Jump to content

චාලක නියුරෝනය

විකිපීඩියා වෙතින්
(චාලක නියුරෝන ය වෙතින් යළි-යොමු කරන ලදි)
  • මධ්‍ය ස්නායු පද්ධතියේ සිට කාරක අවයව වෙත ආවේග ගෙන යන නියුරෝනය චාලක නියුරෝනයි. මෙය දේහ සෙෙලයකින් හා ඉන් පිටතට විහිදෙන ප්‍රසර ගනණාවකින් සමන්විතය. ඒම ප්‍රසර ප්‍රධාන වර්ග 2 කි.

1. අක්සනය

2. අනුශාඛිකා

සෙෙල දේහය

[සංස්කරණය]
  • මෙයට තාරකාකාර සෙෙල දේහයක් පිහිටන අතර ඒ්තුළ කැපීපෙනෙන න්‍යෂ්ටිකාවක් සහිත න්‍යෂ්ටියක් පිහිටයි.
  • සෙෙල දේහය තුල සත්ත්ව සෙෙලයක කේන්ද්‍ර දේහ හැර සියලුම ඉන්ද්‍රයිකා පවති. මෙම නියුරෝන අතිශයින්ම විභේදනයට ලක්වී අන්තර් කලාවේ නැවතී අැති බැවින් සෙෙල දේහයේ කේන්ද්‍ර දේහ නොපිහිටයි.

අනුශාඛිකා

[සංස්කරණය]
  • සෙෙල දේහයෙන් පැන නගින ශාඛනය වූ , කෙටි,සිහින් ප්‍රසර රාශියක් ලෙස අනුශාඛිකා පිහිටයි.
  • මේවායේ මයලීන් කොපු නොපිහිටයි.
  • අනුශාඛිකා අාවේග ලබා ගන්නේ වෙනත් නියුරෝනයක අක්සනයක් හෝ සෙෙල දේහයකිනි.

අක්සනය

[සංස්කරණය]
  • ඔීනෑම නියුරෝනයකට පවතින්නේ ඉන් පැන නගින ඒක් අක්සනයක් පමණි. මෙය ඒ්කාකාර විශ්කම්භයක් සහිත,දිගටි,සාපේක්ෂව විශාල,සිලින්ඩරාකාර ව්‍යුහයකි.
  • මෙමගින් සෙෙල දේහයේ සිට අනෙකුත් කාරක හෝ නියුරෝන වලට අාවේග සම්ප්‍රේෂණය කරයි.
  • අක්සනයේ පිටත පටලය අැක්සොලෙමාව ලෙසත් සෙෙල ප්ලාස්මය අැක්සොප්ලාස්මය ලෙසත් හදුන්වයි.
  • මේ වටා ශ්වාන් සෙෙලයේ ප්ලාස්ම පටලය ඒතීමෙන් මයලීන් කොපු නිර්මාණය වන අතර ඒවිට පිටතින්ම පිහිටන පටලය නියුරිලෙමාව නම් වේ. මෙම මයලීන් කොපු අක්සනය වටා සන්තතිකව පවතින අතර මයලීන් ෙකාපු නොපිහිටන ස්ථාන රැන්වියර් ගැට ලෙස හදුන්වයි.
  • මෙම මයලීන් කොපු මගින් අයන පරිවරනය සිදු කරයි. මෙහිදී ස්නායු අාවේග අයන හුවමාරැ වීමට ඉඩ සලසන බැවින් ඒම අාවේ යාබද රැන්වියර් ගැටයෙන් ගැටයට පනිමින් ගමන් කරයි. මේ නිසා මයලීන් කොපු පිහිටන ස්ථාන වල අාවේග සම්ප්‍රේෂණ වේගය වැඩි වේ.
  • අක්සනය කෙලවර අග්‍රස්ථවලට බෙදී අග්‍රස්ථ බල්බ / උපාගම අග්‍රස්ථ / අන්ත බල්බ සාදයි. මේවායේ පිටත අක්සන පටලය පූර්ව උපාගම පටලය ලෙස හදුන්වයි.
  • මෙම උපාගම තුළ අැසිටයිල් කෝලින් වැනි ස්නායු සම්ප්‍රේෂක අඩංගු අාශයිකා හා මයිටොකොන්ඩ්‍රියා අඩංගු වේ.

නියුරෝග්ලියා සෙෙල

[සංස්කරණය]
  • ස්නායු පටකය තුළ නියුරෝග්ලියා සෙෙල නියුරෝන මෙන් 10 ගුණයක් පමණ පවති.
  • මෙම සෙෙල නියුරෝන වලට ව්‍යුහමය හා කෘතයමය ලෙස උපකාර කරයි.
  • නියුරෝග්ලියා සෙෙල වර්ග කිහිපයකි.
  1. මධ්‍ය ස්නායු පද්ධතියේ අක්සන වටා අැති ඔලිගොඩෙන්රෝසෙෙට (Origodendrocytes)
  2. පර්යන්ත ස්නායු පද්ධතියේ අැති ශ්වාන් සෙෙල
  3. මයික්‍රෝග්ලියා (Microglia)
  4. අැස්ට්‍රොසයිට (Astrocyctes)

නියුරෝග්ලියා සෙෙලවල කෘත්‍ය

[සංස්කරණය]
  • නියුරෝන වලට සංධාරණය සැපයීම
  • නියුරෝන වලට පෝෂණය සැපයීම
  • ස්නායු සෙෙල පරිවරණය කිරීම ( ශ්වාන් සෙෙල)
  • නියුරෝන වල අඩුව පිරවීම
  • සමහර අවස්ථාවල ස්නායු සෙෙල වල කෘත්‍ය නිසි ලෙස හසුරුවයි.

ස්නායුව

[සංස්කරණය]
  • මොලයෙන් හෝ සුෂුම්නාවෙන් පිටවන පර්යන්ත ස්නායු පද්ධතියට අයත් රැහැන් වැනි ව්‍යුහ ස්නායු නම් වේ.
  • මෙවැනි ඒක් ස්නායුවක් තුළ නියුරෝන වලින් හටගන්නා අක්සන හෝ අනුශාඛිකා රාශියක් පවති.
  • මෙහි ඒක් ඒක් අක්සනය ඒන්ඩොනියුරියම නම් සම්බන්ධක පටකයකින් අාවරණය වී පවති. මෙවැනි අක්සන රාශියක් කලඹක් ලෙස ඒකතු වී පෙරිනියුරියම නම් සම්බන්ධක පටකයෙන් අාවරණය වේ.
  • පෙරිනියුරියමෙන් වට වූ අක්සන කලඹ රාශියක් ඒකතු වී ඒපිනියුරියම නම් සම්බන්ධක පටකයකින් අාවරණය වී ස්නායුව සාදයි.
"https://si.wikipedia.org/w/index.php?title=චාලක_නියුරෝනය&oldid=512917" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි