විධායක ඡනාධිපති

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search

ඡේ.ආර් ඡයවර්ධනා.jpgආර්.ප්‍රේමදාස.jpgඩී.බී.විෙඡ්තුංග.JPGචන්දුකා බණ්ඩාරනායක.jpgමහින්ද රාඡපක්‍ෂ.gif




1978 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මඟින් හදුන්වාදුන් නවාංග අතුරින් එක් නවාංගයක් ලෙස විධායක ඡනාධිපතිධුරය හැඳින්විය හැක.78 ව්‍යවස්ථා‍වේ නිර්මාතෘ වු ඡෙ:ආර්:ඡයවර්ධන විසින් සුවිශේෂි බලතල රාශියක් විධායක ඡනපති සතු කිරීමට ක්‍රියා කර ඇත.ලංකාවේ මුල් ම විධායක ඡනාධිපති වු ‍ඡෙ: ආර්: ඡයවර්ධන ප්‍රකාශ කළේ "මට කළ නොහැක්කේ ගැහැණියක පිරිමියෙකු කිරීමත් පිරිමියෙකු ගැහැණියෙකු කිරිමත්ය යන්නයි" එම ප්‍රකාශය තුළින් විධායක ඡනපති සතු කර ඇති බලය මනාවට පිළිඹිඹු වේ.

විධායක ඡනාධිපති[සංස්කරණය]

"ඡනාධිපතිවරයෙක් වන්නේ ඔහු හෝ ඇය ආණ්ඩුවේ නායකයා,විධායකයේ ප්‍රධානියා,සන්නද්ධ සේවාවන්හි සේනා විධායකයා ද රාඡ්‍ය නායකයා ද වන්නේය" යන්න 78 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 38(1) ව්‍යවස්ථාව මඟින් ඡනාධිපති යන්න අර්ථ ගන්වා ඇත.78 ව්‍යවස්ථාව මඟින් සුපිරි බලතල භුක්ති විඳිනු ලබන ඡනාධිපතිධුරයක් හදුන්වා දී ඇත.ලංකාව උ‍දෙසා ප්‍රථම වරට ඡනාධිපති ධුරය හදුන්වා දුන්නේ 72 ව්‍යවස්ථාව තුළින්ය. එහෙත් ඒ නාමික විධායකයකි.නමුත් 78 ආණඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් පුර්ණ බලැති විධායකයක් හදුන්වා දෙන ලදි. 78 ව්‍යවස්ථාවට අනුව ඡනපතිගේ නිල කාලය වර්ෂ 06 කි.ඡනපති ඍඡු මහඡනඡන්දයෙන් ඡනාධිපතිවරණයකදී තෝරාපත් කර ගනු ලබයි.ඡනගති අගවිනිසුරු ඉදිරියේ දිවුරුම් දී වැඩභාරගනු ලබයි.ඡනපති තම ධුර කාලය තුළ ඉවත් කළ හැකි එකම ක්‍රමවේදය වන්නේදෝෂාභියෝගයකිනි.නමුත් එයද අනම්‍ය ක්‍රියාවලියකි. විචාරකයින් පවසන ආකාරයට ලෝකයේ ව්‍යවස්ථානුකුලව බලවත්ම ඡනපති ලෙස පිළිගනු ලබන්නේ 78 ව්‍යවස්ථාව මඟින් හදුන්වා දුන් ශ්‍රී ලංකාවේ විධායක ඡනාධිපති ධුරයයි.



විධායක ඡනපති තෝරා පත් කරගන්නා ආකාරය[සංස්කරණය]

78 ව්‍යවස්ථාවට අනුව ඡනාධිපති පත් වන්නේ සමානුපාතික ක්‍රමයේ එන මාරු කල හැකි තනි ඡන්ද ක්‍රමයට ‍හෙවත් stv ක්‍රමයටය.එහි දී ප්‍රකාශිත ඡන්ද වලින් 50% කට වඩා ඡන්ද ලබා ගන්නා අ‍ෂේක්‍ෂකයා ඡනාධිපති ධුරය උදෙසා තෝරා පත් කරලනු ලබයි.ඡනාධිපතිවරණයේදී ශ්‍රී ලංකාව එකම ඡන්ද කොට්ඨාශයක් ලෙස පිළිගනු ලබයි. ඡනපති අපේක්‍ෂකත්වය සඳහා පහත සඳහන් මුලික සුදුසුකම් සම්පූර්ණ කළ යූතුයි.

  1. වයස අවුරුදු 30 ඉක්ම විය යුතුය.
  2. ශ්‍රී ලංකා පූරවැසියෙක් විය යුතුය.
  3. දෙවරකට වඩා ඡනාධිපති වුවෙක් නොවිය යුතුය.
  4. දෝෂාභියෝගයකින් ඉවත් කල අයෙකු නොවිය යුතුය.

ඉහත සූදූසූකම් සපුරා ඇති පුද්ගලයෙකුට ඡනපති අපේක්‍ෂකත්වය ක්‍රම දෙකකට ලබා ගත හැක.

  1. දේශපාලන පක්‍ෂයකින්
  2. ස්වාධීනව
  • දේශපාලන පක්‍ෂයකින් ඉදිරිපත් වන්නේ නම්,ඉහත සුදුසුකම් සම්පුර්ණ කළ පක්‍ෂය නම් කරන ඕනෑම අයෙකුට ඉදිරිපත් විය හැක.එහි දී ඔහු හෝ ඇය රුපියල් 50000 ක මුදලක් බැඳිය යුතුය.
  • ස්වාධීනව නම්,ඉහත දැක් වු මුලික සුදුසුකම්වලට අමතරව ඡනපති අ‍පේක්‍ෂකයා වත්මන් පාරිලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් විය යුතුය,නොයසේනම් හිටපු මන්ත්‍රීවරයෙක් විය යුතුය.ස්වාධීන අපේක්‍ෂකයා රුපියල් 75000 ක මුදලක් ගෙවිය යුතුය.
  • ඡනාධිපතිධූරය උදෙසා අපේක්‍ෂකයින් දෙදෙනෙක් ඉදිරිපත් වන්නේ නම් ඡන්දදායකයාට තමා කැමති අපේක්‍ෂකයෙකුට ඡන්දය ලබා දිය හැකිය.එහි දී 50%කට වඩා ඡන්දප්‍රතිශතයක් ලබා ලන්නා අපේක්‍ෂකයා ඡනපති ලෙස තෝරා පත් කර ගනු ලබයි.
  • ඡනාධිපතිවරණය උදෙසා අපේක්‍ෂකයින් තිදෙනෙකු ඉදිරිපත් වී ඇති මොහොතක ,ඡන්දදායකයාට මනාප දෙකක් සලකුණූ කිරීමට අවස්ථාව සැලසේ.එහි දී පළමු‍වෙන් ගනණය කරන්නේ පළමු මනාපයයි.50%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගෙන ඇති අපේක්‍ෂකයා ඡනපති ලෙස පත් වේ.කිසිදු අපේක්‍ෂකයෙකු හෝ 50%ක් ලබාගෙන නොමැති නම් මුල්වටයේ දී වැඩිම ඡන්ද ලබා ගත් දෙදෙනා පමණක් තෝරා ගෙන ඉතිරි අපේක්‍ෂකයින් ඉවත් කර ,ඉවත් වූ අපේක්‍ෂකයින්ගේ දෙවන මනාපය සක්‍රීය ඡන්දයක් සේ පිළිගෙන යට කී අපේක්‍ෂකයින්ගේ ඡන්ද වලට පිළිවෙළින් එකතු කරනු ලැ‍බේ.එහි දි ඉදිරියෙන්ම සිටින අපේක්‍ෂකයා ඡනපති ලෙස තෝරා පත් කරගනු ලබයි.
  • ඡනාධිපතිවරණය උදෙසා අපේක්‍ෂකයින් තිදෙනෙකුට වඩා ඉදිරිපත් වන්නේ නම් 1,2,3 වශයෙන් මනාප 03ක් පළ කිරීමේ හැකියාව ඡන්දදායකයාට හිමි වේ.පළමු වටයේ දී 50%ක ඡන්දප්‍රතිශතයක් ලබා ඇති අපේක්‍ෂකයා ඡනපති ලෙස තෝරා ගනී.නමුත් මුල් වටයේ දී 50%ක් ලබා ‍ගෙන නොමැතිනම්,මුල් වටයේ දී වැඩිම ඡන්ද ලබාගත් අපේක්‍ෂකයින් පමණක් තෝරා ගෙන ඉතිරි අපේක්‍ෂකයින් ඉවත් කරනූ ලැබේ.ඉවත් කළ අපේක්‍ෂකයින්ගේ ඡන්ද පත්‍රිකාවල ඇති දෙවන මනාපය සක්‍රීය ඡන්දයක් සේ පිළිගෙන වැඩිම ඡන්ද ලබාගත් අපේක්‍ෂකයින් දෙදෙනාගේ ඡන්දවලට එකතු කරනු ලබයි.එහි දී 50%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා නොමැති නම්,ඉවත් කරන ලද අපේක්‍ෂකයින්ගේ තෙවන මනාපය ගනන් කර යට කී අපේක්‍ෂකයින්ගේ ඡන්දවලට එකතු කරනු ලබයි.එහි දී ඉදිරියෙන්ම සිටින අපේක්‍ෂකයාට ඡනපතිධූරය හිමි වේ.

විධායක ඡනපති සතු බලතල[සංස්කරණය]

විධායක ඡනපති සතු බලතල ව්‍යවස්ථාදායක,විධායක,අධිකරණ වශයෙන් වර්ගීකරණයට ලක් කල හැක.

ව්‍යවස්ථාදායක බලතල[සංස්කරණය]

  • පාර්ලිමේන්තුව කැඳවීම,කල් තැබීම හා විසූරැවා හැරීම

පාර්ලිමේන්තුව කැඳවීම,කල් තැබීම,විසුරැවා හරිනු ලබන්නේ ද ඡනාධිපති විසිනි.නමුත් ඡනාධිපතිට පාරිලිමේන්තුව විසුරැවා හැරිය නොහැකි අවස්ථාද ඇත,ඒ වර්ෂයකට දෙවරක්,අභිනව පාර්ලිමේන්තුව පත් වී මුල් වර්ෂය තුල හා දෝෂාභියෝගයක් පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුලත් කර ඇති අවස්ථා‍වේ දීය.


  • ඡනමත විචාරණ කැඳවිමේ බලය
  • මන්ත්‍රීවරුන්ට ඇමතිධූර පිරිනැමිම
  • විශේෂ අවස්ථාවන්හි දී පාර්ලිමේන්තුවේ මුලසුන දැරීම

විධායක බලතල[සංස්කරණය]

  • අගමැති පත් කිරීම

78 ව්‍යවස්ථාවට අනුව අගමැති පත් නිරීමේ පූර්ණ බලතල භුක්ති විඳිනු ලබන්නේ ඡනිධිපතිවරයාය.පාර්ලිමේන්තුවේ උපරිම විශ්වාසය දිනාගෙන ඇතැයි ඡනාධිපති සිතන්නේ කවරෙක් ද ඔහු හෝ ඇය අගමැති වශයෙන් පත් කළ යූතුය යන්න ව්‍යවස්ථාවේ දැක්වේ.එනම්,පාර්ලිමේන්තුවේ විශ්වාසවන්තයා නිගමනය කිරීමේ අවස්ථාව ඡනපති සතු වේ.මේ සඳහා හොඳම නිදර්ශනයක් ලෙස ආර්:ප්‍රේමදාස ඡනාධිපති විසින් පාර්ලිමේන්තුවේ පසුපෙළ ආසනයේ මන්ත්‍රීවරයෙකු වු ඩී:බී:විඡෙතුංග පත් කිරීම දැක්විය හැක.

  • කැබිනට් මණ්ඩලය පත් කිරීම
  • ප්‍රතිපත්ති ප්‍රකාශනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම
  • හදිසි නීතිය,ඇඳිරි නීතිය,යූද්ධය හෝ සාමය ප්‍රකාශ කිරීම
  • ඉහළ රාඡ්‍ය නිළධාරීන් පත් කිරීම
  • තානාපතිවරු,මහකොමසාරිස්වරු පත් කිරීම


  • ඔම්බූස්මන් පත් කිරීම
  • විදෙස් ගිවිසූම් වලට එළැඹිම

උදා:1987 ඉන්දු ලංකා ගිවිසුම

  • පළාත් සභාවන් උදෙසා ආණඩුකාරවරු පත් කිරීම
  • විශ්ව විද්‍යාලවල උපකුලපතිවරු පත් කිරීම
  • රාඡ්‍ය සේවා කොමිසමේ සාමාඡිකයින් පත් කිරීම



අධිකරණ බලතල[සංස්කරණය]

  • ඉහළ උසාවිවල විනිසුරුවන් පත් කිරීම
  • වරදකරුවන්ට සමාව දීම
  • නීතිපති පත් කිරීම
  • අධිකරණ සේවා කොමිසමේ සාමාඡිකයින් පත් කිරීම

මෙම බලතල වලට අමතරව ඡනපති ලංකාවේ ප්‍රථම පූරවැසියා වීම නිසාවෙන් ගෞරවනීය බලතල කිහිපයකට ද හිමිකම් කියනූ ලැබේ.ඒ,

  • ඡාතිය ඇමතිමේ බලය
  • රාඡ්‍ය උත්සව වලදී මූලාසනය දැරීම
  • නම්බුනාම පිරිනැමී ම
  • රාඡ්‍ය මුද්‍රව යෙදීම යනාදියයි.


විධායක ඡනාධිපති ඉවත් කිරීමේ විධිවිධාන[සංස්කරණය]

78 ව්‍යවස්ථාවට අනුව ඡනපති නිලකාලය තුල ඉවත් කල හැකි එකම ක්‍රමවේදය වන්නේ දෝෂාභියෝගයක් පදනම් කරගෙනය.ඒ පිළිබඳ විධාවිධාන 78(38-2) ව්‍යවස්ථාව තුල අන්තර්ගත කර තිබේ.ඡනපතිට එරෙහිව සෝෂාභියෝගයක් ඉදිරිපත් කිරීමට නම් පහත සඳහන් චෝදනා වලින් එකක් හෝ කිහිපයක් හෝ සියල්ලටම ඡනපති වැරදිකරුවෙක් විය යුතු වේ.

  1. රාඡ්‍ය ද්‍රෝහි විම
  2. චේතාන්විතව ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම
  3. චරිත දුෂණය
  4. අල්ලස
  5. නිලයේ කටයුතු කල නොහැකි ආකාරයේ මානසික හෝ ශාරීරික විකෘතිභාවයෙන් පෙළිම යන කරැණුය.


දෝෂාභියෝගය ක්‍රියාත්මක කරන ආකාරය[සංස්කරණය]

  • ඡනපතිට එරෙහි දෝෂාභියෝගය උදෙසා ඉහත සඳහන් චෝදනා වලින් එකක් හෝ කිහිපයක් හෝ සියල්ලම අඩංගු කරමින් පළමුවෙන් ම කල යුත්තේ පෙත්සමක් සකස් කිරීමය.
  • ඉන් අනතුරුව ,පෙත්සම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අතර මන්ත්‍රීවරු 2/3ක අත්සන් ලබාගත යුතු වේ.ඉන් අනතුරුව 2/3ක අත්සන් සහිත දෝෂාභියෝගය කතානායකවරයා වෙත යොමු කල යුතු වේ.අත්සන් 2/3ක් ඇත්නම් දෝෂාභියෝගය අනිවාර්යෙන්ම කතානායකට පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුලත් කිරීමට සිදුවේ.
  • දෝෂාභියෝගය පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුලත් කිරීමත් සමඟ ඡනපති සතු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ සහ කල්තැබිමේ බලය අහෝසි වේ.
  • දෝෂාභියෝගය පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුලත් කිරීමෙන් අනතුරුව ඒ පිළිබඳ විවාදය අරඹනු ලැබේ.විවාදය අවසානව‍යේ පැවැත්වෙන ඡන්ද විමසිමෙන් පාර්ලිමේන්තුවට පැමිණි හා නොපැමිණි මන්ත්‍රීවරුන්ද ඇතුලත්ව දෝෂාභියෝගය 2/3කන් අනුමත විය යුතුය.
  • ඉන් අනතුරුව දෝෂාභියෝගය ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කරනු ලැ‍‍බේ.එහි දී දෝෂාභියෝගය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණ පරික්‍ෂණයක් සිදු කරනු ලබයි.ඉන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දෝෂාභියෝගය අනුමත කල යුතු වේ.
  • අධිකරණ අධික්‍ෂණයෙන් අනතුරුව දෝෂාභියෝගය නැවතත් පාර්ලිමේන්තුවට යොමු කරනු ලැබේ.ඒ දෝෂාණියෝගය පිළිබඳ අවසන් විවාදය උදෙසාය.විවාදය අවසානයේ පැවැත් වෙන ඡන්ද විමසිමෙන් පාර්ලිමේන්තුව‍ට පැමිණි හා නොපැමිණි මන්ත්‍රීවරු 2/3කින් දෝෂාභියෝගය සම්මත විය යුතුය.
  • එසේ දෝෂාභියෝගය සම්මත වුවහොත් ඡනපති සතු සියලු බලතල අහිමි ෙව්.

මුලාශ්‍ර[සංස්කරණය]

  • ලංකාදීප පුවත්පත(1990.01.08)

අඩවිෙයන් බැහැර පිටු[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=විධායක_ඡනාධිපති&oldid=170425" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි