ලයිසොසෝම
සෙෙල ජීවවිද්‍යාව | |
---|---|
සත්ව සෙෙලය | |
![]() දර්ශීය සත්ව සෙෙලයක සංරචක:
|

නම් කරන ලද ලයිසොසෝමයට වමිපසින් ඇති බාහිර දෑ ජීර්ණයට සැරසෙමින් ( අන්ත:සෛලීය ජීර්ණය)
ලයිසොසෝම යනු, ජීර්ණ එන්සයිම අඩංගු සෛල ප්ලාස්ම පටලයේ පවතින පටලයකින් වටවූ තද පැහැති කුඩා ගෝලාකාර දේහ වේ. මේවා ගොල්ජිදේහ මගින් හටගැනේ.
ව්‍යුහය[සංස්කරණය]
ඒකක පටලයකින් වටවී ඇත. සෛල ප්ලාස්ම පූරකයේ තද, රවුම් දේහ වේ. ප්‍රෝටියේස්, පෙජටයිඩේස, කාබොහයිඩ්‍රේස්, ලයිපේස්, නියුක්ලියේස්, පොස්පටේස, එස්ටරේස් ආදී ජීර්ණ එන්සයිම පිරී ඇත. රළු අන්ත:ප්ලාස්මීය ජාලිකාවල ඇති රයිබොසෝමවල නිපැයෙන එන්සයිම ගොල්ජි මඩිවලට ඇතුළුවී ක්‍රමයෙන් සාන්ද්‍ර තත්‍වයට පත්වී ගොල්ගි ආශයිකා ලෙස වෙන්වේ. එම ආශයිකා ලයිසොසෝම බවට පත්වේ.
කෘත්‍ය[සංස්කරණය]
- ජීර්ණ එන්සයිම ගබඩා කිරීම.
- බහිස්සෛලීය ජීර්ණය
- අන්ත:සෛලීය ජීර්ණය
- භක්‍ෂණය
- ස්වයං භක්‍ෂණය
- ස්වයං ජීර්ණය