අශ්මිත ලාංඡන විද්‍යාව

විකිපීඩියා වෙතින්

ජීව විද්‍යාවේ ශාඛාවක් වන අශ්මිත ලාංඡන විද්‍යාව ජීව හැසිරීම්වල සලකුණු අධ්‍යයනය කරයි. පුරා තත්ත්ව විද්‍යාවෙහි ශාඛාවක් ලෙස ද සාමාන්‍යයෙන් හැඳින්වුව ද අශ්මිත ලාංඡන විද්‍යාවෙහි එකම ශාඛාවක් වන පුරා අශ්මිත ලාංඡන විද්‍යාව පොසිල සලකුණු පිළිබඳ අධ්‍යයනය කරයි. නව අශ්මිත ලාංඡන විද්‍යාව විසින් නවතම සලකුණු පිළිබඳව අධ්‍යයනය කරයි. නව සලකුණු හා පොසිල සලකුණු අතර ඉහත ලෙස සමාන්තර අධ්‍යයනයන් පවතින අතර එමඟින් විද්‍යාඥයයින් ‍ෛඑතිහාසික ජීවී ආකාරවල ජීව රූපාකාර දැන් නොපවතිය ද එම විද්‍යාව මඟින් ඔවුන්ගේ හැසිරීම් හා රූපාකාර පිළිබඳව සලකුණු සොයා ගනී. මෙම ක්ෂේත්‍රයේ අධ්‍යයනයන් හා පරීක්ෂණ කරන විද්‍යාඥයින් අශ්මිත ලාංඡන විද්‍යාඥයින් නම් වේ. මෙම අධ්‍යයනයන් ජීවී ආකාරවල ජීවජාන ව්‍යුහයන් වලට උදා :- වන්නේ කුහර, සිදුරු කිරීම, අඩිපාර, කටු , කවච හෝ අනෙකුත් සිරුරු කොටස් නොවේ. ශරීර කොටස්වල පොසිල හා සලකුණු පොසිල නාමකරණයෙන් වෙන් කර තබා ගැනීමට ichnospecies trace fossils සදහා යොදනු ලැබේ. Ichnotaxa සත්ව නාමකරණයේ දී වඩා මෙය වෙනස් අයුරකින් වර්ගීකරණය කර ඇත. උදා:- 1. ආදී කේම්බ්‍රියන් සලකුණු පොසි (අන්තර් වඩදිය මට්ටමින් ගත්) වලට ප්‍රොටික්නයිට්ස් හා ක්ලයිමක්ටක් නයිට්ස් 2. මීසොයික් ඩයිනසෝර් පා සලකුණු ගර්ලෝටර්, ඒට්‍රිපස්, අනෝ මොඑපස් යන ගණවලට අයත්ය.

"https://si.wikipedia.org/w/index.php?title=අශ්මිත_ලාංඡන_විද්‍යාව&oldid=250020" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි