Jump to content

ස්වභාවික පරිසරය

විකිපීඩියා වෙතින්
ඉඩම් කළමනාකරණය විසින් ඕස්ට්‍රේලියාවේ Hopetoun Falls හි ස්වභාවික ලක්ෂණ ආරක්ෂා කර ඇති අතර, අමුත්තන්ට ප්‍රමාණවත් ප්‍රවේශයක් ලබා දේ.
චන්ද්‍රිකාවෙන් සහරා කාන්තාරයේ රූපයක්. එය ලොව විශාලතම උණුසුම් කාන්තාරය වන අතර ධ්‍රැවීය කාන්තාරයෙන් පසු තුන්වන විශාලතම කාන්තාරය වේ.

ජීවීන්ගේ පැවැත්ම සදහා වු අන්තර් ක්‍රියා සිදු වන භෞතික හ ජෛවිය සන්‍රචකය පරිසරය ලෙස හැදින්විය හැකිය .

යයවභාවික පරිසරය හෝ ස්වභාවික ලෝකය ස්වභාවිකව සිදුවන සියලුම ජීවී සහ අජීවී දේ ඇතුළත් වේ, එනම් මෙම අවස්ථාවේ දී කෘතිම නොවේ. මෙම පදය බොහෝ විට පෘථිවිය හෝ පෘථිවියේ සමහර කොටස් සඳහා යෙදේ. මෙම පරිසරය මිනිසාගේ පැවැත්මට සහ ආර්ථික ක්‍රියාකාරකම් වලට බලපාන සියලුම ජීවී විශේෂ, දේශගුණය, කාලගුණය සහ ස්වභාවික සම්පත් වල අන්තර් ක්‍රියාකාරිත්වය ඇතුළත් වේ.[1] "ස්වාභාවික පරිසරය" යන සංකල්පය සංරචක ලෙස වෙන්කර හඳුනාගත හැකිය:

ස්වාභාවික පරිසරයට වෙනස්ව ගොඩනඟන ලද පරිසරයයි. ගොඩනඟන ලද පරිසරයන් යනු මිනිසුන් විසින් නාගරික සැකසුම් සහ කෘෂිකාර්මික ඉඩම් පරිවර්තනය වැනි භූ දර්ශන මූලික වශයෙන් පරිවර්තනය කර ඇති අතර ස්වභාවික පරිසරය සරල කළ මානව පරිසරයක් බවට විශාල ලෙස වෙනස් වේ. මඩ පැල්පතක් තැනීම වැනි ආන්තික නොවන බව පෙනෙන ක්‍රියාවන් පවා නවීකරණය කරන ලද පරිසරය කෘතිම එකක් බවට පත්වේ. බොහෝ සතුන් තමන්ට වඩා හොඳ පරිසරයක් ලබා දීම සඳහා දේවල් ගොඩනඟා ගත්තද, ඔවුන් මිනිසුන් නොවන බැවින් බීවර් වේලි සහ වේයන් ගොඩනඟන වැඩ ස්වාභාවික ලෙස සැලකේ.

මිනිසුන්ට පෘථිවිය මත පරිම ස්වභාවික පරිසරයන් සොයාගත නොහැකි අතර ස්වභාවිකත්වය සාමාන්‍යයෙන් අඛණ්ඩව වෙනස් වේ, එක් අන්තයක 100% ස්වභාවික සිට අනෙක් අන්තයේ 0% දක්වා ස්වභාවිකය. "'Anthropocene" තුළ මානව වර්ගයාගේ දැවැන්ත පාරිසරික වෙනස්කම් මූලික වශයෙන් සියලුම ස්වභාවික පරිසරයන් කෙරෙහි බලපා ඇත: දේශගුණික විපර්යාස, ජෛව විවිධත්වය නැතිවීම සහ වාතයේ සහ ජලයේ ඇති ප්ලාස්ටික් සහ අනෙකුත් රසායනික ද්‍රව්‍ය වලින් දූෂණය වීම ඇතුළුව. වඩාත් නිවැරදිව, අපට පරිසරයක විවිධ පැති හෝ සංරචක සලකා බැලිය හැකි අතර, ඒවායේ ස්වභාවික භාවයේ මට්ටම ඒකාකාරී නොවන බව දකිමු.[2] නම්, උදාහරණයක් ලෙස, කෘෂිකාර්මික ක්ෂේත්‍රය, ඛනිජමය සංයුතිය සහ එහි පසෙහි ව්‍යුහය නොකැළඹුණු වනාන්තර පසකට සමාන වන නමුත් ව්‍යුහය බෙහෙවින් වෙනස් ය.

ස්වාභාවික පරිසරය ආර්ක්ෂාකිරීමේ අභියෝගයන්

[සංස්කරණය]

ස්වභාවික පරිසරයේදී පරිසරයේ ඉතුරුවී ඇති දේවල් ආරක්ෂා කිරීමේ ආශාවෙන් විවිධාකාර ක්‍රියාදාමයන් හා ප්‍රතිපත්තීන් ඇති කෙරේ.පුළුල් දේශපාලනික සාමාජීය හා දාර්ශනික ගමන් මගක් ඔස්සේ පාරිසරික වාදය ස්වභාවික පරිසරයට අන්තර්ගත කොට ගෙන ඇතිබව පොදු වටහා ගැනීමකි. පරිසරයේදී ස්වභාවිකත්වයේ රාමුව යලි ඇති කිරීම හා පුළුල් කිරීමද ඊට විෂය වී ඇත. සැබෑ වල්බිහි වූ තත්ත්වයන්හිදී දුර්ලභ බව වැඩිවන අතර ස්වාභාවික කැලෑ (උදා - කළමනාකරණය නොකරන ලද කැළෑ, වගා නොකරන ලද තණ බිම්, වන ගත ජීවිතය, වනගත මල්) විවිධ ස්ථානවලදී පෙර ජනාවාසව පැවතියද අද ද හමුවේ.

පාරිසරික විද්‍යාඥයින් විසින් පොදුවේ විස්තර කරන ලද අරමුණුවලට අන්තර්ගත වන්නේ,

  • දුෂණය අවම කිරීම සහ පිරිසිදු කිරීමයි. අනාගත අරමුණ වන්නේ ශුන්‍යය දුෂණයකි.
  • ප්‍රතිචක්‍රීකරණය කළ නොහැකි ද්‍රව්‍යයන් සෘජු දහනයෙන් හෝ ද්වීතික ඉන්ධන බවට පත් කිරීමෙන් ශක්තිය බවටත් පත්කිරීම.
  • ප්‍රතිචක්‍රීකරණය කළ නොහැකි ඉන්ධන පිළිබඳව සාමාජිය භාවිතය අඩු කිරීම.
  • විකල්ප හරිත අඩු කාබන් හෝ පුනර්ජනනය කළ හැකි ශක්ති ප්‍රභවය සංවර්ධනය කිරීම.
  • ජලය භෞමීය හා වාතය වැනි දුර්ලභ සම්පත් සංරක්ෂණය හා තිරසාර භාවිතය.
  • සුවිශේෂී හෝ පුරාතන පරිසර පද්ධතිවල හෝ දර්ශීය පාරසරික පද්ධතිවල ආරක්ෂාව, වඳවීයාමේ තර්ජනයට මුහුණ පා සිටින හා තර්ජනයට ලක්වූ විශේෂ ආරක්ෂා කිරීම.
  • ස්වාභාවික හා ජෛව ගෝලීය සංචිත විවිධ ආරක්ෂණ ක්‍රමවේදයන් යටතේ ඇති කිරීම. පෘථිවිය මත මිනිසා සහ සියලු ජීවීන්ගේ පැවැත්ම රඳා පවතින ජෛව විවිධත්වය සහ පරිසර පද්ධති පොදුවේ ආරක්ෂා කිරීම.

මෙගා ව්‍යාපෘති නම් වූ අති විශාල සංවර්ධන ව්‍යාපෘති වලින් ස්වභාවික පරිසරයට විශේෂ අභියෝග හා අවධානමක් එල්ල කරයි. ප්‍රධාන වේලි හා විදුලි බලාගාර සැලකිල්ලට ගත යුතු වේ. සංවර්ධිත හා සංවර්ධනය වෙමින් පවතින රටවල ක්‍රමයෙන් විශාල වන මෙගා ව්‍යාපෘති ඇති වන බැවින් ඒවායින් පරිසරයට එල්ල වන තර්ජනයද වැඩි වී ඇත.

මෑතකාලීනව ගෝලීය උණුසුම් වීම මත මිනිසා විසින් නිකුත් කෙරෙන හරිතාගාර වායු නිසා ඇති වන දේශ ගුණික වෙනස්වීම් පිළිබඳව ප්‍රබල සැලකිල්ලක් ඇති විය. විශේෂයෙන්ම CO2 හා මානවයා හා ස්වභාවික පරිසරය සමග එහි අන්තර්ක්‍රියා වඩාත් කැපී පෙනේ. දේශගුණික වෙනස්වීම් ඇති කරවන හරිතාගාර වායු අඩු කිරීම පිළිබඳව උත්සාහයන් නාභිගත වී ඇත. (දේශගුණික වෙනස්වීම් සමුළුව හා කියතෝ සන්ධානය හරහා) එමෙන්ම විශේෂ පරිසර පද්ධතිවලින් සමන්විත ප්‍රදේශවලට හා ගෝලීය උණුසුම්වීමේ ආචරණයනට උචිත අයුරින් හැඩ ගැසීම සඳහා මිනිසාට උපකාරී වීමට අනුවර්තිත උපස්තම්භනයන්ද වැඩි වෙමින් පවතී.

වඩාත් විචක්ෂණ අභියෝගයක් වන්නේ ස්වභාවික විචලනයන්ගෙන් ඔබ්බෙහි ස්වාභාවික පාරිසරික ගතිකයන් පාරිසරික වෙනස්වීම්වල‍ට පරස්පරව හඳුනා ගැනීමයි. ඉතිරිව පවතින පාරිසරික විචලනයන් නොසලකා හරිමින් සංඛයාලන දැක්මකට අනුවර්තනය වීම පොදු විසඳුමකි. විද්‍යානුකූලව මෙම දැක්ම කෙටි කාල පරාසයන් තුළ හා සෙමෙන් වෙනස් වන ක්‍රියාදාමයන් දෙස බැලීමේදී වඩා පැහැදිලිවේ.


ආශ්‍රිත

[සංස්කරණය]
  1. ^ Johnson, D. L.; Ambrose, S. H.; Bassett, T. J.; Bowen, M. L.; Crummey, D. E.; Isaacson, J. S.; Johnson, D. N.; Lamb, P.; Saul, M.; Winter-Nelson, A. E. (1997). "Meanings of Environmental Terms". Journal of Environmental Quality. 26 (3): 581–589. doi:10.2134/jeq1997.00472425002600030002x.
  2. ^ Symons, ඩොනල්ඩ් (1979). මානව ලිංගිකත්වයේ පරිණාමය. New York: Oxford University Press. p. 31. ISBN 0-19-502535-0.

වැඩිදුර කියවන්න

[සංස්කරණය]
  • Adams, Simon (2006). Earth Science: An illustrated guide to science. New York NY 10001: Chelsea House. p. 20. ISBN 0-8160-6164-5. {{cite book}}: Unknown parameter |coauthors= ignored (|author= suggested) (help)CS1 maint: location (link)
  • "Earth's Energy Budget". Oklahoma Climatological Survey. 1996–2004. සම්ප්‍රවේශය 2007-11-17.{{cite web}}: CS1 maint: date format (link)
  • Oldroyd, David (2006). Earth Cycles: A historical perspective. Westport, Connicticut: Greenwood Press. ISBN 0-313-33229-0.
  • Simison, W. Brian (2007-02-05). "The mechanism behind plate tectonics". සම්ප්‍රවේශය 2007-11-17.
  • Smith, Gary A. (2006). How Does the Earth Work?. Upper Saddle River, NJ 07458: Pearson Prentice Hall. p. 5. ISBN 0-13-034129-0. {{cite book}}: Unknown parameter |coauthors= ignored (|author= suggested) (help); Unknown parameter |subtitle= ignored (help)CS1 maint: location (link)

බාහිර සබැඳි

[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=ස්වභාවික_පරිසරය&oldid=623730" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි