Jump to content

කාර්මික ක්ෂුද්‍රජීව විද්‍යාව

විකිපීඩියා වෙතින්
(කාර්මික ක්ෂුද්‍ර ජීව විද්‍යාව වෙතින් යළි-යොමු කරන ලදි)
ජෛව ප්රතික්රියාකාරක නියෝජනය කිරීම. ක්ෂුද්‍ර ජීවීන් අවශ්‍ය නිෂ්පාදන නිපදවන අතරතුර ඒවා ගබඩා කිරීමට යොදා ගනී.

කාර්මික ක්ෂුද්‍රජීව විද්‍යාව යනු කාර්මික නිෂ්පාදන විශාල වශයෙන් නිපදවීමට 'ක්ෂුද්‍රජීව විද්‍යාව' යොදන ජෛව තාක්‍ෂණයේ ශාඛාවකි. ඔවුන් බොහෝ විට මේ සඳහා ක්ෂුද්‍ර ජීවී සෛල කර්මාන්තශාලා භාවිතා කරයි. උපරිම නිෂ්පාදන අස්වැන්න වැඩි කිරීම සඳහා ක්ෂුද්‍ර ජීවියෙකු හැසිරවීමට විවිධ ක්‍රම තිබේ. නිෂ්පාදනය වැඩි කිරීමට එක් ක්‍රමයක් වන්නේ ජාන විස්තාරණය; මෙය සිදු කරනු ලබන්නේ ප්ලාස්මිඩ සහ දෛශික භාවිතා කිරීමෙනි. ප්ලාස්මිඩ සහ හෝ දෛශික භාවිතා කරනුයේ නිශ්චිත ජානයක බහු පිටපත් ඇතුළත් කිරීම සඳහා වන අතර එමඟින් වැඩි එන්සයිම නිපදවීමට ඉඩ සලසයි.[1] නිශ්චිත නිෂ්පාදනයක් ලබා ගැනීම සඳහා ජීවීන් හැසිරවීම සමහර ප්‍රතිජීවක, විටමින්, එන්සයිම, ඇමයිනෝ අම්ල, ද්‍රාවක, මධ්‍යසාර සහ දෛනික නිෂ්පාදන නිෂ්පාදනය වැනි සැබෑ ලෝකයට බොහෝ යෙදුම් ඇත. ක්ෂුද්‍ර ජීවීන් කර්මාන්තයේ විශාල කාර්යභාරයක් ඉටු කරයි, භාවිතා කිරීමට විවිධ ක්‍රම ඇත. ඖෂධීය වශයෙන්, ආසාදනවලට ප්‍රතිකාර කිරීම සඳහා ප්‍රතිජීවක ඖෂධ සෑදීම සඳහා ක්ෂුද්‍ර ජීවීන් භාවිතා කළ හැකිය. ආහාර කර්මාන්තය සඳහා ද ක්ෂුද්‍ර ජීවීන් භාවිතා කළ හැකිය. මිනිසුන් විසින් පරිභෝජනය කරන මහා පරිමාණයෙන් නිපදවන නිෂ්පාදන කිහිපයක් නිර්මාණය කිරීමේදී ක්ෂුද්‍ර ජීවීන් ඉතා ප්‍රයෝජනවත් වේ. රසායනික කර්මාන්තය ඇමයිනෝ අම්ල සහ කාබනික ද්‍රාවක සංස්ලේෂණය කිරීම සඳහා ක්ෂුද්‍ර ජීවීන් ද භාවිතා කරයි. ශාක ව්‍යාප්තියට උපකාර කිරීම සඳහා භයානක රසායනික ද්‍රව්‍ය හෝ එන්නත් භාවිතා කිරීම වෙනුවට ජෛව පළිබෝධනාශකයක් ලෙස භාවිතා කිරීම සඳහා කෘෂිකාර්මික යෙදුමක ක්ෂුද්‍ර ජීවීන් ද භාවිතා කළ හැකිය.

ප්‍රතිජීවක

[සංස්කරණය]

සමහරවිට කාර්මික ක්ෂුද්‍ර ජීව විද්‍යාව වඩාත් ප්‍රචලිතවී ඇත්තේ ප්‍රතිජීවක හා ඖෂධ කාරක ප්‍රවර්ධනය කිරීම වෙනුවෙනි. පෙනිසිලින්, ස්ට්‍රෙප්ටොමයිසීන්, සහ තවත් බොහෝ ප්‍රතික්ෂුද්‍රජීවී කාරකයන්ගේ සම්භවය 1950 ගණන් හා 1960 ගණන් අතරතුර කාර්මික ක්ෂුද්‍ර ජීව විද්‍යාව තුල සිදු විය.

ප්‍රතිජීවක සොයා ගන්නා ලද්දේ සර් ඇලෙක්සැන්ඩර් ෆ්ලෙමින් විසිනි.එය Penicillium notatum දිලීරය විසින් නිපදවන පෙනිසිලීන් නම් ප්‍රතිජීවකයයි.


ආහාර ක්ෂුද්‍ර ජීව විද්‍යාව

[සංස්කරණය]

යෝගට්, චීස්, චොකලට්, බටර්, අච්චාරු , සෝයා සෝස් , ගෝවා අච්චාරු, විටමින, ඇමයිනෝ අම්ල, ආහාර ඝන කාරක (ක්ෂුද්‍ර ජීවී පොලිසැකරයිඩ), මද්‍යසාරය, සොසේජස් සහ සත්ව ආහාර ආදිය කර්මාන්ත ක්ෂුද්‍ර ජීව ක්‍රියාවලියන්ගෙන් නිර්මිත ආහාර වර්ග ‍වේ. ප්‍රෝබයෝටාවන් වැනි හොඳ බැක්ටීරියාවන් ක්‍රමයෙන් ආහාර කර්මාන්තයේ වැදගත් සන්ධිස්ථානයක් කරා වර්ධනය වෙමින් පවතී. කර්මාන්ත සදහා ක්ෂුදු ජීවීන් යොදාගැනීම — කිරි ආහාර නිපදවීම ලැක්ටික් අම්ලය නිපදවීම මේ සඳහා චීස්,බටර් කර්මාන්තයේදී නිපදවෙන අපදුවෳ සහ බැක්ටීරියාව යොදා ගනී.මෙම බැක්ටීරියාව පැස්ටරීකරණය කරන ලද කිරි වලට එකතු කළ විට කිරි වල වූ ලැක්ටෝස් සීනි ලැක්ටික් අම්ලය බවට පත් කරයි. මුදවපු කිරි නිපදවීම

කිරි දුාවනය  Lactobaillus bulgaricus මගින් පැසීමට ලක් කර ලැක්ටික් අම්ලය සාදයි.එමගින් දුව කිරි අණු එකිෙනක සම්බන්ධ වීමෙන් කිරි මිදීම සිදුවේ.

යෝගට් නිශ්පාදනය

Lactobacillus bulgaricus සහ Streptococcus lactis යන ලැක්ටික් අම්ල බැක්ටීරියා යොදා ගනී.

චීස් නිපදවීම

පලමුව කිරි මිදවීම සිදු කරන අතර ඉන්පසුව කිරි මේරීමට ලක් කරයි.ලුණුද එකතු කරයි.ක්ෂුදු ජීවී විශේෂ ගණනාවක් සහභාගි වේ.

ජෛව බහු අවයවක

[සංස්කරණය]

පොලිසැකරයිඩ, පොl]එස්ටර් සහ පොලිඑ\මයිඩ ආදී බහු අවයවක වර්ග ඉතා විශාල ප්‍රමාණයක් නිපදවෙන්නේ ක්ෂුද්‍ර ජීවීන් මඟිනි. දුස්ස්‍රාවී ද්‍රවණවල සිට ප්ලාස්ටික් දක්වා පරාසයක් තුළ මෙම නිෂ්පාදන පිහිටයි. ජාන සැකසීම මඟින් , ක්ෂුද්‍ර ජිවීන්ගේ ජෛව තාක්ෂණික නිෂ්පාදන වන බහු අවයවක වලට පටක නිෂ්පාදනය, ඖෂධ බෙදා හැරීම වැනි උසස් වටිනාකමකින් යුත් වෛද්‍යමය උපයෝගීන් සඳහා සුදුසු ගුණාංගයක් පවා ඇඳීමට හැකි වී ඇත. කර්මාන්ත ක්ෂුද්‍ර ජීව විද්‍යාව, ක්සැන්තන්, ඇල්නේට්,සෙලියුලෝස් , සයනොෆයිs]න්, පොලි(ගැමා - ග්ලුටමික් අම්ලය), ලීවෑන් හයලුරොනික් අම්ල, කාබනික අම්ල, ඔලිගොසැකරයිඩ සහ පොලිසැකරයිඩ සහ පොලිහයිඩ්‍රොක්සි ඇල්කනේට යන ද්‍රව්‍යයන්ගේ ජෛව සංස්ලේෂණය සඳහා භාවිතා කළ හැක.


ජෛව හායනය

[සංස්කරණය]

ක්ෂුද්‍ර ජෛව හායනය විෂ වූ අපිරිසිදු වූ පරිසරයක් පිරිසිදු කිරීමට භාවිතා කළ හැක. මෙම ජෛව හායනය සහ ජෛව හුවමාරුv යන ක්‍රම ස්වාභාවිකව හමුවන ක්ෂුද්‍ර ජීවීන් යොදා ගනිමින් යොදා ගනිමින් වියෝජනය, ද්‍රව්‍ය පරිවර්තනය කිරීම, විශාල පරාසයක ඇති සංයෝග රැස් කිරීම (හයිඩ්‍රොකාබන් ද ඇතුළුව) s]q[ kry]. හයිඩ්‍රොකාබන්(උදා -තෙල්)), බහු ක්ලෝරිනීකෘත බයිෆීනයිල, ‍ෙපාලිඇරෝමැටික හයිඩ්‍රොකාබන , ඹෟෂධ ද්‍රව්‍යයන් , විකිරණ නියුක්ලයිඩ සහ ලෝහ වර්ග ද ක්ෂුද්‍ර ජීවීන් යොදා ගනිමින් රැස් කරගත හැක.

අපතේ යන ද්‍රව්‍යය සඳහා ජෛව පිළියම් යෙදීම

[සංස්කරණය]

නව සමාජ පද්ධතීන් තුළ උපදින විශාල පරිමාණයේ අපද්‍රව්‍යවලට පිළියම් යෙදීමට ක්ෂුද්‍ර ජීවීන් භාවිතා කර ගනු ලැබේ. ජෛව පිළියම් යෙදීම, භෞත රසායනික පිරිසිදු කිරීමට විකල්පයක් ලෙස භාවිතයට ගනු ලැබේ. මෙලෙස ක්ෂුද්‍ර ජීවීන් අපද්‍රව්‍යය මත ක්‍රියා කිරීමට සැලැස් වීම, පරිසරයට හිතවත් , සාපේක්ෂව සරල වූ , වියදම් අඩු පිරිසිදු කිරීමේ ක්‍රමයකි. අපද්‍රව්‍ය පිරිහදුව සඳහා “ජෛව ප්‍රතික්‍රියාකාරක පද්ධති” නම් සංවෘත පද්ධතීන් යොදා ගත හැක.


සෞඛ්‍ය රැක ගැනීම සහ ඖෂධ

[සංස්කරණය]

ඉන්සියුලින්, වර්ධන හෝමෝන සහ ප්‍රතිදේහ වැනි ජෛව ද්‍රව්‍යයන් (මනුෂ්‍ය සහ සත්ව) නිෂ්පාදනයට ක්ෂුද්‍ර ජීවීන් භාවිතා වේ. රෝග නිර්ණ පරීක්ෂණවලදී භාවිතා වන ඒකලිත ප්‍රතිදේහ , DNA ඒෂණ (ප්‍රෝබ්) තාක්ෂණය සහ PCR ආදී වේගවත් පරීක්ෂණ, සායනික විද්‍යාගාර තුළ රෝග කාරක ක්ෂුද්‍ර ජීවීන් නිර්ණය සඳහා භාවිතා‍ වේ.


ප්‍රාග් ක්ෂුද්‍ර ජීවීන් (Archaea)

[සංස්කරණය]

අසාමන්‍ය පරිසරවල (අධික උෂ්ණත්වයේ , අධික ලවණ ඇති, pH අගය අඩු මාධ්‍යවල, අඩු උෂ්ණත්වය ඇති, ඉහළ විකිරණශීලී තැන්වල) සිට පරීක්ෂණවලින් සොයාගන්නා ලද මෙබඳු ක්ෂුද්‍ර ජීවීන් නව හැකියාවන්ගෙන් යුත් අතර කාර්මික ක්‍රියාවලියේ දී ඒවා භාවිතා කළ හැක.


කොරයින බැක්ටීරියා

[සංස්කරණය]

වෙනස් පාරිසරික නිකේතන තුළ එනම් පස, එළවළු , අපද්‍රව්‍ය , සම සහ චීස් ආදිය මතින් සොයාගන්නා ලද විවිධ ග්‍රෑම් පොසිටිව් බැක්ටීරියා අඩංගු ක්ෂුද්‍ර ජිවී කාණ්ඩයක් කොරයිනොබැක්ටීරියා නම් වේ. Corynebacterium glutamicum (කොරයින\බැක්ටීරියm| ග්ලූටැමීkම්) යනු වාර්ෂික නිෂ්පාදනය ටොන් මිලියන දෙකක් පමණ වන ඇමයිනෝ අම්ල ප්‍රමාණයක් කාර්මිකව නිපදවන වැදගත් බැක්ටීරියාවකි. මින් L- ග්ලූටැමේට් සහ L- ලයිසීන් නිෂ්පාදනය ප්‍රධාන තැනක් ගනී. C. glutamicum බැක්ටීරියාවේ ජාන අනුපිළිවෙළ ප්‍රකාශයට පත් කර ඇත.

  1. ^ "Industrial Production of Antibiotics [in: Section - Microbial Products in the Health Industry]". Microbiology (ඉංග්‍රීසි බසින්). LibreTexts: Curation and revision provided by Boundless.com. January 2021. p. 17.2A. Book (Page) ID: 8622; CC BY-NC-SA 3.0{{cite book}}: CS1 maint: postscript (link)