ඩයටම්

විකිපීඩියා වෙතින්
ඩයටම්
කරදිය ඩයටම
විද්‍යාත්මක වර්ගීකරණය
අධිරාජධානිය: යුකැරියා (සූන්‍යෂ්ටික)
රාජධානිය: Chromalveolata
වංශය: Heterokontophyta
වර්ගය: Bacillariophyceae
හේකල් 1878
Orders

ඩයටම් බැසිලාරියෝෆීටා වංශයට අයත් වේ. කරදිය ප්‍රාථමික නිපැයුම් ප්‍රජාවේ ප්‍රධාන ස්ථානයක් ගනී. 7/10ක් කරදිය වේ. මිරිදිය, කරදිය මතුපිට ස්ථරවල ඒක සෛලීය ප්‍රභා ස‍්වයංපෝෂී වේ. සෛල බිත්තිය සෙලියුලෝස්, පෙක්ටීන් හා ප්‍රධාන වශයෙන් සිලිකන් ඇත. දර්ශීය ජීවියා පිනියුලේරියා වේ.

ඩයටමයක්.  Numbered graduations are 10 micrometres apart

ව්‍යුහය[සංස්කරණය]

මොවුන්ගේ විශේෂිත ම ලක්‍ෂණය සෛල වටා ඇති අලංකාර පාරදෘෂ්‍ය සිලිකන් කවචය යි. එක මත එක පිහිටි දෙපියනකින් යුතු ය. කවචයේ ඇති තන්තු ආධාරයෙන් චලනය විය හැක. ක්ලෝරොෆීල් A, B, හා කැරොටිනොයිඩ ඇත. ප්‍රභාසංස්ලේෂක වර්ණය ෆියුකොසැන්තීන් වේ. සංචිත ආකාරය ක්‍රිසොලැමිනරීන් වේ.

ප්‍රජනනය[සංස්කරණය]

අලිංගිකව ද්විඛණ්ඩනයෙන් ප්‍රජනනය කරන අතර ලිංගිකව ඌනන විභාජනයෙන් කශිකා සහිත සචල පුංජන්මාණුවක් හා අචල ඩිම්බ සාදයි. පුං ජන්මාණුවට තනි කශිකාවක් ඇත.

මූලාශ්‍ර[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=ඩයටම්&oldid=592132" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි