ගෝලීය කුසගිනි දර්ශකය

විකිපීඩියා වෙතින්


ගෝලීය කුසගිනි දර්ශකය (GHI) යනු, රටවල කුසගිනි තත්ත්වයෙහි ස්වභාවය විස්තර කිරීමට භාවිතා කෙරෙන බහුමාන සංඛ්‍යාන මෙවලමකි. කුසගින්නට එරෙහි ගෝලීය සටනෙහි ප්‍රගතිය සහ අසමාර්ථය GHI විසින් මනිනු ලැබේ. [1] වසරකට වරක් GHI යාවත්කාලීන කෙරෙයි.

දර්ශකය අපත්‍යීකරණය කොට තවත් වැඩි දියුණු කරන ලද්දේ ජාත්‍යන්තර ආහාර ප්‍රතිපත්ති පර්යේෂණ ආයතනය (IFPRI) විසින් වන අතර, ජර්මානු ලාබ-නොලබන සංවිධානයක් (NGO) වන වෙල්ට්හුංගාහිල්ෆර් හා සමග එක්ව 2006 වසරෙහිදී ප්‍රකාශයට පත් කරන ලදි. 2007 වසරෙහි සිට, අයර්ලන්ත ජාතික ලාබ නොලබන සංවිධානයක් වන කන්සර්න් වර්ල්ඩ්වයිඩ් සංවිධානයද සම-ප්‍රකාශක ලෙසින් කණ්ඩායමට එකතු විය. [2][3][4][5][6][7][8][9]

සංවර්ධනය වෙමින් පවතින රටවල් සහ සංක්‍රාන්තියෙහි පවතින රටවල් 120 ක් සඳහා 2013 වසරෙහිදී GHI ගණනය කල අතර, එයින් 56 ක් බරපතළ හෝ එයට වඩා දැඩි කුසගිනි තත්ත්වයක පසු වූහ.[10]

අනුස්ථිතිය ගණනය කිරීමට අමතරව, සෑම අවුරුද්දකම ගෝලීය කුසගිනි දර්ශක වාර්තාව විසින් ප්‍රධාන මාතෘකාවක් කෙරෙහි අවධානය යොමු කරයි: 2013 වසරෙහිදී තේමාත්මක අවධානය යොමු වූයේ, ඌන- සහ මන්දපෝෂණයට එරෙහිව ප්‍රජා මට්ටමෙන් උත්ප්ලාවිතාව ශක්තිමත් කිරීම කෙරෙහිය.[10]

පෙර අවුරුදු වල මාතෘකා අතර මේවාද විය:

  • වයස අවුරුදු දෙකට අඩු දරුවන් අතර මුල් ළදරුවිය ඌනපෝෂණය (2010).[11]
  • මෑත වසරන්හිදී වැඩිවන හා බෙහෙවින් වෙනස් වන ආහාර මිල සහ 2011 වසරෙහිදී කුසගින්න සහ මන්දපෝෂණය කෙරෙහි මෙම වෙනස්කම් වල බලපෑම්.[12]
  • 2012 වසරෙහිදී: ආහාර සඳහා ස්වභාවික ප්‍රභවයන් හිඟ සහ බොහෙවින් හිඟ වන විට, ආහාර සුරක්ෂිතභාවය සහ ධරණීය ලෙසින් ස්වභාවික ප්‍රභව භාවිතා කිරීම ලඟාකරගැනුම.[13]

වාර්ෂික GHI ගණනයට අමතරව, 2008 වසරෙහිදී ඉන්දියානු ප්‍රාන්ත සඳහා කුසගිනි දර්ශකය (ISHI) ප්‍රකාශයට පත් කෙරුණු අතර[14] 2009 වසරෙහිදී ඉතියෝපියාව සඳහා උප -ජාතික කුසගිනි දර්ශකයක් ප්‍රකාශයට පත් කෙරුණි.[15]

ගෝලීය සහ ප්‍රාදේශීය ප්‍රවණතා[සංස්කරණය]

අනුස්ථිතිය[සංස්කරණය]

අතිශයින් දැඩි (GHI ≥ 30), දැඩි (GHI 20.0 සහ 29.9 අතර) හෝ බරපතළ (GHI 10.0 සහ 19.9 අතර) කුසගිනි තත්ත්වය සහිත රටවල්
ගෝලීය කුසගිනි දර්ශකය[9]
අනුස්ථිතිය රට 1990 1995 2000 2005 2013
1 බුරුන්ඩි 33.8 38.1 39.5 39.5 38.8
2 එරිට්‍රියා 40.6 40.2 39.3 35.0
3 කොමරොස් 24.0 27.5 33.3 29.8 33.6
4 නැගෙනහිර ටිමෝරය - - - 26.0 29.6
5 සුඩානය 31.1 25.7 27.2 24.7 27.0
6 චැඩ් 38.8 34.9 29.8 29.7 26.9
7 යේමනය 29.8 27.7 26.9 27.9 26.5
8 ඉතියෝපියාව 42.3 42.7 37.1 31.0 25.7
9 මැඩගස්කරය 25.5 24.6 25.9 24.4 25.2
10 සැම්බියාව 24.9 24.5 26.3 25.3 24.1
11 මධ්‍යම අප්‍රිකානු ජනරජය 30.7 29.4 28.0 28.5 23.3
12 හයිටි 33.8 31.7 25.7 27.0 23.2
13 සියෙරා ලියෝන් 31.3 29.5 30.0 28.4 22.8
14 බර්කිනා ෆාසෝ 26.9 22.7 26.1 26.6 22.2
15 මොසැම්බික් 36.0 32.0 28.5 25.1 21.5
16 ඉන්දියාව 32.6 27.1 24.8 24.0 21.3
17 ටැස්මේනියාව 23.4 26.9 26.1 20.5 20.6
18 කොන්ගෝ ජනරජය 23.7 23.9 19.3 18.4 20.5
19 නයිජර් 36.4 34.6 30.3 25.6 20.3
20 ජිබුටි 33.5 28.5 27.7 24.0 19.5
21 බංග්ලාදේශය 36.7 35.1 24.0 20.2 19.4
22 පකිස්තානය 25.9 22.8 21.6 21.2 19.3
23 උගන්ඩාව 21.4 22.9 19.9 18.6 19.2
24 ඇන්ගෝලාව 39.5 38.5 31.6 22.7 19.1
25 ලාඕසය 33.4 30.3 28.0 23.7 18.7
26 නැමිබියාව 22.1 21.9 17.5 17.1 18.4
27 උතුරු කොරියාව 18.8 22.6 22.5 20.0 18.0
28 කෙන්යාව 21.4 21.0 20.5 20.2 18.0
29 ලයිබීරියාව 23.4 28.2 24.7 20.6 17.9
30 නේපාලය 28.0 27.3 25.3 22.3 17.3
31 ගිනි 21.4 21.2 22.4 18.2 16.9
32 කාම්බෝජය 32.2 30.7 27.8 20.9 16.8
33 සිම්බාබ්වේ 20.0 22.0 21.7 20.5 16.5
34 ටජිකිස්තානය - 21.2 22.6 19.0 16.3
35 අයිවරි කෝස්ට් 16.3 16.5 17.3 16.4 16.1
36 ශ්‍රී ලංකාව 22.3 20.7 17.8 16.9 15.6
37 ගෞතමාලාව 15.0 16.1 17.0 17.0 15.5
38 Rwanda 30.8 37.3 29.0 23.6 15.3
39 රුවන්ඩාව 30.6 27.6 21.6 18.7 15.1
40 නයිජීරියාව 25.3 22.6 17.9 16.3 15.0
41 මාලි 27.4 26.9 24.3 20.7 14.8
42 ටොගෝ 23.0 19.1 20.4 18.2 14.7
43 කැමරූන් 23.7 23.8 20.3 16.3 14.5
44 ස්වාසිලන්තය 10.4 12.9 12.7 12.5 14.4
45 ගිනි-බිසව් 21.7 20.8 20.6 17.7 14.3
46 ගැම්බියාව 19.1 20.4 16.1 15.6 14.0
47 බොට්ස්වානා 16.8 17.0 17.8 16.3 13.9
48 සෙනගෝල් 18.1 19.8 19.2 13.7 13.8
49 බෙනින් 22.5 20.5 17.3 15.2 13.3
50 පිලිපීනය 19.9 17.4 17.7 14.0 13.2
51 මොරිටේනියාව 22.7 16.2 17.2 14.6 13.2
52 ලෙසොතෝව 13.2 14.6 14.6 14.9 12.9
53 බොලිවියාව 18.8 16.9 14.2 13.8 11.2
54 මොන්ගෝලියාව 19.7 23.6 18.5 14.1 10.8
55 පැරගුවේ 9.3 7.5 6.5 6.3 10.1
56 ඉන්දුනීසියාව 19.7 16.9 15.5 14.6 10.1

ආශ්‍රිත[සංස්කරණය]

  1. "ග්ලෝබල් හන්ගර් වර්සනිං, වෝර්න්ස් යූඑන්". බීබීසී (යුරෝපය). 14 ඔක්තොම්බර් 2009. http://news.bbc.co.uk/2/hi/europe/8306556.stm. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2010-08-22. 
  2. IFPRI/ Welthungerhilfe: ද චැලෙන්ජ් ඔෆ් හන්ගර් − ග්ලෝබල් හන්ගර් ඉන්ඩෙක්ස්: ෆැක්ට්ස්, ඩිටර්මිනන්ට්ස්, ඇන්ඩ් ට්‍රෙන්ඩ්ස්. කේස් ස්ටඩීස් ඔෆ් පෝස්ට් කන්ෆ්ලික්ට් කන්ට්‍රීස් ඔෆ් ඇෆ්ගන්තාන් ඇන්ඩ් සියෙරා ලියෝන්. බොන්, ඔක්තොම්බර් 2006.
  3. IFPRI/ Concern/ Welthungerhilfe: ද චැලෙන්ජ් ඔෆ් හන්ගර් 2007 − ග්ලෝබල් හන්ගර් ඉන්ඩෙක්ස්: ෆැක්ට්ස්, ඩිටර්මිනන්ට්ස්, ඇන්ඩ් ට්‍රෙන්ඩ්ස් 2007. මෙෂර්ස් බීං ටේකන් ටු රිඩියුස් ඇකියුට් අන්ඩර්නරිෂ්මන්ට් ඇන්ඩ් ක්රොනික් හන්ගර්. බොන්, ඔක්තොම්බර් 2007.
  4. IFPRI/ Concern/ Welthungerhilfe: ග්ලෝබල් හන්ගර් ඉන්ඩෙක්ස් − ද චැලෙන්ජ් ඔෆ් හන්ගර් 2008. බොන්, වොෂිංටන් ඩී.සී., ඩබ්ලින්. ඔක්තොම්බර් 2008.
  5. IFPRI/ Concern/ Welthungerhilfe: 2009 ග්ලෝබල් හන්ගර් ඉන්ඩෙක්ස් − ද චැලෙන්ජ් ඔෆ් හන්ගර්: ෆෝකස් ඔන් ෆයිනෑංෂල් ක්‍රයිසිස් ඇන්ඩ් ජෙන්ඩර් ඉන්ඊක්වලිටි. බොන්, වොෂිංටන් ඩී. සී., ඩබ්ලින්. ඔක්තොම්බර් 2009.
  6. IFPRI/ Concern/ Welthungerhilfe: 2010 ග්ලෝබල් හන්ගර් ඉන්ඩෙක්ස් ද චැලෙන්ජ් ඔෆ් හන්ගර්: ෆෝකස් ඔන් ද ක්‍රයිසිස් ඔෆ් චයිල්ඩ් අන්ඩර්නියුට්‍රිෂන්. බොන්, වොෂිංටන් ඩී. සී., ඩබ්ලින්. ඔක්තොම්බර් 2011.
  7. IFPRI/ Concern/ Welthungerhilfe: 2011 ග්ලෝබල් හන්ගර් ඉන්ඩෙක්ස් - ද චැලෙන්ජ් ඔෆ් හන්ගර්: ටේමිං ප්‍රයිස් ස්පයික්ස් ඇන්ඩ් එක්සෙසිව් ෆුඩ් ප්‍රයිස් වොලටිලිටි. බොන්, වොෂිංටන් ඩී. සී., ඩබ්ලින්. ඔක්තොම්බර් 2011.
