වාමාංශික දේශපාලනය
දේශපාලනය පිළිබඳ ලිපි මාලාව ආශ්‍රිත |
පක්ෂ දේශපාලනය |
---|
දේශපාලනය ද්වාරය |
සමාජ සමානාත්මතාව සහ සමානාත්මතාවාදය ප්‍රවර්ධනය කරන දේශපාලනික මතවාද වාමාංශික දේශපාලනයට අයත් වේ. එවැනි දෘෂ්ටිවාද වල ප්‍රධාන ලක්ෂණයක් වන්නේ ඇතැම් සමාජ ධූරාවලි හෝ සියලුම සමාජ ධූරාවලි[1][2][3][4] ප්‍රතික්ෂේප කිරීමයි.[5] සමාජයේ අසාධාරණ අසමානකම් ඇති බවත්,[1] ඒවා නැති කිරීම හෝ අඩු කිරීම පිණිස එම අසාධාරණකම් සඳහා වගකිවයුතු සමාජයේ ස්වභාවය වෙනස් කිරීම සඳහා රැඩිකල් ක්‍රියාමාර්ග ගත යුතු බව වාමාංශික දේශපාලනයෙහි විශ්වාස කෙරේ.[5] විශ්‍රාමලත් ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය බැරී ක්ලාක්ට අනුව වාමාංශිකයන් ප්‍රකාශ කරනුයේ "මානව සංවර්ධනය වැඩි දියුණු වන්නේ පුද්ගලයන් සහයෝගීව, එකිනෙකා කෙරෙහි ගෞරවය සහිත සබඳතා පැවැත්වීමෙන්" බවත් "එය උදා කරගත හැක්කේ එක් එක් පුද්ගලයා සතු තරාතිරම්, බලය සහ ධනය අතර ඇති වෙනස්කම් නැති කර දැමිමෙන්" බවයි.[6]
වම්–දකුණු දේශපාලන ප්‍රේක්ෂාවලියෙහි, වම සහ දකුණ යන යෙදුම් නිර්මාණය වූයේ ප්‍රංශ විප්ලවය අතරතුරදී ප්‍රංශ ජාතික සභාවේ සභිකයන් ආසන ගත් ආකාරය අනුවයි. වම් පස අසුන් ගත් සභිකයන් ප්‍රංශ රාජාණ්ඩුවට සහ බර්බන් රාජවංශයට විරුද්ධ වූ අතර විප්ලවයට සහය දැක්වූහ. ඔවුන් ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයක් බිහිකිරීමටත්, සමාජය ඓහීකරණය කිරීමටත් සහය දැක්වූහ.[7] දකුණු පස අසුන් ගත් සභිකයන් රාජාණ්ඩුවට සහ සාම්ප්‍රදායික සංස්ථාවන්ට සහාය දැක්වූහ. "වම" යන යෙදුම වඩාත් ප්‍රචලිත වූයේ 1815 දී ප්‍රංශ රාජාණ්ඩුව නැවත පිහිටුවීමෙන් අනතුරුව ස්වාධීනවාදීන් හැඳින්වීමටයි. [8]
සළකන ලද කාල සීමාව හෝ ස්ථානය අනුව දේශපාලන ප්‍රේක්ෂාවලියේ "වාමාංශය" ලෙස සැළකෙන දෘෂ්ටිවාද මොනවාද යන්න විශාල ලෙස වෙනස් විය හැක. 18 වැනි ශතවර්ෂය අවසානයේ ලොව මුල්ම ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයන් බිහි වූ පසු, "වම" යන යෙදුම එක්සත් ජනපදයෙහි ලිබරල්වාදයත්, ප්‍රංශයෙහි ජනරජවාදයත් හැඳින්වීමට යොදා ගැනුනු අතර, සාම්ප්‍රදායික සංරක්ෂණවාදීන් සහ රාජාණ්ඩුවාදීන් දක්ෂිණාංශිකයන් විය. නූතන දේශපාලනයේදී සාමාන්‍යයෙන් "වම" ලෙස හැඳින්වෙන්නේ සම්භාව්‍ය ලිබරල්වාදයට වඩා වමින් පිහිටන, යම්තාක් දුරකට ආර්ථිකමය ප්‍රජාතන්ත්‍රවාදයක් සඳහා සහාය දක්වන මතවාද සහ ව්‍යාපාර වේ. අද වන විට සමාජ ලිබරල්වාදය සහ සමාජ ප්‍රජාතන්ත්‍රවාදය වැනි මතවාද "මධ්‍යම වාමාංශික" ලෙස සැළකෙන අතර, "වම" යන යෙදුම වෙන් වී ඇත්තේ කම්කරු ව්‍යාපාරය, සමාජවාදය, අරාජකවාදය, කොමියුනිස්ට්වාදය, මාක්ස්වාදය සහ සම්මේලවාදය වැනි ධනවාදය කෙරෙහි වඩාත් විවේචනාත්මක ව්‍යාපාර සඳහාය.[9][10] මීට අමතරව, විශාල වපසරියක් පුරා පැතිරුනු සංස්කෘතිකමය වශයෙන් ලිබරල්වාදී සමාජ ව්‍යාපාර හැඳින්වීමටද "වාමාංශය" යන යෙදුම භාවිත වේ.[11] උදාහරණ ලෙස සිවිල් අයිතීන් ව්‍යාපාරය, ස්ත්‍රීවාදී ව්‍යාපාරය, LGBT අයිතීන් ව්‍යාපාරය, ගබ්සා-අයිතීන් ව්‍යාපාරය, බහුසංස්කෘතිකවාදය, යුධ-විරෝධී ව්‍යාපාරය සහ පරිසර ව්‍යාපාරය දැක්විය හැක.[12][13]
ආශ්‍රිත
[සංස්කරණය]- ^ a b Lua දෝෂය in Module:Citation/CS1 at line 3162: attempt to call field 'year_check' (a nil value).
- ^ Lua දෝෂය in Module:Citation/CS1 at line 3162: attempt to call field 'year_check' (a nil value).
- ^ Ball, Terence (2005). The Cambridge History of Twentieth-Century Political Thought (Reprint. ed.). Cambridge: Cambridge University Press. p. 614. ISBN 9780521563543. සම්ප්‍රවේශය 15 November 2016.
- ^ Thompson, Willie (1997). The Left In History: Revolution and Reform in Twentieth-Century Politic. London: Pluto Press. ISBN 978-0745308913.
- ^ a b Lua දෝෂය in Module:Citation/CS1 at line 3162: attempt to call field 'year_check' (a nil value).
- ^ Clark, Barry (1998). Political Economy: A Comparative Approach. Westport, Connecticut: Praeger Press. ISBN 9780275958695.
- ^ Knapp, Andrew; Wright, Vincent (2006). The government and politics of France (5th ed.). London [u.a.]: Routledge. ISBN 978-0-415-35732-6.
the government and politics of france.
- ^ Gauchet, Marcel (1996). "Right and Left". In Nora, Pierre (ed.). Realms of memory: conflicts and divisions. p. 248.
- ^ Lua දෝෂය in Module:Citation/CS1 at line 3162: attempt to call field 'year_check' (a nil value).
- ^ Lua දෝෂය in Module:Citation/CS1 at line 3162: attempt to call field 'year_check' (a nil value).
- ^ Lua දෝෂය in Module:Citation/CS1 at line 3162: attempt to call field 'year_check' (a nil value).
- ^ Lua දෝෂය in Module:Citation/CS1 at line 3162: attempt to call field 'year_check' (a nil value).
- ^ Lua දෝෂය in Module:Citation/CS1 at line 3162: attempt to call field 'year_check' (a nil value).