මීරිගම මැතිවරණ බලප්‍රදේශය

විකිපීඩියා වෙතින්

මීරිගම මැතිවරණ බලප්‍රදේශය අගෝස්තු 1947 සහ පෙබරවාරි 1989 අතරතුර ශ්‍රී ලංකාවෙහි මැතිවරණ බලප්‍රදේශ අතුරින් එකක් විය. මෙම මැතිවරණ බලප්‍රදේශය නම් ලද්දේ බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ, මීරිගම නගරය අනුව යමිනි. ශ්‍රී ලංකාවේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෝරා පත්කර ගැනුම සඳහා සමානුපාතික නියෝජන මැතිවරණ ක්‍රමය හඳුන්වාදෙන ලදි . එවිට පැවැති බොහෝ දුරට ඒක-මන්ත්‍රී මැතිවරණ බලප්‍රදේශ වූ බලප්‍රදේශ 160 වෙනුවට බහු-මන්ත්‍රී මැතිවරණ බලප්‍රදේශ 22 ක් ඇති කරන ලදි.[1] සමානුපාතික නියෝජනය යටතේ පැවැත්වුණු පළමු මැතිවරණය වන 1989 මහා මැතිවරණයේදී මීරිගම මැතිවරණ බලප්‍රදේශය වෙනුවට ගම්පහ බහු-මන්ත්‍රී මැතිවරණ බලප්‍රදේශය ආදේශ කරනු ලදුවත් බහු-මන්ත්‍රී මැතිවරණ බලප්‍රදේශය තුළ ඡන්ද බලප්‍රදේශයක් ලෙස මීරිගම දිගටම පවතියි.

1947 පාර්ලිමේන්තු මහා මැතිවරණය[සංස්කරණය]

23 අගෝස්තු 1947 සිට 20 සැප්තැම්බර් 1947 දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු පළමුවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ බලප්‍රදේශය සඳහා ප්‍රතිඵල:[2]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
ඩී.එස්. සේනානායක අලියා 26,762 71.49%
එඩ්මන්ඩ් සමරක්කොඩි ලාම්පුව 10,673 28.51%
වලංගු ඡන්ද සංඛ්‍යාව 37,435 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 462
මුළු ඡන්ද සංඛ්‍යාව 37,897
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 55,474
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 68.31%

1952 පාර්ලිමේන්තු මහා මැතිවරණය[සංස්කරණය]

24 මැයි1952 සහ 30 මැයි1952 දක්වා කාලය අතරතුර පැවැත්වුණු දෙවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ බලප්‍රදේශය සඳහා ප්‍රතිඵල:[3]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
ජෝන් එඩ්මන්ඩ් අමරතුංග අත 27,447 61.06%
ජේම්ස් පීටර් ඔබේසේකර අලියා 17,502 38.94%
වලංගු ඡන්ද සංඛ්‍යාව 44,949 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 304
මුළු ඡන්ද සංඛ්‍යාව 45,253
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 56,728
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 79.77%

1956 පාර්ලිමේන්තු මහා මැතිවරණය[සංස්කරණය]

5 අප්‍රේල් 1956 සහ 10 අප්‍රේල් 1956දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු තෙවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ බලප්‍රදේශය සඳහා ප්‍රතිඵල:[4]


අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
විමලා විජේවර්ධන (මිය) අත 36,193 75.62%
ජෝන් ඊ. අමරතුංග අලියා 10,896 22.77%
එච්.පී. ජයවර්ධන කණ්ණාඩි කූට්ටම 399 0.83%
ඒ.ඒ. ස්ටැන්ලි ඩයස් තරාදිය 375 0.78%
වලංගු ඡන්ද සංඛ්‍යාව 47,863 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 234
මුළු ඡන්ද සංඛ්‍යාව 48,097
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 63,440
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 75.81%

ආශ්‍රිත[සංස්කරණය]

  1. "ද ඉලෙක්ටරල් සිස්ටම්". ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව.
  2. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1947" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  3. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1952" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  4. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1956" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.

ඛණ්ඩාංක: 7°14′29″N 80°7′57″E / 7.24139°N 80.13250°E / 7.24139; 80.13250