  8. IFPRI/ Concern/ Welthungerhilfe: 2012 ග්ලෝබල් හන්ගර් ඉන්ඩෙක්ස් - ද චැලෙන්ජ් ඔෆ් හන්ගර්: එන්ෂුවරිං සස්ටේනබල් ෆුඩ් සෙකියුරිටි අන්ඩර් ලෑන්ඩ්, වෝටර්, ඇන්ඩ් එනර්ජි ස්ට්‍රෙසර්ස්. බොන්, වොෂිංටන් ඩී. සී., ඩබ්ලින්. ඔක්තොම්බර් 2012.
  9. 9.0 9.1 Welthungerhilfe, IFPRI, and Concern Worldwide: 2013 ග්ලෝබල් හන්ගර් ඉන්ඩෙක්ස් - ද චැලෙන්ජ් ඔෆ් හන්ගර්: බිල්ඩිං රෙසිලියන්ස් ටු අචීව් ෆුඩ් ඇන්ඩ් නියුට්‍රිෂන් සෙකියුරිටි. බොන්, වොෂිංටන් ඩී. සී., ඩබ්ලින්. ඔක්තොම්බර් 2013.
  10. 10.0 10.1 Welthungerhilfe, IFPRI, and Concern Worldwide. 2013. 2013 ග්ලෝබල් හන්ගර් ඉන්ඩෙක්ස්. ඉස්‍යු බ්‍රීෆ් No. 79. වොෂිංටන්, ඩීසී
  11. ඉන්ටර්නැෂනල් ෆූඩ් පොලිසි ඉන්ස්ටිට්‍යුට්. 2010. 2010 ග්ලෝබල් හන්ගර් ඉන්ඩෙක්ස්. ඉෂ්‍යු බ්‍රීෆ් No. 65. වොෂිංටන්, ඩීසී
  12. IFPRI/ Welthungerhilfe/ Concern. 2011. 2011 ග්ලෝබල් හන්ගර් ඉන්ඩෙක්ස්. ඉෂ්‍යු බ්‍රීෆ් No. 69. වොෂිංටන්, ඩීසී
  13. IFPRI/ Welthungerhilfe/ Concern. 2012. 2012 ග්ලෝබල් හන්ගර් ඉන්ඩෙක්ස්. ඉෂ්‍යු බ්‍රීෆ් No. 70. වොෂිංටන්, ඩීසී
  14. මෙනන්, පූර්ණිමා / ඩියොලලිකාර්, අනිල් / බාෂ්කර්, අන්ජෝර්: ඉන්ඩියා ස්ටේට් හන්ගර් ඉන්ඩෙක්ස් (2009): කම්පැරිසන් ඔෆ් හන්ගර් අක්‍රෝස් ස්ටේට්ස්
  15. ෂ්මිට්, එමිලි / ඩොරෝෂ්, පෝල් (ඔක්තොම්බර් 2009): අ සබ්-නැෂනල් ඉන්ඩෙක්ස් ෆෝ ඉතියෝපියා: ඇසෙසිං ප්‍රොග්‍රෙස් ඉන් රීජන් -ලෙවල් අවුට්කම්ස්. ජාත්‍යන්තර ආහාර ප්‍රතිපත්ති පර්යේෂණ ආයතනය (IFPRI) සහ ඉතියෝපියානු සංවර්ධන පර්යේෂණ ආයතනය (EDRI): ESSP-II සාකච්ඡා පත්‍රිකා 5
"https://si.wikipedia.org/w/index.php?title=ගෝලීය_කුසගිනි_දර්ශකය&oldid=286192" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි