහා සමානුපාතික නියෝජන මැතිවරණ ක්‍රමය හඳුන්වාදෙන ලදි . එවිට පැවැති බොහෝ දුරට ඒක-මන්ත්‍රී මැතිවරණ බලප්‍රදේශ වූ බලප්‍රදේශ 160 වෙනුවට බහු-මන්ත්‍රී මැතිවරණ බලප්‍රදේශ 22 ක් ඇති කරන ලදි.[1] සමානුපාතික නියෝජනය යටතේ පැවැත්වුණු පළමු මැතිවරණය වන 1989 මහා මැතිවරණයේදී මනිපෙයි මැතිවරණ බලප්‍රදේශය වෙනුවට යාපනය බහු-මන්ත්‍රී මැතිවරණ බලප්‍රදේශය ආදේශ කරනු ලදුවත් බහු-මන්ත්‍රී මැතිවරණ බලප්‍රදේශය තුළ ඡන්ද බලප්‍රදේශයක් ලෙස මනිපෙයි දිගටම පවතියි.

1960 (මාර්තු) පාර්ලිමේන්තු මහා මැතිවරණය[සංස්කරණය]

19 මාර්තු 1960 දිනදී පැවැත්වුණු සතරවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ බලප්‍රදේශය සඳහා ප්‍රතිඵල:[2]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
විශ්වනාදන් ධර්මලිංගම් ෆෙඩරල් පක්ෂය ගෙය 9,033 44.07%
පොන්නම්බලම් නාගලිංගම් ලංකා සම සමාජ පක්ෂය යතුර 3,811 18.59%
වී. පොන්නම්බලම් තරුව 3,541 17.27%
ජේ.ඩී. ආසිර්වාතම් පොත 1,552 7.57%
එස්. හැන්ඩි පෙරිම්බනායගම් කණ්ණාඩි කූට්ටම 1,241 6.05%
එස්. සිවනේසන් හිරු 1,008 4.92%
වී. වීරසිංහම් කුකුලා‍ 312 1.52%
වලංගු ඡන්ද සංඛ්‍යාව 20,498 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 212
මුළු ඡන්ද සංඛ්‍යාව 20,710
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 27,278
ඡන්දය භාවිත කල ප්‍රතිශතය 75.92%

1960 (ජූලි) පාර්ලිමේන්තු මහා මැතිවරණය[සංස්කරණය]

20 ජූලි 1960 දිනදී පැවැත්වුණු පස්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ බලප්‍රදේශය සඳහා ප්‍රතිඵල:[3]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
විශ්වනාදන් ධර්මලිංගම් ෆෙඩරල් පක්ෂය ගෙය 11,475 63.12%
පොන්නම්බලම් නාගලිංගම් ලංකා සම සමාජ පක්ෂය යතුර 6,704 36.88%
වලංගු ඡන්ද සංඛ්‍යාව 18,179 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 195
මුළු ඡන්ද සංඛ්‍යාව 18,374
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 27,278
ඡන්දය භාවිත කල ප්‍රතිශතය 67.36%

1965 පාර්ලිමේන්තු මහා මැතිවරණය[සංස්කරණය]

22 මාර්තු 1965 දිනදී පැවැත්වුණු හයවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ බලප්‍රදේශය සඳහා ප්‍රතිඵල:[4]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
විශ්වනාදන් ධර්මලිංගම් ෆෙඩරල් පක්ෂය ගෙය 11,638 48.61%
පොන්නම්බලම් නාගලිංගම් ලංකා සම සමාජ පක්ෂය යතුර 6,726 28.09%
එන්. සිවනේසන් සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය බයිසිකලය 5,577 23.29%
වලංගු ඡන්ද සංඛ්‍යාව 23,941 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 287
මුළු ඡන්ද සංඛ්‍යාව 24,228
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 33,280
ඡන්දය භාවිත කල ප්‍රතිශතය 72.80%

1970 පාර්ලිමේන්තු මහා මැතිවරණය[සංස්කරණය]

27 මැයි 1970 දිනදී පැවැත්වුණු සත්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ බලප්‍රදේශය සඳහා ප්‍රතිඵල:[5]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
විශ්වනාදන් ධර්මලිංගම් ෆෙඩරල් පක්ෂය ගෙය 14,120 49.27%
එන්. සිවනේසන් සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය බයිසිකලය 11,656 40.68%
කුමාරස්වාමි විනෝදන් තරාදිය 1,362 4.75%
වී. කරාලසිංහම් ලංකා සම සමාජ පක්ෂය යතුර 1,264 4.41%
පී.වී.එම්.කේ.එම්. සින්නතුරෙයි කුඩය 254 0.89%
වලංගු ඡන්ද සංඛ්‍යාව 28,656 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 119
මුළු ඡන්ද සංඛ්‍යාව 28,775
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 36,690
ඡන්දය භාවිත කල ප්‍රතිශතය 78.43%

1977 පාර්ලිමේන්තු මහා මැතිවරණය[සංස්කරණය]

21 ජූලි 1977 දිනදී පැවැත්වුණු අටවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ බලප්‍රදේශය සඳහා ප්‍රතිඵල:[6]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
විශ්වනාදන් ධර්මලිංගම් දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ හිරු 27,550 83.99%
ආර්.එස්. ඇලෝසියස් එක්සත් ජාතික පක්ෂය අලියා 3,300 10.06%
සී.පී.වී.එම්.කේ. මුතාලියර් කුඩය 1,065 3.25%
කේ.එන්. රත්නවේල් ඉණිමග 887 2.70%
වලංගු ඡන්ද සංඛ්‍යාව 32,802 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 199
මුළු ඡන්ද සංඛ්‍යාව 33,001
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 41,373
ඡන්දය භාවිත කල ප්‍රතිශතය 79.76%

විශ්වනාදන් ධර්මලිංගම් 1985 සැප්තැම්බර් 2 දිනදී ඝාතනය කෙරිණි.[7]

ආශ්‍රිත[සංස්කරණය]

  1. "ද ඉලෙක්ටරල් සිස්ටම්". ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව.
  2. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1960-03-19" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  3. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1960-07-20" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  4. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1965" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  5. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1970" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  6. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1977" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  7. කේටී රාජසිංහම්. "චැප්ටර් 33: ඉන්ඩියා ෂෝස් ඉට්ස් හෑන්ඩ්". ශ්‍රී ලංකා: දි අන්ටෝල්ඩ් ස්ටෝරි. ඒෂියා ටයිම්ස්. සම්ප්‍රවේශය 23 මාර්තු 2010.

ඛණ්ඩාංක: 9°44′0″N 80°0′0″E / 9.73333°N 80.00000°E / 9.73333; 80.00000