Jump to content

වන්වර්ල්ඩ්

විකිපීඩියා වෙතින්
වන්වර්ල්ඩ්
oneworld
ආරම්භය1999 පෙබරවාරි1
සාමාජිකයින් සංඛ්‍යාව15
ඡන්දය අහිමි සාමාජිකයින් සංඛ්‍යාව1 (අක්‍රීය සාමාජිකයා); 30 (අනුබද්ධ)
අනාගත සාමාජිකයින් සංඛ්‍යාව1 (අනුබද්ධ)
ගමනාන්ත ගුවන්තොටුපළ සංඛ්‍යාව982
ගමනාන්ත රටවල් සංඛ්‍යාව150
වාර්ෂික මගීන් සංඛ්‍යාව (මිලියන)496.4 [1]
යානා බළඇණි ප්‍රමාණය3,303[1]
කළමණාකාරීත්වය
ආදර්ශ පාඨයAn alliance of the world's leading airlines working as one.
(ලෝකයේ ප්‍රමුඛතම ගුවන් සේවාවන්, එකෙකු මෙන් වැඩකරන සන්ධානයක්)
ප්‍රධාන මූලස්ථානයනිව්යෝර්ක් සිටි, නිව්යෝර්ක්, එක්සත් ජනපදය
වෙබ් අඩවියoneworld.com

වන්වර්ල්ඩ් (Oneworld) යනු 1999 වර්ෂයේ පෙබරවාරි 1 වැනිදා පිහිටුවා ගන්නා ලද, ගුවන්ගමන් සේවා සන්ධානයකි. ලෝකයේ ප්‍රධාන ගුවන්සේවා සන්ධාන හතර අතුරින්, නිතර ජාත්‍යන්තර සංචරණයේ යෙදෙන්නන්ගේ පළමු තේරීම බවට පත්වීම, මෙම ගුවන් සේවා සන්ධානයේ ප්‍රධාන අරමුණයි. මෙහි මධ්‍යම සන්ධාන කාර්යාලය ඇමරිකාවේ නිව්යෝර්ක් වල, නිව්යෝර්ක් සිටි හී පිහිටුවා තිබෙයි. මෙම සන්ධානයේ වර්ථමාන සාමාජිකයින් වන්නේ එයාර් බර්ලින්, ඇමරිකන් එයාර්ලයින්ස්, බ්‍රිටිෂ් එයාර්වේස්, කැතේ පැසිෆික්, ෆින්එයාර්, Iberia, ජැපෑන් එයාර්ලයින්ස්, LAN එයාර්ලයින්ස්, මැලේසියා එයාර්ලයින්ස්, Qantas, කටාර් එයාර්වේස්, රෝයල් ජෝර්දානියන්, S7 එයාර්ලයින්ස්, TAM එයාර්ලයින්ස් සහ ශ්‍රීලංකන් එයාර්ලයින්ස් ඇතුළු ඊට අනුබද්ධ තවත් උප ගුවන් සේවා 30 ක පමණ ප්‍රමාණයකි. 2014 මාර්තු 31 වනදා වන විට වන්වර්ල්ඩ් ගුවන් සන්ධානය, ගුවන්මගීන් මිලියන 496.4 කට පමණ සේවාව සපයන ලද ලොව තුන්වන ප්‍රධාන ගුවන් සේවාව බවට පත්විය (ස්ටාර් අලියන්ස් (මිලියන 637.6)[2] සහ ස්කයි ටීම් (මිලියන 588) වලින් පසු.[3]). වන්වර්ල්ඩ් හී ආදර්ශපාඨය වන්නේ, "ඇන් අලියන්ස් ඔෆ් ද වර්ල්ඩ්'ස් ලීඩින් එයාර්ලයින්ස් වර්කින් ඈස් වන් (ලෝකයේ ප්‍රමුඛතම ගුවන් සේවාවන්, එකෙකු මෙන් වැඩකරන සන්ධානයක්)" යන්නයි.

2013 ඔක්තෝම්බර් මස වන විට සන්ධානයේ සාමාජික ගුවන්සේවා විසින්, සාමූහික වශයෙන් යානා 3,300 ක පමණ ප්‍රමාණයක් හසුරුවා තිබූ අතර, 150 කට වැඩි රටවල් ප්‍රමාණයක ගුවන්තොටුපල දහසකට පමණ සිය සේවාවන් සපයා තුබුණි. මීට අමතරව දෛනික පිටත්වීම් 14,000 ක ප්‍රමාණයක් මගින්, ගුවන් මගීන් මිලියන 475 ක පමණ පිරිසක් ප්‍රවාහනය කොට, ඉන් වාර්ෂිකව අමෙරිකා ඩොලර් බිලියන 140 කට වඩා වැඩි සමස්ථ ආදායම් ප්‍රමාණයක්, වන්වර්ල්ඩ් ගුවන්සේවා සන්ධානයේ සාමාජිකයින් විසින් උපයා ගෙන තිබුණි.

ගුවන්සේවා සාමාජිකයින්

[සංස්කරණය]
ඇමෙරිකන් එයාර්ලයින්ස්, බ්‍රිටිෂ් එයාර්වේස්, කැනේඩියන් එයාර්ලයින්ස්, කැතේ පැසිෆික් සහ කැන්ටාස් ගුවන් සේවාවන්. (සන්ධානයේ ආරම්භක සාමාජිකයෝ).
ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් සේවාවට අයත් යානාවක්
ෆින්එයාර් ගුවන් සේවයට අයත් යානාවක්
S7 ගුවන් සේවයට අයත් යානාවක්

පූර්ණ සාමාජිකයින් හා අනුබද්ධ ගුවන් සේවාවන්

[සංස්කරණය]
සාමාජික ගුවන්සේවය[4] එක්වීම අනුබද්ධ සාමාජිකයින්[5][6]
ජර්මනිය එයාර් බර්ලින් 2012 මාර්තු 20 ඔස්ට්‍රියාව Niki
එක්සත් ජනපද ඇමරිකන් එයාර්ලයින්ස්[A] 1999 පෙබරවාරි 1 එක්සත් ජනපද American Eagle, මෙහෙයවනු ලබන්නේ


    එක්සත් ජනපද Envoy Air
    එක්සත් ජනපද Chautauqua Airlines
    එක්සත් ජනපද ExpressJet
    එක්සත් ජනපද Republic Airlines
    එක්සත් ජනපද SkyWest Airlines
එක්සත් ජනපද US Airways
එක්සත් ජනපද US Airways Express, මෙහෙයවනු ලබන්නේ
    එක්සත් ජනපද Air Wisconsin
    එක්සත් ජනපද Chautauqua Airlines
    එක්සත් ජනපද Mesa Airlines
    එක්සත් ජනපද Piedmont Airlines
    එක්සත් ජනපද PSA Airlines
    එක්සත් ජනපද Republic Airlines
    එක්සත් ජනපද SkyWest Airlines
    එක්සත් ජනපද Trans States Airlines
    එක්සත් ජනපද US Airways Shuttle

එක්සත් රාජධානිය බ්‍රිටිෂ් එයාර්වේස්[A] 1999 පෙබරවාරි 1 එක්සත් රාජධානිය BA CityFlyer
එක්සත් රාජධානිය British Airways Limited [7]
දකුණු අප්‍රිකාව Comair
ප්‍රංශය OpenSkies
ඩෙන්මාර්කය Sun Air of Scandinavia
හොංකොං කැතේ පැසිෆික්[A] 1999 පෙබරවාරි 1 හොංකොං  Dragonair
ෆින්ලන්තය ෆින්එයාර් 1999 පෙබරවාරි 1 ෆින්ලන්තය Flybe Nordic
ස්පාඤ්ඤය අයිබීරියා 1999 පෙබරවාරි 1 ස්පාඤ්ඤය Iberia Regional, මෙහෙයවනු ලබන්නේ


    ස්පාඤ්ඤය Air Nostrum
ස්පාඤ්ඤය Iberia Express

ජපානය ජැපෑන් එයාර්ලයින්ස් 2007 අප්‍රියෙල් 1 ජපානය J-Air
ජපානය JAL Express
ජපානය Japan Transocean Air
චිලි LAN එයාර්ලයින්ස් 2000 ජුනි 1 ආර්ජන්ටිනාව LAN Argentina
ඉක්වදෝරය LAN Ecuador
චිලි LAN Express
පේරූ LAN Perú
කොලොම්බියාව LAN Colombia
මලයාසියාව මැලේසියා එයාර්ලයින්ස් 2013 පෙබරවාරි 1 අදාළ නොවේ
ඕස්ට්‍රේලියාව කැන්ටාස් (Qantas)[A] 1999 පෙබරවාරි 1 නවසීලන්තය Jetconnect
ඕස්ට්‍රේලියාව QantasLink
කාටාර් කටාර් එයාර්වේස් 2013 ඔක්තෝම්බර් 30 අදාළ නොවේ
ජෝර්දානය රෝයල් ජෝර්ධානියන් 2007 අප්‍රියෙල් 1 අදාළ නොවේ
රුසියාව එස්7 එයාර්ලයින්ස් 2010 නොවැම්බර් 15 රුසියාව Globus Airlines
ශ්‍රී ලංකාව ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් 2014 මැයි 1 අදාළ නොවේ
බ්‍රසීලය TAM එයාර්ලයින්ස් 2014 මාර්තු 31 අදාළ නොවේ

A ආරම්භක සාමාජිකයින්[8]

අක්‍රීය සාමාජිකයින් සහ අනුබද්ධ ගුවන් සේවාවන්

[සංස්කරණය]
අක්‍රීය සාමාජික ගුවන් සේවය එකතු වීම අක්‍රීය වීම අක්‍රීය අනුබද්ධ ගුවන් සේවය
මෙක්සිකෝව Mexicana de Aviación[A] 2009 නොවැම්බර් 102010 අගෝස්තු 28මෙක්සිකෝව MexicanaClick
මෙක්සිකෝව MexicanaLink

A මූල්‍යමය අර්බුධයකට ලක්වීම නිසා සිය මෙහෙයුම් 2010 අගා්ස්තු 28 වන දින අත්හිටුවන ලදී. සන්ධානය හැරගොස් නොමැති බැවින්, අක්‍රීය සාමාජිකයෙකු ලෙස නම් කොට තිබේ.[9]

හිටපු සාමාජිකයින් සහ අනුබද්ධ ගුවන් සේවාවන්

[සංස්කරණය]

ඉන්දියාවේ කින්ග්ෆිෂර් (Kingfisher) ගුවන් සේවය වන්වර්ල්ඩ් වෙත එකතු වීමට 2012 පෙබරවාරි 10 දින සූදානම්ව සිටියත් මූල්‍යමය දුෂ්කරතා හේතුවෙන්, සන්ධානයට එක් නොවිණි.[10][11][12]

හිටපු සාමාජික ගුවන්සේවය එකතුවීම ඉවත්වීම අනුබද්ධ ගුවන් සේවා
අයර්ලන්ත සමූහාණ්ඩුව Aer Lingus[A] 2000 ජුනි 12007 අප්‍රියෙල් 1
කැනඩාව කැනේඩියන් එයාර්ලයින්ස්[B] 1991 පෙබරවාරි 12000 ජුනි 1කැනඩාව Calm Air
කැනඩාව Canadian North
කැනඩාව Canadian Regional Airlines
කැනඩාව Inter-Canadien
හන්ගේරියාව Malév[C] 2007 මාර්තු 292012 අප්‍රියෙල් 1

A ව්‍යාපාරික මූලෝපායන් වෙනස්කිරීම නිසා ස්වේච්ඡාවෙන් ඉවත්ව ගිය[13]
B සන්ධානයේ ආරම්භක සාමාජිකයෙකු වූවත්, ස්ටාර් අලියන්ස් සාමාජිකයෙකු වූ එයාර් කැනඩා ගුවන් සේවය යටතට පත්වූ නිසා, වන්වර්ල්ඩ් සන්ධානයෙන් ඉවත් විය.[8][14]
C මූල්‍යමය බිඳවැටීම් නිසා ඉවත් වූ

හිටපු අනුබද්ධ සාමාජිකයින් එකතුවීම ඉවත්වීම අනුබද්ධතාව
ප්‍රංශය Air Liberté[A] 19992000එක්සත් රාජධානිය බ්‍රිටිෂ් එයාර්වේස්
ඕස්ට්‍රේලියාව Impulse Airlines 20012004ඕස්ට්‍රේලියාව කැන්ටාස්
එක්සත් රාජධානිය BA Connect[A] 19992007එක්සත් රාජධානිය බ්‍රිටිෂ් එයාර්වේස්
එක්සත් රාජධානිය British Mediterranean Airways[A] 19992007එක්සත් රාජධානිය බ්‍රිටිෂ් එයාර්වේස්
ජර්මනිය Deutsche BA[A] 19992006එක්සත් රාජධානිය බ්‍රිටිෂ් එයාර්වේස්
එක්සත් රාජධානිය GB Airways[A] 19992008එක්සත් රාජධානිය බ්‍රිටිෂ් එයාර්වේස්
ජපානය JALways 20072010ජපානය ජැපෑන් එයාර්ලයින්ස්
ජපානය Japan Asia Airways 20072008ජපානය ජැපෑන් එයාර්ලයින්ස්
එක්සත් රාජධානිය Loganair[A] 19992008එක්සත් රාජධානිය බ්‍රිටිෂ් එයාර්වේස්
නවසීලන්තය Qantas New Zealand 20002001ඕස්ට්‍රේලියාව කැන්ටාස්
කෙන්යාව Regional Air (Kenya) 20012005එක්සත් රාජධානිය බ්‍රිටිෂ් එයාර්වේස්
ඕස්ට්‍රේලියාව Southern Australia Airlines[A] 19992002ඕස්ට්‍රේලියාව කැන්ටාස්

A ආරම්භක, අනුබද්ධ ගුවන්සේවා සාමාජිකයින්

ශ්‍රී ලංකාවේ එක්වීම

[සංස්කරණය]

2014 මැයි 1 වැනිදින මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ පැවැති, මෙම එකතු වීම වෙනුවෙන් සංවිධානය කොට තිබූ උත්සවයේදී, “වන්වර්ල්ඩ්“ ගෝලීය ගුවන් සේවා සන්ධානය සමග ශ්‍රී ලංකන් ගුවන් සමාගම නිල වශයෙන් අත්වැල් බැඳගන්නා ලදී. මේ අනූව මෙවැනි ගුවන් සේවා සන්ධානයකට එක්වූ පළමු දකුණු ආසියානු ගුවන් සේවය වන්නේද, ශ්‍රී ලංකන් ගුවන් සේවය වේ.[15]

ආශ්‍රිත

[සංස්කරණය]
  1. 1 2 "oneworld at a glance" Oneworld. 31 March 2014. Retrieved 5 April 2014
  2. "ෆැක්ට්ස් ඇන්ඩ් ෆිගර්ස්" (PDF). ස්ටාර් අලියන්ස්. 31 මාර්තු 2014.
  3. "ෆැක්ට් ශීට්". ස්කයි ටීම්. 5 මාර්තු 2014. 7 මාර්තු 2014 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී.
  4. "Oneworld member airlines". Oneworld. සම්ප්‍රවේශය 8 August 2009.
  5. "Oneworld airline affiliates". Oneworld. සම්ප්‍රවේශය 8 August 2009.
  6. airline affiliates. oneworld (2013-08-12). Retrieved on 2013-08-16.
  7. "BA Launches New Subsidiary BA Ltd". Routesonline. සම්ප්‍රවේශය 2013-01-27.
  8. 1 2 "Five leading airlines to launch oneworld global alliance" (Press release). oneworld. 21 September 1998. සම්ප්‍රවේශය 5 August 2009.
  9. කරන්ට් ස්ටේටස් ඔෆ් මෙක්සිකානා ඉන් වන්වර්ල්ඩ්, Oneworld, http://www.oneworld.com/member-airlines/mexicana/
  10. "Government suspends Kingfisher Airline's licence over safety fears - The Times of India". Timesofindia.indiatimes.com. සම්ප්‍රවේශය 2013-05-22.
  11. "India's Kingfisher Airlines set to join oneworld alliance". Flykingfisher.com. සම්ප්‍රවේශය 2013-05-22.
  12. "India's Kingfisher Airlines to be part of oneworld from 10 February". Flykingfisher.com. සම්ප්‍රවේශය 2013-05-22.
  13. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; "EIleave2" නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  14. "Canadian to withdraw from Oneworld on June 1" (Press release). Oneworld. 14 March 2000. 19 July 2011 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 6 August 2009.
  15. සංරක්ෂිත පිටපත, http://www.adaderana.lk/biz/%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93-%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A-%E0%B7%80%E0%B6%B1%E0%B7%8A-%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A/, ප්‍රතිෂ්ඨාපනය 2014-05-01

බාහිර සබැඳි

[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=වන්වර්ල්ඩ්&oldid=593271" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි