ජනතා විමුක්ති පෙරමුණ
ජනතා විමුක්ති පෙරමුණ மக்கள் விடுதலை முன்னணி People's Liberation Front (JVP) | |
---|---|
නායකයා | අනුර කුමාර දිසානායක |
මහ-ලේකම් | ටිල්වින් සිල්වා |
ආරම්භක | රෝහණ විජේවීර |
ආරම්භය | 14 මැයි 1965 |
බිඳීම | ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය |
මූලස්ථානය | 464/20 පන්නිපිටිය පාර , පැලවත්ත , බත්තරමුල්ල , ශ්‍රි ලංකාව |
පුවත්පත |
|
සිසු පාර්ශවය | සමාජවාදී ශිෂ්‍ය සංගමය |
තරුණ පාර්ශවය | සමාජවාදී තරුණ සංගමය |
මතවාදය | සමසමාජවාදය මාක්ස්-ලෙනින්වාදය |
ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව | 3 / 225 |
ශ්‍රී ලංකාවේ පළාත් සභා | 15 / 455 |
ශ්‍රී ලංකාවේ පළාත් පාලන ආයතන | 436 / 8,356 |
මැතිවරණ ලාංඡනය | |
සීනුව | |
වෙබ් අඩවිය | |
jvpsrilanka.com | |
පක්ෂ ධජය | |
ජනතා විමුක්ති පෙරමුණ [a] ( ජවිපෙ ; සාහි. People's Liberation Front , PLF ) යනු ශ්‍රී ලංකාවේ වාමාංශික දේශපාලන පක්ෂයකි.[1] පක්ෂය කලින් විප්ලවවාදී ව්‍යාපාරයක් වූ අතර ශ්‍රී ලංකා රජයට එරෙහිව සන්නද්ධ නැගිටීම් දෙකකට සම්බන්ධ විය: වරක් 1971 ( ශ්‍රීලනිප ), සහ තවත් එකක් 1987-1989 (එජාප). මෙම නැගිටීම් දෙකෙහිම අභිප්රාය වූයේ සමාජවාදී රාජ්යයක් පිහිටුවීමයි.[2] එතැන් සිට ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන ධාරාවේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයට අවතීර්ණ වූ අතර පුද්ගලික දේපළ අහෝසි කිරීම වැනි එහි මුල් මාක්ස්වාදී ප්‍රතිපත්ති කිහිපයක් අතහැර දමා සිය මතවාදය යාවත්කාලීන කර ඇත.[3] 2014 වසරේ සිට ජනතා විමුක්ති පෙරමුණට නායකත්වය දුන්නේ අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා යි.
ජනතා විමුක්ති පෙරමුණ මුලින් කුඩා සංවිධානයක් වූ අතර එය ප්‍රධාන ධාරාවේ දේශපාලනයට බලපෑම් කළ හැකි හොඳින් සංවිධානය වූ පක්ෂයක් බවට පත්විය. එහි සාමාජිකයන් ශ්‍රීලනිප ප්‍රමුඛ එක්සත් පෙරමුණේ වාමාංශික සභාග ආන්ඩුව සඳහා විවෘතව උද්ඝෝෂනය කළහ. කෙසේ වෙතත්, සභාගය පිළිබඳ ඔවුන්ගේ කලකිරීමෙන් පසුව, ඔවුන් 1971 මුල් භාගයේදී ලංකා ඩොමීනියන් ට එරෙහිව කැරැල්ලක් ආරම්භ කළ අතර, එය පක්ෂය තහනම් කිරීමෙන් පසුව උත්සන්න විය. ජනතා විමුක්ති පෙරමුණේ හමුදා අංශය වන රතු ආරක්ෂක බළකාය ලංකා දිවයින පුරා පොලිස් බලකොටු 76කට අධික ප්‍රමාණයක් අල්ලා ගත්හ.[b]
ජනතා විමුක්ති පෙරමුණ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයට පිවිසියේ 1977 දී ජේ.ආර්.ජයවර්ධන ජනාධිපතිවරයා විසින් ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීර සිරෙන් නිදහස් කිරීමත් සමඟය. විජේවීර 1982 ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අතර ප්‍රකාශිත ඡන්දවලින් 4.16%ක් ලබා ගනිමින් සාර්ථකම අපේක්ෂකයා ලෙස තෙවැනියා විය. මැතිවරණයට පෙර, රාජ්‍යය ප්‍රචණ්ඩ ලෙස පෙරලා දැමීමට කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් අපරාධ යුක්ති විනිශ්චය කොමිෂන් සභාව (CJC) විසින් ඔහු වරදකරු කරනු ලැබීය. ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම අත්සන් කිරීමෙන් පසු 1987 දී ජවිපෙ දෙවන වරටත් වඩාත් සංවිධානාත්මක කැරැල්ලක් දියත් කළේ ය.
ඔපරේෂන් කොම්බයින් සහ විජේවීරගේ මරණයෙන් පසු ජවිපෙ ජාතික ගැලවීමේ පෙරමුණ ලෙස නැවත මැතිවරණයට පැමිණියේය. දිවි ගලවා ගත් ජවිපෙ සාමාජිකයන් 1994 මැතිවරණයේ දී ප්‍රචාරක කටයුතුවල නිරත වූ නමුත් අවසානයේ එම පක්ෂයෙන් ඉවත් වී එවකට ප්‍රධාන විපක්ෂය වූ ජාතිකවාදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සහාය දැක්වූහ. 2004 දී, එය එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කොටසක් ලෙස රජයට එක් වූ අතර, දෙමළ ඊළාම් විමුක්ති කොටි (එල්ටීටීඊ) ට එරෙහි යුද්ධයේදී රජයට සහය දුන් නමුත් පසුව සභාග රජයෙන් ඉවත් විය.
2019 සිට ජනතා විමුක්ති පෙරමුණ තමන්ගේම ජාතික සන්ධානයක් වන ජාතික ජන බලය (NPP) යටතේ මැතිවරණයට තරඟ කර ඇති අතර එතැන් සිට ශ්‍රී ලංකා දේශපාලනයේ ප්‍රමුඛ පක්ෂයක් වී ඇත. [4] [5] 2024 ජනාධිපතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා ලෙස තේරී පත් විය. [6]
ඉතිහාසය
ජනතා විමුක්ති පෙරමුණ ලාංකේය දේශපාලන කේෂ්ත්‍රය තුළ සුවිශේෂී සටහන් තැබූ පක්ෂයකි. 1965 මැයි මස 14 වන වෙසක් පොහෝ දින ගාල්ල අක්මීමන දී පක්ෂය ආරම්භ කිරීමේ සාකච්ඡාව පවත්වන ලදී.පක්ෂයේ නිර්මාතෘ වූයේ රෝහණ විජේවීර සහෝදරයා ය.අක්මීමන සාකච්ඡාව සඳහා හත්දෙනෙක් සහභාගී විය. ජවිපෙ ආරම්භ කිරීමේ අරමුණු වූයේ ලංකාවේ නිර්ධන පන්තියට රාජ්‍යබලය දිනා ගැනීමටය. ජවිපෙ බිහිවීම සදහා බලපාන ලද හේතූන් වූයේ පැරණි වමේ ව්‍යාපාරය සමසමාජ හා කොමියුනිස්ට් පක්ෂ ආණ්ඩුව සමග එකතුවීම, චීන සෝවියට් මතභේදය, රෝහණ විජෙවීරගේ මැදිහත්වීමද මේ සඳහා බලපාන ලදී. මේ කාල සීමාව තුළ ලංකා කොමියුනිස්ට් පක්ෂය චීන පිල හා රුසියානු පිල වශයෙන් දෙකට බෙදී තිබුනු අතර රෝහණ විජේවීර මහතා චීන පිලේ මතය පිළිගනිමින් එය නිවැරදිව ක්‍රියාත්මක කිරීමට උත්සාහ කරන ලදී. නමුත් එය අසාර්ථක වෙයි. 1967 කියුබානු විප්ලවවාදි චේ ගුවේරාගේ මරණින් පසු කියුබානු ආදර්ශය ජවිපෙට බලපාන ලද අතර සුප්‍රකට පන්ති පහ අරබමින් ඉන් අනතුරුව දේශපාලන කේෂ්ත්‍රයට ප්‍රවේශ විය. 1969 දී ඇත්ත පත්‍රය විසින් "සිරිමාවෝ බණ්ඩාරණායකගේ ජනප්‍රියත්වය පහල දැමීමට, ජේ.ආර්. ජයවර්ධ නගේ සහාය වෙනුවෙන්, සමගි පෙරමුණට පහර දීමට තරුණයන් බිලී බා ගැනීම සඳහා ඇටවූ CIA කෙමනක් " ලෙස ජවිපෙ හදුන්වා දෙන ලදී.මේ තත්ත්වය තුළ 1970 මැයි 12 වන දා රෝහණ විජේවීර මහතා අත්අඩංගුවට ගන්නා ලදි. නමුත් පසුව ඔහු නිදහස්කරන ලෙස ඉල්ලා දිවයින පුරා පෝස්ටර් ව්‍යාපාරයක් ගෙන යන ලද අතර 1970 ජූලි 09 නිදහස් කර ඇත. 1970 ජූලි 14 දින විද්‍යෝදය විශ්ව විද්‍යාලයේ දී CIA කාරයෝ නම් දේශණය පවත්වා ඇත. 1970 අගෝස්තු 10 මංගල රැළිය කොළඹ හයිඩ් පිටියේදී පවත්වයි. මේ වනවිට ජවිපෙ ප්‍රචාරක කටයුතු සඳහා පත්‍ර කිහිපයක් මුද්‍රණයකර තිබිණ. රතුලංකා,රතුබලය,ජනතා විමුක්ති, දේශප්‍රේමී,රතු කැකුලු යන පත්‍රයි.
71 කැරැල්ල
1970 අගවන විට සමගි පෙරමුණු ආණ්ඩුව ජවිපෙ කෙරෙහි විශේෂ අවධානයකින් සිටින අතර 1970 අගෝස්තු 09 දින සමගි පෙරමුණු ආණ්ඩුවේ ලේකම්වරු තිදෙනා ජවිපෙ මර්දනය කිරීම සදහා ජනතා සහාය පතන ලදි. 1970 අගෝස්තු 12 ආරක්ෂක ලේකම් රත්නවේල් මහතා විසින් විශේෂ ප්‍රකාශයක් කරමින් චේ ව්‍යාපාර ආණ්ඩුවේ අංක එකේ සතුරා බවත් එය මුලිනුපුටා දැමිය යුතු බවත් ප්‍රකාශ කරයි. 1971මාර්තු 06 වන දින ඒවන විටත් ජවිපෙන් වෙන්ව සිටි ධර්මසේකර කණ්ඩායම විසින් ඇමරිකානු තානාපති කාර්යාලයට පහරදෙන ලදී. මේ සමග ආණ්ඩුව හදිසි නීතිය පනවන ලදී. 1971 මාර්තු 13 රෝහණ විජේවීර හා කෙලී සේනානායක අම්පාරේදී අත්අඩංගුවට ගෙන යාපනයේ රදවන ලදී. මේ තත්ත්වය තුළ ඒ වන විට ඉදිරිපෙළේ නායකයකුව සිටි පොඩි අතුල හෙවත් වික්ටර් අයිවන් කැරැල්ලට සූදානම් වෙයි. 1971 අප්‍රේල් 12 වන දින විද්‍යෝදය විශ්ව විද්‍යාලයේ සංඝාරාමයේ දී පහරදීම සදහා සාකච්ඡාවක් පවත්වන ලදී. ප්‍රථමයෙන් තීරණයකර තිබුනේ අප්‍රේල් 05 අළුයම පහර දීමටය.නමුත් පසුව එම තීරණය වෙනස් කරමින්.රාත්‍රී පහරදීමට තීරණය කෙරිණි.මේ පනිවිඩය මොනරාගල දිස්ත්‍රික්කයට අදාලව වෙනස්කිරීමට නොහැකි විය. පණිවිඩය මොනරාගල දිස්ත්‍රික්කයට අදාලව වෙනස් කිරීමට නොහැකි විම නිසා වැල්ලවාය පොලීසියට පහරදීම අප්‍රේල් 05 අලුයම සිදුවිය.එනිසා කැරැල්ල අසාර්ථවීමට එය හේතුවිණි. එහිදී පොලිස් ස්ථාන 92 කට පහරදුන් අතර 57 කට අලාභහානි සිදුවිය. තරුණ තරුණියන් දස දහසක් දෙනා මරණයට පත් වූඅතර 20,000 ක් පමණ සිරගත කෙරිණි.සැකකරුවන්ට දඩුවම් කිරීමට විශේෂ නීතියක් යටතේ ආණ්ඩුව කොමිසමක් පත් කරන ලදි.එය අපරාධ විනිශ්චය කොමිෂන් සභාව ලෙස හඳුන්වන ලදී.කොමිසන් සභාව මගින් පක්ෂ නායකයන්ට දඩුවම් පනවන ලදී. එයින් අනතුරුව සිරගෙදර සිට පක්ෂය ගොඩනැගීමට කටයුතු කරන ලදී.
1976-83 දක්වා කාලවකවානුව
1976 හදිසි නීතිය ඉවත් කිරීමත් සමග පක්ෂය නීත්‍යානුකූල විය.නිදහස් වූ උපතිස්ස ගමනායක පක්ෂයේ වැඩකටයුතු ආරම්භ කරන ලදී. නියමුවා පුවත්පත ආරම්භ කරමින් නැවතත් ප්‍රචාරක රැලි ආරම්භ කරන ලදී.77 මැතිවරණයේ දී ආසන 4 කට ඉදිරිපත් වේ. තංගල්ල, බටහිර අනුරාධපුරය, හොරොව්පතාන හා හක්මන යන ආසන වලට සීනුව ලකුණින් ඉදිරිපත් විය.1977 දී අපරාධ විනිශ්චය කොමිසන් සභාව අහෝසි වීමත් සමඟ රෝහණ විජේවීර නිදහස් විය .78 පළමු සමුළුව ඉන්පසු පවත්වන ලදී. අනතුරුව 1978 නගර සභා මැතිවරණය සඳහා ස්වාධීනව තරග කර ඇත. 1981 දී දිස්ත්‍රික් සභා ඡන්දයෙන් නියෝජිතයන් 13 ක් පත්වී ඇත .1982 ජනාධිපතිවරණය සඳහා රෝහණ විජේවීර මහතා ඉදිරිපත් වී ලක්ෂ තුනකට ආසන්න ඡන්ද ප්‍රමාණයක් ලබාගෙන ඇත .
1983 සිට 1994 දක්වා
1983 කුප්‍රසිද්ධ කළු ජූලිය ඇතිවෙයි. 1983 ජූලි 30 වනදා ජේ.ආර්. ජයවර්ධන රජය ජවිපෙ තහනම් කරයි. තහනම ඉවත්කර ගැනීම සඳහා කටයුතු කළද එය සාර්ථක නොවේ. ඉන්දු ලංකා ගිවිසුමත් සමග ඉන්දියන් හමුදාව පැමිණීම නිසා දේශප්‍රේමී සන්නද්ධ අරගලයක් ඇරබෙයි. මේ වකවානුව තුල ජවිපෙ තමන්ගේ සාම්ර්‍ප්‍රදායික ජනතා දැනුවත් කිරීම් තුලින් විශාල පිරිසක් මෙම 13 වන ව්‍යවස්ථා සංධශෝනයට එරෙහිව පෙලගැස්වීමට සමත් වීම නිසා එ.ජා.ප.ආණ්ඩුව 13 වන ව්‍යවස්ථා සංධශෝනයේ යෝජනා ක්‍රියාත්මක කිරීම පසෙක තබා මෙම අරගලය මර්දනය කිරීම අරඔයි. එහිදී තරුණයන් දහස් ගණනක් අාණ්ඩුෙව් අතින් මියයයි. එ් අතර වියතුන්, ජනමාධ්‍යවේදීන්, පාසැල් සිසුන්, විශ්ව විද්‍යාල සිසුන් හා ප්‍රාදේශීය දේශපාකයන් අයත් වෙයි. කෙසේ හෝ අවසානයේ බලයේ සිටි එ.ජා.ප.ආණ්ඩුව විසින් මෙම අරගලය මර්දනය කරයි. රෝහණ විජේවීර, උපතිස්ස ගමනායක ඇතුළු නායකයින් මරණයට පත් වෙයි. පිරිසක් විදේශ ගතවෙයි.දස දහස් ගණනක් සිරගත වීමට සිදුවෙයි. ඉතා විශාල දේපල හානියක් සිදුකල මෙම අරගලය මගින් ලක්ෂයකට ආසන්න තරුණ තරුණියන් ඇතුළු බොහෝ දෙනෙකුගේ ජීවිත අහිමි වෙයි.දේශපාලන බලමණ්ඩලය තුළ මරණයට පත් නොවී ජීවිතය බේරාගත්තේ සෝමවංශ අමරසිංහ මහතා පමණි.
1994 සිට 2005 ජනාධිපතිවරණය දක්වා
1994 පොදුජන එක්සත් පෙරමුණ බලය ලැබීමත් සමග සිරගතව සිටි බොහෝ පිරිසකට නිදහස ලැබේ. 1994 මැතිවරණයට ජනතා විමුක්ති පෙරමුණ ලෙස තරඟ වැදීමට තීරණය කරයි. මහ මැතිවරණයෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් එක් ආසනයක් හිමිවෙයි. නිහාල් ගලප්පත්ති මහතා පාර්ලිමේන්තුවට පත්වෙයි. ඉන් අනතුරුව ඉදිරිපත් වූ මැතිවරණ තුළ 1997 පලාත් පාලන ආසන 101 ක් දිනාගන්නා අතර 1998 පලාත් සභා ආසන 25 ක් දිනයි. 2000 මහා මැතිවරණයෙන් ආසන 10 ක් දිනාගන්නා අතර 2001 දී එය 16 දක්වා වර්ධනය කර ගැනීමට සමත්වෙයි. උතුරු නැගෙනහිර අර්බුදය සම්බන්ධයෙන් දැරූ මතය හේතුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එක්ව 2004 වර්ෂයේදී සන්ධානය ගොඩනගමින් එජාපය පරාජය කරයි. 2004 මහමැතිවරණයෙන් මන්ත්‍රීදූර 39 ක් දිනා ගැනීමට සමත්වෙයි. සුනාමි ව්‍යවසනය ඇතිවීම තුළ චන්ද්‍රිකා බණ්ඩාරනායක රජය L.T.T.E. සංවිධානය සමඟ සුනාමි සහන මණ්ඩල ගිවිසුමට අත්සන් කිරීමට සූදානම් වීමත් සමඟ සන්ධානයෙන් ඉවත්වෙයි. අධිකරණය හමුවට ගොස් සුනාමි සහන මණ්ඩලය අවලංගු කිරීමට සමත් වෙයි. නමුත් 2005 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා බලයට පත්කිරීම සඳහා විශාල වැඩකොටසක් ඉටු කරයි. 45678912
2005 ජනාධිපතිවරණයේ සිට 2010 දක්වා
1994 වර්ෂයෙන් පසු ජවිපෙ දිගින්දිගටම පෙනී සිටියේ උතුරු නැගෙනහිර ප්‍රශ්නය සම්බන්ධයෙන් දැඩි ස්ථාවරයක. ඒකීය රටක් හා ත්‍රස්තවාදය යුධමය වශයෙන් පරාජය කළ හැකිය යන්න ප්‍රකාශ කරන ලදී. එවකට පැවති ජනමතය අනුව එය වර්තමාන තත්ත්වය දක්වා වෙනස් කිරීම සඳහා ජවිපෙ මැදිහත්වීම අමුතුවෙන් කිව යුතු නැත. උතුර-නැගෙනහිර පළාත් වෙන් කිරීම, කුප්‍රකට 'පීටොම්ස්‍්' ගිවිසුම හකුලා ගැනීම සඳහා ජවිපෙ විසින් ගත් නීතිමය ක්‍රියාමාර්ග සඳහා එවකට අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා අගනා මෙහෙයක් කළ අතර එවක යුධහමුදාපති ජනරාල් සරන් ෆොන්සේකා මහතාට තම භටයන් සාර්ථකව මෙහෙයවීම සඳහා අවැසි පසුබිම ජවිපෙ විසින් දකුනේ ජනමතය සැකසීම මගින් පාදා දෙන ලදී. තවද මහින්ද රාජපක්ෂ මහතා බලයට පත්ව ත්‍රස්තවාදය යුධමය වශයෙන් පරාජයට පත්කිරීම සඳහා කටයුතු කළේය. මේ අතරතුර ජවිපෙ අභ්‍යන්තර අර්බුදය පැන නැගුණි. ඉතා තීරණාත්මක සන්ධිස්ථානයක් වූයේ විමල් වීරවංශ මහතා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 11 දෙනෙක් පක්ෂය හැරගොස් ජාතික නිදහස් පෙරමුණ පිහිටුවීමයි. මේ තත්ත්වය තුළ පසුගිය වයඹ, මධ්‍යම හා සඹරගමු පළාත් මැතිවරණවලින් සැලකිය යුතු ප්‍රමාණයක් ඡන්ද අහිමිවීමක් සිදුව තිබේ. කෙසේ වෙතත් විමල් වීරවංශ සාධකයේ හැරයාම පිළිබඳ ජවිපෙ ඉතා නිහඬ පිළිවතක් අනුගමනය කරන බවක් පෙනේ.
2010 ජනාධිපතිවරණය
2010 ජනාධිපතිවරණයේදී තනිව පක්ෂයක් ලෙස තරඟ වැදීම වෙනුවට විපක්ෂයේ පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට ජ.වි.පෙ ඇතුලු විපක්ෂය තීරණය කරන ලදී. ඒ අනුව හිටපු යුධ හමුදාපති ( එවකට )ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ නායකත්වයෙන් පිහිටවූ "ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය" නම් පක්ෂයට ජ.වි.පෙ සහය පල කල අතර පොදු අපේක්ෂකයා ලෙස සරත් ෆොන්සේකා මහතා ඉදිරිපත් විය. එක්සත් ජාතික පක්ෂය ඇතුලු විපක්ශයේ බොහෝ පක්ෂ මේ සන්ධානයට සහය පලකල අතර, ජනතා විමුක්ති පෙරමුණ එයට එක්වීම යම් තරමකට විවාදාත්මක විය. ඒ වන විට ජනතා ජ.වි.පෙ තුල සිටි සමහර පිරිස් පසු කාලයකදී ප්‍රකාශ කලේ පොදු අපේක්ෂකයාට සහය දීම සහ ඊට පෙර (2004 වසරේදී)එක්සත් ජනතා නිදහස් සන්ධානයට එක් වීම හරහා ජ.වි.පෙ තම පන්ති සටන අත්හැර පන්ති සහයෝගීතාවයකට එකඟ වී ඇති බවයි.
කෙසේ වෙතත් ජනාධිපතිවරණයේදී ෆොන්සේකා මහතාට ලබාගත හැකි වූයේ ඡන්ද 4,173,185ක් (40.15%) පමණක් වන අතර ඡන්ද 6,015,934ක් (57.88%) ලබාගත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂක මහින්ද රාජපක්ෂ නැවටත් වතාවක් ජනපති ධූරයට පත් විය. මැතිවරණය දූශිත බව ජ.වි.පෙ ඇතුලු විපක්ෂ කණ්ඩායම් චෝදනා කලද ඒ පිලිබඳව වූ පරීක්ෂණ වලදී චෝදනා ඔප්පු කරගත නොහැකි විය. පසුකාලීනව ෆොන්සේකා මහතාට මුහුණ පෑමට සිදුවූ දේශපාලන පලිගැනීම් ජ.වි.පෙ විසින් හෙලා දුටු නමුත් ඉදිරියේදී පක්ෂයක් ලෙස තනිව තම දේශපාලන ගමන සිදු කිරීමට තීරණය කරන ලදී.
ආශ්‍රිත ග්‍රන්ථ
- 71 කැරැල්ල - වික්ටර් අයිවන්
සටහන්
මූලාශ්‍ර
- ^ "List of recognized political parties" (PDF). 2014-12-26 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී.
- ^ People's Liberation Front.
- ^ "JVP clarifies policy on abolishing private property ownership". Citizen.lk News Agency. සම්ප්‍රවේශය 22 September 2024.
- ^ "Parliamentary General Election – 1994" (PDF). 6 October 2010 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී.
- ^ . p. 292.
{{cite book}}
: Missing or empty|title=
(help) - ^ "Anura Kumara Dissanayake elected President of Sri Lanka". www.adaderana.lk (ඉංග්‍රීසි බසින්). 23 September 2024 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 2024-09-22.
බාහිර සබැඳි
- ජනතා විමුක්ති පෙරමුණ
- රෝහණ විජේවීර
- ජනරාල් සරත් ෆොන්සේකා
- නිළ වෙබ් අඩවිය සංරක්ෂණය කළ පිටපත 2011-02-07 at the Wayback Machine
- නිව් ක්ලෝත්ස් ඔෆ් ජේ.වී.පී - ද සන්ඩේ ලීඩර් සංරක්ෂණය කළ පිටපත 2017-02-08 at the Wayback Machine