විකිපීඩියා:කෝපි කඩේ (යෝජනා)/Archive 2

විකිපීඩියා වෙතින්
කෝපි කඩේ: ප්‍රතිපත්තිතාක්ෂණිකයෝජනා (persistent)පර්යේෂණාගාරයMiscellaneous

Install Narayam in Sinhala wiki project[සංස්කරණය]

මෙය ඔබ දැනටමත් දන්නා කරුණක් විය හැකිය. පළමුව http://sa.wikipedia.org වෙත යන්න. එහිදී ඔබට Input Method යනුවෙන් මෙනුවක් පිටුවල ඉහලින්ම දැකිය හැකි වෙයි. එමගින් ඔබට Sanskrit Transliteration ටයිප් කිරීමට හැකියාව ලැබෙනු ඇත. මෙවැනිම එකක් අපේ විකියට නිර්මාණය කල හැකිය. එමගින් ඔබට සිංග්ලිෂ් ටයිප් කිරීමේ හැකියාවද ලැබෙනු ඇත. සින්හල වෙනුවෙන් සැදුනු එකක් දැනට http://translatewiki.net මෙහි ඇත. ඔබට කල යුත්තේ එම සබැඳියට ගොස් ඔබේ භාෂාව සින්හල කිරීම පමණයි. එය මා අත්හදා බැලුවා. දැන් තියෙන්නේ ඒක මෙතනට ගේන එකයි. ඒකට ප්‍රජා සම්මුතිය අවැසියි. මෙය නවකයින්ට වඩාත් රුකුලක් වනු ඇත. විකියේ දියුණුවට ඉදිරි පියවරක් වේ. ඔබේ සහයා දෙන්න. -- බිඟුවා සාකච්ඡාව 15:20, 3 ඔක්තෝබර් 2011 (යූටීසී)[reply]

සහාය දෙනවා[සංස්කරණය]

  1. Support තඹරු විජේසේකර සාකච්ඡාව 15:28, 3 ඔක්තෝබර් 2011 (යූටීසී)[reply]
  2. Support -- බිඟුවා සාකච්ඡාව 17:45, 3 ඔක්තෝබර් 2011 (යූටීසී) මේක අනිවාර්යෙන්ම විකියේ දියුණුවට සහයක් වේවි.[reply]
  3. Support Anandawardhana (talk) 18:16, 3 ඔක්තෝබර් 2011 (යූටීසී)[reply]
  4. Supportසමන් (talk) 03:03, 4 ඔක්තෝබර් 2011 (යූටීසී)[reply]
  5. Support --ඝමීර් (talk) 04:59, 4 ඔක්තෝබර් 2011 (යූටීසී)[reply]
  6. Support නංගයා මතන්න 10:33, 6 ඔක්තෝබර් 2011 (යූටීසී)මෙම අදහසට ප්‍රබල ලෙස සහය පළ කරමි. සිංහලෙන් යතුරු ලියනය කිරීම දුෂ්කර කර්තව්‍යක් වීම නිසා විකියට විශාල දායකත්වයක් අහිමි වී යන බව මගේ අදහසයි.[reply]

විරුද්ධ වෙනවා[සංස්කරණය]

මැදිහත්ව සිටිනවා[සංස්කරණය]

It's better if this'll be disabled on default or have a setting to on/off from User Settings. Coz, I having troubles when using this as a usual unicode user. (I hate setting it to off at every login to betawiki.) :-) --තඹරු විජේසේකර සාකච්ඡාව 00:53, 5 ඔක්තෝබර් 2011 (යූටීසී)[reply]

       ස්තුතියි ඔක්කෝටම
මෙන්න දැන් ඒක වැඩ. උත්සාහයක යෙදෙන්න. -- බිඟුවා සාකච්ඡාව 18:13, 12 ඔක්තෝබර් 2011 (යූටීසී)[reply]

අයියෝ මට සහාය දෙන්න බැරි උනා. මේක නම් මරු එකක්. දැන් ලේසියි. ඔහොම යන් --මීමා (talk) 16:13, 19 ඔක්තෝබර් 2011 (යූටීසී)[reply]

අපිත් WikiLove භාවිතා කරමු ද?[සංස්කරණය]

ඉස්සෙල්ලා මේක ටිකක් බලලා ඉන්න. වැඩි විස්තර සඳහා පරිශීලක:තඹරු විජේසේකර/wikilove බලන්න.--තඹරු විජේසේකර සාකච්ඡාව 03:24, 17 සැප්තැම්බර් 2011 (යූටීසී)[reply]

ඔන්න මම මේ පහසුකම ආයාත කළා. ඔබේ Vector JS පිටුවට,
                                                                       importScript('පරිශීලක:තඹරු විජේසේකර/wikilove.js');
ලෙස එක් කරන්න. --තඹරු විජේසේකර සාකච්ඡාව 03:02, 17 සැප්තැම්බර් 2011 (යූටීසී)[reply]

ආරක‍්ෂණ තත්‍ව වෙනස්කරවා ගැනීම: මුල්පිටුව[සංස්කරණය]

ස‍්වයං චිරස්ථිත පරිශීලකයන‍්ට පමණක් සංස්කරණය කළහැකි වන පරිදි මුල්පිටුවේ අනු-සැකිලිවල ආරක්‍ෂණ තත්‍ව වෙනස්කළේවී නම් (තීරු දර්ශක) මැනැවැයි සිතමි. නිරන්තර යාවත්කාලීන සිදුකිරීම, දොස් නිදොස්කරණාදී කර්තව්‍යයන් කරගැනීම පිණිස මෙය ඉල්වා සිටින අතර ඒ සඳහා බොහෝ පරිශීලකයන්ගේ සහාය ලැබෙතැයි ද සිතමි. වන්ධල්‍ය තත්‍වයක් ඇති වුවහොත් එය පහසුවෙන් ප්‍රතිවර්තන, වාරණාදී ක්‍රියාමාර්ගයන් ගතහැකි හෙයින් ඒ සඳහා ඇති ඉඩකඩ ද අඩු ය. ඉදින් ප්‍රජා අදහස් අයැද සිටිමි. --තඹරු විජේසේකර සාකච්ඡාව 02:04, 11 සැප්තැම්බර් 2011 (යූටීසී)[reply]

ලී මහත්තයට අපි වගේ අයවත් සැකයි නම්, වෙන මොනවා කොරන්ඩද? මොකද ඔය මුල් පිටුවට මම එක එක විකාර කරනවා කියලනේ ඕක ආරක්ෂා කොරේ. සිඳු කාවින්ද  සාකච්ඡාව 03:44, 11 සැප්තැම්බර් 2011 (යූටීසී)[reply]

ඒක හරි. හිතුමතේ වෙනස්කම් කරන එක හරි මදිනෙ. ඉස්සෙල්ලා යෝජනා කරන්න ඕන. වැඩි කැමැත්තෙන් පසුව භාවිතා කරන්න ඕන. මුල්පිටුව කියන්නෙ හරියට අපේ මුහුණ වගේනෙ. අස්පට් එකක් උනොත්..? ඒ නිසා ටිකක් පරිස්සමින් ඕන වැඩ කරන්න. යහපතට ඕන මුල්තැන දෙන්න. මොකද... විකියේ තනි අයිතියක් නැති නිසා. මම හැමතිස්සෙම කියනවා වගේ ප්‍රජා අයිතියක් නිසා. අනික ප්‍රජා සේවකයෙක් ලෙස පරිපාලකතුමන්ලාගේ වගකීම තමයි විකාර නැවැත්වීම. අපි එයාලව පත් කරගන්නෙ ඒවාට. ඉතින් එයාලට බනින එක හරි නැහැ. ප්‍රජා තීරණය තමා අවසන් තීරණය. ඉදිරියෙදි ඔබ හොඳ පරිශීලකයකු වේයැයි විශ්වාස කරනවා. ජය! --තඹරු විජේසේකර සාකච්ඡාව 04:04, 11 සැප්තැම්බර් 2011 (යූටීසී)[reply]
මමත් හිතන්නේ මේ පිටුවේ ආරක්ෂණය වෙනස් කරන්න ඕනැ කියල. නමුත් පරිස්සමින් සංස්කරණය කරන්න වග බලා ගන්නත් ඕනැ. -- බිඟුවා සාකච්ඡාව 05:24, 11 සැප්තැම්බර් 2011 (යූටීසී)[reply]


මුල් පිටුවේ ආරක්ෂණය[සංස්කරණය]

මුල් පිටුවේ ආරක්ෂණය කුමක් විය යුතුද?

  1. පූර්ණ-ආරක්ෂණය
  2. අර්ධ-ආරක්ෂණය
  3. ආරක්ෂණය ඉවත් යුතුයි.

  • අර්ධ-ආරක්ෂණය කල යුතුයි. -- බිඟුවා සාකච්ඡාව 12:07, 30 ඔක්තෝබර් 2011 (යූටීසී)[reply]
  • අර්ධ-ආරක්ෂණය කළ යුතු අතර කිසියම් ලේඛනගත පරිශීලකයෙක් එය අනිසි ලෙස භාවිතා කරන්නේ නම් මෙවැනි මත විමසුමක් පවත්වා එහි අනුමැතිය පරිදී එවැන්නා වාරණය කළ යුතුයි. එසේ නොකොට එවැනි අවස්ථාවකදී නැවත පූර්ණ-ආරක්ෂණය වෙත නොයා යුතුයි. මුල් පිටුව ගැන කිසියම් එකඟතාවයක් සම්මුතියක් තිබිය යුතුයි. නිදසුනත් ලෙසින්, තෝරාගත් ලිපි, සේයාරූ, ආදිය තෝරාගත් වීමට නම් පරිශීලකයන් අතුරින් සම්මුතියෙන් තෝරාගත යුතුයි. මුල් පිටුවේ එක් එක් අංගය සඳහා මෙවැනි එකඟතාවයන් සම්මුති ඇති කර ගත යුතුයි. --- අස්ලාන් (talk) 13:42, 30 ඔක්තෝබර් 2011 (යූටීසී)[reply]

දැන් කට්ටියට අලුතෙන් ආපු එවුන් ලොකු වෙලා වගේ. හිතවත් බිඟුවා! ඔබවත් කවුරු හරි වාරණය කොරපු දවසට ඔබට මේව තේරේවි. එතකොට ඔය කියන ප්‍රජාව ඔයත් එක්ක නැහැ. අන්න ඒක මතක තියාගන්න. සුබ දවසක්. සිඳු කාවින්ද  සාකච්ඡාව 06:20, 5 දෙසැම්බර් 2011 (යූටීසී)[reply]

අලුතෙන් ආපු එවුන් කියලා මගේ විශේෂත්වයක් නෑ. හරි නම් හරි. මාව වාරණය කලොත් එදාට හේතුවක් තියේවි ඒක කරන්න. ඒක පිළිගන්න එකයි නිහතමානී වීම කියන්නේ. -- බිඟුවා සාකච්ඡාව 05:16, 7 දෙසැම්බර් 2011 (යූටීසී)[reply]

තොරතුරු කොටුව රට[සංස්කරණය]

තොරතුරු කොටුව රට සඳහා මේ සැකිල්ල ගැන අදහස පවසන්න​. දැනට පවතින තොරතුරු කොටුව සංකීර්ණ වැඩිය​. දිගින් ද වැඩිය​. අපේ ලිපියට වඩා තොරතුරු කොටුව දිග ය​. අපේ ලිපි බෝමයක් කොට නිසා මෙවැනි විශාල තොරතුරු කොටුවලින් වන්නෙ ලිපිය unprofessional වීමයි. |අනංගයා|සාකච්චාව| 11:19, 2 නොවැම්බර් 2011 (යූටීසී)[reply]

අනංග
තොරතුරු කොටු දිග උනාට ලිපියෙ පේන්නෙ අපි තොරතුරු දෙන Fields විතරයි නේද? Singhalawap (talk) 11:24, 2 නොවැම්බර් 2011 (යූටීසී)[reply]
මං හිතන්නේ මේ {{තොරතුරුකොටුව රට}} සැකිල්ල තියෙන විදියටම පාවිච්චි කරන එක වැඩිය හොඳයි කියලා. නැත්නම් ආයෙත් දවසක ඔක්කොම ආයෙත් හදන්න වෙයි. මෙහෙම තියලා පුලුවන් තරම් පරිවර්තනය කරමු. සබැඳි අලුත් කරමු. සබැඳි හදමු. ඒක නේද වෙන්න ඕනැ. -- බිඟුවා සාකච්ඡාව 14:35, 6 නොවැම්බර් 2011 (යූටීසී)[reply]
එකඟයි. එහෙම කරමු.    | අනංගයා | සංවාදය​ | 14:40, 6 නොවැම්බර් 2011 (යූටීසී)[reply]
එල. -- බිඟුවා සාකච්ඡාව 14:49, 6 නොවැම්බර් 2011 (යූටීසී)[reply]

WikiLove Activate?[සංස්කරණය]

WikiLove සක්‍රිය කිරීම කරමුද? ප්‍රජාවේ සමගිය වැඩි දියුණු කිරීමේ ක්‍රමයක් ලෙසින් මෙය හැඳින්විය හැකියි. දැනටමත් පරිශීලක:තඹරු විජේසේකර/wikilove හි මේ ගැන කෙටි විස්තරයක් ඇත. මෙය සිංහල විකියේ සියල්ලන්ටම භාවිතා කළ හැකි වන අයුරින් පද්ධතියට එක් කිරීම වැදගත් යැයි සිතේ. ඒ සඳහා ඔබේ අදහස් දක්වන්න. දේශීයකරණය සඳහා මෙහි පිවිසෙන්න. -- බිඟුවා සාකච්ඡාව 07:31, 26 නොවැම්බර් 2011 (යූටීසී)[reply]

පරිවර්තනයෙන් ද හැකිපමණ දායකවීමි. --තඹරු විජේසේකර සාකච්ඡාව 07:42, 5 දෙසැම්බර් 2011 (යූටීසී)[reply]

සහාය දෙනවා[සංස්කරණය]

  1. Support -- බිඟුවා සාකච්ඡාව 07:32, 26 නොවැම්බර් 2011 (යූටීසී)[reply]
  2. Support සිඳු කාවින්ද  සාකච්ඡාව 06:17, 5 දෙසැම්බර් 2011 (යූටීසී)[reply]
  3. Support --තඹරු විජේසේකර සාකච්ඡාව 07:09, 5 දෙසැම්බර් 2011 (යූටීසී)[reply]
  4. Support pls do it for me. --මීමා (talk) 03:15, 23 දෙසැම්බර් 2011 (යූටීසී)[reply]

විරුද්ධ වෙනවා[සංස්කරණය]

# Oppose    | අනංගයා | සංවාදය​ | 22:04, 26 නොවැම්බර් 2011 (යූටීසී)බොළඳ වැඩක්! ඕක සක්‍රීය කළා කියලා කට්ටියගේ ආකල්ප වෙනස් වෙන්නේ නෑනේ? මෙතන හැම ප්‍රශ්නෙකටම වගේ මුල වෙලා තියෙන්නේ විකියේ ඇඩ්මින් සංකල්පය තේරුම් ගන්න බැරි වෙච්චි එකනේ. වචනයක් හින්දා නහින්න යන එකනේ. විකි පරිපාලක කියන දේ හරියට තේරුම කරලා දුන්නොත් නම් ගොඩක් ප්‍රශ්න විසඳේවී.[reply]

මට ඒක නම් පැහැදිළි නෑ අනංගයා. මේක ආකල්ප වෙනස් කරන්න හදන එකක් නෙමෙයි. ඇඩ්මින් සංකල්පයයි මේකයි අතර තියෙන සම්බන්ධය මොකද්ද? ඇඩ්මින් සංකල්පය හින්දා මේකට විරුද්ධ වෙන්නේ ඇයි? -- බිඟුවා සාකච්ඡාව 05:33, 27 නොවැම්බර් 2011 (යූටීසී)[reply]
මේක කළා කියලා වැඩක් වෙයිද​? මට නම් මේ ගැන විශ්වාසයක් නෑ. වැඩක් වෙයි කියල හිතනවනම් කරාට විරුද්ධත්වයකුත් නෑ. මගේ විරුද්ධත්වය අස් කර ගන්නවා.   | අනංගයා | සංවාදය​ | 07:27, 27 නොවැම්බර් 2011 (යූටීසී)[reply]
කරලාම බලන්න ඕනෑ අනංගයා. මුකුත් නොකර ඉන්නවාට වැඩිය පොඩ්ඩක් ට්‍රයි කරන එක හොඳයිනේ. -- බිඟුවා සාකච්ඡාව 05:14, 7 දෙසැම්බර් 2011 (යූටීසී)[reply]

කෝ තාම කරලා නැනේ? සිඳු ( සාකච්ඡාව / @ ) 14:46, 2 ජනවාරි 2012 (යූටීසී)[reply]

විකිසෙනෙහස සක්‍රීයයි දැන් හැමෝම ඒක අත්හදා බලන්න! හැබැයි මේකේ පණිවුඩවල පරිවර්තන බීටාවිකියෙහි සම්පූර්ණ කරලා තිබුනට තාම ඉංග්‍රීසියෙන් ගොඩක් ඒවා පෙන්වන්නේ. තව ටිකවෙලාවකින් ඒක හරියයි. මේක සක්‍රීය කරන්න නම් ඔයගොල්ලන්ගේ අභිරුචිවලට ගිහිල්ල සංස්කරණය කිරීම් යටතේ තියන "Lab Features" එකේ Enable showing appreciation for other users with the WikiLove tab (experimental) එකට හරියක් දාල සුරැකුම කරන්න ඕනේ. සිඳු ( සාකච්ඡාව / @ ) 02:35, 4 ජනවාරි 2012 (යූටීසී)[reply]

මැදිහත්ව සිටිනවා[සංස්කරණය]

https://bugzilla.wikimedia.org/show_bug.cgi?id=33485
YesY කළාදැන් හරි. -- බිඟුවා සාකච්ඡාව 03:47, 4 ජනවාරි 2012 (යූටීසී)[reply]
එළ! --තඹරු විජේසේකර සාකච්ඡාව 06:46, 17 ජූනි 2013 (යූටීසී)[reply]

මුල් පිටුවේ හා එහි සංස්කාරකගේ නම වෙනස් කිරීම[සංස්කරණය]

සිංහල විකිපීඩියාවේ මුල් පිටුවෙහි නම කෝලම් පිටුව ලෙසින් වෙනස් කළ යුතු බවට යෝජනා කරමි. එයට හේතුව එහි ඇත්තේ කෝලම් බැවිනි. එක් කෝලමක් පුවතකින් බිඳක් හී ඇත. එහි නැවක පින්තූරයක් දක්වා ඇති නමුත් පුවත් වල නැවක් ගැන සඳහනක් නැත. නැව මත ක්ලික් කළ විට රූපය ලැබේ. නමුත් මුල් (කෝලම් ) පිටුවෙහි පෙන්වන්නේ නැවකි. මෙම රූපයේ දැක්වෙන Benkirane යන පුද්ගලයා සහ පුවතකින් බිඳක් අතරද කිසිදු සම්බන්ධයක් නැත. මෙම සංස්කරණ මහත් උජාරුවෙන් කළ පරිශීලක:පසිඳු කාවින්ද නම් බාලයා මහා කෝළමා ලෙස නම් කල යුතු බවද යෝජනා කරමි. --ගිල්ගමෙෂ් (talk) 05:51, 3 දෙසැම්බර් 2011 (යූටීසී)[reply]

ඔය කොහොමද එහෙම කියන්නේ. මම ඔහොම පින්තුරයක් දැම්මේ නෑ. පොඩ්ඩක් බලනවා ඉතිහාසය නරඹන්න එක ඔබල. සිඳු කාවින්ද  සාකච්ඡාව 06:06, 5 දෙසැම්බර් 2011 (යූටීසී)[reply]

මුල් පිටුව පූර්ණ ආරක්ෂණය කිරීම ගැන යෝජනාව ප්‍රජා අනුමැතියට ඉදිරිපත්කරමි[සංස්කරණය]

සිංහල විකිපීඩියාවේ මුල් පිටුව කළකට පෙර පරිදී මෙන් පූර්ණ ආරක්ෂණය කළ යුතුයි. පරිපාලකයන් නිතිපතා එය සංස්කරණය කළ යුතුයි. ඒ ගැන යෝජනා පරිශීලකයන්ට ඉදිරිපත් කිරීමට හැකි විය යුතුයි. මුල් පිටුවේ මහා පරිමාණ වෙනස් කම් කරන්නේ නම් සාකච්ඡා කොට ප්‍රජා කැමැත්ත විමසා කළ යුතුයි. මෙම යෝජනාව ප්‍රජාව අනුමත කරතැයි විශ්වාස කරමි. --- අස්ලාන් (talk) 14:30, 4 දෙසැම්බර් 2011 (යූටීසී)[reply]

ගිය පාර වගේ මේ පාරත් පූර්ණ ආරක්ෂණය කරලා පරිපාලකයෙක් එනකන් හිටන්කෝ වැරදි හදන්න. පරිපාලකයෙක් ලබන අවුරුද්දේ ආවත් වැරැද්ද හැදෙන්නේ ලබන අවුරුද්දේ තමා. අසලාන් මහත්ය මේ ඊයේ පෙරේද ඇවිල්ල මෙතන බොරු වැඩ කොරන්නතුව ඉන්නවා. සංස්කාරකයෙක් විකියට එන්න ඕනේ ඔප දුප හොයා හොයා ආරවුල් ඇති කරගන්න නෙමේ. මේ විකියේ සංස්කාරකයෙක්ට කරන්න ඕන තරම් වැඩ තියෙනවා. අරෙහෙ සැකිලි වල ගොඩක් අඩුපාඩු තියෙනව ඒවා හදන්නේ නෑ. බොරුවට මුල් පිටුවක් බදාගෙන ඉන්නවා. මුල් පිටුව පිළිවෙලකට හදන එවුන්ටත් හදන්න දෙන්න මුන්. සිඳු කාවින්ද  සාකච්ඡාව 06:03, 5 දෙසැම්බර් 2011 (යූටීසී)[reply]

මා භාවිත කරන්නේද ඩයලප් සබඳතාවකි. 2%කගේ වුවද අයිතිවාසිකම් අහිමි වීම හෙළා දකිමි. මෙය අන්තර්ජාතික නිදහස් විශ්වකෝෂයකි. එය පරිහරණය කිරීමට තමුන් ගේ අන්තර්ජාල සබඳතාවේ පහසුකම් බාධාවක් නො විය යුතු ය​. අනෙක සෑම බ්‍රවුසරයක් ම එකම විදියට කේතන නොකියවයි. එම නිසා පිටු ඉතා සරල විය යුතු ය​. විශ්වකෝෂයකට වැදගත් වන්නේ තොරතුරු ය​. අනෙක් කාරණා ද්විතීයිකයි. පසිඳූ කළ හැම දේම වැරදි යයි නො කියමි. සාධනීය යමක්ද ඇත​. අගය කළ යුතු ය​. නමුත් බහුතර දෙනාගේ අදහසට එකඟ නොවන්නේ ඇයි? සංවාද නොකර හිතුවක්කර ලෙස කටයුතු කරන්නේ ඇයි? මුල් පිටුවේ වෙනස්කම් සෑන්ඩ්බොක්ස් එකක කරමු. පරිපාලකයෙක් ඔන්ලයින් ආ විට නව වෙනස් කම් සඳහා කේතන මුල් පිටුවට එක් කරාවි. දැන් මුල් පිටුවේ ප්‍රමාණය කිලෝබයිට් 500 කට ආසන්නය​. එය කිලෝබයිට් සියයක උපරිමයකට යටත් කළ යුතු බව යෝජනා කරමි. ඉංගිරිසි විකියේ මුල් පිටුව කිලෝ බයිට් 78ක් පමණි.    | අනංගයා | සංවාදය​ | 14:00, 5 දෙසැම්බර් 2011 (යූටීසී)[reply]

පරිශීලක:පසිඳු කාවින්ද
  1. Not getting updating is better than having a bad & wrong main page.
  2. What මහත්තය says is much much more important that the date අස්ලාන් මහත්තය came to wikipedia.
  3. Its you who stay මුල් පිටුවක් බදාගෙන. Now for a significant period of time its you who made fuss on මුල් පිටුව.
  4. In my talk page you have kept a massage saying "මිත්‍රයා! අපේ රටේ අන්තරජාලයට ප්‍රවේශ වීමට දැන් බහුලව යොදා ගන්නේ අදි වේගී අන්තරජාල සම්බන්දතා වන අතර ඩයල් අප් දැන් භාවිතා වෙන්නේ 2% තරම් අඩු ප්‍රතිශතයකි.". Concept of අපේ රටේ is not relevant to wikipedia. I do not know (or care) in waht country you live or having the citizenship. Sinhala wikipedia for persons living in any country, having any citizenship, of any ethnicity; who can read / write Singhala Lanuage.
  5. In my talk page you have mentioned "දැන් අන්තර්ජාලය භාවිතා කරන සියලුම දෙන පාහේ කැමති වෙබ් අඩවියෙන් ගත හැකි ප්‍රයෝජනය නොව එහි තිබෙන මනරම් බවටය". . Why dont you start a section with the heading "වසරේ විහිලුව" (in your user page) & add it there. I concidr it as a joke, if not it is an insult to wikipedia & the wiki community.
Singhalawap (talk) 14:45, 5 දෙසැම්බර් 2011 (යූටීසී)[reply]

එකඟ වීම​[සංස්කරණය]

  1. Support - Singhalawap (talk) 01:08, 5 දෙසැම්බර් 2011 (යූටීසී)[reply]
  2. Support අස්ලාන් (talk) 01:38, 5 දෙසැම්බර් 2011 (යූටීසී) - as the proposer[reply]
  3. Support Lee (talk) 03:33, 5 දෙසැම්බර් 2011 (යූටීසී)[reply]
  4. Support    | අනංගයා | සංවාදය​ | 13:09, 5 දෙසැම්බර් 2011 (යූටීසී)[reply]
  5. Support  - නිපුන දොඩන්තැන්න (talk) 21:13, 5 දෙසැම්බර් 2011 (යූටීසී)[reply]
  6. Support  - පසිඳු කාවින්ද (talk) 21:13, 5 දෙසැම්බර් 2011 (යූටීසී)[reply]
  7. Support --උපුල් (talk) 09:36, 8 දෙසැම්බර් 2011 (යූටීසී)[reply]
  8. Support--සංජීව ජයසූරිය (talk) 06:52, 9 දෙසැම්බර් 2011 (යූටීසී)[reply]
  9. Support--raju (talk) 09:45, 21 ජනවාරි 2015 (යූටීසී)[reply]

විරුද්ධ​[සංස්කරණය]

මධ්‍යස්ථ[සංස්කරණය]

  1. මධ්‍යස්ථ ~ යම් පරිපාලකයෙකු මෙය නිරතුරුව යාවත්කාලීන කිරීමටත්, අදහස් පිළිබඳ පූර්ණ අවධානයකින් පසුවීමට පොරොන්දු වන්නේ නම් පමණක් සහාය දෙමි. මෙය බලන්න.--තඹරු විජේසේකර සාකච්ඡාව 07:26, 5 දෙසැම්බර් 2011 (යූටීසී)[reply]
  2. මධ්‍යස්ථ ~ තඹරු හා එකඟ වෙමි.--ළහිරු හිමේෂ් මදුෂංඛ (talk) 00:55, 6 දෙසැම්බර් 2011 (යූටීසී)[reply]
  3. මධ්‍යස්ථ ~ තඹරු එක්ක එකඟයි. හැබැයි මේ සංස්කරණය කරන්නේ මුල් පිටුව. ඒක සංස්කරණය කරනකොට ටිකක් පරිස්සම් වෙන ඒක හොඳයි නේද? ගෙදර සාලේ හැඩි කරලා තියන්න හොඳ නෑ නේ. අනික sand box එකක් තියෙනවා, Sand Box ඒක ඇතුලෙදි සංස්කරණය කරලා කට්ටියගේ කැමැත්ත, විවේචන, අදහස් විමසල පොස්ට් කලොත් හොඳයි.I suggest we make monthly updates of the home page, and keep a week for editing/changing/and comments and critics before a completely new update is made. How is that? ඊට වඩා අඩු කාල වකවානුවකදී update කරනවානම් ටිකක් වටේ පිටේ ඉන්න යාලුවන්ගෙන් අහරි අහල බලල proof reading පාරක් දාන එක හොඳයි. - Shane44 (talk) 03:45, 6 දෙසැම්බර් 2011 (යූටීසී)[reply]
ඔව්, ඒක හරි. එක එක අයට ඕන ඕන විදියට කලොත් අර කතාව වගේ වේවි! සමස්ත ප්‍රජා කැමැත්තෙන් නිවැරදි තීරණ වලට එමු. එතකොට දොරකඩ ලස්සනට තියාගත්තෑකි. --තඹරු විජේසේකර සාකච්ඡාව 04:02, 6 දෙසැම්බර් 2011 (යූටීසී)[reply]
  1. මධ්‍යස්ථ -- බිඟුවා සාකච්ඡාව 05:13, 7 දෙසැම්බර් 2011 (යූටීසී)[reply]
  2. මධ්‍යස්ථ How many active admins do we have? --මීමා (talk) 03:15, 23 දෙසැම්බර් 2011 (යූටීසී)[reply]
  3. මධ්‍යස්ථ ආරක්ෂා කරන්න තරම් මුල් පිටුව සංවර්ධනය වෙලා නෑ.--Rsekanayake (talk) 08:17, 5 ජනවාරි 2016 (යූටීසී)[reply]

ක්‍රියාත්මක වීම[සංස්කරණය]

මෙම කරුණ මුල්පිටුව සමිබන්ධ කරුණක් බැවින්ද, පරිශීලක:පසිඳු කාවින්ද දිගින් දිගටම තම මතය පමණක් සලකා කටයුතුකරන බැවිනද දැනට ඇති ප්‍රජා මතය අනුව ක්‍රියාකර මුල්පිටුව ආරක්‍ෂා කලෙමි. චන්දය දීම දිගටම සිදුවී තීරණය වෙනස් වුවහොත් අදාල පරිදි කටයුතු කල හැක. Singhalawap (talk) 14:28, 5 දෙසැම්බර් 2011 (යූටීසී)[reply]

හිතවත් සිංහලවැප්, ක්‍රියාත්මක වීමට තුති. මම හිතන විදිහට පූර්ණ ආරක්ෂාවේ ප්‍රශ්න තිබේ. මම මේ දැන් තොරාගත් සේයාරුව සැකිල්ල සංස්කරණය කළෙමි. වෙනස මුල් පිටුවෙහි පෙන්විණි. මොකක් හරි හිලක් තිබෙන බව පෙනේ. පොඩ්ඩක් බලන්න. --- අස්ලාන් (talk) 14:58, 5 දෙසැම්බර් 2011 (යූටීසී)[reply]
පොඩි රිෂර්ච් එකක් කළෙමි. cascading ද ආරක්ෂණ පරාමිතින් වලට එකතු කල යුතුයි වගේ. කළින් සැර වලදී ලී මහතා කර ඇත්තේ එලෙසයි. --- අස්ලාන් (talk) 15:03, 5 දෙසැම්බර් 2011 (යූටීසී)[reply]
ඹබ හරි. මම cascading කලේ නෑ. දැනට මෙහෙම තියල බලමු. පරිශීලකයන් වගකීමෙන් වැඩකරයි කියල විස්වාසයක් ඇති නිසයි එහෙම නොකලෙ. විස්වාසය කැඩුවොත් cascading protect කරමු. Singhalawap (talk) 17:07, 5 දෙසැම්බර් 2011 (යූටීසී)
එල! --තඹරු විජේසේකර සාකච්ඡාව 03:46, 6 දෙසැම්බර් 2011 (යූටීසී)[reply]
අස්ලාන් & Other users
I thought how to come in to a compromise in between 2 ends. Insted of cascading (only admins doing every thing) I fully protected only the main page & semi protected the linked templates. Shall we try this for some time & see. Now auto confirmed users can work on templates attached to the main page.
Singhalawap (talk) 05:46, 6 දෙසැම්බර් 2011 (යූටීසී)[reply]

ප්‍රජාවෙහි තීරණය අවසන් තීරණය බවටත් නැවත මුල් පිටුව සම්බන්ධ කිසිදු ගැටලුවක් සම්බන්ධයෙන් කිසිවක් නොකරන බවටත් මෙයින් ප්‍රකශ කරමි. ස්තුත්යි! සිඳු කාවින්ද  සාකච්ඡාව 04:25, 6 දෙසැම්බර් 2011 (යූටීසී)[reply]

"කිසිදු ගැටලුවක් සම්බන්ධයෙන් කිසිවක් නොකරන බව" මේක නම් මම අනුමත කරන්නෙ නැහැ. මේවායෙ අඩුපාඩු බලන්න, නිවැරදි කරන්න, නව දෑ එක් කරන්න ඕනෑම කෙනෙක්ට අයිතිය තියෙනවා. ඔයා අතින් පොඩි වරදක් වෙලාලුනෙ. ඉතින් අපි ඒවා හෙමීට හදාගෙන හොඳ වෙන්න බලමු. ඇත්තට ම දැන් මුල්පිටුව මාර ගති! ඒකට ස්තූතියි. මේවායින් අධෛර්ය වෙන්න එපා. අපි කියන්නෙ, යමක් කරන්න කලින් (අඩුපාඩු තිබුණොත්? කාගෙ අතිනුත් වැරදි අඩුපාඩු සිඬ වෙන්න පුළුවනිනෙ..) ඒ ගැන ප්‍රජා සම්මතයක් ඇති කරගමු කියලයි. වැරදියට වටහා ගන්න එපා. --තඹරු විජේසේකර සාකච්ඡාව 04:32, 6 දෙසැම්බර් 2011 (යූටීසී)[reply]
තඹරු හරි. ෂේන්44 ගේ යෝජනාවට එකඟයි.   | අනංගයා | සංවාදය​ | 05:03, 6 දෙසැම්බර් 2011 (යූටීසී)[reply]
ඔයගොල්ල දොඩවනව අන්න අරහේ වැඩ පටන් අරන්. බෙලා 1 නම් (පළමුවන බෙලා) රජතමා ගැන පුවත බෙලා අයි කියලා පරිවර්තනය කරලා අපේ පසිඳු සහෝදරයා. ආබාධය සනීප වෙන්නේ නැති පාටයි. -- ගිල්ගමෙෂ් (talk) 10:47, 6 දෙසැම්බර් 2011 (යූටීසී)[reply]

මම කරේ මගේ යුතුකම ඉටු කිරීමයි. එකේ වැරැද්දක් තිබුනානම් ඒක හදන්න ඕනේ. මෙතන බොරුවට වැරැද්ද කියකිය හිටියට ඒක හැදෙන්නේ නැහැනේ. බලන්නකෝ තාම ඒක එහෙම්ම මයි. සිඳු කාවින්ද  සාකච්ඡාව 12:40, 6 දෙසැම්බර් 2011 (යූටීසී)[reply]

ගිල්ගමෙෂ්
I agree with you. පරිශීලක:පසිඳු_කාවින්ද seems to be not changed his behavior. He is still the same as he was in previous user accounts.
  1. පරිශීලක:PKsoft
  2. පරිශීලක:PKsoft123
  3. පරිශීලක:පසිදු කාවින්ද
What shall we do ?
Singhalawap (talk) 17:39, 6 දෙසැම්බර් 2011 (යූටීසී)[reply]
ඒක ඇත්ත Singhalawap. අපි එයාව හදාගන්න උත්සාහ කරමු. සමහරවිට වයසත් එක්ක ඕවා හැරිලායන්න පුළුවනි. බ්ලොක් කරලා දාලා හදන්න බෑ වගේ. කොහොමත් මුරණ්ඩු අයට දඬුවම් කරලා හදන ක්‍රමවේදය මම පෞද්ගලිකව අනුමත කරන්නෙ නෑ. ආකල්ප සංවර්ධනයේ අඩුපාඩු නිසා තමා මෙහෙම දේවල් වෙන්නෙ. මං හිතනවා විකිසෙනෙහස පාමින් එයාව හොඳ මහත්තයෙකු කරගන්න හැමෝම දායක වේවි කියලා. --තඹරු විජේසේකර සාකච්ඡාව 04:04, 7 දෙසැම්බර් 2011 (යූටීසී)[reply]
විතිපීඩියාවේ තෝරාගත් සංවත්සර හී පසිඳු මහතා විසින් සිදුකල හා දැනට පවතින සංස්කරණයෙහි අසම්පූර්ණ හා වැරදි සහගත පරිවර්තනය නිසා එය සම්පූර්ණ කොට බහාලමි. --ගිල්ගමෙෂ් (talk) 05:19, 7 දෙසැම්බර් 2011 (යූටීසී)[reply]
මම සිදුකල සංස්කරණය ඔහුට දුන් සහයක් මෙන් අර්ථදක්වමින් පසිඳු මහතා මට ස්තුතිය පළ කරයි. මම විකියේ සංස්කරණය කරනුයේ ආත්ම තෘප්තිය හා ප්‍රජා සේවයක් ලෙසින් මිස පසිඳු වැන්නන්ට සහය පිණිස නොවේ. ඔහු දොඩන්නේ විකියේ මුල් පිටුව ඔහුට අයත් දෙයක් ලෙසින් හා එය සංස්කරණය ඔහුට පමණක් පැවරුනු රාජකාරියක් ලෙසිනි. මෙම ආකල්පය එතරම් හොඳ එකක් නොවේ. --- ගිල්ගමෙෂ් (talk) 07:36, 7 දෙසැම්බර් 2011 (යූටීසී)[reply]

මුල් පිටුවේ පුවතකින් බිඳක් හි පෙනෙන රූපය[සංස්කරණය]

මුල් පිටුවේ පුවතකින් බිඳක් හි දැනට පෙනෙන රූපය මෙහි දකුණෙන් දැක්වේ.

එම රූපය නම් නෝර්වේ රාජ්‍යයේ ෆින්මාර්ක් ප්‍රාන්තයේ Måsøy යන ස්ථානයෙහි පිහිටීමයි. මෙම ස්ථානය හා පුවතකින් බිඳක් හි දැනට දක්වා ඇති පුවත් අතර කිසිදු සම්බන්ධයක් නොමැත. මෙම රූපය මෙසේ දර්ශනය වන අයුරින් සංස්කරණය කර ඇත්තේ පසිඳු කාවින්ද විසින් වන අතර එම සංස්කරණය මෙලෙසින් සිදු කර ඇත.
මුල් පිටුව පූර්ණ ආරක්ෂණය කළ යුතු යැයි අප යෝජනා කරන්නේ මෙම පරිශීලකයාගෙන් මුල් පිටුව ආරක්ෂා කර ගැනීමටයි. එබැවින් කෝපි කඩේ යෝජනා වෙත ගොස් ඔබගේ මනාපය මෙම සත්කාරයට සපයන්න. --- අස්ලාන් (talk) 07:08, 5 දෙසැම්බර් 2011 (යූටීසී)[reply]

@අස්ලාන්: කෝපිකඩේ ඇත්තේ සියළු පරිශීලකයන්ට පණිවුඩ/සාකච්ඡා ආදී ප්‍රජා ක්‍රියාවන් සඳහා ය. එක ම පණිවුඩය හැමගේ ම පරිශීලක සාකච්ඡාවල බහාලීම ස්පෑම් කිරීමක් සේ දකිමි. --තඹරු විජේසේකර සාකච්ඡාව 07:45, 5 දෙසැම්බර් 2011 (යූටීසී)[reply]

දැන් තිබෙන පුවත් සහ ගැලපෙන පින්තුර හමුවුවත් ඒවා මුල් පිටුවට නොගැලපෙන බැවින් මා විසින් මෙය දැමුවෙමි. සිඳු කාවින්ද  සාකච්ඡාව 07:47, 5 දෙසැම්බර් 2011 (යූටීසී)[reply]

මෙය කිතුලට ගිය මිනිසා එහි තණකොල සෙවීමට ගියා කීවාක් මෙන් කතාවකි. පසිඳු කාවින්ද විසින් කරන ලද නවතම සංස්කරණයෙන් පසු දිස්වන රූපය දකුණෙන් දිස්වෙයි.
මෙම රූපය හා භූමිකම්පාව අතර කිසිදු සම්බන්ධයක් නැත. මෙම රූපය තුර්කියේ ඊජියානු ප්‍රදේශය (එනම් මධ්‍යධරණී මුහුද අසබඩ වූ නිරිත දිග ප්‍රාන්තයක් ) පිළිබඳ වන අතර භූමිකම්පාව වූ වොන් නගරය පිහිටා ඇත්තේ මෙම ප්‍රදේශයේ නොවන අතර එය ඇත්තේ තුර්කියේ අනෙක් කෙළවරෙහි එනම් ගිණිකොණ පැත්තෙහිය. අනෙක් අතට මෙම රූපය දිහා බැලීමෙන් තුර්කියේ භූමිකම්පාවට සැපයෙන ඌනපූරණය කුමක්ද? මෙවැනි දේ වලින් මොනවට පැහැදිලි වන්නේ මෙම පරිශීලකයාගේ නොහැකියාවයි. එබැවින් මුල් පිටුව පූර්ණ ආරක්ෂණය කළ යුතු බව තවදුරටත් පැහැදිලි වෙයි. -- අස්ලාන් (talk) 08:01, 5 දෙසැම්බර් 2011 (යූටීසී)[reply]
සුදුසු රූපයක් මෙම ස්ථානයෙහි බහාලමි. එයින් දැක්වෙන්නේ භූමිකම්පාව මගින් සිදු කෙරුණු විනාශයයි.
---අස්ලාන් (talk) 08:13, 5 දෙසැම්බර් 2011 (යූටීසී)[reply]

ස්තුතියි! සිඳු කාවින්ද  සාකච්ඡාව 04:26, 6 දෙසැම්බර් 2011 (යූටීසී)[reply]

Protecting Pages[සංස්කරණය]

Wiki community,
I have protected the themplate සැකිල්ල:ඔබ දන්නවාද witout getting community concent.
I did it to protect community developped templates from activities of පරිශීලක:පසිඳු කාවින්ද & I was compelled to do that urgently as it was about main page template.
If comminity think waht I did was wrong, please inform me. I am ready to un do any action done by me if desided by the community.
Singhalawap (talk) 04:48, 7 දෙසැම්බර් 2011 (යූටීසී)[reply]

විකිසෙනෙහස් සැකිලි පරිවර්තනය අවැසියි[සංස්කරණය]

WikiLove Activate? එකට ඔබේ ඡන්දය ප්‍රකාශ කරන ගමන් විකිසෙනෙහස් සැකිලි ටිකත් පරිවර්තනය කරගන්ට ඕනෑ. "සැකිල්ල:Wikilove- " කියන prefix එකෙන් ඒ ටික සොයාගන්න පුළුවන්. එහෙම තියෙන ඔක්කොම “සැකිල්ල:විකිසෙනෙහස- “ කියලා /doc ටිකත් එක්කම ගෙනයන්න. ඊට පස්සේ අන්තර්ගතය පරිවර්තනය කරන්න ඕන. ඇත්තටම පරිවර්තනය කිව්වට, ස‍්වදේශීකරණය තමා කරන්න ඕන වෙන්නෙ. කට්ටිය එහෙන්ම් සප් එක දෙනවනෙ? --තඹරු විජේසේකර සාකච්ඡාව 14:16, 10 දෙසැම්බර් 2011 (යූටීසී)[reply]

පරිශීලක:සුජිත් නිශාන්ත හේවගේ පහත දැක්වෙන ලිපි කීපය නිමකර ඇත. ඒවායේ වැදගත් කරුණු අන්තර් ගතව ඇතත්, "text formatting" ඉතාමත් වියවුල් සහගතයි. ඔහුගේ සාකච්ඡා පිටුවේද ඇත්තේ විශාල ලිපියක්. සමහර විට ඔහුට මෙය දැන්වුවහොත් ඔහු එය නිවැරදි කරාවි. මම ඔහුගේ සකච්ඡා පිටුව වෙන්ස් කිරීමෙන් වැලකුනා ( එය ලිපියක් නිසා). සිතේ ස්වරූපය හා පුද්ගල අනන්‍යතාව ලෙස ලිපියක් සාදා එම අන්තර්ගය ඇතුලත් කල හැකියි. මෙම පරිශීලකයා විකිමගට ගතහැකිනම් හොදයි....

http://si.wikipedia.org/wiki/%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82:%E0%B6%AF%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%AD%E0%B7%8A%E0%B7%80/%E0%B7%83%E0%B7%94%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%E0%B7%8A_%E0%B6%B1%E0%B7%92%E0%B7%81%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD_%E0%B7%84%E0%B7%9A%E0%B7%80%E0%B6%9C%E0%B7%9A

—මෙම අදහස්දැක්වීම සමන් (සාකච්ඡාව) • (දායකත්‍ව) විසින් (~~~~) යොදමින් අත්සන් නොකළ එකකි. කරුණාකර ඔබේ කථනයන් අවසන අත්සන් කරන්න!

Dear සමන් & All
I found that some of his contents are from blog.
See this
Singhalawap (talk) 00:58, 13 දෙසැම්බර් 2011 (යූටීසී)[reply]

ෆෙලිඩේ ගණයෙහි නව ලිපි වලින් මිදීම[සංස්කරණය]

ෆෙලිඩේ විසින් තනා ඇති ලිපි කැබලි එකට එක් කිරීම තවද කෙළවර වී නොමැත. එය කෙතරම්දැයි කිසිවකු විසින් විශ්ලේෂණය කර හෝ නැත. එබැවින් එම ඒකාබද්ධයන් කවදා කෙළවර වෙත්දැයි කිසිවෙකු නොදනියි. මෙම තත්ත්වය යටතේ ෆෙලිඩේ ගණයෙහි නව ලිපි වලින් විකිය මුදවාගැනුම හෝ ආරක්ෂා කිරීම සියලු දෙනාගේ වගකීමකි. ෆෙලිඩේ වාරණය කර ඇතත් ඔහුගේ දත්ත ගබඩාව විටින් විට එලිදකින්නේ හෝ ඔහුගේ පැරණි ලිපිවලට අන්තර්ගතය එකතු වන්නේ හෝ විවිධ වුවත් කිසියම් රටාවක ක්‍රියාකාරිත්වයක් පෙන්නුම් කරන පරිශීලකයන් ගොන්නක් හරහාය. ඒවා බොහෝ විට පැරණි අනුවාදයන්හී පරිවර්තනය. ඔබාමා ගැන ලිපිය කදිම උදාහරණයකි. ඔහුගේ එක් ජනාධිපතිධූර කාලයක් ගෙවී යෑමටද ආසන්න වී තිබියදීත් ඔහු සෙනෙට් සහිකයෙක් ලෙස එම ලිපියෙහි දැක්වෙයි. මේ අතර ලිපි කැබලි යළිත් කරලියට එමින් බවතියි. මෑතකදී නිර්නාමික පරිශීලකයෙක් මගින් මෙය සිදු කෙරෙන බව පෙනේ. මොහු කල කිසියම් අකටයුත්තක් නිසාවෙන් කිසියම් නිල බල ධාරියෙක් අවවාද කොට තිබුණි. විකියේ දිගු පැවැතිම අරභයා පහත යෝජනා ඉදිරිපත් කරන අතර විකියේ දිගු දිවිය පතන්නෙක් සිටී නම් ඒවා අනුමත කරන මෙන් ඉල්ලමි.

  1. නිර්නාමික පරිශීලකයන්හට ලිපි තැනීම කළ නොහැකි පරිදි සීමා පැනවීම
  2. ලිපි කැබලි හෝ පැරණි අනුවාද වල පරිවර්තන හෝ එක් කරන ඕනෑම පරිශීලකයෙක් හට පළමුව අවවාද කොට දෙවනුව වාරණය කිරීම

ඔබ සැමගේ අනුමැතිය සඳහා ඉදිරිපත් කරමි. --- අස්ලාන් (talk) 16:20, 12 දෙසැම්බර් 2011 (යූටීසී)[reply]

අදහස්[සංස්කරණය]

අස්ලාන්
කරුණු දෙකක් පවසා ජන්දය ඉල්ලීමට වඩා එම අදහස් 2 සඳහා වෙන වෙනම අනුමැතිය ඉල්ලීම සුදුසු යයි සිතමි. එවිට 1කට කැමති නමුත් අනෙකට අකමැති අයටද තම මතය ඉදිරිපත්කල හැක.
Singhalawap (talk) 01:05, 13 දෙසැම්බර් 2011 (යූටීසී)[reply]

සහාය[සංස්කරණය]

  1. සහයෝගය පළ කරමි අස්ලාන් (talk) 16:37, 12 දෙසැම්බර් 2011 (යූටීසී) -- යෝජකයා ලෙසින්[reply]

විරුද්ධ[සංස්කරණය]

මධ්‍යස්ථ[සංස්කරණය]

  1. මධ්‍යස්ථ Lee (talk) 03:59, 13 දෙසැම්බර් 2011 (යූටීසී) - Singhalawap පැවසූ පරිදි කාරණා දෙක වෙන වෙනම ගතයුතුයි.[reply]
  2. මධ්‍යස්ථ නිර්නාමික පරිශීලකයන්ට ලිපි තැනීම වාරණයට එකඟ නොවෙමි. -- බිඟුවා සාකච්ඡාව 04:22, 27 දෙසැම්බර් 2011 (යූටීසී)[reply]
  3. මධ්‍යස්ථ --raju (talk) 09:53, 21 ජනවාරි 2015 (යූටීසී)Lee (talk) 03:59, 13 දෙසැම්බර් 2011 (යූටීසී) - Singhalawap පැවසූ පරිදි කාරණා දෙක වෙන වෙනම ගතයුතුයි.[reply]

මුල් පිටුව ලෝඩ් වීම[සංස්කරණය]

අන්තර්ගතය වාක්‍යයක් දෙකක් එක් වීම නිසා මුල් පිටුව ලෝඩ් වෙනවා යැයි පසිඳු කාවින්ද මා හට චෝදනා මුඛයෙන් කීම පිළිගැනීමට මම බොහෝ උත්සාහ කළත් එය එසේ පිළිගැනීම මා හට කිසිසේත් කිරීම අතිශයින් දුෂ්කර බව ඉතාමත් කණගාටුවෙන් ප්‍රකාශ කිරීමට සිදුව ඇති බව පවසා සිටිමි. මාගේ එතරම් තොරතුරු තාක්ෂණ නොවන බුද්ධියේ පටු හැකියාවට ගම්‍ය වන ආකාරයට මුල් පිටුව ලෝඩ් වන්නේ විසින් මෑතදී එය ලස්සන කෙරුමට යැයි පසිඳු කාවින්දයන් එකතු කළ චිත්‍රණ (ග්‍රැෆික්ස්) අංග නිසාය. එම අනවශ්‍ය සැරසිලි ඉවත් කළහොත් මුල් පිටුව ප්‍රයෝජනවත් අයුරින් භාවිතා කළ හැනි වනු ඇති බව මගේ අදහසයි. යමෙකු මෙවැනි වෙනස් කමක් මගින් මුල් පිටුව සම්ප්‍රෙව්ශය කිරීම සමහරක් පරිශීලයන්ට දුෂ්කර කරන්නේ නම් අර්ධ ආක්ෂණය කිරීමකින් නොනැවතී එම අනවශ්‍ය වෙනස් කිරීම් මකාදැමීමට තරම් කශේරුකාවක් (පිට කොන්දක්) ප්‍රජාවක් වශයෙන් අපට තිබිය යුතුය. එබැවින් පසිඳු කාවින්දයන් කළ වෙනස් කිරීම් වල සෝබාව අගය නොකිරීමක් ලෙසින් නොව මුල් පිටුව ලෝඩ් වීම වැලැක්වීම වස් පසිඳු කාවින්දයන් කළ එම ලස්සන කිරීමේ වෙනස් කම් ප්‍රතිවර්තනය කළ යුතු බවත් මුල් පිටුවේ සැකිල්ල එම ලස්සන කිරීමේ සංස්කරණ වලට පෙර තිබූ තත්ත්වයට ගෙන ආ යුතු බවත් ප්‍රජා අනුමැතියකට යෝජනාවක් ලෙසින්ඉදිරිපත් කරමි--- අස්ලාන් (talk) 05:42, 18 දෙසැම්බර් 2011 (යූටීසී)[reply]

  1. සහයෝගය පළ කරමි අස්ලාන් (talk) 10:19, 18 දෙසැම්බර් 2011 (යූටීසී) -- යෝජක වශයෙන්[reply]
  2. සහයෝගය පළ කරමි Singhalawap (talk) 11:57, 18 දෙසැම්බර් 2011 (යූටීසී)[reply]

හැබැයි මට නම් හිතෙන්නේ කලින් තිබ්බ පරණ ගතියට වඩා මේක ශෝක් කියලා. මේකේ තියන පුවතකින් බිඳක් කියන විශේෂාංගයේ දිග වැඩි නිසා මුල් පිටුව සමානව තියෙන්නේ නෑනේ!!! පසිඳුගේ උත්සාහය නම් හොඳයි හැබැයි පුවත් සැකෙවින් කියන එකත් ලස්සනට තිබුන නම් මුල් පිටුව තවත් ලස්සනයි... —මෙම අදහස්දැක්වීම 112.135.19.185 (සාකච්ඡාව) • (දායකත්‍ව) විසින් (~~~~) යොදමින් අත්සන් නොකළ එකකි. කරුණාකර ඔබේ කථනයන් අවසන අත්සන් කරන්න!

http://ca.wikipedia.org/wiki/Portada මෙය බලන්න. මේ වගේ තවත් ගොඩාක් මට උදාහරණ දෙන්න පුලුවන් තමන්ගේ විකිය ඉංග්‍රීසි විකියෙන් ඔබ්බට ගිය ඒවා ගැන. ඒ හින්දා මම කියන්නේ නම් සිංහල විකිය වෙන්ස් උනාට කමක් නෑ කියලා. නමුත් සරල වෙන්න ඕනෑ. අනික මාර්ජින් වෙන වෙනම් තියෙන්න ඕනෑ. බලන්න මම දීපු ලින්ක් එක. ඒකේ ලස්සනට බෝඩර් එක තියෙනවා. ඔය කියන පොඩි පින්තූරයත් තියෙනවා. Altres projectes කියන කෑල්ල බලන්නකෝ. මරුම තමා. මං හිතනවා මේක හොඳයි කියලා. පසිඳු මේ විදියට ගන්න බලන්න. අනෙක් අය මොකද කියන්නේ බලන්න. පිට කොන්ද ගැන නෙමෙයි මෙතන ගැටළුව තියෙන්නේ. මේ පිටුව ලෝඩ් වෙන්න යන වෙලාව කවුරුහරි මැනලා තියෙනවාද? නිකම්ම කියන්න එපා. පින්තූර එක් කලොත් බර වැඩි වෙන එක මම දන්නවා. නමුත් අනිත් විකි වලත් පින්තූර එක් කරලා තියෙනවා. මම කියන්නේ අනිත් විකිවලට ගිහින් බලන්න. අපේ විකියත් ලස්සනට තිබ්බට කමක් නෑ. මේකයි මගේ අදහස. ජය! -- බිඟුවා සාකච්ඡාව 04:20, 27 දෙසැම්බර් 2011 (යූටීසී)[reply]

එහෙනම් ඔයාට විතරයි මේකේ අගේ තේරිලා තියෙන්නේ. මම කොච්චර මහන්සි වෙලා මුල් පිටුව ලස්සනටයි පිළිවෙලටයි තියාගන්න හැදුවත් අනෙත් පරිශීලකයෝ එකට විරුද්ද වෙලා ඒවා කඩාකප්පල් කරනවා. සිඳු ( සාකච්ඡාව / @ ) 08:45, 27 දෙසැම්බර් 2011 (යූටීසී)[reply]

ලස්සන විතරක් මදි. වටිනාකමකුත් ඕනෑ. පිළිවෙලත් ඕනෑ. අනික කට්ටිය කැමති වෙන්නත් ඕනෑ. මුල්_පිටුව_(RESEARCH) මේක භාවිතා කරන්න. ආයෙත් උත්සාහයක් දෙන්න. -- බිඟුවා සාකච්ඡාව 16:07, 27 දෙසැම්බර් 2011 (යූටීසී)[reply]

උක්ත පරිශීලකයා විශාල වශයෙන් බලපත් තොරතරු හිඟ(;ඇත්තට ම කිව්වොත් නිකං අකුරු ටිකක් ටයිප් කරලා) ගොනු උඩුගත කරන අතර ලබාදෙන නිවේදන ද නොතකයි. ඔහුගේ සංස්කරණයන් ෆෙලිඩේට සමාන බවක් ද දක්වයි. තවදුරටත් මෙවන් නොමනා උඩුගත කිරීම් වළකනු වස් තාවකාලිකව හෝ වාරණයකට ලක් කළ යුතු යැයි යෝජනා කරමි. --තඹරු විජේසේකර සාකච්ඡාව 15:34, 22 දෙසැම්බර් 2011 (යූටීසී)[reply]

ඇයි අපි මෙයාව පමණක් වාරණය කරන්නේ? මේ වගේ චර්යාවන් පෙන්වූ කී දෙනෙක් ෆෙලිඩේට පස්සේ හිටියාද? සමහර අය තවම සක්‍රියයි. සමහරු අක්‍රියව ඉන්නවා සක්‍රිය වෙන්න කල් මරමින්. ඒ ගොල්ල ගැන අනෙක් අය යෝජනා කරන කොට තඹරු සහෝදරයා කොහෙද හිටියේ? දැන් ඔය කෑ ගහන්නේ තඹරු කියන විකිපීඩියා මාමකත්වයා නොවෙයි; ඔය මොර දෙන්නේ ලජ්ජාවට පත්වුනු තඹරු මහත්තයායි. එයාගේ ආත්ම ගරුත්වය කෙලෙසිලා. ඒකයි මෙයාව වාරණය කරවු කියලා ලතෝනි දෙන්නේ. මේක මහ සංකීර්ණ ප්‍රශ්නයක්. මේක ඇතුලේ ඔඩු දුවපු ප්‍රශ්නයක්. ලොකු අය මේකට බයයි. ලොකු ආයතන මේකට සම්බන්ධයි. ලොකු අයගේ රස්සාවලට සම්බන්ධ ආයතන මේකට හවුල්. මේ ප්‍රශ්නය ගැන ප්‍රජා කතා බහක් කරලා ප්‍රජාව විසින් පරිපාලනයට යෝජනා කරලා සම්මත කරලා බල කරන්න වෙනවා. නැතුව එහෙන් මෙහෙන් කොණහලා වැඩක් වෙන්නේ නැහැ සහෝ!!---අස්ලාන් (talk) 16:39, 22 දෙසැම්බර් 2011 (යූටීසී)[reply]
මම කී දෙනෙක් ගැන නම් මෙහෙම කියලා තියෙනවද? ඔයා archives බලලා නෑ වගේ! දැක්ක දෙයක් කියන එක ලැජ්ජාවක් ද? අනික මට වාරණ බලතලයක්වත් නැතිව (තිබුණත් මෙහෙම කියන්න වෙනවා! ප්‍රජා අදහස ගන්න) මම මෙයාලට මොනවා කරන්නද? කරන දේවල් ගැන warning එකක් දීලා; එයාලා ඒක අහන්නෙ නැත්නම් ඉහළට දැනුම් දෙන්න වෙනවා. ඒක ඉතින් සාමාන්‍ය ජීවිතෙත් හැටිනේ! අනික මොකද්ද මේ ගරුත්‍වය කෙලෙසුණු කතාව? සැබෑ ජීවිතේවත් එහෙම වෙලා නැහැ. ඔයා මොනවා කියනවාද මට තේරෙන්නෙ නැහැ. මම එන්න කලින් ඉඳලම මේ කේස් එක තිබුණ බව මම ආපු මුලදි ම දැක්කා. ඊට පස්සේ මාත් මේ ගැන ඇහැගහගෙන හිටියෙ. ලොකු අයගේ රස්සාවල්වලට ආයතන හවුල් වුණාට විකිනීතිය හා සදාචාරය කෙලෙසෙන්න දෙන්න බැහැ. අනික අපේ හැම පරිපාලකතුමෙක් ම ආරූඪ නාමෙන් ඉන්න නිසා ඒකෙ අවුලක් වෙන්නෙ නෑ. ඇත්තට ම එහෙම පරිපාලකතුමෙක් ඉන්නවානම් අස්කරවාලන්න අපිට අයිතිය තියෙනවා. හැබැයි මේ හැම කෙනෙක් එක්ක ම ළඟින් වැඩකළ, පෞද්ගලිකව කථාබහකළ සහ පත්කරගනිද්දි සහාය දුන් මට ඒ කිසිම කෙනෙක් එහෙම නැහැ කියලා සහතික වෙන්න පුළුවනි. මේ ප්‍රශ්ණෙ විසඳගන්න හැමෝම එකතු වෙලා වැඩකරමු. ජය! --තඹරු විජේසේකර සාකච්ඡාව 09:06, 23 දෙසැම්බර් 2011 (යූටීසී)[reply]

ෆෙලිඩේ හූනියමෙන් ගැලවීම[සංස්කරණය]

ෆෙලිඩේ හූනියමෙන් ගැලවීම සඳහා ෆෙලිඩේ ආකාරයේ සියළු ලිපි මකාදැමීම හා ෆෙලිඩේ ආකාරයේ සියළු ලිපි තනන්නන් වාරණය කළ යුතු වෙයි. මෙය අතීතයට, වර්තමානයට හා අනාගතයට බලපාන ලෙසින් කල යුතු වෙයි. මේ නිසා ෆෙලිඩේ ආකාරයේ ලිපි සොයාගන්නා ක්‍රම හා ෆෙලිඩේ වැනි ලිපි ලියන්නන් සොයාගන්නා ක්‍රම ඔබ දන්නා පරිදී යෝජනා කරන්න. මෙයට සහය වන ඔබ සැබෑ සිංහල විකි මාමකයෝ වෙති.

ෆෙලිඩේ ආකාරයේ ලිපි සොයාගන්නා ක්‍රම

  • ඒවා පරිවර්තන නම් විශාල ලිපි වල කුඩා කැබලි වීම හා විශාල ලිපියේ නම නොව අමුතු විකෘත නමක් යොදා තිබීම
  • අන්තර්-විකි බැඳීම් නොදක්වා ඉංග්‍රීසි ලිපියේ අන්තර්ජාල ලිපිනය පමණක් ලිපි අග යෙදීම


ෆෙලිඩේ වැනි ලිපි ලියන්නන් සොයාගන්නා ක්‍රම

  • තනන ලිපි පරිවර්තන නම් ඒ සඳහා භාවිතා කරන මූලාශ්‍ර පැරණි යල් පැන ගිය අනුවාද වීම
  • පරිශීලක නාමයෙහි ඉලක්කම්ද භාවිතා කිරීම


ඔබගේ දායකත්වය සපයන්න. --- අස්ලාන් (talk) 17:04, 22 දෙසැම්බර් 2011 (යූටීසී)[reply]

අයිසේ අස්ලාන්. තමුසේගේ බූදලයද මේක ඔච්චර පරිස්සම් කරන්න. ෆෙලිඩේ නැත්නම් මේ විකියේ ලිපි කීයක් තියෙයිද? තමුසේ ලිපි කීයක් හැදුවද කියනවා. බොරුවට එක එකාගේ වැරදි හොයන්නේ. තමුසේට විතරක් මොකද්ද මේ තියෙන අමාරුව. කරන මිනිහෙක්ට වැඩ කරන්න දෙනවකෝ. පිස්සෙක් වෙන්නේ නැතුව. මෙතන නිකන් පොර වෙන්න හදන්නේ. තමුසේ බබා වෙන්න හදනවා නේද? ස්වේත මාමා කෝ දැන්. තමුසේගේ පස්සේ ඇති. පරිස්සමින් වැඩ කරනවා. තමුසේගේ වැඩ මට අල්ලන්නේ නෑ. --මීමා (talk) 03:08, 23 දෙසැම්බර් 2011 (යූටීසී)[reply]

යකා උනත් වැඩක් ගන්ඩ පුලුවන් නම් එච්චරයි. ලිපි අන්‍ත්‍ර්ගත මකනවා නම් , තියන ලිපි කඩනවා නම් ඒවා වලක්වන එක මේකෙ ඉන්න උන්ගේ වැඩක්. ඉන්න පරිශීලකයින් ගෙන් කීයෙන් කී දෙනාද අලුත් ලිපියක් කියලා කියන්ඩ පුලුවන් ලිපියක් කරන්නේ(මට නම් ඒකෙ කිසිම අවුලක් නැ. මෙතන මිනිස්සු පුලුවන් වෙලාවට සහ කැමති වෙලාවට නේ යමක් කරන්නෙ ). ඉතින් කැලි කැලි හරි හදන එකාව කම්බස් කරන්ඩ දගලන්නේ මොකටද? මේකට අකුරකින් හරි හොද යමක් කරන හැම එකාම වැදගත්. ෆෙලිඩේ නෙමෙ ,ඕන නසරානියෙක් ඇවිත් කරන මොනවා හරි වලින් ගතයුතු දෙයක් තියනවා නම් ගන්න එක තමා ස්මාර්ට් වැඩේ. අස්ලාන් තම්බි, ඔයා ඔක නොකරන්නේ ඇයි. ඔය ඔයා කියන "ෆෙලිඩේ ආකාරයේ ලිපි " වල ලිස්ට් එකක් දාන්ඩකෝ. කැමති අය ඒවා හදන්ඩ බලයි . ----සමන් (talk) 08:39, 23 දෙසැම්බර් 2011 (යූටීසී)[reply]

සමන් මහත්මයා මම ලැයිස්තුව හදලා දමන්නම්. ලිපි කැබලි හැදීමෙන් වෙන අගතිය ගැන බොහෝ දෙනෙක් දන්නවා. මම තවදුරටත් ඒ ගැන පුන පුනා කියන්නේ නැහැ. --- අස්ලාන් තම්බි (talk) 15:13, 23 දෙසැම්බර් 2011 (යූටීසී)[reply]
ස්තුතියි. ඔයත් ඔය කැලි එකක් දෙකක් හරි මූට්ටු කරන්ඩ බලන්ඩ ඉන්න ගමන් ( අහිංසක ඉල්ලීමකි )..----සමන් (talk) 06:48, 25 දෙසැම්බර් 2011 (යූටීසී)[reply]

පසිඳු කාවින්ද හා තෝරාගත් සේයාරුව[සංස්කරණය]

මෑතකදී පසිඳු කාවින්ද විසින් තෝරාගත් සේයාරුව සඳහා බොහෝ සේයා එකතු කරමින් මහඟු සේවාවක් ඉටු කරනු දුටිමි. මේ පිළිබඳව අතිශයින් සතුටු වූයෙමි. නමුදු හොඳින් විමසා බැලූ කල සැකිල්ල:තෝරාගත් සේයාරුව හි ඉපැරණි සංශෝධන බා ගෙන ඒවා තමන් විසින් කල බවක් මෙතැන ගෙන හැර පෑ බවක් පසිඳු කාවින්ද විසින් කර ඇති බව දුටිමි. නිදසුනක් වශයෙන් දැනට පෙන්වන තෝරාගත් සේයාරුව එනම් සැකිල්ල:තෝරාගත් සේයාරුව/51 යන්නෙහි ඉතිහාසය බැලූ කල එම සේයාරුව අඩංගු සැකිල්ල පසිඳු කාවින්ද විසින්ම කල බවක් පෙන්නුම් කරයි. කෙසේ වුවද සත්‍ය වශයෙන්ම මෙම සේයාරුව හා කැප්ෂණය නිමවා ඇත්තේ වෙනත් පරිශීලකයෙක් විසින් 2009 ජූනි 8 වන දිනදීය. පසිඳු කාවින්ද විසින් තෝරාගත් සේයාරුව සඳහා මෑතදී සිදු කල අනෙකුත් සංශෝධනද මෙවැනි කොපි කිරීම්ය. අවම වශයෙන් මෙවැනි කොපි කිරීම් කරන විට ඒවා තමන්ගේ නිර්මාණ යැයි නොහඟවා මුල් කතෘට ගෞරව එක් කරන්නේ නම් වඩාත් ශිෂ්ඨසම්පන්න බව සිතමි. --- අස්ලාන් තම්බි (talk) 09:36, 25 දෙසැම්බර් 2011 (යූටීසී)[reply]

ඔය තෝරාගත් සේයාරූවල කොතනකවත් මගේ නම නැහැ. මම ඉටු කෙළේ මගේ යුතුකම. කොපි කරලහරි නිවැරදිව තියෙනවනේ. නිකන් බොරුවට මෙතන වාද කරන්න එපා. පුලුවන්නම් මේ වැඩවලට උදව් කරන්න නැත්තම් වෙන වැඩක් බලාගන්න. කවුරුත් මේක කරන්නෙත් නැ කරන එකෙක්කුට කරන්න දෙන්නෙත් නෑ. සිඳු ( සාකච්ඡාව / @ ) 09:43, 25 දෙසැම්බර් 2011 (යූටීසී)[reply]

මිස්ටර් පසිඳු, ජරා වැඩ කරලා කෑ ගහන්න එපා. ඔයා හදපු සැකිලි වල ඉතිහාසයේ තියෙන්නේ ඔයාගෙ නම විතරයි. කොපි කිරීම මහත් ලජ්ජා විය යුතු වැඩක්. අනුන් කල දේ හොරාගන්න එපා. එවාට කතෘ ගරුත්වය දෙන එක තමයි සභ්‍යත්වය. කොහොම හරි කරනවා කියලා දෙයක් නැහැ. හරියට කරනවා කියලා දෙයක් තියෙනවා. ඒකයි නියම මහත්මා දෙය. --- අස්ලාන් තම්බි (talk) 09:48, 25 දෙසැම්බර් 2011 (යූටීසී)[reply]
පසිඳු කාවින්ද විසින් තෝරාගත් සේයාරුව සඳහා බොහෝ සේයා එකතු කරමින් මෙසේ සිදු කර ඇති කර්තව්‍යය පිළිබඳ ප්‍රජාව අදහස් ඉදිරිපත් කළ යුතු බවට යෝජනා කරමි. ඔබ හට මෙය එක්කෝ හෙළා දැකිය හැකිය නැත්නම් මෙය අගය කළ හැකියි. --- අස්ලාන් තම්බි (talk) 09:55, 25 දෙසැම්බර් 2011 (යූටීසී)[reply]
ඒ සඳහා {{subst:අගයකිරීම}} හෝ {{subst:හෙළාදැකීම}} සුදුසු පරිදී භාවිතා කරන්න. --අස්ලාන් තම්බි (talk) 10:05, 25 දෙසැම්බර් 2011 (යූටීසී)[reply]
  1. හෙළා දකිමි අස්ලාන් තම්බි (talk) 10:06, 25 දෙසැම්බර් 2011 (යූටීසී)[reply]
  2. අගය කරමි සිඳු ( සාකච්ඡාව / @ ) 10:12, 25 දෙසැම්බර් 2011 (යූටීසී) මෙතෙක් කල් තිබු තෝරාගත් සේයාරූ අඩුපාඩු සියල්ලම පාහේ මා විසින් මහන්සි වී නිම කෙරුවෙමි. කොපි කරා වුවද හොඳ කටයුත්තකට නිසා අවැඩක් සිදු නොවේ.[reply]


  1. මධ්‍යස්ථ තඹරු විජේසේකර සාකච්ඡාව 10:45, 25 දෙසැම්බර් 2011 (යූටීසී) මෙතන පරිභව කරමින් ඉඳලා වැඩක් නැහැ. බොරුවට තේරුමක් නැති ඡන්ද කරලා වැඩකුත් නැහැ. සහෝදරයන්, මිත්‍රයන් විදියට සුළු සුළු ප්‍රශ්ණ ගොඩින් බේරගන්නවා හැර රටට කෑ ගහලා කියලා වැඩක් නැහැ. කිසියම් තැනක අනුන්ගෙ දෙයක් උපුටාගෙන තමන්ගේ ය කියන එක නරක වැඩක්. හැබැයි අවුල තියෙන්නෙ විකිය කාටවත් අයිති නැහැ! මේක තියෙන ඕනෑම දෙයක් උපුටාගන්න; වෙනස්කොට යළි භාවිතා කරන්න පූර්ණ අයිතිය තියෙනවා. මම ය මාගේ ය කියා දෙයක් අපේ ප්‍රායෝගික ජීවිතවලත් නැහැ වගේ ම මෙතැනත් එහෙම ම තමා. පසිඳුගෙ අතින් වැරැද්දක් උණා නම්, එයා සමාව ගන්න ඕන. එතනින් වැඩේ Close. ඊට එහාට අඬහැර පාන්න ඕනෑ නෑ. කොහොම වුනත් විකිය තුළම වූ උපුටාගැනීමක් නම් ආයිත් අහන්නවත් දෙයක් නෑ; එතන කිසිම අවුලක් නෑ. අපේ කට්ටියගෙ අත්සන්, පරිශීලක පිටු ආදිය බලන්නකො අස්ලාන්. ඒවායෙ කොච්චර සමානකම්; උපුටාගැනීම් හා වෙනස්කිරීම් ඕනෑතරම් තියෙනවානෙ. ඕක මහ ලොකු ප්‍රශ්ණයක් නෙවෙයිනෙ? අඩු ම ගානෙ පසිඳු මලයා නොමනා අන්තර්ගතයක් ඇතුලත් කළානම්, ඕන්න මේ දැන්ම වාරණය කරන්න තිබ්බා. මේක පොඩි කේස් එකක්නෙ? එයාට විකියට තියෙන ආසාවත් යාවි මෙහෙම හැම එකටම කෑගැහුවම! අපි බලන්න ඕනි කස්ටිය රඳවා ගන්න සහ සහයෝගයෙන් වැඩ කරන්න. ලොකු ම ආඩම්බරය තමයි සාකච්ඡා පිටුවලට වඩා ලිපිවලට තම දායකත්‍වය සපයා තිබීම. කතාවට වඩා වැඩයි ඕන! දෙන්නාටම සුභ පතනවා; විකිසෙනෙහසින්. --තඹරු විජේසේකර සාකච්ඡාව 10:45, 25 දෙසැම්බර් 2011 (යූටීසී)[reply]
තඹරු මහත්මයාණනි, ඔබගේ මෙම සාම ප්‍රයත්නය ගැන හද පතුලින් තුටු වෙමි. මට පොඩි ප්‍රශ්නයක් තිබේ. ඒ ගැන පැහැදිලි කිරීමක් කරන්න. අපි ලිපි කැබලි ඒකාබද්ධ කරනකොට ඒ වැඩේ පරිපාලක වරුන්ට පවරන්නේ පැරණි ලිපියේ හා අළුත් ලිපියේ සංස්කරණ ඉතිහාස හා සාකච්ඡා පිටු නොනැසී පවත්වාගෙන යෑමට නේද? ඒවා වැදගත් නිසා නේද? ඒවා එහෙම වැදගත් වන්නේ දායකත්වය දුන් අයගේ දායකත්වය විකිපීඩියාව අතිශයින් අගය කරන නිසා නේද? (සාමාජීය හෝ තාක්ෂණික හේතූන් නිසා) දැන් මෙතැනදී එය සිදු වුනාද? --- අස්ලාන් තම්බි (talk) 23:22, 25 දෙසැම්බර් 2011 (යූටීසී)[reply]
අස්ලාන් මහතා "දැන් මෙතැනදී" ඔබ විස්තර කළ පරිද්දෙන් මට හැඟෙන්නේ මෙම සංස්කරණයන් පසිඳු විසින් “මා නිර්මාණය කළා!“යි සෑමතැනම කිය කියා ගිය බවකි. නමුත් මම එහෙම දෙයක් දැක්කෙ නෑ; අර ඉස්සර ම අපේ සාකච්ඡා පිටුවල දාපු එක හැර. ලිපි ඒකාබඬ කරද්දි ඉතිහාසයත් රැකගන්න බැහැනෙ? ගෙනයාමකදි නම් පුළුවනි. නමුත් ලිපි කොටසක අන්තර්ගතයක් තවත් පවතින ලිපියකට බහාලීමේදී එය කළ නොහැක්කක්; මම දන්න තරමින්. විකිපීඩියාව දායකත්‍වයන් ඇගයුවාට මේක කළේ මෙයා ය කියලා අයිතියක් දෙන්නෙ නැහැ. ඒ කොහොමවුණත් ඔච්චර හිතන්න තරම් ප්‍රශ්ණයක් මෙතන නෑ මට හිතෙන්නෙ. --තඹරු විජේසේකර සාකච්ඡාව 07:25, 26 දෙසැම්බර් 2011 (යූටීසී)[reply]
  1. මධ්‍යස්ථ : ~ User:පසිඳු කාවින්දගේ මහන්සිය අගයමි. නමුත් කරඇති වැඩේ එතරම් නිවැරදි නැත. හෙළා නොදකිමි. පිළියමකි යෝජනා කරමි. Singhalawap (talk) 08:36, 26 දෙසැම්බර් 2011 (යූටීසී)[reply]

විසඳුමක්[සංස්කරණය]

Thank you User:අස්ලාන් for ponting out the issue.
There is a problem. If it is a "BIG" issue or a "SMALL" issue; is not that importent at the moment.
I tried a solution. I moved සැකිල්ල:තෝරාගත් සේයාරුව/2011-04-11 to the සැකිල්ල:තෝරාගත් සේයාරුව/51.
So we have the article & the history.
Waht do you guys think.
Shall we do this to all ?
Singhalawap (talk) 08:32, 26 දෙසැම්බර් 2011 (යූටීසී)[reply]

මම හිතනවා ඔබ හරි කියල. මොකද ඔබ සිදු කල වැඩෙන් සැකිල්ල හා එහි ඉතිහාසය යන දෙකම ආරක්ෂා වෙනව. සුබ පැතුම්! සිඳු ( සාකච්ඡාව / @ ) 09:19, 26 දෙසැම්බර් 2011 (යූටීසී)[reply]

User:පසිඳු කාවින්ද
You are still working as a වඳුරා with දැලිපිහිය.
You are working without considerring any wiki ethic wiki norm or wiki standerd.
This wast your time & more than that others time as its not easy to correct all the wrong things done by u.
Correcting this සැකිල්ල:තෝරාගත් සේයාරුව problem needs conciderable human time.
Please remenber wikipedia is a common place & you can not use it as its your own.
I beg you to behave well.
If not you are digging your own grave.
Singhalawap (talk) 10:06, 26 දෙසැම්බර් 2011 (යූටීසී)[reply]

මේ මොන විකාරයක්ද ඔයයි අස්ලනුයි දෙන්නම මට නිතරම බනිනවා. මම කරන වැඩ නීති විරෝදීද? ඇයි මට මගේ පාඩුවේ වැඩ කරන්න දෙන්නැත්තෙ? සාකච්චා පිටුවලම එල්ලිලා ඉදල මට දැන් පිස්සු වගේ... සිඳු ( සාකච්ඡාව / @ ) 10:14, 26 දෙසැම්බර් 2011 (යූටීසී)[reply]

Not only u, even otheres does not like to live in සාකච්චා පිටු fighting.
Just read සාකච්චා පිටු & see, how many problems has beeen created by you.
See how difficalt to undo විකාර done by you.
Singhalawap (talk) 10:33, 26 දෙසැම්බර් 2011 (යූටීසී)[reply]
Singhalawap (talk) 10:33, 26 දෙසැම්බර් 2011 (යූටීසී)[reply]
හැම එකටම ඡන්දා දාන්න ගියොත් මේක නිකන් මැතිවරණයක් වගේ වෙයි. අනේ මන්දා. මීට වඩා වැදගත් වැඩ ඕනෑ තරම් මේකේ තියෙන්වා කරන කෙනෙකුට කරන්න. -- බිඟුවා සාකච්ඡාව 03:29, 27 දෙසැම්බර් 2011 (යූටීසී)[reply]