බල්හේ

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
(බෝහායි වෙතින් යළි-යොමු කරන ලදි)
Jump to navigation Jump to search
බල්හේ

발해 (渤海)
698–926
830 දශකයේ බල්හේහි සොන් රජ සමයේ බල්හේ රාජ්‍යයේ ව්‍යාප්තිය.
830 දශකයේ බල්හේහි සොන් රජ සමයේ බල්හේ රාජ්‍යයේ ව්‍යාප්තිය.
අගනුවරදොංමෝ කන්ද
(698–742)

ජුංග්යොං
(742–756)

සංග්යොං
(756–785)
දොංග්යොං
(785–793)

සංග්යොං
(793–926)
Common languagesගොගුර්යෝ භාෂාව
(පැරණි කොරියානු භාෂාවේ කොටසකි)
Religion
බුද්ධාගම, කොන්ෆියුසියානුවාදය, තාඕවාදය, යකැදුරුවාදය
රජයරාජාණ්ඩුව
රජ 
• 698–719
ගෝ
• 719–737
මු
• 737–793
මුන්
• 818–830
සොන්
ඓතිහාසික යුගයපුරාතන
• ස්ථාපනය
698
• සංග්‍යොං බිඳවැටීම
ජනවාරි 14 926
පූර්වප්‍රාප්ති වනුයේ
අනුප්‍රාප්ති වනුයේ
ගොගුර්යෝ
ගොර්යෝ රාජවංශය
ලියාඕ රාජවංශය
පසුකාලීන බල්හේ
Today part of උතුරු කොරියාව
 චීනය
 රුසියාව
බල්හේ
කොරියානු නම
හංගුල්진, එකල 발해
හන්ජා震, එකල 渤海
ලිපි මාලාවේ කොටසක් වන
මැංචූරියාව පිලිබඳ ඉතිහාසය
කොරියාවේ රජවරු
බල්හේ
  1. ගෝ 698–719
  2. මූ 719–737
  3. මුන් 737–793
  4. දේ වොන්-උයි 793
  5. ‍සොං 793–794
  6. ගං 794–809
  7. ජොං 809–812
  8. හුයි 812–817
  9. ගන් 817–818
  10. සොන් 818–830
  11. දේ ඉජින් 830–857
  12. දේ ගොන්හ්වං 857–871
  13. දේ හ්යොන්සොක් 871–894
  14. දේ විහේ 894–906
  15. දේ ඉන්සොන් 906–926

බල්හේ (හංගුල්: 발해; හන්ජා: 渤海}; කොරියානු උච්චාරණය: [paɾhɛ]) යනු උතුරු කොරියානු අර්ධද්වීපයේ සහ ගිනිකොනදිග මැංචූරියාවේ පිහිටා තිබූ ගොගුර්යෝ සහ මොහේ ජනයාගෙන් සැදි මධ්‍යකාලීන රාජධානියකි. මෙය පැවතියේ කොරියාවේ උතුරු-දකුණු රාජ්‍ය යුගයේ පසුකාලීන සිල්ලා රාජ්‍යය හා සමගාමීව ය.

698දී බල්හේ රාජ්‍යය ජින් යන නාමයෙන් ස්ථාපනය කරන ලද්දේ ගෝ රජු විසින් ටියෑන්මෙන්ලිං සටනින් ටෑං රාජවංශය පරාජය කිරීමෙන් පසුවයි. එය ක්‍රමිකව වර්තමාන උතුරුදිග කොරියාව, චීනයේ ඊසානදිග, සහ රුසියාවේ වෙරළබඩ පළාත් සිය අණසකට නතු කරගත්තේ ය. පසුව 926දී ඛිටන්වරුන් විසින් මෙම රාජ්‍යය පරාජය කරන ලදී. එහි භූමියේ උතුරුදිග බිම්වලින් වැඩි ප්‍රමාණයක් එම ලියාඕ රාජවංශය විසින් ඈඳා ගත් අතර, දකුණුදිග පෙදෙස් ගොර්යෝ රාජ්‍යයට නතු විය.

නම[සංස්කරණය]

බල්හේ රාජ්‍යය පිහිටුවන ලද්දේ ක්‍රි.ව. 698දී "ජින්" හෝ "චින්" නාමයෙනි. මෙය කොරියානු යන වදනේ නූතනම ප්‍රතිශෝධිත රෝමානුකරණය අනුව වේ. මින් පෙර පැවති ජින් රාජධානිය සඳහා ද භාවිතා වූයේ මෙම නාමයම ය. කෙසේනමුත්, එම රාජධානිය තුළ එහි නාමය කොරියානු හන්ජා අක්ෂරවලින් (හන්ජා), ලෙස භාවිතා විය. මෙහි ප්‍රතිනිර්මාණිත පැරණි චීන උච්චාරණය /*[d]ər/ ලෙසත්, මධ්‍ය චීන උච්චාරණය dzyin ලෙසත් භාවිතා විය.[1] ගෝ රජුගේ රාජ්‍යය තුළ ඔවුන්ගේ නාමය ලියන ලද්දේ ලෙස වන අතර, එහි මධ්‍ය චීන උච්චාරණය tsyin විය.[1] මෙම රාජ්‍යයට පෙර පැවති ජින් රාජධානියේ අක්ෂරය චීන සහ කොරියානු රාශි චක්‍රවල 5වන පෘථිවිමය ශාඛාවට භාවිතා වූ අතර, එය බ්‍රහස්පතිගේ කක්ෂයේ කොට්ඨාසයක් වන මකර රාශිය යැයි හඳුනාගෙන ඇත. මෙය 120°ක දිගංශයක් (ESE සහ SE අතර) හා සම්බන්ධ අතර, පෙ.ව. 7 සහ 9 අතර පැය දෙකක කාලය හා සම්බන්ධව සැලකීමේ දී එය හිරුඋදාව හා අදාළ යැයි සැලකිණි. එහි දිශාව නැගෙනහිර දිශාවයි. මෙහි පසුකාලීන බිහි වූ රාජ්‍යයේ (ලිපියට තේමාව වන) නාමය මෙහි සරල ප්‍රභේදයක් හෝ දෙවන අක්ෂරය මගින් "මේඝ ගර්ජනාව", "කම්පනය" වැනි අරුතක් හැඟවෙන පරිදි යෙදූවක් වන්නට ඇත.

712දී, බොහායි මුහුදේ කොරියානු නාමය ආශ්‍රය කොටගෙන රාජ්‍යය "බල්හේ" ලෙස නැවත නම්කෙරිණි.

ඉතිහාසය[සංස්කරණය]

පදනම[සංස්කරණය]

බල්හේ රාජ්‍යය පිළිබඳ පැරණිතම විද්‍යාමාන වාර්තාව හමුවන්නේ 941 සහ 945 අතර කාලයේ සම්පාදිත ටෑංහි පැරණි ග්‍රන්ථය තුළිනි. දකුණු මැංචූරියාව සහ උතුරු කොරියාව කොරියාවේ තුන් රාජධානි අතුරින් එකක් වූ ‍ගොගුර්යෝ රාජධානියට අයත්ව තිබිණි. 668දී ගොගුර්යෝව සිල්ලා සහ ටෑං රාජවංශ මිත්‍රත්ව හමුදාවලට යටත් විය‍. ටෑං රාජවංශය විසින් බටහිර මැංචූරියාවේ විශාල පෙදෙසක් ඈඳාගත් අතර, තේදොං ගංගාවට පහළ කොරියානු අර්ධද්වීපය එක්සත් කළ සිල්ලාව පසුකාලීන සිල්ලා රාජ්‍යය පිහිටුවී ය.

ඛිටන් ජනයා අතර ටෑං රාජ්‍යයට එරෙහිව අනවබෝධය ගොඩනැගෙමින් පැවති සමයේ, හිටපු ගොගුර්යෝ නිලධාරියකු වූ දේ ජු-සං[2][3] සෙසු ගොගුර්යෝ ජනයා සමග මෝහේ ජනයාගේ නායකයකු වූ ගොල්සා බියු සමග සන්ධායකට එළඹියේ ය. 698දී ටෑං රාජවංශයට එරෙහිව ගෝ ලෙස ඔවුහු නැගී සිටියහ. දේ ජුංසගේ මරණින් පසු, හිටපු ගොගුර්යෝ සෙන්පතියකු වූ දේ ජෝ-යොං[4][5] සිය පියාගේ ධුරයට පත් විය. ලි කායිගු සෙන්පතියා විසින් මෙහෙයවූ ටෑං හමුදා සමග සටනේ දී ගෝල්සා බියු මියගියේ ය. ඉතිරිව සිටි ගොගුර්යෝ සහ මෝහේ හමුදා සමග ටෑං පාලනය පැවති ප්‍රදේශයෙන් මිදී පලායාමට දේ ජෝ-යොං සමත් විය. ඔවුන් පසුපස ලුහුබැඳ පැමිණි වූ සේටියෑන් අධිරාජිනියගේ හමුදා ටියෑන්මෙන්ලිං සටනේ දී පරාජය කරවීමට ඔවුහු සමත් වූහ. අනතුරුව පැරණි යිලෞ ප්‍රදේශයේ බල්හේ රාජ්‍යය ස්ථාපනය කළ ඔහු ගෝ රජු ලෙස සිහසුනට පත් විය.[6]

ව්‍යාප්තිය සහ විදේශ සබඳතා[සංස්කරණය]

දෙවන රජු වූ මූ රජු (රාජ්‍ය. 719-737) හට ටෑං, සිල්ලා සහ අමුර් ගංගාව දිගේ කළු ජලය මොහේ පෙදෙස්වලින් වටවී තිබීම අනාරක්ෂිත යැයි හැඟුණු හෙයින්, 732 සිය නාවික හමුදාව සමගින් පිටත්වී ටෑං හමුදා පරදවන ලදී. මෙහි දී ෂැන්ඩොං අර්ධද්වීපය මූලික කරගත් ටෑං සෙන්පතියකු මරාදැමිණි.[7] එම කාලයේම, ෂැංහිය දුර්ගයේ (වර්තමාන බෙයිජිං සිට කිලෝමීටර 300ක් පමණ නැගෙනහිරින්) මදුෂාන් (馬都山) ගොඩබිම් මාර්ග ඔස්සේ සේනා මෙහෙයවා යාබද නගර අල්ලා ගැනීමට රජුට හැකි විය.[8] මීට අමතරව, 728දී ජපානය වෙත දූතයන් යැවූ ඔහු ගිනිකොනදිගින් සිල්ලාවට තර්ජන එල්ලකළේ ය. රාජධානියේ අවස්න කාලය වනතෙක්ම බල්හේ රාජ්‍යය ජපානය සමග වෙළඳ සහ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පවත්වා තිබේ. බලහේ රාජධානිය විසින් ජපානය වෙත දූත ගමන් 34ක් සිදුකොට ඇති අතර, ජපානය විසින් බල්හේ වෙත 13 වරක් දූතයින් එවා ඇත.[9] පසුව, ටෑං සහ බල්හේ රාජ්‍ය අතර ගිවිසුමක් ඇති වූ අතර, එමගින් ටෑංවරුන් විසින් බල්හේහි මුන් යනු ඔහුගේ පියාගෙන් පසු බල්හේ රාජ්‍යයේ සිහසුනට පත් රජු ලෙස රාජ්‍ය තාන්ත්‍රිකව පිළිගෙන තිබේ.

තෙවන අධිරාජයා වූ මුන් රජු (රාජ්‍ය. 737-793) විසින් සිය භූමිය උතුරින් අමුර් නිම්නය දක්වාත්, බටහිරින් ලියාඕදොං අර්ධද්වීපය දක්වාත් පුළුල් කරවී ය. ඔහුගේ රාජ්‍ය සමයේ, සිල්ලාව සමග "සිල්ලාදෝ" (신라도, 新羅道) නැමැති වෙළඳ මාර්ගයක් ස්ථාපිත‍ කෙරිණි. මුන් අධිරාජයා විසින් බල්හේහි අගනුවර කිහිප වරක් වෙනස් කොට ඇත. මීට අමතරව ඔහු විසින් 755 අවට ජිංපෝ විල අසල පිහිටි සංග්යොං රාජ්‍යයේ ස්ථිර අගනුවර ලෙස නම්කරන ලදී. මෙය වර්තමානයේ හෙයිලොංජියෑං පළාතේ දකුණට වන්නට පිහිටා ඇත. විවිධ ගෝත්‍ර සහ ජන වර්ග සිය ආධිපත්‍යයට නතු කරගත් ඔහු ස්ථාවර ශක්තිමත් මධ්‍යගත පාලනයක් ස්ථාපිත කළේ ය. මෙය තාවකාලිකව පුළුල් කෙරිණි. ටෑංහි ජාතික ශාස්ත්‍රාලය ආදර්ශයට ගනිමින් ඔහු විසින් ජුජාගම් (胄子監) ජාතික ශාස්ත්‍රාලය පිහිටුවන ලදී. චීනය විසින් ඔහුව රජකු ලෙස පිළිගත්ත ද, බල්හේ රාජ්‍යය තුළ ඔහු තමන් දෙව්ලොව පුත්‍රයා සහ අධිරාජයා ලෙස නම්කරගන්නා ලදී.[10]

බල්හේ රාජ්‍යයේ දසවන පාලකයා වූ සොන් රජුගේ සමයේ (රාජ්‍ය. 818-830) බල්හේ විසින් උතුරු කොරියාව, ඊසානදිග මැංචූරියාව සහ වර්තමානයේ රුසියාවේ ප්‍රයිමොර්ස්කි ක්‍රේ යන ප්‍රදේශ පාලනය කොට තිබේ. සොන් රජු විසින් සිදුකළ ආක්‍රමණවල දී, බොහෝ උතුරු මොහේ ගෝත්‍ර සහ ලියාඕදොං අර්ධද්වීපයේ පිහිටි වයඹදිග කුඩා ගොගුර්යෝ රාජධානිය බල්හේ රාජ්‍යය වෙත ඈඳාගන්නා ලදී. මෙය කෙතරම් බලවත් වී ද කිවහොත්, සිල්ලා රාජ්‍යයට 721දී උතුරු ප්‍රාකාරයක් ඉදිකිරීමට සහ පොදු දේශසීමාවේ ආරක්ෂාව තර කිරීමට පවා සිදුවිය.

බිඳවැටීම සහ උරුමය[සංස්කරණය]

කොරියාවේ ජාතික කෞතුකාගාරයේ ඇති බල්හේ ශිලා ස්තම්භයක්.

සොන් රජුගේ සමයෙන් පසු (830) බල්හේ රාජ්‍යය පිළිබඳ කිසිදු ලිඛිත වාර්තාවක් හමුනොවේ. ඇතැම් විද්වතුන් විශ්වාස කරන්නේ බෙක්දු කන්ද විදාරණය වීම හේතුවෙන් ඇතැම්විට එය ජාතික අතින් බිඳ වැටී අවසානයේ ඛිටන් රාජධානියේ ලියාඕ රාජවංශයට යටත් වූ බවයි. ඇතැම් ඉතිහාසඥයින් විස්තර කරන්නේ පාලක කොරියානුවන් සහ ඔවුන් යටතේ වූ මොහේ ජනයා අතර අරගල රාජ්‍යය දුර්වල කරන්නට ඇති බවයි.[11] ඛිටන්වරුන් ලියාඕනිං සහ ඇතුළු මොංගෝලියාව ආශ්‍රතව බලය පතුරුවා තිබිණි. මෙය බල්හේහි බටහිර ප්‍රදේශ හා අතිපිහිත විය. 926දී දින 25ක ආක්‍රමණයකින් පසු ඛිටන්වරු බල්හේ අගනුවර අල්ලාගත්හ. 926දී බල්හේ විනාශ කිරීමෙන් පසු, ඛිටන්වරුන් විසින් රූකඩ දොංදන් රාජධානියක් ස්ථාපනය කළ අතර, 936දී මඳ කලකින්ම එය ලියාඕවරුන් විසින් ඈඳගනු ලැබිණි. බොහෝ බල්හේ වංශවතුන් ලියාඕයැං වෙත පලාගිය නමුත් බල්හේහි නැගෙනහිර භූමිය දේශපාලන අතින් තවමත් ස්වාධීනව පැවතිණි. ගොර්යෝසා වාර්තා කරන්නේ 925දී සෙන්පතියකුගේ නායකත්වය යට‍තේ 10,000ක බල්හේ ජනයා ඛිටන්වරුන් වෙතින් පලා ආ බවයි. මෙය රාජධානිය බිඳවැටීමට වසරකට පෙර සිදුවූවකි‍. සෙසු බල්හේ ජනයා ඛිටන්වරුන්ට යටත් වූ අතර, ඇතැමෙක් ජුර්චෙන්වරුන් හා එක්ව පසුකාලීනව ඛිටන්වරුන්ට එරෙහිව කැරලි ගැසූහ. ගොර්යෝ රාජ්‍යය වෙත සංක්‍රමණය වූ බල්හේ වාසීන් 10,000 අතුරින් සමහරක් සිය පවුල් නාමය තේ (태, 太) ලෙස වෙනස්කර ගත්හ. කිරුළහිමි කුමරුන් වූ දේ ග්වං-හ්යොන් හට ගොර්යෝ රාජවංශයේ රාජකීය පවුල් නාමය වන වං (왕, 王) පෙළපත් නාමය පිරිනැමිණි. මැංචූරියාවේ වැදගත් ප්‍රදේශයක බලය පැතිරවූ අවසන් කොරියානු රාජ්‍යය ලෙස බල්හේ සැලකේ.‍ එසේවුව ද, පසුකාලීන කොරියානු රාජවංශ විසින් තමන් ගොගුර්යෝ සහ බල්හේ රාජ්‍යවල අනුප්‍රාප්තිකයින් ලෙස හැඳින්වීමට උත්සාහ දරා තිබේ.

ඛිටන්වරුන් ක්‍රමයෙන් ජුර්චෙන් ජනයාට යටත් වූ අතර, ජුර්චෙන්වරුන් විසින් ජින් රාජවංශය පිහිටුවා තිබේ. ජුර්චෙන්වරුන් විසින් තමන් බල්හේ සහ සප්ත වුජි (勿吉) ‍ගෝත්‍රවලින් පැවතෙන්නන් බවත්, "ජුර්චෙන් සහ බල්හේ එකම පවුලට අයත්" බවත් පවසා තිබේ. ජින් රාජ්‍යයේ සිව්වන, පස්වන සහ හත්වන අධිරාජවරුන්ගේ මව්වරු බල්හේ බිසෝවරු වූහ. 13වන සියවසේ මොංගෝලියානුවන් විසින් උතුරු චීනයේ සිදුකළ සංඛ්‍යාලේඛන මගින් ගොර්යෝ, ඛිටන් සහ ජුර්චෙන් වැනි ජන කොට්ඨාසවලින් බල්හේ වාසීන් වෙන්කර දක්වන ලදී.

ප්‍රතිඵලය[සංස්කරණය]

926දී බල්හේ රාජ්‍යය සහ එහි අවසන් රජුගේ පාලනය බිඳ වැටීමෙන් පසු, නව ඛිටන් පාලකයින් විසින් එය දොංදන් ලෙස නම්කරන ලදී.[12] ඛිටන්වරුන් බල්හේ රාජ්‍යයේ පැරණි භූමිවලින් වැඩි ප්‍රමාණයක් යටත් කරගෙන තිබිණි. කෙසේනමුත්, 927 සිට, මෙම ප්‍රදේශ පුරා විවිධ කැරලි ඇති විය. මෙම කැරලි නිසා බල්හේ පිබිදීම් රැසක් ඇති විය. මේ අතුරින් සාර්ථක වූයේ කැරලි තුනක් පමණි. ඔවුන් විසින් පසුකාලීන බල්හේ, ජොං-අන් රාජධානිය, හ්‍යුං-යෝ රාජධානිය සහ දේවොන් රාජධානිය යන රාජධානි පිහිටුවන ලදී. මෙම රාජධානි ත්‍රිත්වය තාවකාලිකව ඛිටන්වරුන් සහ ඔවුන්ගේ දොංදන් රාජධානිය ලියාඕදොං අර්ධද්වීපය වෙත සීමා කිරීමට සමත් විය. නමුත් ක්‍රමිකව ඒ සියල්ල ලියාඕ අධිරාජයයට නතු විය.

925දී, බල්හේ රාජ්‍යයේ අවසන් කිරුළහිමි කුමරුන් වූ දේ ග්වං-හ්යොන් ඛිටන්වරුන්ට එරෙහිව කැරැල්ලක් ඇරඹී ය. ඉන් පරාජය වීමෙන් පසු, ඔහු ගොර්යෝව වෙත පලාගියේ ය. එහිදී ඔහුට ආරක්ෂාව හිමිවූ අතර, ගොර්යෝවේ වං ගොන් රජු විසින් ඔහුට රාජකීය පෙළපත් නාමය ද පිරිනමන ලදී. මෙලෙසින් ගොගුර්යෝ පුරාතන රාජධානියේ අනුප්‍රාප්තික ජාතීන් ‍ද්විත්වය එක්සත් විය.[13] මේ හේතුවෙන් ලියාඕ හා ගොර්යෝ අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇනහිටිණි‍‍. නමුත්, ආක්‍රමණයක් පිළිබඳ බියවීමට හේතුවක් නොවිණි‍. ඔහු සමග ගොර්යෝවට මිනිසුන් 10,000ක් පමණ පැමිණි බව සඳහන් වේ.[14]

රජය සහ සංස්කෘතිය[සංස්කරණය]

බල්හේ රාජ්‍යය සැදුණේ හිටපු ගොගුර්යෝ රාජ්‍යයේ ඉතිරිව සිටි ජනයාගෙන් සහහ මැංචූරියාවේ විසූ තුංගුසීය ජනයාගෙනි. මෙම ජනයා අතරට ස්වදේශික මොහේ ජනයා ද ඇතුළත් විය. මොහේවරුන්ට පහළ වැඩකරන පන්තිය නියම වූ අතර, ගොගුර්යෝවරු පාලන පන්තිය ‍නියෝජනය කළහ.[11] එසේ වුව ද, එම කම්කරු පාන්තිකයින්ගෙන් ජනගහනයෙන් බහුතරයක් නියෝජනය විය‍. එසේවුවද, බල්හේ වංශවතුන් අතර සිටි මොහේ ජනයා කිහිපදෙනකු ද විය. මේ අතරට බල්හේ රාජ්‍යය පිහිටුවීමට ආධාර කළ ගොල්සා බියුගේ ආධාරකරුවන් ඇතුළත් විය. ඔවුනව "සුර්යොං" හෙවත් "ප්‍රධානියා" යන ධුරයට පමණක් සීමාකෙරිණි. මෙම වදන පැරණි ගොගුර්යෝ බසින්[15] සම්භවය වූවක් වන අතර, ඔවුන් විසින් පාලන පන්තියේ කොටසක් නියෝජනය කරන ලදී. විරළ වුව ද, ඇතැම් බල්හේ තානාපති සාමාජිකයින් විසින් මොහේ පෙළපත් නම් භාවිතා කොට තිබේ.

බල්හේ රාජ්‍යයට අයත් වූ කිසිදු ලිඛිත වාර්තාවක් දක්නට නොමැති හෙයින්, මෙම රාජධානිය පිළිබඳ සියලුම තොරතුරු හිමිවන්නේ පුරාවිද්‍යාත්මක කැනීම් ආධාරයෙන් ලැබෙන සාක්ෂි සහ සමකාලීන චීන වාර්තාවලිනි. බල්හේ රාජ්‍යය පිහිටුවීමෙන් පසු, එහි ජනයා විසින් චීනයේ ටෑං රාජවංශයේ සංස්කෘතික සහ දේශපාලන ක්‍රම‍ය අනුගමනය කොට තිබේ. බල්හේ නගරවල සැලසුම් අධ්‍යයනය කරන පුරාවිද්‍යාඥයින් නිගමනය කරන්නේ බල්හේ නගරවල ලක්ෂණ බොහෝදුරට ගොගුර්යෝ නගරවල පොදු ලක්ෂණම දැරූ බවයි. මේ නිසා බල්හේ රාජ්‍යය ගොගුර්යෝවේ සංස්කෘතික සමානත්වයක් පවත්වාගත් බැව් සිතිය හැක.[16] චීන වාර්තා අනුව, බල්හේ රාජ්‍යය සතුව අගනුවරවල් පහක්, පළාත් පහළොවක්, සහ ප්‍රාන්ත හැටතුනක් විය.[17]

බල්හේ රාජ්‍යය සංකීර්ණ සංස්කෘතියකින් යුතුවූ බව පැවසේ. චීන නිලධාරියකු විසින් එය හඳුන්වා ඇත්තේ "පෙරදිග වැජඹෙන භූමිය" ලෙසයි. රජය යටතේ චාන්සලර් කාර්යාල ත්‍රිත්වයක් සහ අමාත්‍යාංශ සයක් විය. බල්හේ රජය චීන ක්‍රමය අනුකරණය කොට තැනූවකැයි පැවසුවහොත් එය අසත්‍යයක් නොවේ. නමුත් එය ටෑංහි පාලන ව්‍යූහව සම්පූර්ණයෙන් අනුගමනය කළේ නැත. "තේනේසං" හෙවත් "මලාගියේ මහා අමාත්‍ය" පදවිය සෙසු චාන්සලර් පදවි ද්විත්වයට (වම් සහ දකුණු) වඩා ඉහළින් පැවතිණි. අගනුවරවල් පහේ ක්‍රමය ගොගුර්යෝවේ පරිපාලන ව්‍යූහය අනුව සැකසුණකි. සිල්ලා රාජ්‍යය මෙන්ම, බලහේ ද ටෑං රාජ්‍යය වෙත අධ්‍යාපනය හැදෑරීමට ශිෂ්‍යයින් පිටත්කර හරින ලදී. ඉන් බොහෝ දෙනෙක් චීන සිවිල් සේවා විභාග සඳහා ඉදිරිපත් වූහ.[18] මෙහි ප්‍රතිඵලයක් ලෙස, බල්හේහි සංග්යොං අගනුවර සංවිධාන ව්‍යූහය අතින් ටෑං අගනුවර වූ චං’අන් නගරයට අනුරූප විය. නවාතැන් අංශ මාලිගයේ එක් පෙදෙසකට සීමාකෙරුණු අතර, එය ඍජුකෝණාස්‍රාකාර ප්‍රාකාරයකින් වටකෙරිණි.

බල්හේ රාජ්‍යයේ සංස්කෘතියේ මූලාංග ගොගුර්යෝ සම්භවයකින් යුක්ත ය. ඔන්දොල් ස්ථාපනයක් මගින් බල්හේ ඇතුළු මාලිගය ඊට යාබද බොහෝ ස්ථානවලට නිරාවරණය කෙරිණි. මීට අමතරව, බල්හේ විහාරවලින් හමුවන බෞද්ධ ප්‍රතිමා සහ ‍සැරසිලි අංග ගොගුර්යෝ කලාවේ විශේෂිත ලක්ෂණ නිරූපණය කරයි. බල්හේ රාජ්‍යය පිළිබඳ සංස්කෘතික තොරතුරු හෙළිකරන වැදගත් ප්‍රභවයක් 20වන සියවසේ අගකාලයේ දී, ලොංතෞ කන්දේ පුරාතන සොහොන් අතරින් සොයාගැනිණි. විශේෂයෙන්ම මෙහි දී ජොංහ්යෝ කුමරියගේ සොහොන්ගැබ වැදගත් විය.

විදහා පෙන්වීම් සහ දේශපාලන අර්ථ නිරූපණ[සංස්කරණය]

බල්හේ ජනයාගේ වාර්ගික සංයුතිය මගභේදයට තුඩු දී ඇත. බල්හේ රාජ්‍යය පිහිටුවන ලද්දේ හිටපු ගොගුර්යෝ සෙන්පතියකු බව අවිවාදිතව පිළිගැනුණ ද, ඔහුගේ ජන වර්ගය පිළිබඳ වාදවිවාද පවතියි. මෙයට හේතුව ඓතිහාසික මූලාශ්‍රවල දැක්වෙන් ද්විත්වාර්ථ වදන් ය. එසේම බල්හේ රාජ්‍යය තුළ ලිඛිත කිසිදු මූලාශ්‍රයක් හමු නොවේ.

ජේවං උන්ගි ග්‍රන්ථය ප්‍රකාශයට පත්කළ දින සිට වර්තමාන කොරියානු විද්වතුන් සාමාන්‍යයෙන් සලකන්නේ බල්හේ යනු කොරියානු ගොගුර්යෝ රාජධානියේ (ක්‍රි.පූ. 37 - ක්‍රි.ව. 668) දිගුවක් ලෙසයි.[19] 18වන සියවසේ ජොසොන් රාජවංශ සමයේ කොරියානු විද්වත්හු බල්හේ රාජ්‍යය පිළිබඳ උනන්දු වන්නට වූහ. ක්විං සහ ජොසොන් රාජවංශ සාකච්ඡා පැවැත්වීමෙන් පසු, 1712 චීන-කොරියා දේශසීමාව ඔස්සේ යාලු සහ ටුමෙන් ගංගා දිගේ දේශසීමා සලකුණු කිරීමේ නිරතවූහ. ජාතිකවාදී තේමා පිළිබඳ රචනාකරණයේ නියැළුණු ජනමාධ්‍යවේදියකු වූ ජං ජි-යොන් (1762–1836) නොයෙකුත් ලිපි ප්‍රකාශයට පත් කරමින් පවසන්නට වූයේ ජොසොන් නිලධාරීන් බල්හේ රාජ්‍යය ද සිය භූමිය කොටසක් ලෙස සලකන්නට උත්සාහ දරන බවයි. ගංගාවලට ඉහළින් වූ භූමිය පහසුවෙන්ම "අත් හැරීමට" ඔවුන් සූදානම් නොවන බවත් ඉන් පැවසිණි. යු ද්‍යුක්-ගොං විසින් 18වන සියවසට අයත් බල්හේගෝ (බල්හේ පිළිබඳ විමර්ශනයක්) නම් සිය කෘතිය තුළ පවසන්නට වූයේ බල්හේ රාජ්‍යය කොරියානු ඉතිහාසයේ කොටසක් බවයි. එසේ සිදු කිරීමෙන් මැංචූරියාව පිළිබඳ සාධාරණ අයිතියක් හිමිවන බවත් පැවසිණි. 20වන සියවසේ මුල් කාලයේ ජියාන්දෝ පිළිබඳ රචනාකරණයේ නියැළුණු කොරියානු ඉතිහාසඥ සින් චේ-හෝ සිය ශෝකය ප්‍රකාශ කරන්නට වූයේ සියවස් ගණනාවක් පුරා කොරියානු ජනතාව “සිය හදවත් සහ ඇස්වලින් සිය නිවස ලෙස සැලකූයේ යාලු ගඟට දකුණින් වූ භූමිය පමණක් බවයි”. එසේම “සිය අර්ධ පූර්වජයා වූ දංගුන්ගේ පුරාතන භූමි සියවස් නවයකට අධික කාලයක් තිස්සේ තමන්ට අහිමිව පැවති බවත් ය.” මීට අමතරව සින් විසින් සම්ගුක් සගි ග්‍රන්ථයේ කතුවරයා වූ කිම් බුසික්ව විවේචනය කරන්නට වූයේ බල්හේ රාජ්‍යය ඔහුගේ ඓතිහාසික කෘතිය ඇතුළත් නොකිරීම සහ සිල්ලාව විසින් කොරියාව එක්සත් කළ බව සඳහන් කිරීමත් හේතුවෙනි.[20] සමාජයීය ඩාවින්වාදයෙන් ආභාසය ලැබූ සින් මෙසේ ලියයි:

"කොරියාව සහ මැංචූරියාව අතර පැවතියේ කෙතරම් සමීප සම්බන්ධතාවක් ද? කොරියානු ජාතීන් මැංචූරියාව අත්පත් කරගත් විට, කොරියානු ජාතිය ශක්තිමත් සහ සමෘද්ධිමත් විය. වෙනත් ජාතියක් විසින් මැංචූරියාව අත් කරග්ත විට, කොරියාව ඔවුනට පසුබට සහ දෙවැනි විය. මීට අමතරව, වෙනත් ජාතියක් විසින් අල්ලා ගැනීමේ දී, එම ජාතිය උතුරුදිග ජාතියක් නම් කොරියාව එම උතුරු ජාතියේ බලයට නතු වේ. නැගෙනහිර ජාතියක් විසින් මැංචූරියාව දිනාගන්නා විට, එවිට ද කොරියාව එම ජාතීන්ගේ බලයට යටත් වේ. අහෝ! මෙය වසර හාරදහසක් තිස්සේ වෙනස් නොවූ අයෝමය පාලනයකි."[21]

සිල්ලා හෝ පසුකාලීනව ගොර්යෝ රාජධානි විසින් බල්හේ රාජ්‍යය පිළිබඳ නිල ඉතිහාසයක් රචනා කොට නොමැත. ඇතැම් නූතන විද්වතුන් පවසන්නේ එසේ සිදු කොට තිබුණේ නම් කොරියානුවන්ට බල්හේ ඉතිහාසය සහ භූමිය පිළිබඳ ඇති අයිතිවාසිකම් ස්ථිරසාර ලෙස ප්‍රකාශ කළ හැකිව තිබූ බවයි.[22]

වර්තමාන උතුරු සහ දකුණු කොරියාව තුළ, බල්හේ රාජ්‍යය කොරියානු රාජ්‍යයක් ලෙස සැලකෙන අතර, වර්තමානයේ එය "උතුරු දකුණු රාජ්‍ය යුගය" තුළ (සිල්ලාව සමග) ස්ථානගත කොට ඇත. නමුත් අතීතයේ ද මෙවැනි යෝජනා ඉදිරිපත්ව තිබිණි. ඔවුන් ගොගුර්යෝව සමග එහි සම්බන්ධතාව අවධාරණය කොට දක්වන අතර, මොහේ සමග ඇති සම්බන්ධය සුළුකොට දක්වා ඇත. කෙසේනමුත්, දකුණු කොරියානු ඉතිහාසඥයන් විශ්වාස කරන්නේ එහි පාලන පන්තිය ගොගුර්යෝ සම්භවයකිනුත්, සාමාන්‍ය ජනයා මොහේ ඇතුළු මිශ්‍ර සම්භවයකිනුත් යුතු වන්නට ඇති බවයි. නමුත් උතුරු කොරියානු ඉතිහාසඥයින් විශ්වාස කරන්නේ බල්හේහි ජනයා වැඩි ප්‍රමාණයක් ගොගුර්යෝ වැසියන් වූ බවයි. කොරියානුවන් සිතන්නේ මෙහි ආදිකර්තෘ වූ දේ ජෝයොං ද ගොගුර්යෝ පෙළපතක අයකු බවයි. ටෑංහි පැරණි ග්‍රන්ථය පමසන්නේ "බල්හේ-මොහේහි දේ ජෝයොං සැබැවින්ම ගොගුර්යෝවේ කොට්ඨාසයකින් පැමිණියකු බවයි." (渤海靺鞨大祚榮者,本高麗別種也.),[23]

බටහිර තුළ, සාමාන්‍යයෙන් සැලකෙන්නේ චීනය සහ ජපානය සමග වෙළඳ සබඳතා පැවැත්වූ බල්හේ රාජධානිය ගොගුර්යෝවේ අනුප්‍රාප්තික රාජ්‍යයක් බවයි. එහි කොරියානු නාමය රෝමානුකරණය කොට භාවිතා වේ.[24][25][26] කොරියානු බසින් විකල්ප රෝමානුකරණය අනුව මෙම රාජ්‍යය "පර්හේ" ලෙස හැඳින්වෙන අතර, චීන බසෙහි රෝමානුකරණය ලෙස යෙදෙන "බොහායි" යන්නත් ඉංග්‍රීසියෙහි සුලබව භාවිතා වේ.[16][27][28][29] මෙම රාජ්‍යය උතුරු මැංචූරියාවේ සහ උතුරු කොරියාවේ ජනතාවගෙන් සමන්විත වූ බව පෙනේ. එහි ආදිකර්තෘ සහ පාලන පන්තියේ බොහෝ දෙනා ගොගුර්යෝවේ හිටපු වංශවතුන් විය. කොරියානු විද්වතුන් විශ්වාස කරන්නේ බලහේ රාජ්‍යයේ ආදිකර්තෘ වන දේ ජෝයොං යනු ගොගුර්යෝ ජාතිකයකු බවයි. ‍තවත් සමහරුන් පවසන්නේ ඔහු ගොගුර්යෝවේ විසූ මොහේ ජාතිකයකු බවයි.[30][31][32][33]

කොරියාවේ ජාතික කෞතුකාගාරයේ තබා ඇති බල්හේ මකර හිසක් සහිත පුරාවස්තුවක්.

බොහෝ පුරාතන කොරියානු රාජධානි සහ වෙනත් ජනපද මෙන් බල්හේ රාජ්‍යයට ද බොහෝ අවස්ථාවන්හි චීනයට පඬුරු කප්පම් ගෙවීමට සිදු විය. මෙම ගෙවීම සිදුනොකරන උරුමකරුවන් චීනය විසින් රජු ලෙස පිළිනොගත් අතර, 知國務 ("රාජ්‍ය කටයුතු නායක") ලෙස හඳුන්වන ලදී. චීනය විසින් සෑම රජකුම සලකන ලද්දේ හොල්හන් ප්‍රාන්තයේ අධිපතියා (忽汗州都督府都督) හා සමාන තත්ත්වයක් ඇත්තකු ලෙසයි.[34] කෙසේනමුත්, බල්හේ රජවරුන් විසින් තමන්ව අධිරාජවරුන් ලෙස හඳුන්වාගත් අතර, ඔවුන්ගේම යුග නාමයන් පවා ප්‍රකාශයට පත්කොට ඇත.

“建州毛怜则渤海大氏遗孽,乐住种,善缉纺,饮食服用,皆如华人,自长白山迤南,可拊而治也。" "චියෙන්-චෞ සහ මාඕ-ලින් [YLSL හැමවිටම මාඕ-ලියෙන් ලෙස කියවේ] (ජනයා) පෝ-හායිහි තා පවුලෙන් පැවතෙන්නන් වේ. ඔවුන් වාඩිවී සිටීමට සහ වැපිරීමට ප්‍රියකරන අතර, කූල් කැටීමේ සහ ගෙතීමේ දක්ෂතාවන්ගෙන් යුක්ත ය. ආහාර, වස්ත්‍ර සහ භාණ්ඩ සියල්ල චීනුන් (විසින් භාවිතා කරන භාණ්ඩවල) ට සමාන ය. චං-‍පෙයි කන්දේ දකුණේ (වෙසෙන) අය පාලනය කිරීම සුදුසු ය."

据魏焕《皇明九边考》卷二《辽东镇边夷考》[35] හෙන්රි සෙරයිස්ගේ යුං-ලෝ යුගයේ චීන-ජූර්කඩ් සබඳතා, 1403-1424 කෘතියේ පරිවර්තනයකි[36]

මෑතක දී පළවූ එක්සත් ජනපද පුවත් වාර්තාවක සඳහන් වූයේ චීනය විසින් බල්හේ යනු ටෑං රාජවංශයේ පළාතක් ලෙස සලකන්නට උත්සාහ දරන බවයි.[37][38] මෙම මතය සමාජ විද්‍යාව පිළිබඳ චීන ඇකඩමිය මගින් මෙහෙයවනු ලබන සමාජ විද්‍යා පිළිබඳ චීන ඇකඩමියේ ඊසානදිග ව්‍යාපෘතිය හා සම්බන්ධ ය. මෙහි දී චීනය බල්හේහි විසූ මැංචුවරුන් පිළිබඳ සිය ඉතිහාසයේ කොටසක් ලෙස සලකා බලනු ලබයි.[39] චීන ඉතිහාසඥයින් යෝජනා කරන්නේ බල්හේ ජනවර්ගය බොහෝදරුය මොහේවරුන් මූලික කරගත් බවයි‍ ටෑංහි නව ග්‍රන්ථය පවසන්නේ බල්හේ "මුලින් සුමෝ මොහේ නම්වූ බවත්, ගොගුර්යෝව සමග මිත්‍රශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් එහි ජනයා දේ යන පෙළපත් නාමය භාවිතා කළ බවත් ය." (දේ යනු චීන අක්ෂරවලින් 大 යන්නයි. වේඩ් ගයිල්ස් : Ta ; පින්යින් : Da)(渤海,本粟末靺鞨附高丽者,姓大氏.),[40] සම්ගුක් සගි ග්‍රන්ථය සහ ටෑං රාජවංශ ටොංඩියෑන් සඳහන් කරන්නේ බල්හේ මුලින් ලිමෝ මොහේ වූ බවයි.[41] රුයිජූ කොකුෂි පවසන්නේ මොහේ ගෝත්‍ර බල්හේ පිහිටුවූ බවත්, එහි බහුතරය මොහේවරුන් වූ බවත් ය‍.[42]

ඓතිහාසිකව, ජුර්චෙන්වරුන් (පසුව මැංචුවරුන් නම් විය) තමන් මොහේ පෙළපත් හා සම්බන්ද යැයි සලකා ඇත. ජුර්චෙන් ජින් රාජවංශයේ (1115–1234) ඉතිහාසය විස්තර වන ජින්හි ග්‍රන්ථය (金史) තුළ දැක්වෙන්නේ ජින්හි ආදිකර්තෘ වැන්යැන් අගුඩා විසින් බල්හේ වෙත රාජාඥාවක් යවමින් ප්‍රකාශ කළේ "ජුර්චෙන්වරුන් සහ බල්හේවරුන් මුලින් එකම පවුලට අයත් බවයි" (女直渤海本同一家).[43] මීට ප්‍රතිවිරුද්ධ මතයක් මුල්කාලීනව චීන අග්‍රාමාත්‍ය චෞ එන්ලායි විසින් 1963දී ඉදිරිපත් කොට ඇත. ඔහු පැවසූයේ චීනයේ ඊසානදිග පෙදෙස්වල ජීවත් වන කොරියානු ජනයා පුරාතන සමයේ සිටම එහි ජීවත්වූ බවත්, කැනීම් පුරාවස්තු අනුව බල්හේ යනු පුරාතන කොරියාවේ ශාඛාවක් බව පැහැදිළි වන බවත් ය. මෙම හිටපු චීන අග්‍රාමාත්‍යවරයාගේ අදහස් මහජනයාට නිකුත් කෙරුණේ “චීන-කොරියානු සබඳතා පිළිබඳ අගමැති චෞ එන්ලායිගේ සංවාදය” යන ලේඛනය මගිනි.[44]

චීන මහජන සමූහාණ්ඩුව විසින් ලියාඕනිං සහ ජිලින් යන ඓතිහාසික ස්ථාන වෙත ළඟාවිය හැකි කොරියානු පුරාවිද්‍යාඥයින් සංඛ්‍යාව සීමාකොට ඇත. 1994 සිට, චීනයේ පුරාවිද්‍යා ස්ථාන නැරඹීමට පැමිණෙන කොරියානු පුරාවිද්‍යාඥයින් සංඛ්‍යාව ක්‍රමයෙන් ඉහළ යන්නට විය. එයට ජාතිකවාදී මුහුණුවරක් හිමි විය. මේ හේතුවෙන් 1995 සහ 2000 අතර කාලසීමාවේ පුරාවිද්‍යා අඩවි කිහිපයකම සොහොන්ගැබ් විනාශ කිරීම් සහ කොල්ලකෑම් රැසක් වාර්තා විය.[45]

සෝල් ජාතික විශ්වවිද්‍යාලයේ වැදගත් මහාචාර්යවරයකු වන දකුණු කොරියානු පුරාවිද්‍යාඥ සොං කි-හෝ විසින් බල්හේ ඉතිහාසය පිළිබඳ වූ චීන රජයේ අර්ථකථන විවේචනය කරමින් පත්‍රිකා කිහිපයක් ප්‍රකාශයට පත්කොට ඇත. ඔහු විසින් 1990 දශකයේ, 2000, 2003, සහ 2004 වර්ෂවල කිහිපවරක්ම චීනය වෙත පැමිණ විවිධ ඓතිහාසික ස්ථාන සහ කෞතුකාගාර අධ්‍යයනය කොට ඇත. කෙසේනමුත්, සටහන් ගැනීම සහ ඡායාරූප ගැනීම් ආදියේ දී ඇතැම් කෞතුකාගාර බලධාරීන් ඔහුට වාරණ පනවා තිබිණි.[46][47]

උතුරු කොරියාව 1960 දශකයේ පමණ සිට එහි පුරාවිද්‍යා ස්ථානවලට පිවිසීම ස්වාධීන පුරාවිද්‍යාඥයන්ට තහනම් කොට ඇත. මින් බොහෝ පෙදෙස් බල්හේ හා සම්බන්ධ ය. උතුරු‍ කොරියානු ඉතිහාසකරුවන් දක්වන දේශපාලන නැඹුරුතාව විදේශීය විද්වතුන්ගේ විවේචනයට හේතු වී ඇත. ඔවුහු උතුරු කොරියානු විද්වතුන් විසින් ඉතිහාසය විකෘති කරන්නේ හෝ ප්‍රතිනිර්මානය කරන්නේ යැයි චෝදනා නගති.[48]

දකුණු සහ උතුරු කොරියාව, රුසියා සහ ජපානයේ විද්වතුන් ස්ථිරව කියා සිටින්නේ ටෑං රාජවංශය සමග බල්හේ රාජ්‍යය ස්වාධීන ප්‍රතිපත්තියක් අනුගමනය කළ බවයි. බොහෝ රුසියානු පුරාවිද්‍යාඥයින් සහ විද්වතුන් විස්තර කරන්නේ බල්හේ යනු විස්ථාපිත ගොගුර්යෝ ජනයාගෙන් සැදි රාජ්‍යයක් බවයි.[48][49] බල්හේ රාජ්‍යය සතුව ප්‍රබල චීන සහ මධ්‍ය ආසියානු බලපෑමක් තිබූ බව ඔවුන් පිළිගන්නේ නැත.[50]

ජපානය සමග සබඳතාවල දී, බල්හේ තමන් ගොගුර්යෝවට සමාන යැයි අදහස් කොට ඇත. ගොගුර්යෝව සමග පෙර පැවති මිත්‍ර සම්බන්ධතා යළිත් ඇරඹීමට ජපානය කැමති විය.[51][52]

ෆින්ලන්ත වාග්වේදී ජුහා ජැන්හුනෙන් විශ්වාස කරන්නේ ගොගුර්යෝව සහ බල්හේ රාජ්‍යය පාලනය කරන්නට ඇත්තේ "තුන්ගුසික-කථාකළ වංශවතුන්" පිරිසක් විසින් බවයි. ඔහු මෙම රාජ්‍ය "ප්‍රාක්-ඓතිහාසික මැංචූරිය රාජ්‍ය" ලෙසත්, ජනගහනයේ එම කොටස තුන්ගුසීය ජනයා වූ බවත් පවසයි. දකුණු මැංචූරියාව තුන්ගුසීය ජනයාගේ සම්භවය වූ ස්ථානය බවත්, පුරාතන සමයේ සිටම ඔවුන් අඛණ්ඩව මෙහි පදිංචි වූ බවත් ඉන් පැවසේ. ජැන්හුනෙන් ගොගුර්යෝ සහ බල්හේහි ජන සංයුතිය ගැන පැවසෙන විරුද්ධ මතයයන් සියල්ල ප්‍රතික්ෂේප කරයි.[53]

මාධ්‍ය තුළ[සංස්කරණය]

බල්හේ රාජධානිය පිළිබඳ කොරියානු චිත්‍රපටයක් වන Shadowless Sword තුළ බල්හේහි අවසන් කුමරුගේ දිවිය නිරූපණය වේ‍ එසේම කොරියානු රූපවාහිනී කතාමාලාවක් වන දේ ජෝ යොං කතාමාලාව මගින් මෙහි ආදිකර්තෘ පිළිබඳ කියැවේ‍‍. මෙය 2006 සැප්තැම්බර් 16 සිට 2007 දෙසැම්බර් 23 තෙක් විකාශය විය‍.

මේවාත් බලන්න[සංස්කරණය]

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. 1.0 1.1 Baxter-Sagart.
  2. Compendium of the Five Dynasties 五代會要([[Wudai Huiyao|]]): ... 高麗別種大舍利乞乞仲象
  3. Compendium of the Five Dynasties 五代會要([[Wudai Huiyao|]]): ... 大姓舍利官乞乞仲象名也
  4. Old records of Silla 新羅古記(Silla gogi): ... 高麗舊將祚榮
  5. Rhymed Chronicles of Sovereigns 帝王韻紀(Jewang ungi): ... 前麗舊將大祚榮
  6. Compendium of the Five Dynasties 五代會要(Wudai Huiyao): ... 保據挹婁故地
  7. Zizhi Tongjian, vol. 213. ම කථාංගය මුලින්ම සඳහන් වන්නේ ටෑංහි පැරණි ග්‍රන්ථය, පරිච්ඡේදය 199B, පි. 5361 හි සම්මත චොංහුවා ෂුජු සංස්කරණයේ ය.
  8. New History of Tang Dynasty Wuchengci zhuan, p.4597; Comprehensive Mirror to Add in Government, Vol.210, Xuanzhong Kaiyuan 21st Year, January, “Kaoyi”,p.6800
  9. 9 Balhae and Japan Northeast Asian History Foundation
  10. Ŕ̿ϹŮ. "야청도의성(夜聽도衣聲)". Seelotus.com. Retrieved 2012-09-12.
  11. 11.0 11.1 Lee Ki-baik. "The Society and Culture of Parhae." The New History of Korea, page 88-89. Harvard University Press, 1984.
  12. [Mote p. 49]
  13. Lee, Ki-Baik (1984). A New History of Korea. Cambridge, Massachusetts: Harvard University Press. පි. 103. ISBN 067461576X. "පර්හේ රාජ්‍යය ඛිටන්වරුන්ගේ ග්‍රහණයට නතුවීමත් සමග, කොගුර්යෝවෙන් පැවතෙන්නන් වූ එහි බොහො පාලක පන්ති ජනයා කොර්යෝ වෙත පලාගියහ. ඔවුන්ව උණුසුම් ලෙස පිළිගත් වං කෝන් නිර්ලෝභී ලෙස ඔවුනට ඉඩම් ලබාදුන්නේ ය. පර්හේ කිරුළහිමි කුමරු වූ තේ න්වං-හ්යොන් හට වං ක්යේ ("රාජකීය වං අනුප්‍රාප්තික") යන නාමය ලබා දී, ඔහුව රාජකීය ගෘහයේ නාමලේඛනය ඇතුළත් කරගත්තේ ය. එමගින් ඔවුන් දෙදෙනා එකම පෙළපත අයත් වූ බව පැවසුණු අතර, ඔවුනට සිය පූර්වජයා‍ගේ ගෞරවය සහ චාරිත්‍ර උරුම විය. මෙලෙසින් කොර්යෝව සැබෑ ජාතික ඒකාබද්ධතාවක් අත් කරගත්තේ පසුකාලීන තුන් රාජධානි පමණක් නොව කොගුර්යෝ පෙළපතේ පර්හේ රාජධානිය පවා ඈඳා ගනිමිනි."
  14. [Mote p. 62]
  15. North Korea: A Country Study by Robert l. Worden
  16. 16.0 16.1 Ogata, Noboru. "A Study of the City Planning System of the Ancient Bohai State Using Satellite Photos (Summary)". Jinbun Chiri. Vol.52, No.2. 2000. pp.129 - 148. Retrieved November 10, 2011.
  17. Ogata, Noboru. "Shangjing Longquanfu, the Capital of the Bohai (Parhae) State". Kyoto University. January 12, 2007. Retrieved November 10, 2011.
  18. "North Korea - Silla". Countrystudies.us. Retrieved 2012-09-15.
  19. Joo Yong-lip (1991) Wang Cheng-li, Bohai Jianshi,; Li Dian-fu & Sun Yu-liang, Bohai guo; Yang Bao-long, Bohai-shi rumen
  20. Andre Schmid (2000). "Looking North toward Manchuria". The South Atlantic Quarterly. 99 (1): 219–240. doi:10.1215/00382876-99-1-219.
  21. Andre Schmid (1997). "Rediscovering Manchuria: Sin Ch'aeho and the Politics of Territorial History in Korea". The Journal of Asian Studies ( – Scholar search). 56 (1): 30. doi:10.2307/2646342. JSTOR 00219118. සින් විසින් පෙර විසූ කොරියානු ඉතිහාසඥ පරපුරු විවේචනය කොට තිබේ. ඔවුන් විසින් කොරියාවේ ඉතිහාසය ලෙස කොරියානු අර්ධද්වීපයේ පුරාතන ජනයාව පමණක් සලකා තිබීම එයට හේතුවයි. සින් විශ්වාස කළේ එසේ සිදු කිරීමෙන්, සහ "සුළු ජනයා" තමන්ගේ පූර්වජයන් ලෙස සැලකීමෙන් කොරියානු ජනයා සහ ඔවුන්ගේ ඉතිහාසය අවතක්සේරු සහ දුර්වල කොට ඇති බවයි. ඔහු විශ්වාස කළේ කොරියානු ජාතිය සැබැවින්ම බුයෝ, ගොගුර්යෝ සහ බල්හේ වැනි උතුරු ජනයාගෙන් සම්භවය වූ බවයි. එසේම එම උරුමය ඔවුන්ව ශක්තිමත් කළ බව පැවසිණි.
  22. Sources of Korean Tradition: from the sixteenth to the twentieth centuries - Google Books. Books.google.com. https://books.google.com/books?ie=UTF-8&hl=en&vid=ISBN0231120311&id=A9LoA9L1ABcC&pg=PA188&lpg=PA188&sig=TptgLbHh1x-ju7iqJ4eHyx_UMwU. 
  23. Old Book of Tang, Original: 渤海靺鞨大祚榮者,本高麗別種也. Link
  24. "24 X 7". Infoplease.com. Retrieved 2012-09-12.
  25. "North Korea - Silla". Countrystudies.us. Retrieved 2012-09-12.
  26. http://www.metmuseum.org/toah/ht/06/eak/ht06eak.htm
  27. Kim, Alexander. "The Historiography of Bohai in Russia". The Historian. Vol.73, Issue 2. pp 284–299. June 8, 2011. Retrieved November 10, 2011
  28. Pike, John. "Balhae / Bohai - 698AD-926AD". Globalsecurity.org. November 7, 2011. Retrieved November 10, 2011.
  29. "Parhae". Encyclopædia Britannica Online Academic Edition. 2011. Retrieved November 10, 2011.
  30. "Parhae (ancient state, China) - Britannica Online Encyclopedia". Britannica.com. Retrieved 2012-09-12.
  31. Keith Pratt (1999). Korea: A Historical and Cultural Dictionary. Curzon Press. පි. 340. https://books.google.com/books?ie=UTF-8&hl=en&vid=ISBN0700704647&id=vj8ShHzUxrYC&pg=PA340&lpg=PA340&sig=3fHVkhSsh9VJw_kto05aHF212XU. Retrieved 2012-09-12. 
  32. The Koreans: Contemporary Politics And Society, Third Edition - Donald S Macdonald, Donald N Clark - Google Books. Books.google.com. https://books.google.com/books?ie=UTF-8&hl=en&vid=ISBN0813328888&id=cybVUOkIw1kC&pg=PA296&lpg=PA296&sig=gW-I_IXkj2L8wI85hzvA-p8hVcA. Retrieved 2012-09-15. 
  33. Ulrich Theobald. "Chinese History - Bohai 渤海 (Parhae)". www.chinaknowledge.de. Retrieved 2012-09-15.
  34. Old Book of Tang, vol. 199, part 2.
  35. 萧国亮 (2007-01-24). "明代汉族与女真族的马市贸易". 艺术中国(ARTX.cn). p. 1. Retrieved 25 July 2014.
  36. Serruys 1955, p. 22.
  37. "U.S. Senate Report Highlights Chinese View of Korean Kingdoms". english.chosun.com. Retrieved 2013-03-22.
  38. "US to publish report on Chinese distortion of Korean history: sources". www.koreatimes.co.kr. Retrieved 2013-03-22.
  39. "Ethnic Groups". china.org.cn. Retrieved 2012-09-12.
  40. New Book of Tang, Original: 渤海,本粟末靺鞨附高丽者,姓大氏. Link
  41. “渤海本粟末靺鞨,至其酋祚荣立国,自号震旦。先天中,始去靺鞨号,专称渤海”。
  42. 天皇二年(698年),大祚荣始建渤海国,其国延袤二千里,无州县馆驿,处处有村里,皆靺鞨部落。其百姓者 靺鞨多,土人少,皆以土人为村长.
  43. Book of Jin, chapter 1, p. 25 of the Beijing Zhonghua shuju edition.
  44. 周恩来总理谈中朝关系(摘自《外事工作通报》1963年第十\u26399 期)1963年6月28日,周恩来总理接见朝鲜科学院代表\plain团时,谈中朝关系 “朝鲜民族进驻朝鲜半岛和东北大陆以来,长期生活在那里。这是发掘于辽河和松花江流域及图们江和鸭绿江流域的许多遗物和碑文等史料所证明的,在许多朝鲜文献中也遗留了那些历史痕迹。” , “镜泊湖附近留有渤海遗迹,曾是渤海的首府。在这里出土的文物也证明那里也曾是朝鲜民族的一个支派。”
  45. Mark Byington (2004). "The War of Words Between South Korea and China Over An Ancient Kingdom: Why Both Sides Are Misguided". Cite journal requires |journal= (help)
  46. Ross Terrill, The New Chinese Empire: And What it Means for the United States (2004), pp. 198-200 (ISBN 9780465084135).
  47. "한국학중앙연구원" (PDF). Review.aks.ac.kr. 2009-01-19. Retrieved 2012-09-12.
  48. 48.0 48.1 Leonid A. Petrov (2004). "Restoring the Glorious Past: North Korean Juche Historiography and Goguryeo". The Review of Korean Studies. 7 (3): 231–252.
  49. "Российская наука и мир (дайджест) - Март 2004 г. (часть 2)". Prometeus.nsc.ru. Retrieved 2012-09-12.
  50. The New Chinese Empire: And What It Means For The United States - Ross Terrill - Google Books. Books.google.com. https://books.google.com/books?ie=UTF-8&hl=en&vid=ISBN0465084133&id=1yU6nMPALMwC&lpg=PA198&pg=PA198&sig=dLmVoLkjFhFfA9wuGfOAlVgupeo. Retrieved 2012-09-12. 
  51. [1] වේබැක් මැශින් මගින් Archived ජනවාරි 9, 2006
  52. "발해 - Daum 백과사전" (in කොරියානු). Enc.daum.net. Retrieved 2012-09-12.
  53. Pozzi & Janhunen & Weiers 2006, p. 109

වැඩිදුර කියවීමට[සංස්කරණය]

බාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=බල්හේ&oldid=410353" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි