Jump to content

කතරගම

කතරගම
  • கதிர்காமம்
  • Kataragama
කතරගම is located in ශ්‍රී ලංකාව
කතරගම
කතරගම
ඛණ්ඩාංක: 6°25′00″N 81°20′00″E / 6.41667°N 81.33333°E / 6.41667; 81.33333
රටශ්‍රී ලංකාව
පළාතඌව පළාත
දිස්ත්‍රික්කයමොණරාගල
වේලා කලාපශ්‍රී ලංකා සම්මත වේලා කලාපය (UTC+5:30)
 • ගිම්හානය (DST)Summer time (UTC+6)

කතරගම, යනු ආගමික ස්ථාන නිසා ප්‍රසිද්ධ ශ්‍රී ලංකාවේ ගම්මානයකි. ශ්‍රී ලංකාවේ මැණික් ගඟ අසබඩ, යාල ජාතික වනෝද්‍යානයට යාබදව පිහිටා ඇති ඓතිහාසික ප්‍රදේශයකි. පුරාණ රුහුණේ ප්‍රධාන නගරයක්ව පැවති මෙම ප්‍රදේශය, ඌව පළාතේ මොණරාගල දිස්ත්‍රික්කයේ පිහිටා ඇත. ශ්‍රී ලංකවේ වාණිජ නගරය වන කොළඹ සිට 228 km[convert: unknown unit] ක් දුරින් පිහිටා තිබේ.[තහවුරු කර නොමැත]

අතීතය

[සංස්කරණය]

පුරාතන යුගයේ දී කතරගම, ශ්‍රී ලංකාවේ ගිණිකොන දිග ප්‍රදේශයේ ප්‍රධාන නගරයක්ව පැවත පසුව පරිහානියට පත්ව වර්තමානයේ වේගයෙන් සංවර්ධනය වෙමින් පවතින නගරයක් බවට පත්වී ඇත. ඌව පළාතේ මොණරාගල දිස්ත්‍රික්කයේ පිහිටි ඓතිහාසික කතරගම නගරය දකුණු පළාතේ හම්බන්තොට දිස්ත්‍රික්කයට අයත්ව පිහිටා ඇත. එහි ඉතා පැරණි බෞද්ධ ස්ථූපයක් වන කිරිවෙහෙර ද ස්ථානගතව පවතී. මෙම නගරයට ක්‍රිස්තු පූර්ව සියවස් වලටත් වඩා එහාගිය අතීතයක් ඇත. මෙය රෝහණ රාජධානි සමයේ බොහෝ සිංහල රජවරුන්ගේ රාජ්‍ය වාසස්ථානය වී තිබුණි. 1950 වර්ෂයේ පමණ සිට මෙම නගරය නිරන්තර රාජ්‍ය ආයෝජන හේතුකොටගෙන පොදු ප්‍රවාහනය, වෛද්‍ය පහසුකම් සහ ව්‍යාපාර සංවර්ධනය හා හෝටල් සේවා වල දියුණුවක් අත්කරගෙන තිබේ.මෙහි ප්‍රධාන නිළය දරන්නේ බස්නායක නිළමේ තුමා ය.

සංචාරක ආකර්ෂණ

[සංස්කරණය]

අධ්‍යාපනය

[සංස්කරණය]

සිංහල මාධ්‍යයෙන් ප්‍රාථමික, ද්විතීක හා තෘතීක අධ්‍යාපනය ලබාදෙන රජයේ පාසල් ගණනාවක් මෙම ප්‍රදේශයේ පිහිටා ඇත.

ජනගහනය

[සංස්කරණය]

1800දී පමණ එනම් ජනාවාසය අත්හැර දැමීමෙන් අනතුරුව 1950 තෙක් එහි වාසය කලේ පවුල් සීමිත සංඛාවක් පමණි. නමුත් 1950න් අනතුරුව ජනගහන වර්ධනයක් සිදුවිය. මෙහි ජනගහනයෙන් බහුතරය සිංහල ජාතිකයන් වන අතර සුළුතර ශ්‍රී ලාංකික දෙමළ ජනයා තත් ජනගහනයට ආශ්‍රිතව වාසය කරයි. කතරගම දෙවියන් උදෙසා වාර්ශික උළෙල පවතින ජූලි-අගෝස්තු සමයේ ජනගහනය දස දහස් ගණනකින් පමණ වැඩිවේ. කතරගම ස්ථිර ජනගහනය 20,000කට අධික වේ(2010).

ජනවර්ගයජනගහනය% ප්‍රතිශතය
සිංහල19,81294.64
ශ්‍රී ලාංකික දෙමළ9214.40
ඉන්දියානු දෙමළ560.27
ශ්‍රී ලාංකික යෝනක1080.51
වෙනත්( බර්ගර් , මැලේ )380.18
එකතුව20,935100

Source: Statistical Information of Kataragama Divisional Secretariat සංරක්ෂණය කළ පිටපත 2011-10-03 at the Wayback Machine

ප්‍රවාහනය

[සංස්කරණය]

වර්ථමානයේ කතරගමට සංචාරය කරන බහුතරය භාවිතා කරන්නේ මෝටර් රථයි. නමුත් දියුණු ප්‍රවාහන මාධ්‍ය පවතින වර්තමානයේ පවා භක්තිමත් අනුගාමිකයන් පුරාතන චාරිත්‍ර අනුගමනය කරමින් පාගමනින්ම කතරගමට චාරිකා කරති. 1992 දී කොළඹ සිට මාතර දක්වා වූ දුම්රිය මාර්ගය කතරගම දක්වා දීර්ඝ කිරීමට යෝජනා කෙරින. මෙම දුම්රිය මාර්ග දිගුව අදියර තුනකින් සමන්විත වේ. පළමු අදියරෙන් රුපියල් මිලියන 60ක වියදමින් මාතර සිට බෙලිඅත්ත දක්වා කි.මී 27ක මාර්ගය ඉදිකිරීමට නියමිත අතර දැනටමත් රාජ්‍ය ඉන්ජිනේරු සංස්ථාව යටතේ නිල්වලා ගඟට ඉහලින් කරන ඉදිකිරීම් ආරම්භ කර ඇත. මුල් ව්‍යාපෘතිය වසර 6කදී සම්පූර්ණ කිරීමට නියමිත අතර සම්පූර්ණ ව්‍යාපෘතිය සඳහා රු බිලියන 3ක් වැයවනු ඇති බව ගණන් බලා ඇත.

අමතර අවධානයට

[සංස්කරණය]

මූලාශ්‍ර

[සංස්කරණය]

භාහිර සබැඳි

[සංස්කරණය]
  • "The Kataragama-Skanda website". Kataragama.org (ඉංග්‍රීසි බසින්).

06°25′00″N 81°20′00″E / 6.41667°N 81.33333°E / 6.41667; 81.33333

"https://si.wikipedia.org/w/index.php?title=කතරගම&oldid=753507" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි