ජීව විද්‍යාත්මක පලිබෝධ පාලනය

විකිපීඩියා වෙතින්

කෘමි කර්මාන්තයේ දී කෘමීන් ජිව විද්‍යාත්මක පාලනය යනු විලෝපිකතාව, පරපෝෂිතතාව, ශාක භක්ෂකතාව හෝ අනෙකුත් ස්වාභාවික යාන්ත්‍රණ මත රඳා පවතින පලිබෝධ (කෘමීන්, වේයන්,වල් පැල හා ශාක රෝග ඇතුළුව) පාලන ක්‍රමයකි. එය සංගෘහිත පලිබෝධ කළමනාකරණය (IPM) වැඩසටහනක වැදගත් අවයවයක් විය හැක.

දළ විශ්ලේෂණය[සංස්කරණය]

ගෝවා පලිබෝධකයන්ගේ ස්වාභාවික සතුරන් නිරූපණය කරන රූප සටහන.

ජීව විද්‍යාත්මක පාලනය අර්ථ දක්වා ඇත්තේ ක්‍රියාකාරී මනුෂ්‍ය මැදිහත් වීමක් ඇතුළත්, ස්වාභාවික සතුරන් මඟින් පලිබෝධ ජනගහනය පාලනය කිරීමක් ලෙසය. ජිව විද්‍යාත්මක පාලනය කිරීමේ නියෝජිතයන් ලෙස ද හඳුන්වන කෘමි පලිබෝධකයන්ගේ ස්වාභාවික සතුරන්ට විලෝපිකයන්, පරපෝෂිතයන් හා රෝගකාරක බීජ ඇතුළත් වේ. ශාක රෝගවල ජීව විද්‍යාත්මක පාලන නියෝජිතයන් බොහෝ විට හඳුන්වනු ලබන්නේ විරෝධකයන් ලෙසය. වල් පැළවල ජීව විද්‍යාත්මක පාලන නියෝජිතයන්ට ශාක භක්ෂකයන් හා ශාක පරපෝෂිතයන් ඇතුළත් වේ. විලෝපික ප්‍රධාන වශයෙන් නිදහසේ ජීවත් වන වර්ග වන අතර ඔවුන්ගේ ජීවිත කාලය තුළ දී විශාල ප්‍රමාණයක් අනුභව කරනු ලබයි. පරපෝෂිතයන් යනු ඔවුන්ගේ නොමේරූ අවධියේ තනි කෘමි ධාරකයක් මත‍හෝ තුළ වර්ධනය වී එම ධාරකය ජීවිතක්ෂයට පත් කරන වර්ගයකි. රෝග කාරක බීජ යනු බැක්ටීරියා, දිලීර හා වෛරස් ඇතුළුව රෝග ඇති කරන පටකයි. ඔවුන් විසින් ඔවුන්ගේ ධාරකයන් මරා දැමීම් හෝ අඩ පණ කිරීම් සිදු කරන අතර සාපේක්ෂව යම් කෘමි කාණ්ඩයකට විශේෂිත වේ. ජීව විද්‍යාත්මක පාලන ක්‍රමවේද මූලිකව ආකාර 3ක් පවතී. ඒවා සංරක්ෂණය, සාම්ප්‍රදායික ජීව විද්‍යාත්මක පාලනය හා වර්ධනය. ඒවා වඩා විස්තර සහිතව පහත සාකච්ඡා කර ඇත.


ජීව විද්‍යාත්මක පලිබෝධ පාලනයේ ආර්ථික විද්‍යාව[සංස්කරණය]

ජීව විද්‍යාත්මක පාලනය ආර්ථික විද්‍යාත්මක වශයෙන් ඉතා සාර්ථක ලෙස ඔප්පු වී ඇති අතර ක්‍රමය එතරම් සාර්ථක නොවන විට පවා ලාභයට වියදම අනුපාතය 11:1 තත්වයේ පවතී. එක් අධ්‍යයනයක් තක්සේරු කර ඇත්තේ සාර්ථක ජෛව පාලන වැඩසටහනක් වැඩසටහන වැඩි දියුණු කිරීමට හා ක්‍රියාත්මක කිරීමට යොදන ලද සෑම එක් £1කටම. £32ක ලාභයක් නැවත ලබා දෙන බවයි. (ලාභයට වියදම අනුපාතය 32:1) එම අධ්‍යයනයම පෙන්වා සිටින්නේ මධ්‍යන්‍ය රසායනික පලිබෝධනාශක වැඩසටහනක් ලාභ ආපසු එවන්නේ 13:1 අනුපාතයකින් බවයි.

ජීව විද්‍යාත්මක පලිබෝධ පාලනයේ ගුණාත්මක ප්‍රතිඵල[සංස්කරණය]

සමහරක් අවස්ථාවල දී ජීව විද්‍යාත්මක පලිබෝධ පාලනයට එහි සියලු වාසි නිෂ්ඵල සෘණාත්මක ප්‍රතිඵල තිබිය හැක. උදාහරණයක් ලෙස මී ජනගහනය පාලනය කිරීම සඳහා හවායි දූපත්වලට මුගටියන් හඳුන්වා දුන් විට ඔවුන් මීයන් මරා දමනවාට වඩා හවායි හි ඒකදේශික කුරුල්ලන් හා ඔවුන්ගේ බිත්තර අනුභව කිරීම සිදු කරන ලදී.

1930 දශකයේ දී සීනි වේවැල් වගාවේ පලිබෝධකයකු වන වේවැල් කුරුමිණියා පාලනය කිරීම සඳහා අසාර්ථක උත්සාහයක් ලෙස වේවැල් ගෙම්බන් (Bufo marinus) ඕස්ට්‍රේලියාවට හඳුන්වාදෙන ලදී. හවායි දූපත්වලින් ගෙම්බන් 102ක් අල්ලාගෙන ඔවුන්ගේ සංඛ්‍යාව වැඩි කිරීම සඳහා ඔවුන්ට ආහාර ලබා දීම සිදු කර උතුරු නිවර්තනයට 1935 දී මුදා හරින ලදී. පසුව අනාවරණය වූයේ ගෙම්බන්ට අධික උසකට පැනිය නොහැකි බව හා එම නිසා වේවැල් ශාකවල උඩු කොටස්වල සිටි වේවැල් කෘමීන් අනුගමනය කිරීමට ඔවුන්ට නොහැකි බවත්ය. ගෙම්බන් ගණන ඉතා වේගයෙන් වැඩි වූ අතර දේශීය ජීවී විශේෂ සමඟ කරට කර තරඟ වැදුණු අතර ඉක්මනින්ම ඕස්ට්‍රේලියානු පරිසරයට අතිශයින් තර්ජනාත්මක ‍විය. ඔවුන් දේශීය සර්පයින් වැනි විලෝපිකයන්ට ද අතිශයින් විෂ සහිත විය.


ඍජුව ජෛව පාලන ක්‍රම ක්ෂේත්‍රයට එවීම[සංස්කරණය]

මෙහි දැක්වෙන්නේ Greenhouse whitefly ලෙස හැඳින්වෙන පලිබෝධකයාගේ ජීවන චක්‍රය සහ එම විශේෂය පාලනය කිරීමට භාවිතා කරන Encarsia ‍formosa නම් පරපෝෂී දෙබර විශේෂයේ ජීවන චක්‍රයයි.

ඉහත සඳහන් කරඇති බොහෝ ජෛව පලිබෝධ පාලන ක්‍රම වේදයන් හි පදනම වනුයේ අදාල වගාව වෙත ස්වභාවිකවම වඩාත් ප්‍රයෝජනවත් කෘමීන් ආකර්ෂණය කර ගැනීමෙන් ක්‍රමවේදයන් වේ. කෙසේ නමුත් ඍජුව ක්ෂේත්‍රය වෙත ජෛව පාලක හඳුන්වා දීම සිදුකෙරෙන අවස්ථාද පවතී. පොදුවේ මෙසේ භාවිතා කරන ජෛව පාලන සත්ව ආකාර අතරට පරපෝෂීන් , විලෝපීන් , රෝගකාරකයින් සහ වල්පැළෑටි ආහාරයට ගන්නා සත්ව විශේෂ අයත් වේ. මෙම ක්‍රමය බොහෝ විට විශාල කෘතිමව පාලනය වන පරිසර පද්ධතීන් වන හරිතාගාර වැනි ඒවා සඳහා භාවිතාවන අතර බොහෝවිට අදාල සත්ව විශේෂ තැපෑලෙන් ගෙන්වා ගනු ලැබේ.

පහත දැක්වෙන්නේ මෙසේ භාවිතා කළ හැකි ජෛව පාලක විශේෂ කිහිපයකි.

  • Encarsia formosa - මෙම විශේෂය කුඩා විලෝපී චැල්සිඩ් දෙබර විශේෂයක් වන අතර මොවුන් whitefly නම් ශාකවල යුෂ උරා බොන කෘමි විශේෂය සඳහා පරපෝෂිතයෙක් ලෙස ක්‍රියා කරයි. Whitefly කෘමීන්ගේ හානියට ලක් වූ ශාක මැළවී යාම සහ කළු පැහැති දිලීර වැඩීම යන රෝග ලක්ෂණ පෙන්ණුම් කරයි. මෙම ජෛව පාලන උපක්‍රමය පහළ මට්ටමේ පළිබෝධක ආක්‍රමණ සඳහා වඩාත් යෝග්‍යය වන අතර දිගු කාලීනව ආරක්ෂාව සැපයීමේ ක්‍රම වේදයක් වේ. මෙහිදී අදාල දේපල විශේෂය පලිබෝධක කෘමියාගේ ශරීරයේ ‍කොරපොතු මත බිත්තර දැමීම සිදු කරන අතර අදාල බිත්තර පිපිරී පිළවුන් එළියට පැමිණෙන විට එම කොර පොතු කළු පැහැයට හැරේ. මෙම ජෛව පාලක විශේෂය මුල්වරට සුහුඹුල් Whitefly කෘමීන් නිරීක්ෂණය කළ වහාම හැකිතාක් ඉක්මණින් ක්ෂේත්‍රයට හඳුන්වා දිය යුතු අතර ඒ සමගම කෘමි නාශක සබන් භාවිත කළ යුතුය.
  • Red spider mite නම් පලිබෝධක විශේෂයද හරිතාගාර තුළ හමුවන අතර ඔවුන් පාලනය සඳහා Phytoseilus persimilis නම් විලෝපී කීඩෑ විශේෂය භාවිතා කළ හැක. මෙම විශේෂය තම ගොදුරු විශේෂයට වඩා තරමක් විශාල වන අතර තැඹිලි පැහැති ශරීරයකින් යුක්ත වේ. පලිබෝධක විශේෂයට සාපේක්ෂව ජෛව පාලක විශේෂය බිත්තරවල සිට සුහුඹුල් තත්වයට වර්ධනය වීම දෙගුණයක පමණ සීඝ්‍රතාවයකින් සිදුවන අතර මේ හේතුවෙන් පාලක විශේෂය ක්ෂේත්‍රයේ ස්ථාවර වීමත් සමග ඉතා සීඝ්‍රයෙන් හානිකර විශේෂය විනාශවීම සිදු වේ.
  • හම්බෙල්ලන් පාලනය සඳහා නූතනව හඳුන්වා දුන් සත්තු විශේෂයක් වන්නේ නෙමාස්ලග් (Nemaslug) ලෙස හැඳින්වෙන ක්ෂුද්‍ර නෙමටෝඩා විශේෂයයි.(Phasmarhabditis hermaphrodita) මෙම විශේෂය හම්බෙල්ලන් සොයා ගොස් ඔවුන් තුළට ඇතුළු වී ප්‍රජනනය කරන අතර එහි ප්‍රතිඵලයක් ලෙස හම්බෙල්ලන් විනාශයට පත් වේ. මෙම ජෛව පාලක විශේෂය ක්ෂේත්‍ර‍ය වෙත යොදනු ලබන්නේ ජලය සමග මුසු ‍කොට තෙත පස මත විසුරුවා හැරීමෙනි. ඉතා යෝග්‍යය පරිසර තත්ව පවතින අවස්ථාවලදී මෙමගින් සති 6 ක කාලයක් දක්වා ආරක්ෂාව සැපයෙන නමුත් මෙම ක්‍රමය වඩාත් යෝග්‍යය වන්නේ පස තුළ ජීවත් වන කුඩා සහ තරුණ හම්බෙල්ලන් විනාශ කිරීම සඳහායි.
  • දළඹුවන් පාලනය සඳහා භාවිතා කළ හැකි ජෛව පාලක බැක්ටීරිය‍ා විශේෂය Bacillus thuringiensis නම් වේ. මෙම බැක්ටීරියා විශේෂය කුඩා පැකට් හෝ වියළන ලද බීජානු ලෙස හෝ ලබා ගත හැකි අතර අනතුරුව එය ජලය සමග මුසු කොට අබ සහ පළතුරු ශාක වැනි දළඹුවන්ගෙන් පහර දීමට ලක්වන ශාක මතට ඉසිනු ලැබේ. බැක්ටීරියා ආසාදනය වීම නිසා දළඹුවන් විනාශ වන නමුත් අනෙකුත් කෘමි විශේෂවලට හානියක් සිදු නොවේ. Bacillus thuringiensis විශේෂයේ ඇතැම් ආකාරයේ වෙනත් කෘමි විශේෂවල පිළවුන් පාලනය සඳහා යොදා ගත හැක.උදාහරණයක් ලෙස Bacillus thuringiensis israelensis විශේෂයෙන් මදුරුවන්ගේ පිළවු අවස්ථාව සහ ඇතැම් හෝ හපුටුවන් වර්ගවලට එරෙහිව යොදා ගත හැක.
  • වෛරස් ආශ්‍රීතව ජෛව පාලක ක්‍රම වේදයක් සඳහා උදාහරණයක් ලෙස ඔස්ට්‍රේලියාව තුළ යුරෝපීය හාවන් විශාල වශයෙන් පැතිරයාම වැළැක්වීම සඳහා භාවිතාවන හාවුන් තුළ අභ්‍යන්තර රුධිර වහනයන් ඇතිකරවන රෝගයට හේතුවන වෛරසය පෙන්වා දිය හැකිය.
  • දැනට පර්යේෂණ අවධියේ පවතින ශාක රෝග වළක්වන ජෛව පාලකයක් ලෙස Trichoderma viride නම් දිලීර විශේෂය පෙන්වා දිය හැක. මෙම දිලීර විශේෂය Dutch Elm disease නම් රෝගයට එරෙහිව භාවිතා කර ඇති අතර ශාක පොත්තට හානි වූ ස්ථානවල සිදුවන දිලීර සහ බැක්ටීරියා වර්ධනය පාලනය කිරීම සඳහා ද මෙම දිලීර විශේෂය භාවිතා කරයි. මෙම දිලීර විශේෂය Silver leaf disease නම් රෝගය පාලනය කිරීම සඳහාද යොදා ගත හැකි වෙතැයි විශ්වාස කෙරේ.
  • පරපෝෂීන් විශේෂයක් වන Gonetocerus ashmeadi (හයිමනොට්පෙරා: මිමැරිඩේ) විශේෂය Glassy – Winged sharpshooter ( Homalodisca vitripennis) (හෙමිප්ටෙරා: සිකැඩෙලිඩේ ) නම් පලිබෝධක විශේෂය පාලනය කිරීම සඳහා ප්‍රංශ පොලිනීසියාවේ භාවිතා කර ඇති අතර එමගින් සාර්ථක ලෙස පලිබෝධක ඝනත්වය 95% පමණ පාලනය කිරීමට හැකි වී ඇත.


කෘමි පලිබෝධකයන් පාලනය කිරීමට ශාක[සංස්කරණය]

ගෙවත්ත සඳහා විවිධත්වයකින් යුත් ශාක පරාසයක් තෝරා ගැනීමෙන් විවිධ ක්‍රමවලට ‍කෘමි පලිබෝධකයන් පාලනය කිරීමට ඉඩ සැලසේ. එම ක්‍රමවලට පහත ඒවා ඇතුළත් වේ. ‍

  • වගා ශාක පලිබෝධකයන්ගෙන් ආවරණය කිරීම, අභ්‍යන්තර වගාවේ සමීපත්වය මත පදනම්ව
  • ගඳ සුවඳ නිශේධක නිපදවීම, පලිබෝධකයන් විමතියට පත් කරන සුවඳවල්
  • පලිබෝධකයන් වගාවලින් ඉවතට ගෙන යන ආකර්ශනීය කෑම සපයන උගුළු ශාක ලෙස ක්‍රියා කරන ශාක
  • පාත්ති ශාක ලෙස සේවය සැපයීම, ඵලදායී කෘමීන් සඳහා බිහිවීමේ ප්‍රදේශ ලෙස හැසිරේ.
  • විකල්ප වාස භූමියක් සැපයීම, සාමාන්‍යයෙන් ෂෙල්ටර් බෙල්ට්, පැලඉනි හෝ මී මැසි වද වැනි ආකාරවලින් ඵලදායී කෘමීන්ට ජීවත් වීමට හා ප්‍රජනනය කිරීම සඳහා ස්ථානයක් ලෙස මේවා හැසිරේ. විශාල කාලයක් පුරාවට විකසිත වී ඇති පැණිවලින් පිරුණු ශාක විශේෂයෙන් මේ කර්තව්‍ය සඳහා සුදුසු වේ. බොහෝමයක් ඵලදායී කෘමීන් වැඩිහිටි අවධියේ දී පැණි බී වැඩෙන නමුත් දළඹුවන් ලෙස ශාක භක්ෂක වේ. මේ සඳහා හොඳ උදාහරණයක් වන්නේ සෙබල මී මැස්සාය. වැඩිහිටි අවධියේ දී මල් ගොමු මත දැක ගත හැකි මොහු දළඹු අවධියේ දී කුඩිත්තන්, දළඹුවන්, තණකොළ පෙත්තන්ගේ බිත්තර හා අනෙක් මී මැස්සන් අනුභව කරයි.

විලෝපිකයන් සදහා උදාහරණ[සංස්කරණය]

උතුරු අර්ධ ගෝලයෙහි මැයි හා ජුලි මාස අතර තුරදි ක්‍රියාකාරී වන ලේඩිබග් හා ඔවුන්ගේ දළඹුවන් තණකොළ පෙත්තන් හා බ්ලැක් ෆ්ලයි වැනි කූඩිත්තන්ගේ දරුණු විලෝපිකයන් වන අතර ඔවුන් විසින් වේයන්, මිනුම් කෘමීන් හා කුඩා දළඹුවන් ද ආහාරයට ගනියි. ලේඩිබග් යනු විවිධ වර්න වල සලකුණු වලින් යුත් ඉතා සුලභ කෘමියෙකි. එහි පිලවා ආරම්භයේදී කුඩා හා ඉතා කෘෂ වන අතර මිලිමීටර් 13 ක් දිගට වැඩෙයි. පිලවාට සිහින් අළු / කළු කොටස් වලින් හා තැඹිලි / කහ සලකුණු වලින් යුත් දේහයක් හා රෞද්‍ර මුඛ කොටස් අයත් වෙයි. ගෙවත්තෙහි නෙට්ල් වැවීම තුළින් ඔවුන් බෝ කර ගත හැකි අතර කුහර වලින් යුත් කදන් හා යම් ශාක සුන්බුන් ශීත සෘතුව පුරා තැබීම ඔවුන්ගේ පැවැත්ම ආරක්ෂා කළ හැක. බමන මැස්සා කළු කුරුමිණියන්ට හෝ බමරුන්ට ආසන්නව සමාන වන අතර ඔවුන් එසවීමේ, පහරදීමේ හා පියාසර කිරීමේ ලාක්ෂණික රටා වලින් යුක්ත වෙයි. බමන මැස්සන් ප්‍රභේද 100 කට වඩා පවතින අතර ඔවුන්ගේ පිලවුන් මූලිකවම තණකොළ පෙත්තන් තම ආහාරය ලෙස ගනියි. එක් පිලවෙකු විසින් දවසකට තණකොළ පෙත්ත්නන් 50 ක් හෝ ජීවිත කාලයට 1000 ක් පරිභෝජනයට ගනියි. ඔවුන් විසින් පළතුරු ශාක මකුළු වේයන් හා කුඩා දළඹුවන් ද ආහාරයට ගනියි. වැඩිහිටියන් පැණි හා පරාග මත ජීවත් වෙයි. ඔවුන්ගේ බිත්තර නිෂ්පාදන සදහා ඒවා අත්‍යවශ්‍ය සාධක වෙයි. බිත්තර කුඩා (1 මිලිමීටර්), ලා කහ වන අතර තණ කොළ ‍පෙත්තන්ගේ ජනපද අසල දැමීම සිදු කරනු ලැබේ. පිලවා මිලිමීටර් 8 – 17 පමණ දිගකින් යුක්ත වන අතර කුරුළු වසුරු වලට හැඩයෙන් සමාන වන නිසා ගොදුරු මුලා කිරීමට සමත් වෙයි. ඔවුන්ට පාද හා වෙන් වු හිසක් නොමැති වෙයි. ඔවුන් අර්ධව විනිවිද පෙනෙන අතර කොළ, සුදු, දුඹුරු හා කළු වර්ණ පරාසයකින් යුක්ත වෙයි.

බමන මැස්සන්ගේ වර්ධන සෘතුව පුරාවට Poached egg plant (limnanthes douglasii) , මැරිගෝල්ඩ් හෝ Phacalia වැනි ආකර්ෂණිය මල් වැවීම තුළින් වැඩි කර ගත හැක.

කූරන් යනු මදුරුවන්ගේ වැදගත් විලෝපිකයෙක් වෙයි. ජලයේදී කූරන් විසින් මදුරු පිලවුන් අනුභව කරන අතර වාතයේදී වැඩිහිටි කූරන් විසින් වැඩිහිටි මදුරුවන් අල්ලා ආහාරයට ගනු ලැබේ. වැඩිහිටි මදුරුවන් විදිනු ලබන සමාජය පුරා පැතිරුණු මදුරු පාලන වැඩසටහන් මගින් කූරන් මරණයට පත්විය හැකි අතර එමනිසා වැදගත් ජෛව පාලන නියෝජිතයෙකු නැතිවී යා හැකි අතර කාලයත් සමග මදුරු ජනගහනය වැඩිවී යා හැක.

අනෙකුත් වැදගත් ගෙවතු විලෝපිකයන්ට Lacewing, pirate bugs, rove and ground beetles , aphid midge , පත්තෑයා, විලෝපික වේයන් මෙන්ම ගෙම්බන්, මැඩියන්, කටුස්සන්, ඉත්තෑවන්, පනුවන් හා කුරුල්ලන් වැනි විශාල සතුන් ද අයත් වෙයි. පූසන් හා සමහර බලු වර්ග වගා ප්‍රදේශයේ මීයන් විශාල කුරුමිනියන් හා කුරුල්ලන් ආහාරයට ගනී. බල්ලන් විසින් බොහෝමයක් වර්ග වල පලිබෝධක සත්වයන් පන්නා දමනු ලැබේ. Dachshund වර්ගයේ බල්ලන්ට පොලව යට පිහිටි උමන් මාර්ග වල‍ට ගැලපෙන පරිදි ආහාර ලබාදීම සිදු කරනු ලැබේ. එමගින් බැජර් සත්ත්වයන් මරා දැමිය හැක.

ජීව විද්‍යාත්මක පළිබෝධක පාලනය වර්ධනය කිරීම.[සංස්කරණය]

මෙම ක්‍රමයේදී ස්වභාවික පළිබෝධක සතුරන් මුදාහැරීම සිදුකරයි. සාපේක්ෂ ලෙස පලමුව ස්වභාවික සතුරන් කීපයක් පමණක් කන්නයේ සුදුසුම කා‍ලයේදී මුදාහැරීම සිදුකරයි. ඊට අමතරව බෝග පද්ධතියේ වෙනස් කිරීමක් ස්වභාවික සතුරන් වර්ධනය සදහා සිදුකරනු ලබයි.

කාලාවර්තව සිදුකරන පරපෝෂී එන්කාසියා ‍ෆෝමෝසා නම් ස්වභාවික සතුරා හරිතාගර වයිට්ෆිලයි ප‍ාලනයටද කීඩෑවක වන ෆයිටෝසීලස් පර්සිමිලිස් නම් ස්වභාවික සතුරා දිවි-ශබල මකුළු කීඩෑවා පාලනයටත් යොදාගනි.

ලේඩි බීටල්ස්, ලේස්වින්ග්ස් හා ට්‍රිකෝගැමා නිරන්තරයෙන්ම විශාල ගණන් වලින් මුදාහැරිම සිදුකරයි. මෙසේ මුදාහරින ප්‍රමාණ වගාවේ පළිබෝධක මට්ටම මත රදා පවති.

තව උපක්‍රමයක් වන්නේ බෝග පද්ධතිය වෙනස්කිරිම තුලින් ස්වභාවික සතුරන්ගේ සඵලතාවය වෙනස්කිරිම හෝ වර්ධනය කිරිම බොහෝ වැඩිහිටි පරපෝෂිතයන් හා විලෝපිතයන් මධු සහිත ප්‍රභව තුලින් හා බඩවැටි, ආරක්ෂණ වගා හා වල්පැලෑටි සීමාවන්ගේ යැපීම සිදුවේ. මේ සදහා මල් බදුන්, දැව පෙට්ටි, හෙරඩු වැනි ස්වභාවික ආවරණ සැපයීමද සිදුකරයි.

මිශ්‍ර බෝග වගාව හා මල් වගාවන්ගෙන් සීමා ඇතිකිරිම මගින් ජෛව විවිධත්වය වර්ධනය කිරිම හා අතිරේක ආහාර ප්‍රභව නිර්මාණ කල හැක. මේවා පහසුවෙන් ගෘහස්ථ වතු වලට හා සුළු පරිමාණ වාණිජ වගාවන්ට ඈදා ගත හැකි අතර මහා-පරිමාණ වගා නිෂ්පාදනයට යොදාගැනිමට දුෂ්කර වේ.

තවත් ක්‍රමවේදයක් වන්නේ මල් පැල වගාවන් බෝග ආසන්නයේ යෙදිම තුලින් ස්වභාවික සතුරන් බෝග කරා ආකර්ෂණය කර තබා ගැනීමයි.

පරපෝෂිත කෘමීන්[සංස්කරණය]

බොහෝමයක් කෘමි පරපෝෂිතයන් වන්නේ දෙබරු/ බඹරු හෝ මැස්සන්ය. පරපෝෂිතයන් විවිධ පරාසයක කෘමීන්ගෙන් සමන්විත වන අතර ඔවුන් ඔවුන්ගේ බිත්තර කෘමි ධාරකයක් තුළ හෝ මත තැන්පත් කරන අතර ඉන්පසු එය වර්ධනය වන පිළවුන් සඳහා ආහාර ලෙස භාවිතා කරනු ලැබේ. පරපෝෂිත දෙබරුන්/ බඹරුන් ඔවුන්ගේ ගොදුරු පරිභෝජනය සඳහා විලෝපිකයන්ට වඩා වැඩි කාලයක් ගන්නා අතර පිලවුන් විසින් වඩා වැඩි වේගයකින් ආහාර ගත හොත් ඔවුන් වැඩිහිටියන් වීමට පෙර ඔවුන්ට ආහාර නැති වී යනු ඇත. එවැනි පරපෝෂිතයන් කාබනික උද්‍යානවල දී වඩා ප්‍රයෝජනවත් වේ. මන්ද යත් ඔවුන් සැමවිටම පලිබෝධ ආක්‍රමණිකයන් සොයමින් ක්‍රියාත්මක වන ක්‍රියාශීලී දඩයම්කරුවන් වන නිසාය. වැඩිහිටියන් ලෙස ඔවුන් ස්ථානයෙන් ස්ථානයට යෑමේ දී ඔවුන්ට අධි ශක්ති ඉන්ධන අවශ්‍ය වන අතර ඔවුන් ජීවත් වන්නේ මල් පැණි, රේණු හා යුෂ ආහාරයට ගනිමිනි. එමනිසා සාමාන්‍යයෙන් බඩ ඉරිඟු, අම්බෙලිෆර් (Umbellifer) හා ඒවායේ සංයුක්ත වැනි මල් සහිත ශාක වැවීම තුළින් ඔවුන්ගේ පැමිණීම වඩාත් සුලභ වනු ඇත.

වඩාත් වැදගත් කාණ්ඩ 4 වන්නේ

  • ඉච්නියුමොනිඩ් (Icneumonid) දෙබරුන් : (5-10mm). සමනලයන්ගේ සළඹයින්ගේ දළඹුවන් මත ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරයි. ‍
  • බ්‍රැකොනිඩ් (Braconid) දෙබරුන්  : කුඩා දෙබර විශේෂයක් වන මොවුන් (5mm දක්වා) දළඹුවන්ට හා තණකොළ පෙත්තන්ට අනෙකුත් කෘමීන් විශාල පරාසයකට පහර දෙනු ලබයි. ගෝවාහි සුදු දළඹුවාගේ බහුල පරපෝෂිතයෙකි. බිඳ වැටුණු දළඹු සමෙහි සල්ෆර් කහ පැහැති දළඹු කෝෂ ලෙස දිස්වේ.
  • චැල්සිඩ් (chalcid) දෙබරුන් : කුඩාතම කෘමීන් අතර සිටී (<3mm). තණකොළ පෙත්තන්, සුදු මැස්සන්, ගෝවා දළඹුවන්, මිනුම් කෘමීන් හා ස්ට්‍රෝබෙරි ටොට්‍රික්ස් සළඹයන්ගේ බිත්තර/ පිළවුන් පරපෝෂිත කරයි.
  • ටැචිනිඩ් (tachinid) මැස්සන් : දළඹුවන්, වැඩිහිටි හා පිලා මී මැස්සන් හා අනෙකුත් කෘමීන් ඇතුළුව විශාල කෘමි පරාසයකට පහර දෙයි.

ක්ෂුද්‍ර ජීවින්ගෙන් ජෛව පාලනය[සංස්කරණය]

ක්ෂුද්‍ර ජීවීන්ගෙන් විවිධ රෝග ඇතිවුනද, ඒවා ජෛව-කෘමිනාශ ද්‍රව්‍යය ලෙසද භාවිත කල හැක. ස්වභාවිකව ඇතිවන කල මෙම පැතිරීම් ජෛව ඝනත්වය මත බලපාන අතර, සාමාන්‍යයෙන් ජෛව ඝනත්වය වැඩිවන විට ඇතිවේ.

බැක්ටීරියා හා ජෛව පාලනය[සංස්කරණය]

ජෛව පාලනයට යොදාගන්නා බැක්ටීරියා ඔවුන්ගේ දිරවීමේ කාර්යය (tracts) ඔස්සේ කෘමීන්ට රෝග පැතිරවීම සිදුකරයි. එනිසා සිවි කෘමීයන් (scale insects) හා කූඩිත්තන් මෙම ක්‍රමයෙන් පාලනය කල නොහැක. බැසිලස් තුරින්ජියෙන්සිස්" යනු වැඩිපුරම ව්‍යවහාරයේ පවතින ජෛව ජාලන බැක්ටීරියා කුලයයි. එහි උප කුල 4 ක් පමණ ලෙයිඩොප්ටෙරාන්, කොලියොප් ටෙරාන් හා ඩයැප්ටෙරාන් නම් කෘමි වසංගත පාලනයට භාවිතා කරයි.

දිලීර හා ජෛව පාලනය[සංස්කරණය]

කෘමීන්ගේ ලෙඩ රෝග දිලීර එන්ටොමො පැතොගනික් දිලීර ලෙස හඳුන්වන අතර අඩුමතරමින් එම දිලීරයේ වර්ග 4 ක් පමණ කූඩිත්තන්ට පහර දේ. ට්‍රිකොඩර්මා හා බැසිලස් සබ්ටිලිස් වර්ග රෝගකාරක බීජ පාලනයට භාවිතා කරයි.