අන්තරාසර්ග පද්ධතිය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

අන්තරාසර්ග පද්ධතිය යනු හෝර්මෝන නැමැති බහිස්සෛලීය‍ පණිවිඩකාරක අණු ශ්‍රාවය කිරීමට සහභාගී වන කුඩා ඉන්ද්‍රියයන් සංකලිත වූ පද්ධතියකි. අන්තරාසරග පද්ධතිය උපකාරී වන්නේ, පරිවෘත්තීය ක්‍රියා පාලනය , වර්ධනය සහ විකසනය, ලිංගික පරිනතිය, පටක ක්‍රියාකාරීත්වය යන ක්‍රියා සඳහාය. එමෙන්ම මනෝභාවයන් තීරණය කිරීමෙහිලා ද ක්‍රියාකාරී වෙයි. [1]අන්තරාසර්ග පද්ධතියේ ආබාධ සමඟ සම්බන්ධ වන වෛද්‍ය ක්ෂේත්‍රය අන්තරාසර්ග විද්‍යාව ලෙස හැඳින්වේ. මෙය අභ්‍යන්තර වෛද්‍ය (ශල්‍ය නොවන) ප්‍රතිකාර ක්‍රම ක්ෂේත්‍රයේ එක් අංශයකි.

කාර්යභාරය[සංස්කරණය කරන්න]

අන්තරාසර්ග පද්ධතිය වනාහි, ස්නායු පද්ධතිය වැනිම තොරතුරු සංඥා පද්ධතියකි. කෙසේ වුවද, ස්නායු පද්ධතිය විසින් තොරතුරු හැසිරවීම සඳහා ස්නායු උපයෝගී කරගන්නා අතර අන්තරාසර්ග පද්ධතිය විසින්, තොරතුරු සන්නිවේදන මාධ්‍යය ලෙසින් ප්‍රධාන වශයෙන් උපයෝගී කර ගන්නේ රුධිර වාහිනියන්ය. ශරීරයේ බොහෝ නිශ්චිත පෙදෙස්වල පිහිටා ඇති අන්තරාසර්ග ග්‍රන්ථින් විසින්, නිදසුන වෘෂණ කෝෂ, හෝමෝන නමැති විශේෂිත රසායනික පණිවිඩකාරක ද්‍රව්‍යයන් රුධිරයට මුදාහරියි. හෝමෝන මගින් ජීවීන්ගේ විවිධ ක්‍රියාකාරීත්වයන් පාලනය කරයි. උදාහරණ වශයෙන් මනෝභාවයන්, වැඩීම සහ විකසනය, පටක ක්‍රියාකාරීත්වයන් සහ පරිවෘත්තීය ක්‍රියා පාලනය මෙන්ම පණිවිඩ නිකුත් කිරීම සහ ඒවාට ප්‍රතික්‍රියා දැක්වීම ගත හැක.


සංඥා නිකුත් කිරීමේ විධි[සංස්කරණය කරන්න]

අන්තරාසර්ග පද්ධතියක, අන්තර්-සෛල සංඥා හුවමාරුව සිදුකෙරෙන සාමාන්‍ය ආකාරය අන්තරාසර්ගික සංඥා උපයෝගී කර ගැනුමය. ‍මෙය එසේවෙතත්, මෙය සිදුකීරීමට තවත් ආකාර ඇති අතර, ඒවා නම්. ‍පරාසර්ගික, ස්වයංසර්ගික, ස්නායු අන්තරාසර්ගික සංඥා උපයෝගී කර ගැනුමයි. අනෙක්අතට, නියුරෝන අතර පමණක් සිදුවන ස්නායුගර්ගික සංඥා හුවමාරුව, සම්පූර්ණයෙන්ම ස්නායු පද්ධතියට සීමාවූ ක්‍රියාවලියක් වේ.


අන්තරාසර්ගික[සංස්කරණය කරන්න]

අනුපිළිවෙලින් එකිනෙකා වෙත සංඥා නිකුත් කරන ග්‍රන්ථි සමූහයක් අක්ෂයක් ලෙස හඳුන්වනු ලැබේ. උදාහරණයක් ලෙස හයිපොතැලමස්, පිටියුටරි, අධිවෘක්ක අක්ෂය ගත හැක.

දර්ශීය අන්තරාසර්ඝ ග්‍රන්ථි වනුයේ පිටියුටරි ග්‍රන්ථිය, තයිරොයිඩ් ග්‍රන්ථිය සහ අධිවෘක්ක ග්‍රන්ථීන්ය. අන්තරාසර්ඝ ග්‍රන්ථිවල ලක්ෂණ වනුයේ ඒවා සාමාන්‍යයෙන්, නාල රහිතය. වාහිනීමත්ය. බොහෝවිට මේවායේ හෝර්මෝන අන්තර්සෛලීය රික්තක හෝ කණිකා තුළ ගබඩා කරනු ලැබේ. මීට තරමක් වෙනස් බහිස්සර්ගික ග්‍රන්ථි වන ස්වේද ග්‍රන්ථි, ස්නේහ ස්‍රාවීග්‍රන්ථි සහ ආහාර ජීර්ණ පථයේ අඩංගු ග්‍රන්ථි වල වාහිනීමත් බව අඩුය ක්ෂීණ නාල හෝ ස්‍රාවී කුහර සහිතය.

ස්වයංසර්ගික[සංස්කරණය කරන්න]

එම සෛලම ඉලක්ක කර සංඥ‍ා නිකුත් කිරීම් කළ හැක.(සංඥාව නිකුත් කරන සෛලයම ඊට ප්‍රතිචාර දක්වයි)

පරාසර්ගික[සංස්කරණය කරන්න]

සෛලය අවට පිහිටි වෙනත් ඉලක්ක සෛල වෙත සංඥා නිකුත් කිරීම සිදුවේ.

ජක්ස්ටක්‍රයින සංඥා[සංස්කරණය කරන්න]

මෙම සංඥා සෛල පටල හරහා සම්ප්‍රේශනය වේ. මෙහිදී සෛල පටලයන්හි අන්තර්ගත ප්‍රෝටීන හෝ ලිපිඩ සංඝටක නිකුත් කිරීම සිදුවන අතර එම අණු සංඥා කරන සෛලයටම හෝ අවට පිහිටි වෙනත් සෛලයකට සම්බන්ධවී ක්‍රියා කරයි.


ආශ්‍ර[සංස්කරණය කරන්න]

  1. කෝලියර්, ජුඩිත්. සහ පිරිස (2006). ඔක්ස්ෆර්ඩ් හෑන්ඩ්බුක් ඔෆ් ක්ලිනිකල් ස්පෙෂියෑලිටීස් 7වන මුද්‍රණය.. ඔක්ස්ෆර්ඩ්. පිටු. 350–1. ISBN 0-19-853085-4. 
"https://si.wikipedia.org/w/index.php?title=අන්තරාසර්ග_පද්ධතිය&oldid=249413" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි