ආර්.එන්.ඒ.
අර්.එන්.ඒ යනු නියුක්ලෙයික අම්ලයකි එබැවින් කාබන්,හයිඩ්‍රජන්,ඔක්සිජන්,නයිට්‍රජන් හා පොස්පරස් ඇත එසෙම අර්.එන්.ඒ යනු බහු අවයවික මහා අණුවකි.මුලික තනුම් ඒකකය වන්නෙරයිබොනියුක්ලියොටයිඩයයි.

රයිබොනියුක්ලික් අම්ලය (ඉංග්‍රීසි උච්චාරණය: /raɪbɵ.njuːˌkleɪ.ɨk ˈæsɪd/), හෝ RNA, යනු ජීවය පවත්වා ගැනීමට අත්‍යාවශ්‍ය මූලික අණුවකි. RNA නියුක්ලික් අම්ල ගනයට වැටෙන අතර නිමවී ඇත්තේ DNA මෙන් නියුක්ලියෝටයිඩ දාම වලිනි. ජෛව බහුඅවයවකයක් ලෙසද හැඳින්විය හැක. DNA අණුවේ අඩංගු තොරතුරු ප්‍රකාශනය (gene expression) වන්නේ DNA කොටසක් පිටපත් කරමින් නිපදවෙන RNA අණුව මගින්ය. ජාන පරිවර්තන (translation) ක්‍රියාවලිය මගින් බොහෝ RNA ආශ්‍රයෙන් ඊට සම්පූර්ණයෙන් වෙනස් තවත් බහුඅවයවිකයක් වන ප්‍රෝටීන නිපදවේ. ප්‍රෝටීන නිපදවීමේදී සංඝටකයක් ලෙස RNA යොදා ගැනෙන්නේ නැත. එහිදී RNA යොදාගැනෙන්නේ ප්‍රෝටීනයේ සංඝටක වන ඇමයිනෝ අම්ල අනුපිලිවෙල නිර්ණය කිරීමට පමණි. මේ අනුව RNA අණුව DNA සහ ප්‍රෝටීනය අතර අතර-මැදි අණුවක් ලෙස ක්‍රියා කරයි. ප්‍රෝටීන නිශ්පාදනයේදී ජෛව සෛලයක් තුල උපයෝගී කරගන්නා RNA අණු, දූත RNA (messenger RNA) ලෙස හැඳින්වේ.
RNA අනුවේ කශේරුකාව නිමවී ඇත්තේ DNA අණුවට වඩා මඳක් වෙනස් වූ සීනි අණුවක් වන රයිබෝස් වලිනි (DNA වල කශේරුව ඩිඔක්සිරයිබෝස් වලින් නිමවී ඇත).
මූලික RNA අණු ක්‍රියාකාරීත්වය අනුව තුන් වර්ගයකට බෙදා දැක්විය හැක.
- දූත RNA (mRNA)
- පැවරුම් RNA (tRNA)
- රයිබසෝම RNA (rRNA)
දුත,/පණිවිඩකාරක RNA (m-RNA)[සංස්කරණය]
සෛල තුල වඩාත් අඩුවේන් පවතින RNA අණු ආකාරයයි.ඒව සමස්තයේන් 5% පමණවේ.මේව කෘත්‍ය (සංස්ලේෂණය) ඉටු කිරීමේන් පසු වහා බිද වැටේ.මේවා රේඛිය දාම ස්වරුපයේන් පවතින අතර අඩංගු නියුක්ලියෝටයිඩ ප්‍රමාණය මත m-RNA වේනස් වේ. න්‍යෂ්ටිකාව තුල නිපදවේ