මන්නාරම මැතිවරණ බලප්‍රදේශය

විකිපීඩියා වෙතින්

මන්නාරම මැතිවරණ බලප්‍රදේශය අගෝස්තු 1947 සහ පෙබරවාරි 1989 අතරතුර ශ්‍රී ලංකාවෙහි මැතිවරණ බලප්‍රදේශ අතුරින් එකක් විය. මෙම මැතිවරණ බලප්‍රදේශය නම් ලද්දේ උතුරු පළාතේ මන්නාරම දිස්ත්‍රික්කයේ, මන්නාරම නගරය අනුව යමිනි . ශ්‍රී ලංකාවේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෝරා පත්කර ගැනුම සඳහා සමානුපාතික නියෝජන මැතිවරණ ක්‍රමය හඳුන්වාදෙන ලදි . එවිට පැවැති බොහෝ දුරට ඒක-මන්ත්‍රී මැතිවරණ බලප්‍රදේශ වූ බලප්‍රදේශ 160 වෙනුවට බහු-මන්ත්‍රී මැතිවරණ බලප්‍රදේශ 22 ක් ඇති කරන ලදි.[1] සමානුපාතික නියෝජනය යටතේ පැවැත්වුණු පළමු මැතිවරණය වන 1989 මහා මැතිවරණයේදී මන්නාරම මැතිවරණ බලප්‍රදේශය වෙනුවට වන්නි බහු-මන්ත්‍රී මැතිවරණ බලප්‍රදේශය ආදේශ කරනු ලදුවත් බහු-මන්ත්‍රී මැතිවරණ බලප්‍රදේශය තුළ ඡන්ද බලප්‍රදේශයක් ලෙස මන්නාරම දිගටම පවතියි.

1947 පාර්ලිමේන්තු මහා මැතිවරණය[සංස්කරණය]

23 අගෝස්තු 1947 සිට 20 සැප්තැම්බර් 1947 දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු පළමුවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ බලප්‍රදේශය සඳහා ප්‍රතිඵල:[2]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
කදිරවේලු සිත්තම්පලම් ස්වාධීන යතුර 5,877 59.97%
ජෙගනාදන් තියාගරාජා කුඩය 3,381 34.50%
එස්. විරාස්පිල්ලෙයි අත 542 5.53%
වලංගු ඡන්ද සංඛ්‍යාව 9,800 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 71
මුළු ඡන්ද සංඛ්‍යාව 9,871
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 14,587
ඡන්දය භාවිත කල ප්‍රතිශතය 67.67%

1952 පාර්ලිමේන්තු මහා මැතිවරණය[සංස්කරණය]

24 මැයි1952 සහ 30 මැයි1952 දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු දෙවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ බලප්‍රදේශය සඳහා ප්‍රතිඵල:[3]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
කදිරවේලු සිත්තම්පලම් ස්වාධීන යතුර 5,876 52.62%
විරාසපිල්ලෙයි ඇල්බට් අලගකෝන් ෆෙඩරල් පක්ෂය තරුව 5,290 47.38%
වලංගු ඡන්ද සංඛ්‍යාව 11,166 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 113
මුළු ඡන්ද සංඛ්‍යාව 11,279
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 14,959
ඡන්දය භාවිත කල ප්‍රතිශතය 75.40%

1956 පාර්ලිමේන්තු මහා මැතිවරණය[සංස්කරණය]

5 අප්‍රේල් 1956 සහ 10 අප්‍රේල් 1956දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු තෙවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ බලප්‍රදේශය සඳහා ප්‍රතිඵල:[4]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
විරාසපිල්ලෙයි ඇල්බට් අලගකෝන් ෆෙඩරල් පක්ෂය ගෙය 6,726 53.12%
ශ්‍රීමත් කේ. වයිදියනාදන් කුඩය 4,857 38.36%
කදිරවේලු සිත්තම්පලම් ස්වාධීන බයිසිකලය 1,078 8.51%
වලංගු ඡන්ද සංඛ්‍යාව 12,661 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 105
මුළු ඡන්ද සංඛ්‍යාව 12,766
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 15,819
ඡන්දය භාවිත කල ප්‍රතිශතය 80.70%


1960 (මාර්තු) පාර්ලිමේන්තු මහා මැතිවරණය[සංස්කරණය]

19 මාර්තු 1960 දිනදී පැවැත්වුණු සතරවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ බලප්‍රදේශය සඳහා ප්‍රතිඵල:[5]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
විරාසපිල්ලෙයි ඇල්බට් අලගකෝන් ෆෙඩරල් පක්ෂය ගෙය 6,463 47.37%
එස්.එච්. මොහමඩ් ස්වාධීන කලය 4,587 33.62%
සබමාලයි ජෝන් මාර්ක් කුකුලා‍ 2,155 15.79%
එන්.එම්. අබ්දුල් ගෆූර් කණ්ණාඩි කූට්ටම 440 3.22%
වලංගු ඡන්ද සංඛ්‍යාව 13,645 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 126
මුළු ඡන්ද සංඛ්‍යාව 13,771
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 16,936
ඡන්දය භාවිත කල ප්‍රතිශතය 81.31%

1960 (ජූලි) පාර්ලිමේන්තු මහා මැතිවරණය[සංස්කරණය]

20 ජූලි 1960 දිනදී පැවැත්වුණු පස්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ බලප්‍රදේශය සඳහා ප්‍රතිඵල:[6]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
විරාසපිල්ලෙයි ඇල්බට් අලගකෝන් ෆෙඩරල් පක්ෂය ගෙය 7,307 55.79%
එස්.එච්. මෙහාමඩ් එක්සත් ජාතික පක්ෂය අලියා 5,790 44.21%
වලංගු ඡන්ද සංඛ්‍යාව 13,097 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 72
මුළු ඡන්ද සංඛ්‍යාව 13,169
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 16,936
ඡන්දය භාවිත කල ප්‍රතිශතය 77.76%

1965 පාර්ලිමේන්තු මහා මැතිවරණය[සංස්කරණය]

22 මාර්තු 1965 දිනදී පැවැත්වුණු හයවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ බලප්‍රදේශය සඳහා ප්‍රතිඵල:[7]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
විරාසපිල්ලෙයි ඇල්බට් අලගකෝන් ෆෙඩරල් පක්ෂය ගෙය 6,896 39.52%
එම්.එස්. අබ්දුල් රහීම් ස්වාධීන කුඩය 6,040 34.61%
සබමාලයි ජෝන් මාර්ක් කණ්ණාඩි කූට්ටම 4,514 25.87%
වලංගු ඡන්ද සංඛ්‍යාව 17,450 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 121
මුළු ඡන්ද සංඛ්‍යාව 17,571
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 21,418
ඡන්දය භාවිත කල ප්‍රතිශතය 82.04%

1970 පාර්ලිමේන්තු මහා මැතිවරණය[සංස්කරණය]

27 මැයි 1970 දිනදී පැවැත්වුණු සත්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ බලප්‍රදේශය සඳහා ප්‍රතිඵල:[8]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
විරාසපිල්ලෙයි ඇල්බට් අලගකෝන් ෆෙඩරල් පක්ෂය ගෙය 10,697 48.98%
එස්.ඒ. රහීම් එක්සත් ජාතික පක්ෂය අලියා 10,628 48.67%
එන්.එම්. අබ්දුල් කාදර් අත 513 2.35%
වලංගු ඡන්ද සංඛ්‍යාව 21,838 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 127
මුළු ඡන්ද සංඛ්‍යාව 21,965
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 25,441
ඡන්දය භාවිත කල ප්‍රතිශතය 86.34%

1977 පාර්ලිමේන්තු මහා මැතිවරණය[සංස්කරණය]

21 ජූලි 1977 දිනදී පැවැත්වුණු අටවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ බලප්‍රදේශය සඳහා ප්‍රතිඵල:[9]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
පී.එස්. සුසෙයිදාසන් දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ හිරු 15,141 51.58%
එම්.එස්. අබ්දුල් රහීම් එක්සත් ජාතික පක්ෂය අලියා 12,929 44.05%
සබමාලයි ජෝන් මාර්ක් ලාම්පුව 663 2.26%
එච්.එස්. ඩේවුඩ් අත 478 1.63%
එම්. කන්දසාමි තරාදිය 141 0.48%
වලංගු ඡන්ද සංඛ්‍යාව 29,352 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 84
මුළු ඡන්ද සංඛ්‍යාව 29,436
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 31,767
ඡන්දය භාවිත කළ ප්‍රතිශතය 92.66%

ආශ්‍රිත[සංස්කරණය]

  1. "ද ඉලෙක්ටරල් සිස්ටම්". ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව.
  2. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1947" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  3. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1952" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  4. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1956" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  5. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1960-03-19" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  6. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1960-07-20" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  7. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1965" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  8. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1970" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  9. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1977" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.

ඛණ්ඩාංක: 8°59′0″N 79°54′0″E / 8.98333°N 79.90000°E / 8.98333; 79.90000