ද්වාරය:ජීව විද්‍යාව

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search

ජීව විද්‍යාව ද්වාරය

Tree fern
ජීව විද්‍යාව හෙවත් ජීවවේදය යනු ස්වභාවික විද්‍යාවෙහි අංශයකි., ජීවීන් සහ ඔවුන් පරිසරය සමඟ දක්වන අන්තර් සම්බන්දතාවන් පිලිබඳව සිදුකරන අධ්‍යයනයන් හැඳින්වීමට භාවිතා වන නාමයයි. ජීවීන්ගේ ව්‍යුහය,ක්‍රියාකාරිත්වය,වර්ධනය,සම්භවය,පරිනාමය සහ ව්‍යාප්තිය ජීව විද්‍යාවෙහි අන්තර්ගත වෙයි.

ජීවවිද්‍යාව මඟින් ජීවීන්,ඔවුන්ගේ ක්‍රියාකාරිත්වය,ජීව විශේෂයන්ගේ පැවැත්ම, විවිධ විශේෂ අතර ඇති අන්තර් සබඳතා ,ජීවීන් හා ස්වභාවික පරිසරය අතර ඇති අන්තර් සබඳතා පිළිබඳ විස්තර කිරීම හා වර්ගීකරණය සිදුකරයි.

ජීව විද්‍යාව මගින් ජීවීන්ගේ ව්‍යුහය, කෘත්‍ය, වර්ධනය, සම්බවය, පරිනාමය සහ ව්‍යාප්තිය පිළිබඳව අධ්‍යයනය කරනු ලැබේ. එමගින් ජීවින් පිළිබඳව විග්‍රහ කරන අතර ඔවුන්ගේ කෘත්‍ය, ජීවින් ඇති වු ආකාරය සහ ස්වාභාවික පරිසරය සමග සහ එකිනෙකා අතර ඇතිවන අන්තර් ක්‍රියා පිළිබඳව හදාරනු ලැබේ. නූතන ජීව විද්‍යාවෙහි පදනම සෑදෙනුයේ එයට ආවේනික මූලධර්ම හතරකිනි. ඒවා නම් ලෛවාදය, පරිනාමය, ප්‍රවේනිය සහ සමස්ථිතියයි.

ජීව විද්‍යාව වෙනමම විද්‍යාවක් ලෙස සංවර්ධනය වුයේ 19 වන ශතවර්ෂයේ දී විදයාඥයන් විසින් ජීවීන් මූලික ලක්ෂණයන් හුවමාරු කරගන්නා බවට සොයා ගැනීමත් සමගය. ජීව විද්‍යාව මේ වන විට පාසල් වල සහ ලොව පුරා විශ්ව විද්‍යාල වල සම්මත විශයක් බවට පත්ව ඇත. ලොව පුරා වර්ෂිකව ජීව විද්‍යාව සහ වෛද්‍ය විද්‍යාව පිළිබඳව විවිධ පර්යේෂණ පත්‍රකා ප්‍රකාශයට පත්වේ.

බොහෝ ජීව විද්‍යාත්මක හැදැරීම් විශේෂණය වු උප කොටස් වේ. සම්ප්‍රදායිකව ඒවා හදාරනු ලබන ජීවි විශේෂය අනුව වර්ගී කරණය කරනු ලබයි. එනම් උද්භිද විද්‍යාවේදී ශාක පිළිබඳව ද සත්ත්ව විද්‍යාවේදී සතුන් පිළිබඳවද ක්ශුද්‍ර ජීව විද්‍යාවේදී ක්ශුද්‍ර ජීවීන් පිළිබඳව ද අධ්‍යයනය කරනු ලබයි. ජීව විද්‍යාව තුලද එහි ක්ෂේත්‍රයන් අධ්‍යයනය කරනු ලබන ජීවින් සහ ඒවා හැදැරීම සඳහා භාවිතා කරන ක්‍රමෝපායන් අනුව තවදුරටත් බෙදීම් වලට ලක්වේ. ජෛව රසායන විද්‍යාවේදී ජීවයෙහි මූලික රසායනය පිළිබඳවද, අනුක ජීව විද්‍යාවෙහිදී ජීවි අනු අතර ඇති සංකිර්ණ අන්තර් ක්‍රියා පිළිබඳවද, සෛල ජීව විද්‍යාවේදී සියළු ජීවීන්ගේ මූලික නිර්මාපක ඒකකය වන සෛලය පිළිබඳවද අධ්‍යයනය කරනු ලබයි. භෞත වේදය මගින් ජීවීන්ගේ භෞතික සහ රසායනික ක්‍රියාකාරීත්වයන් පිළිබඳවද පරිසර විද්‍යාව මගින් විවිධ ජීවීන් ඔවුන්ගේ බාහිර පරිසරය සමග අන්තර් ක්‍රියා සිදු කරන ආකාරය පිළිබඳවද හදාරනු ලැබේ.

තෝරාගත් පින්තූරය

කුරුමිණි වර්ගවල විශාල එකතුවක්

Entomology හෙවත් කෘමි විද්‍යාව යන පදය ග්‍රික සම්භවයක් දරන පදයකි. මෙහිදී කෘමින් පිළිබඳ විද්‍යාත්මක අධ්‍යයනයක් සිදු කරයි. හඳුනාගත ඇති කෘමි විශේෂ සංඛ්‍යාව මිලියන 1.3 වන අතර එය ලෝකයේ සමස්ත ජීවින් සංඛාවෙන් තුනෙන් දෙකක් නියෝජනය කරනු ලබයි. මොවුන්ගේ සම්භවය අදින් වසර මිලියන 400 කට පමණ පෙර සිදුවී ඇති අතර මොවුන් මිනිසා සහ අනෙකුත් ජීවින් සමග විවිධ අන්තර ක්‍රියා සිදු කරයි. එමනිසා මොවුන්ගේ ජීව විද්‍යාව පිළිබදව අධ්‍යයනය ඉතා වැදගත්ය. විද්‍යානුකූල නොවුවද ජීව විද්‍යාව පිළිබද අධ්‍යයන ඉතා වැදගත්ය. විද්‍යානුකුල නොවුවද මෙම විෂයට අදාළව සිදුකෙරෙන ඇතැම් අර්ථ දැක්විම් සමහර අවස්ථාවලදි බෙහෙවින් වැදගත්වේ. භෞතික පරිසරයේ වෙසෙන නව සන්ධිපාදක ජීවි වංශ එනම් (මකුලු සතුන්, මයිරි පොයිඩාවන්, බිම් පණුවන් සහ හංගොල්ලන්) පිළිබඳව අධ්‍යයනය දක්වා මෙම අධ්‍යයන පුළුල් කර ඇත.

සත්ව විද්‍යාව යටතේ වර්ග කර ඇති වෙනත් ක්‍ෂේත්‍ර මෙන්ම කීට විද්‍යාවද තක්සෝන මත පදනම් වු වර්ගීකරණයකි.ඕනෑම ආකාරයක විද්‍යාත්මක අධ්‍යයනයක අර්ථ දැක්විමට අනුව කෘමීන් පිළිබඳව කෙරෙන අධ්‍යයනය කීට විද්‍යාවට අයත් යැයි පැවසිය හැකිය. කීට විද්‍යාවට අයත් ක්‍ෂේත්‍ර විවිධකාරය මේ අතර ප්‍රවේනි විද්‍යාව, හැසිරිම අධ්‍යයනය, ජීව යාන්ත්‍රනය, ජෛව රසායනය, වර්ගිකරණය, භෞතිකවේදය. සංවර්ධන ජීව විද්‍යාව, පරිසර විද්‍යාව, රූප විද්‍යාව, පාෂාණ ධාතු විද්‍යාව, මානව විද්‍යාව, රොබෝ විද්‍යාව, කෘෂිකර්මය, හා තවත් අංශ අයත්ය.

තව දුරටත් කියවන්න...

තෝරාගත් ලිපිය

මයිටොකොන්ඩ්‍රියා

Animal mitochondrion diagram en (edit).svg
මයිට්‍රොකොන්ඩ්‍රියා වනාහි සෛලීය ශ්වසනයෙන් සෛලයට අවැසි ශක්තිය හෙවත් ATP නිපදවන ඉන්ද්‍රිකාවකි. සෛල තුළ ජව පොළවල් සේ ද මෙය හැඳින්වේ.

සෛල ප්ලාස්මය පූරකයේ විසිරී ඇති මෙය පටල දෙකකින් වටවූ කුඩා ඉන්‍ද්‍රියිකාවකි. හැඩය ගෝලාකර හෝ දණ්ඩාකාර හෝ ඕවලාකාර වේ. පිටත හා ඇතුලත ලෙස වූ පටල දෙක අතර අන්තර්පටල අවකාශයක් ඇත. අභ්‍යන්තර පටලයේ ඇති රැලිති ස්වභාවයන් (නැමීම් කොටස්) ‘මියර‘ නම් වේ. වටවූ කොටස පූරකය හෙවත් මජ්ජාව නම් වේ. එතුල 70s වර්ගයේ රයිබසෝම, න්‍යෂ්ටික අම්ල හා සෛලීය ශ්වසනයේ කෙබ් චක්‍රයට අවැසි එන්සයිම ඇත. මයිටොකොන්ඩ්‍රියා ස්‍වයං ප්‍රතිවලිත ඉන්ද්‍රිකාවකි.

තව දුරටත් කියවන්න...

ඔබ දැන සිටියාද...

1903 Shape of Red Blood Cells.jpg
  • තත්පරයකට රතු රුධිරාණු සෛල මිලියන 15ක් නිපදවීමට මිනිස් සිරුර සමත්ය.
  • ජාන චිකිත්සාවේදී අවශ්‍ය ජාන හඳුන්වාදීමට හෝ ඖෂධ අණු පරිවහණය සඳහා වයිරස වල ප්‍රවේණික ද්‍රව්‍ය ඉවත් කර කැප්සිඩය නම් එහි භාහිර කොටස යොදාගනී.
  • එක් කණක් තුල 32 බැගින්, බළලෙකුගේ කන් යුගලය තුල මාංශපේශි 64ක් පිහිටා ඇත.
  • මිනිසුන් සදහා නිශ්පාදනය කළ උපත් පාලන පෙති ගෝරිල්ලන් සදහාද භාවිතා කළ හැකිය.
  • උරගයන් ගේ හෘදයේ කුටීර 3ක් පමණි. නමුත් කිඹුලා උරගයෙක් වුවද හෘදයේ කුටීර 4ක් සහිත වේ.

මාතෘකාවන්

හවුල් විකිමාධ්‍යය

"https://si.wikipedia.org/w/index.php?title=ද්වාරය:ජීව_විද්‍යාව&oldid=352358" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි