ද්වාරය:භෞතික විද්‍යාව

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

භෞතික විද්‍යාව ද්වාරය

A stylized depiction of a Lithium atom.

භෞතික විද්‍යාවේදී කතා කෙරෙනුයේ ද්‍රව්‍යය, ශක්තිය කාලය හා අවකාශය ගැනයි. ද්‍රව්‍යය වල ගුණ මෙන්ම ව්‍යුහයත්, ශක්තියේ ගුණ, ශක්තිය හා ද්‍රව්‍යය අතර අන්තර්ක්‍රියා, සහසම්බන්ධයද මෙහිදී සාකච්ඡාවට ගැනේ.

භෞතික විද්‍යාව අප අවට ලෝකස්වභාවය තේරුම් ගැනීමට ස්වාභාවධර්මය පිළිබ්ඳ හැදෑරීමක් ලෙසද හැඳින්විය හැකිය.

කාලය , අවකාශය , පදාර්ථය සහ ශක්තිය යන ඒවා පිළිබඳව සහ ඒවා අතර පවතින සම්බන්ධතා භෞතික විද්යාව තුලින් අධ්‍යයනය කරයි. එම හැදෑරීම් වර්ථමාන සහ අනාගත විද්‍යාව හා තාක්ෂණයේ දියුණුවට බෙහෙවින් උපකාරී වේ. ඉහත සඳහන් පරිදි එම අන්තර් සම්බන්ධතා පිළිබඳව හැදෑරීම් වලදී අපට භෞතික විද්‍යාව කොටස් දෙකකට බෙදිය හැක. එනම්,

  1. ශාස්ත්‍රීය භෞතික විද්‍යාව
  2. නූතන භෞතික විද්‍යාව වශයෙනි

ශාස්ත්‍රීය භෞතික විද්‍යාවට අයත් වන විශය පථයන් වන්නේ යාන්ත්‍ර විද්‍යාව, ආලෝකය විද්යුතය චුම්භක ශක්තිය ධ්වනිය හා තාපය යන ඒවාය. නවීන භෞතික විද්‍යාව යන වචනය සාමාන්‍යයෙන් භාවිතා වන්නේ ක්වන්ටම් භෞතික විද්‍යාව, පරමාණුක හා න්‍යෂ්ටික විද්‍යාව වැනි විෂය පථයන් සඳහාය. සාපේක්ෂතාවාදය ද මෙම ගණයට වැටේ.

භෞතික විද්‍යා අධ්‍යයනයන් සැලකීමේදී ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට වැටේ. ඒවා නම්, ප්‍රායෝගික භෞතික විද්‍යාව හා න්‍යායික භෞතික විද්‍යාවයි. ප්‍රායෝගික භෞතික විද්‍යාව වැඩි අවධානයක් යොමු කරන්නේ නිරීක්ශණ ප්‍රථිඵල මත එළඹෙන නිගමන වලටය. න්‍යායික භෞතික විද්‍යාව ගණිතමය න්‍යායන්, සමීකරණ හා ගණනය කිරීම් මත වැඩි අවධානයක් යොමුකරයි.

තෝරාගත් ලිපිය

Constellation Fornax, EXtreme Deep Field.jpg

විශ්වය යන වදන අසන බොහෝ දෙනෙකු සිතන්නේ එය ඈත අභ්‍යවකාශයේ අති දෙයක් ලෙසිනි. එය එසේ නොවේ. විශ්වය යයි කී විට ඔබට පෙනෙන, නොපෙනෙන, ඇසෙන, නොඇසෙන ආදී වූ සියල්ල අයත්ය. ඔබේ ගෙය, ගම, නගරය හා රට විශ්වයට අයත්ය.

විද්‍යාඥයෝ මේ විශ්වයේ ස්වභාවය හා එය ආරම්භ වූ ආකාරය ගැන ගවේෂණ රැසක් සිදු කොට අත. ඔවුන් ඒ ගැන යම් යම් කරුණු දැනගෙන අතත් බොහෝ දේ දැනගෙන නැත. ඔවුන්ට විශ්වය ගැන සියලු දේ දැනගන්නට හැකි වේද?, එය කළ හැකිද? කියා කිසිවකුට කීමට නුපුළුවන.

විශ්වය නිර්මාණය වී අති ප්‍රධාන කොටස් ලෙස විද්‍යාඥයින් සලකන්නේ චක්‍රාවාටයි. අප වෙසෙන පෘථිවිය අයත් අව්න්නේද එවන් චක්‍රාවාටයකටය. චක්‍රාවාටයකට තාරකා බිලියන ගණනක් ඇතුලත්ය. අප වෙසෙන පෘථිවිය අයත් චක්‍රාවාටයේ තරු බිලියන සියයක් පමණ ඇතයි පැවසේ. ඊට ක්ෂීරපථය යන නම භාවිතා කරයි.

විද්‍යාඥයන් පවසන පරිදී චක්‍රාවාට කිහිපයක් එක්ව තැනුණු චක්‍රාවාට පොකුරු ඇත. ගෝලාකාර, විවෘත, ඉලිප්සාකාර, සර්පිලාකාර, ලිහිල්, සලාවැටුම් ආකාර වැනි විවිධ කාණ්ඩ වලට අයත් චක්‍රාවාට පොකුරු අතැයි විද්‍යාඥයින් පවසයි.

අප අයත් චක්‍රාවාටය ඇති ප්‍රදේශයේ මැගලයින් ක්ලවුඩ්, මහා වලසා, ස්කල්ප්ටර් ඩ්‍රැකෝ, ඇන්ඩ්‍රොමීඩා හා ලියෝ ආදී චක්‍රාවාට සමූහයක් ඇතැයි පැවසේ. ඒ හැම "ස්ථානීය" කණ්ඩායම යන නමින් "පොකුරක්" සේ හැඳින්වේ. එවන් පොකුරු රැසක් එක්වීමෙන් සුපිරි පොකුරක් සෑදේ.

1917 දී ඇල්බට් අයින්ස්ටයින් ඉදිරිපත් කළ සාපේක්ෂතා වාදය ඔස්සේ සිත මෙහෙය වූ රුසියානු යුදෙව් ජාතික ඇලෙක්සැන්ඩර් ෆ්‍රීඩ්මාන් විශ්වයේ ඇති චක්‍රාවාට එකිනෙකින් ඈත් වෙමින් පවතින බව ප්‍රකාශ කළේය. එඩ්වින් පි. හබල් හා මිල්ටන් හියුමේසන් යන තාරකා විද්‍යාඥයින් දෙදෙනා 1929 දී ඒ අදහස වඩාත් පැහැදිලි කොට තහවුරු කොට තිබේ.

තෝරාගත් රූපය

BlackHole.jpg

කළු කුහරයක් යනු කිසිදු පදාර්ථයකට මෙන්ම ආලෝකයට පවා පිටවිය නොහැකි අභ්‍යවකාශයේ ප්‍රදේශයකි. එය ඉතාමත් ඝන වූ ස්කන්ධයක් විසින් අවකාශ-කාල විරූපී කිරීමේ ප්‍රතිඵලයකි. කළු කුහරය වටා පවතින්නේ හඳුනා ගත නොහැකි, event ක්ෂිතිජය යනුවෙන් හැඳින්වෙන, නැවත නොපැමිනී‍මේ සීමාව ලකුණු කරන මතුපිටයි. එය කළු ලෙස හඳුන්වන්නේ එය මතට පතිත වන සියළු ආලෝකය නැවත පරාවර්ථනය නොකර සම්පූර්ණයෙන් උරා ගන්නා නිසාය (thermodynamics වල එන black body වැනිය). ක්වොන්ටම් විද්‍යාවට අනුව කළු කුහර, සීමිත උෂ්ණත්වයකින් යුතු වස්තුවක් මෙන්, හෝකින් කිරණ විහිදුවයි. මෙම උෂ්ණත්වය කළු කුහරයේ ප්‍රමාණය අනුව අඩු වන බැවින් විශාල ස්කන්ධයකින් යුතු කළු කුහර නිරීක්ෂණය කිරීම අපහසුය.

ඔබ දන්නවාද...

තෝරාගත් චරිතාපදානය

ඇල්බට්‍ අයින්ස්ටයින්
ඇල්බට්‍ අයින්ස්ටයින් ජර්මනියේ උපත ලද සෛද්ධාන්තික භෞතිත විද්‍යාඥයෙක් විය. ඔහු සිය සාපේක්ෂතා වාදය හා ස්කන්ධ - ශක්ති තුල්‍යතාව ( E = mc2) සඳහා වඩාත් ප්‍රසිද්ධ ‍වී ඇත. අයින්ස්ටයින් “ඔහුගේ සෛද්ධන්තික භෞතික විද්‍යාව සදහා වු සේවය හා විශේෂයෙන්ම ප්‍රකාශ විද්‍යුත් ආචරණ නියම වල සොයා ගැනීම්‍” නිසා 1921 දී භෞතික විද්‍යාව සදහා වු නොබෙල් තග්‍යායෙන් පිදුම් ලැබීය.

යාන්ත්‍ර විද්‍යාව සහ විද්‍යුත් චුම්භකත්වය නැවත සම්බන්ධ කරමින් ඉදිරිපත් කළ විශේෂ සාපේක්ෂතාවාදය සහ නව ගුරුත්වාකර්ෂණ වාදයකට නිර්මාණය කරමින් සාපේකෂතාවාදී මූලධර්ම ඒකාකාරී නොවන චලිතවලට ද අදාල කරමින් ඉදිරිපත් කළ සාමාන්‍ය සාපේක්ෂතාවාදය ද භෞතික විද්‍යාවට අයින්ස්ටයින් දැක්වු ප්‍රධාන දායකත්වන් වේ. ඔහුගේ අනෙකුත් දායකත්වයන් අතරට සාපේක්ෂවාදී තාරකා විද්‍යාව, විශ්ව න්‍යාය විද්‍යාව, කේශික ක්‍රියාව, අවධි උපලනය, ස්ථිතිමය යාන්ත්‍ර විද්‍යා‍වේ ගැටළු හා ඒවායේ ක්වොන්ටම්‍විද්‍යාත්මක යෙදීම්‍, අණුක බ්‍රවුනිය චලිතය පිළිබඳ විවරණය, සංක්‍රමණ සම්‍භාවිතාව, ඒක පරමාණුක වායු පිළිබඳ ක්වොන්ටම්‍වාදය, අඩු විකිරණ ඝනත්වයක් සහිත ආලෝකයේ තාප ගුණ (මෙය ෆෝටෝන වාදයයට මුලික පදනම විය) උත්තේජිත විමෝචනය ඇතුලත් විකිරණ වාදය, ඒකීකෘත ක්ෂේත්‍රවාද සංකල්පය, භෞතික විද්‍යා‍වේ ජ්‍යාමිතිකකරණය ආදිය අයත්ය.

ප්‍රධාන මාතෘකා

නොවැම්බර් සංවත්සර

ඔබට කළහැකි දේ

අදාළ ද්වාර

හවුල් විකිමාධ්‍යය

 · ද්වාර යනු මොනවාද? · ද්වාර ලැයිස්තුව ·

Purge server cache

"https://si.wikipedia.org/w/index.php?title=ද්වාරය:භෞතික_විද්‍යාව&oldid=338453" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි