වර්ගීකරණය
Jump to navigation
Jump to search
ජීව විද්‍යාත්මක වර්ගීකරණය යනු පෘථිවි ග්‍රහයා මත, අතීතයේ පැවැති හා වර්තමානයේ පවතින, ජීවයේ විවිධාංගීකරණය පිළිබඳ හා ජීවය පැවැති මුළු කාල වකවානුව මුළුල්ලේ ජීවින් අතර පැවැති සබැඳියාවන් පිළිබඳ හැදෑරීමයි. මෙම සම්බන්ධතාවයන් පරිණාමය හා සම්බන්ධ කෙරෙනු ලැබේ. වංශ ප්‍රවේණියන් යොදා පරිණාමයේ ගති ලක්ෂණයන් හඳුනා ගන්නේය. තවද වර්ගීකරණයන් පරිණාමයේ අතීතය තහවුරු කර ගැනීමට යොදා ගන්නේය.
අතීතයේ පැවති වර්ගීකරණ ක්‍රම සියල්ලන්ම වාගේ කෘතීම වර්ගීකරණ ක්‍රම වූ අතර ඒවා බොහොමයක් මිනිසාගේ භාවිතය මත පදනම් විය.ජීවින් විද්‍යාත්මක වර්ගීකරණයක් කළ ප්‍රථම තැනැත්තා ඇරිස්ටෝටල් වේ. ඔහු ජීවින් ශාක හා සතුන් ලෙස ප්‍රධාන කාණ්ඩ 2 කට බෙදන ලදී.