මැංගනීස්

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න


chromiumමැංගනීස්iron
-

Mn

Tc
මුහුණුවර
silvery metallic
A rough fragment of lustrous silvery metal
ප්‍රධාන ගුණ
නම, සංකේතය, ක්‍රමාංකය මැංගනීස්, Mn, 25
උච්චාරණය /ˈmæŋɡənz/ MANG-gə-neez
මූලද්‍රව්‍ය කාණ්ඩය transition metal
කාණ්ඩය, ආවර්තය, ගොනුව 74, d
සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 54.938045(5) g·mol−1
ඉලෙක්ට්‍රෝන වින්‍යාසය [Ar] 4s2 3d5
කවච වල ඇති ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව 2, 8, 13, 2
ද්‍රව්‍යමය ගුණ
අවධිය solid
ඝනත්වය (කා.උ. දී) 7.21 g·cm−3
ද්‍රවාංකයේ දී ද්‍රව ඝනත්වය 5.95 g·cm−3
ද්‍රවාංකය 1519 K, 1246 °C, 2275 °F
තාපාංකය 2334 K, 2061 °C, 3742 °F
විලයන එන්තැල්පිය 12.91 kJ·mol−1
වාෂ්පීභවන එන්තැල්පිය 221 kJ·mol−1
විශිෂ්ට තාප ධාරිතාව (25 °C) 26.32 J·mol−1·K−1
වාෂ්ප පීඩනය
පීඩ. (Pa) 1 10 100 1 k 10 k 100 k
උෂ්. (K) 1228 1347 1493 1691 1955 2333
පරමාණුක ගුණ
ඔක්සිකරණ අංකය 7, 6, 5, 4, 3, 2, 1, -1, -2, -3
(oxides: acidic, basic or amphoteric
depending on the oxidation state)
විද්‍යුත් ඍණතාව 1.55 (පෝලිං පරිමාණයෙන්)
අයනීකරණ ශක්ති 1වන: 717.3 kJ·mol−1
2වන: 1509.0 kJ·mol−1
3වන: 3248 kJ·mol−1
පරමාණුක අරය 127 pm
සහසංයුජ අරය 139±5 (low spin), 161±8 (high spin) pm
ප්‍රකීර්ණක
ස්එටික ආකෘතිය body-centered cubic
චුම්බකත්වය paramagnetic
විද්‍යුත් ප්‍රතිරෝධිතාව (20 °C) 1.44 µΩ·m
තාප සන්නායකතාව (300 K) 7.81 W·m−1·K−1
තාප ප්‍රසාරණය (25 °C) 21.7 µm·m−1·K−1
ධ්වනි වේගය (තුනී දණ්ඩක් හරහා) (20 °C) 5150 m/s
යං මාපාංකය 198 GPa
නිකර මාපාංකය 120 GPa
මෝ දැඩියාව 6.0
බි‍්‍රනල් දැඩියාව 196 MPa
CAS ලේඛනගත අංකය 7439-96-5
ඉතාමත් ස්ථායී සමස්ථානික
ප්‍රධාන ලිපිය: මැංගනීස් වල සමස්ථානික
සමස්. ස්.සු. අර්ධ ජීව කාලය ක්.නිය. ක්.ශ. (MeV) ක්.නිශ්.

සැකිල්ල:Elementbox isotopes decay3

53Mn trace 3.74×106 y ε - 53Cr
54Mn syn 312.3 d ε 1.377 54Cr
γ 0.834 -
55Mn 100% 55Mn is stable with 30 neutrons

මැංගනීස් රසායනික මූලද්‍රව්‍යයකි. එය Mn වලින් සංකේතවත් කෙරේ. පරමානුක ක්‍රමාංකය 25කි. ස්වභාවික නිදහස් මූලද්‍රව්‍යකි. (බොහෝ විට යකඩ සමග මිශ්‍රව පවතී.)මැංගනීස් මිශ්‍ර ලෝහ කර්මාන්තයේදි වැදගත් මූලද්‍රව්‍යකි. (විශේෂයෙන් මල නොකන වානේ නිපදවීමේදි )

අතීතයේ මැංගනීස් විවිධ නම් වලින් හඳුන්වනු ලැබීය. (මැග්නටයිට් ආදී) 18 වන සියවසයේ මැද භාගයේදී කාල් විලියම් ශීල් විසින් තයිරොලුසයිට් යොදාගෙන cl2වායුව නිපදවීමේදී එය තුල නව මූලද්‍රව්‍යයක් ඇති බව සොයා ගෙන ඇත. නමුත් එය වෙන් කර ගැනීමට නොහැකි විය. ජෝන් ගොට්ලීබ් විසින් වසර 1774දී මුල් වරට කාබන් යොදා ගනිමින් මැංගනීස් නිස්සාරණය කරගෙන තිබේ.

මැංගනීස් පොස්ෆේටීකරණය වානේ මළ බැඳීම හා විඛාදනය වැලැක්වීමට යොදා ගනී. ඔක්සිකරන අංකය වෙනස් වීමෙන් මැංගනීස් අයන විවිධ වර්ණ දක්වයි. මේවා සායම් කර්මාන්තයට යොදා ගනී. ක්ෂාරීය මධ්‍යයේ පර්මැංගනේට් ඉතා ප්‍රභල ඔක්සිකාරකයක් වන අතර මැංගනීස් ඩයොක්සයිඩ් බැටරි හා වියලි කෝෂ තුල කැතෝඩ (ඉලෙක්ට්‍රෝණ ත්වරක )ලෙස යොදා ගනී.

Mn2+අයන එන්සයිම සහ සාධකයක් වේ. ජීවී අවයව වල ඇති සුපර් ඔක්සයිඩීය මුක්ත ඛන්ඩක විෂ හරණය සඳහා මෙම මැංගනීස් අඩංගු එන්සයිම වැදගත් වේ. එසේම ප්‍රභාසංස්ලේෂණයේදී ඔක්සිජන් සහිත සංකීර්ණ සෑදීමේදී Mnවැදගත් වේ.එමෙන්ම Mn ජීවී දේහ තුල අංශුමාත්‍ර මූලද්‍රව්‍යයක් වේ.කෙසේ වෙතත් ක්ෂීරපායීන්ට අප්‍රතිවර්ත්‍ය විෂ සහිත සහලක්ෂණ ඇති කිරීමට Mn හේතු වේ.

ලක්ෂණ[ප්‍රභව කේත සංස්කරණය කරන්න]

භෞතික ගුණ[ප්‍රභව කේත සංස්කරණය කරන්න]

Manganese electrolytic and 1cm3 cube

මැංගනීස් රිදීවන් අළු පැහැ ලෝහයකි. භංගුර වේ.විලීන කිරීම අපහසුය. නමුත් පහසුවෙන් ඔක්සිකරණය වේ. මැංගනීස් ලෝහය හා එහි අයණ අනු චුම්භක ගුණ දරයි.

සමස්ථානික[ප්‍රභව කේත සංස්කරණය කරන්න]

මැංගනීස් ස්වභාවිකව ස්ථායි සමස්ථානික දරයි. වඩාත්ම ස්ථායි 53Mn(අර්ධ ආයු කාලය වසර මිලියන 3.7කි )මීට අමතරව 54Mn (අර්ධ ආයු කාලය දින 312.3), 52Mn (අර්ධ ආයු කාලය දින 5.591) හා 18 වන විකිරණශීලී සමස්ථානිකය වන 55Mn ද පවතී. සියලුම විකිරණශීලි මූලද්‍රව්‍ය වල අර්ධ ආයු කාලය පැය 3කට වඩා අඩු වන අතර එයිනුත් බොහොමයක මිනිත්තුවකට වඩා අඩු වේ. එසේම Mn වල බහුරූප අවස්ථා 3ක්ද දැක ගත හැක.

මැංගනීස් වල සමස්ථානිකයන්හි අණුක භාරය 46ක සිට 65 දක්වා වෙනස් වේ. මේ අතරින් වඩා ස්ථායි වන්නේ අණුක භාරය 55 වන සමස්ථානිකයයි.

රසායනික ගුණ[ප්‍රභව කේත සංස්කරණය කරන්න]

Mn වල ඔක්සිකරණ අංකය -3 සිට +7 දක්වා වෙනස් වුවත් බහුල ඔක්සිකරණ තත්ව වන්නේ +2,+3,+4,+6 හා +7 ය. Mn වල +7 ඔක්සිකරණ අවස්ථාව නැමැති අස්ථාවර Mn2O7ඔක්සයිඩයක් සාදන අතර එමගින් MnO4-දම් පැහැති ප්‍රභල ඔක්සිකාරක සංයෝගයක් වන ඇනායනය සාදයි. එමෙන්ම +5(නිල් ) හා +6(කොල ) ඔක්සිකරණ තත්වද ප්‍රභල ඔක්සිකාරක වන අතර ඒවා ද්වීදාකරණ ප්‍රතික්‍රියා වලට සහභාගී වේ.

Manganese chloride crystals. The pale pink color of Mn (II) salts is due to a spin-forbidden 3d transition which is rare
Aqueous solution of KMnO4 illustrating the deep purple of Mn(VII) as it occurs in permanganate

වඩාත්ම ස්ථායි ඔක්සිකරණ තත්වය +2 වන අතර එය රෝස පැහැතිය. +2 ඔක්සිකරණ තත්වයේ ඇති සංයෝග ගණනාවකි. මෙම ඔක්සිකරණ තත්වයේ ඇති මැංගනීස් ඛනිජ නිධි තුල බහුලවම Mn2CO3 ලෙස දැකිය හැක. +2 ඔක්සිකරණ තත්වයේ සංයෝග ජීවී දේහ තුල වැදගත් මෙහෙයක් ඉටු කරයි.අනෙත් ඔක්සිකරණ තත්ව ජීවී දේහ වලට විෂ සහිතය.මූලද්‍රව්‍යයේ 4s ඉලෙක්ට්‍රෝණ 2ක් ඉවත් කිරීමෙන් +2 ඔක්සිකරණ තත්වය ලැබේ.උත්තේජිත අවස්ථාවට පත් වූ පසු වල 3d කාක්ෂිකයේ යුග්ම නොවූ ඉලෙක්ට්‍රෝණ 5ක් පවතී.මෙම කාක්ෂිකය තුල ඉලෙක්ට්‍රෝණ එහා මෙහා ගමන් කිරීමේදි විමොචණය වන විද්යුත් චුම්භක තරංග දෘශ්‍ය පරාසයේ පවතින නිසා සංයෝගයට වර්ණයක් ඇති ලෙස පෙනේ.

+3 ඔක්සිකරණ තත්වය මැංගනීස් ඇසිටේට් වැනි සංයෝග තනයි. මේවාද තරමක් ප්‍රභල ඔක්සිකාරක සාදන අතර ඒවා ද්වීදාකරණය වෙමින් +2 හා +4 ඔක්සිකරණ තත්ව ලබා දීමට නැඹුරුව සිටී. මැංගනීස් සංයෝග ජෝන් ටේලර් ආචරණය නිසා මේවා අෂ්ඨතල හැඩැති සංයෝග සාදන අතර ඒවා දම් රතු පැහැති වේ. මැංගනීස් වල +5 ඔක්සිකරණ තත්වය මැංගනීස් ඩයොක්සයිඩ් විලීන වල ද්‍රවණය කිරීමෙන් ලැබේ. එසේම +6 ඔක්සිකරණ තත්වයද මැංගනීස් ඩයොක්සයිඩ් විලීන භෂ්ම තුල දිය කර වාතයට නිරාවරණය කිරීමෙන් ලබා ගත හැක. පර්මැංගනේට් +7 තත්වය දම් පැහැතිය. [[NaMnO4]] ,[[ KMnO4]] ,[[ BaMnO4]] ප්‍රභල ඔක්සිකාරක වේ. පොටෑසියම් පර්මැංගනේට් වලට කොන්ඩිස් කැට කියාද කියනු ලැබේ.මේවා වෛද්‍ය රසායණාගාර තුල බහුලව භාවිත වේ. ද්‍රාවණ ඉලෙක්ට්‍රෝණ අන්වීක්ෂයෙන් සෛල නැරඹීමේදී වර්ණකයක් ලෙස යොදා ගනී.

ඉතිහාසය[ප්‍රභව කේත සංස්කරණය කරන්න]

[1]

A drawing of a left-facing bull, in black, on a cave wall
Some of the cave painting in Lascaux, ප්‍රංශය use manganese-based pigments.[2]

අතීතයේ ග්‍රීසියේ මැග්නීසියා ප්‍රදේශයේදී කළු පැහැති ලෝහ 2ක් හමු විය. මෙය සොයා ගත් ස්ථානය අනුව මැග්නස් ලෙස නම් කරණ ලදී. මේවා වර්ග 2ක් විය. එක් වර්ගයක් යකඩ ආකර්ෂණය කරමින් චුම්භක ගුණ දරයි. අනෙක යකඩ ආකර්ෂණය නොකරයි. නමුත් එය වීදුරු විවර්ණ කරමින් විරංජක ගුණ දරයි.මෙයින් දෙවන වර්ගය මැග්නීසියා ලෙස හඳුන්වනු ලැබූ අතර (මැන්ගනීස් ඩයොක්සයිඩ් බව නොදත්තේය.)අනෙක් වර්ගය මැන්ගනීන් ලෙස හඳුන්වනු ලැබීය.පසු කාලීනව මේ මැන්ගනීස් බව මයිකල් ම(ර්)කැට් නම් කරන ලදී.

මැංගනීස් හි ඔක්සයිඩ ස්වභාවයේ බහුලය. මේවායේ වර්ණවත් බව නිසා ගල් යුගයේ සිට ගල් ගුහා වල අඳිනු ලැබූ චිත්‍ර වර්ණ ගැන්වීමට මේවා යොදාගෙන ඇත. (ගාර්ගස් වල ගල් ගුහා වල චිත්‍ර වසර 24,000ත් 32,000ත් අතර පැරණිය.) මැංගනීස් සංයෝග ඊජිප්තු හා රෝම වීදුරු කාර්මිකයන් යොදාගෙන තිබේ.(වීදුරු වර්ණ ගැන්වීමට හෝ විවර්ණ කිරීමට )14 වන සියවසයේ වැනීසියේ වීදුරු කර්මාන්තය මීට සාක්ෂි සපයයි. මැංගනීස් ඩයොක්සයිඩ් යොදාගෙන පරීක්ෂණ පැවත්වූ ඉග්නේටියස් ගොට්‍රයිට් කාම්(1770)හා ජොහෑන් ග්ලේබර් (17 වන සියවස )මේවා පර්මැන්ගනේට් බවට පත්කල හැකි බව සොයා ගන්න ලදී. 18 වන සියවසයේ මැද භාගයේදී ස්වීඩන් ජාතික කාල් විලියම් ශීල් මැන්ගනීස් ඩයොක්සයිඩ් යොදාගෙන ක්ලෝරින් නිපදවීය. මෙහිදී HCl අම්ලයත් තනුක සල්ෆියුරික් අම්ලයත් සෝඩියම් ක්ලෝරයිඩ් හා මැංගනීස් ඩයොක්සයිඩ් ප්‍රතික්‍රියා කරවා ඇත. මෙලෙස ක්ලෝරින් හා හයිප ක්ලෝරින් නිපදවීම නිසා විරංජණකාරක ලොවට බිහිවිය. පසු කාලීනව 1774දී ජෝන් ගොට්ලීබ් නැමැත්තා මැංගනීස් ඩයොක්සයිඩ් කාබන් සමග ප්‍රතික්‍රියා කරවා ලෝහය ලබා ගන්නා ලදී. 19 වන සියවසයේ මුල් භාගයේදී මැංගනීස් වානේ කර්මාන්තයට යොදා ගනු ලැබීය. වසර 1816දී යකඩ වලට මැංගනීස් එකතු කිරීමෙන් එය වඩාත් ශක්තිමත් වන බවත්, භංගුර බව අඩු වන බවත් සොයා ගනු ලැබීය. 1837දී බ්‍රිතන්‍ය ජාතික ජේම්ස් කූපර් පතල් ආශ්‍රිතව මැංගනීස් ලෝහයට නිරාවරණය වීමෙන් පාකින්සන් රෝගය වැනි රෝගයක් ඇති විය හැකි බව සොයා ගන්නා ලදී.1912දී විද්යුත් රසායනිකව මැංගනීස් පොස්ෆේට් ගැල්වීමෙන් තුවක්කු කැඩීයාම වැලැක්විය හැකි බව සොයා ගැනුනි. 1866දී ලෙක්ලාන්ච් කෝෂය සොයා ගැනීමෙන් පසුව කැතෝඩීය විධ්‍රැවිකය ලෙස මැංගනීස් ඩයොක්සයිඩ් වල වටිනාකම වැඩි විය. නිකල් කැඩ්මියම් බැටරි හා ලිතියම් බැටරි සොයා ගැනීමට පෙර බොහෝවිට මැංගනීස් යොදා ගැනුනි. ස්වභාවිකව හමුවන මැංගනීස් වල අපද්‍රව්‍ය ඇති බැවින් සින්ක්- කැඩ්මියම් බැටරි හා ක්ෂාරීය බැටරි සඳහා කාර්මිකව නිපදවූ මැංගනීස් යොදා ගනු ලැබේ.

පැවැත්ම හා නිපදවීම[ප්‍රභව කේත සංස්කරණය කරන්න]

පෘථිවි කබොලේ 1000ppm (0.1%) පමණ මැංගනීස් ඇත. එය පෘථිවියේ මූලද්‍රව්‍ය බහුලතාව අතින් ගත් විට 12 වන තැන ගනී. පසේ 7000-9000ppm අතර ප්‍රමාණයකුත් මුහුදු ජලයේ 10 ප්‍රමාණයකුත් අවකාශයේ 0-01g/m³ ප්‍රමාණයකුත් මැංගනීස් ඇත. ප්‍රධාන ලෙසම මැංගනීස් තයිරොලුසයිට්( MnO2), බ්‍රෝනයිට්(Mn2+Mn3+)(SiO2) , සිලමලීන් (Ba,H2O)2.Mn5O10 ,හා රොඩොක්‍රොසයිට් (MnCO3)ලෙස පවතී. වඩාත් වැදගත් මැංගනීස් ලෝපස වන්නේ තයිරොලුසයිට්ය.අනෙක් මැංගනීස් වානිජයම නිධි යකඩ නිධි සමග මිශ්‍රව පවතී.ගොඩබිම ඇති මෙම ලෝපස් විසිරී පවතී. ලෝකයේ මැංගනීස් නිධි වලින් 80%ක්ම දකුණු අප්‍රිකාවේ ඇත. තවද මෙම නිදි යුක්‍රේනය,ඉන්දියාව, චීනය,ගාබන්, බ්‍රසීලයේ දැකිය හැක.1978දී තක්සේරු කල අන්දමට මැංගනීස් ටොන් බිලියන 500ක් මුහුදු පත්ලේ ඇත. ෆෙරෝ මැංගනීස් නිපදවීම සඳහා මැංගනීස් ලෝපස් යකඩ ලෝපස් හා කාබන් සමග වායු ධාරා ඌෂ්මක හෝ විද්යුත් චාප ඌෂ්මක තුල ඔක්සිහෘත කරනු ලැබේ. මෙලෙස ලැබෙන ෆෙරෝ මැංගනීස් වල මංගනීස් ප්‍රතිශතය 30%ත් 80%ත් අතර වේ. පිරිසුදු මැංගනීස් ලබා ගැනීම , මැංගනීස් නිධි සල්ෆියුරික් අම්ලය සමග විද්යුත් නිස්සාරණයෙන් ලබා ගත හැක.

ManganeseOreUSGOV.jpg
Mineraly.sk - psilomelan.jpg
Spiegeleisen.jpg
Dendrites01.jpg
The Searchlight Rhodochrosite Crystal.jpg
Manganese ore Psilomelane (manganese ore) Spiegeleisen is an iron alloy with a manganese content of approximately 15% Manganese oxide dendrites on limestone from Solnhofen, Germany—a kind of pseudofossil. Scale is in mm Mineral rhodochrosite (manganese(II) carbonate) in which the deep red color is due to impurities, not manganese
Percentage of manganese output in 2006 by countries[3]

භාවිත[ප්‍රභව කේත සංස්කරණය කරන්න]

මැංගනීස් ප්‍රධාන ලෙසම මිශ්‍ර ලෝහ කර්මාන්තයේදී යොදා ගනී.මෙහිදී මැංගනීස් වෙනුවට යොදා ගත හැකි ආදේශක නොමැත.නමුත් මැංගනීස් ෆොස්පේටීකරණය වැනි සුලු භාවිත වලදී මැංගනීස් වෙනුවට සින්ක්, වැනේඩියම් වැනි ලෝහ යොදා ගත හැක.බැටරි කර්මාන්තයේදීද මැංගනීස් යොදා ගත්තද අනාගතයේදී ලිතියම් බැටරි යොදා ගැනීම නිසා එම කර්මාන්තයට මැංගනීස් යොදා ගැනීම අඩු වනු ඇත.

වානේ[ප්‍රභව කේත සංස්කරණය කරන්න]

US Marine Corps steel helmet

මැංගනීස් වල ඇති සල්ෆර් තිර කිරීමේ, ඔක්සිජන්හරණ, හා මිශ්‍ර ලෝහ තැනීමේ ගුණය නිසා යකඩ වානේ කර්මාන්තයේදී ඉතා වැදගත් වේ. එසේම මැංගනීස් අඩු මිල මල නොකන වානේ නිස්සාරණයේදී ප්‍රධාන සංඝටකයකි. ලෝහ වලට මැංගනීස් සුලු ප්‍රමානයක් එකතු කිරීමෙන් ඒවායේ ද්‍රවාංක ඉහල යයි. එනම් මැංගනීස් මගින් නිපදවන ද්‍රවාංක ඉහල සල්ෆයිඩ නිසා ද්‍රව යකඩ සල්ෆයිඩ සෑදීම ප්‍රමාද කරයි. මැංගනීස් යොදා ගැනීම මගින් වානේ වල භංගුරතාව අඩු වේ. මේ නිසා සාමාන්‍ය වානේ වලට 8% පමණ මැංගනීස් යොදා ගනී. එසේම මැංගනීස් ප්‍රතිශතය 8% සිට 15% දක්වා වන වානේ වල ආතන්‍ය බවද 863MPa දක්වා වැඩි වේ. මෙලෙස මැංගනීස් යොදාගෙන වානේ නිපදවීම මුලින්ම සොයා ගත්තේ රොබට් හැඩ්ෆීල්ඩ් විසිනි.(1882දී)

ඇළුමිනියම් මිශ්‍ර ලෝහ[ප්‍රභව කේත සංස්කරණය කරන්න]

ඇළුමීනියම් මිශ්‍ර ලෝහ සෑදීමටද මැංගනීස් යොදා ගනී.මැංගනීස් ප්‍රතිශතය 1.5%ක් පමණ වන ඇළුමිනියම් වල ලෝහ විඛාදන ප්‍රතිරෝධය මෙමගින් වැඩි කරයි. මැංගනීස් ප්‍රතිශතය 0.8% සිට 1.5%ක් දක්වා වන ඇලුමිනියම් මිශ්‍ර ලෝහ පානීය බීම බංදුන් නිපදවීමට යොදා ගනී.

වෙනත් ප්‍රයෝජණ[ප්‍රභව කේත සංස්කරණය කරන්න]

Other uses[ප්‍රභව කේත සංස්කරණය කරන්න]

World War II-time nickel (1942-5 identified by mint mark P,D or S above dome) made from a 56% copper-35% silver-9% manganese alloy

.

මෙතිල් සයික්ලෝ පෙන්ටාඩයිනයිල් මැංගනීස් ට්‍රයිකාබොනයිල් ගැසොලින් වල ඔක්ටේන් අගය අඩු කිරීමට යොදා ගනී. මෙම සංයෝගයේ මැංගනීස් හි ඔක්සිකරණ අංකය +1ක් වේ. මැංගනීස් ඩයොක්සයිඩ් කාබනික රසායනයේදී ඇරෝමැටික ඇල්කොහොල ඔක්සිකරණය කිරීමට යොදා ගනී. එසේම සංයෝගය ඔක්සිජන් හා ක්ලෝරීන් වායුව නිපදවීමටද යොදා ගනී.

වියලි කෝෂ තුල Zn ලෝහයෙන් 'e' ප්‍රතිග්‍රහණය කිරීම සඳහා මැංගනීස් ඩයොක්සයිඩ් යොදා ගැනුනි. මෙම ක්‍රියාවලියේදී MnO2සංයෝගය MnOOH බවට පත් වේ.එහිදී ඇනොඩයෙන් හයිඩ්‍රිජන් නිපදවීම වලකී. MnO2 + H2O + e− → MnO(OH) + OH− ක්ෂාරීය කෝශ තුලද MnO2 යොදා ගනී. එහිදී ඉහත ප්‍රතික්‍රියාවම වෙනස් විද්යුත් විඡ්ඡේද්‍යයක් තුල සිදුවේ.වසර 2002ඒදී මැංගනීස් ඩයොක්සයිඩ් ටොන් 230,000ක් මෙසේ බැටරි නිෂ්පාදනය සඳහා යොදාගෙන තිබේ. මුදල් කාසි නිපදවන ලෝහයේද Mn අඩංගු වේ.අතීතයේ කාසි නිපදවීමට ගත් මිශ්‍ර ලෝහයේ තඹ(75%), නිකල්(25%) අඩංගු වුවත් පසුව නිකල් ලෝහය හිඟ වීමත් සමග කාසි නිපදවීමට රිදී හා මැංගනීස් අඩංගු ලොඅහයක් යොදා ගැනුනි.මෙහිදී අදාල මිශ්‍ර ලෝහයේ තඹ(56%),රිදී(35%),මැංගනීස්(9%)ලෙස අඩංගු විය. මැංගනීස් අඩංගු සංයෝග වීදුරු හා සෙරමික් කර්මාන්තයේදී වර්ණක ලෙස යොදා ගැනේ. දුඹුරු පැහැති භාණ්ඩ වල මැංගනීස් අඩංගුය. වීදුරු කර්මාන්තයේදී මැංගනීස්III යකඩII හා ප්‍රතික්ටියාවෙන් ප්‍රභල කොල පැහැයක් ඇති කරයි.මීට අමතරව රෝස පැහැති වීදුරු බොහොමයක් නිෂ්පාදනයට යොදා ගන්නේ මැංගනීස්ය.

ජෛවීය කාර්යභාරය[ප්‍රභව කේත සංස්කරණය කරන්න]

Reactive center of arginase with boronic acid inhibitor. The manganese atoms are shown in yellow.

මැංගනීස් ජීවී දේහ තුල අංශුමාත්‍ර මූලද්‍රව්‍යකි. Mn සහ සාධක ලෙස ඇති එන්සයිම ගණනාවක් ඇත. මේ අතර ඔක්සිඩෝරෙඩියුටේස්, ට්‍රාන්ස්ෆරේස්,හයිඩ්‍රොලේස්,ලයිපේස්,අයිසෝමරේස්,ලිගේස්,ලැක්ටීනා,හා ඉන්ටග්‍රිනස් ආදිය ඇත. ආනේස් හා ඩිප්තීරියා විෂබීජ තුලද අඩංගු වේ.එසේම සුපර් ඔක්සයිඩ් ඩිස්බියුටේස් වලද අඩංගු වේ.(Mn-SOD)

Mn-SOD එන්සයිමය බොහෝ එයුකැරියෝටික බැක්ටීරියා තුල මයිටකොන්ඩ්‍රියමේ ඇත.(මේවා මයිටකොන්ඩ්‍රියා වල ප්‍රවේණික තොරතුරු ගබඩා කර තබයි.) Mn-SOD එන්සයිමය ජෛව පරිණාමයේ ඉතා මුල් අවධි වල පැවති එන්සයිමයකි. ජීවී දේහ ඔක්සිජන් භාවිතා කිරීමට පෙර සුපර් ඔක්සයිඩ වල විෂගහරණ ක්‍රියාවට මෙය වැදගත් විය. මිනිස් සිරුරේ 12mg පමණ Mn අඩංගුය. ඒවා බහුල ලෙස අස්ථි,පටක තුල පවතී.එසේම අක්මාව හා වකුගඩු ආශ්‍රිතව මේවා සාන්ද්‍රණය වී පවතී. ප්‍රභාසංස්ලේශණයටද මැංගනීස් වැදගත් වේ. හරිතලව තුල ඔක්සිජන් පරිවහණය සඳහා මේවා වැදගත් වේ.මෙම ක්‍රියාව හරිතලවයේ තයිලකොයිඩ පටල තුල සිදුවේ.එසේම මේවා ප්‍රභාජලවිඡ්ඡේදනයේදී වැදගත් වේ.

පූර්වාරක්ෂාව[ප්‍රභව කේත සංස්කරණය කරන්න]

මැංගනීස් ලෝහය නිකල්. කොපර් වැනි ලෝහ තරම්ම විෂ සහිත නොවේ.කෙසේ වෙතත් මැංගනීස් දුමාරයට විවෘත වීම (5mg/m³ පමණ වන ) විෂ සහිත විය හැක.මෙලෙස මැංගනීස් විෂ වීමෙන් මොලය හා සම්බන්ධ සංකුලතා ඇති විය හැක. මැංගනීස් අයන වලට වඩා පර්මැංගනේට් අයන විෂ සහිත වේ.10g පමණ ශරීර ගත වූ විට මාරාන්තික වේ.මේවා ශරීර ගතවීමෙන් පටක හා ශ්ලේශ්මල පටක ක්ෂය වීම සිදු විය හැක. ශරීර ගත වන මැංගනීස් වලින් ඉතා සුලු ප්‍රමාණයක් පමණක් බඩවැල් මගින් අවශෝෂණය කයි. කෙසේ වෙතත් මෙම පර්මැංගනේට් වලින් වකුගඩු හා අක්මාවට බලපෑම් ඇති කරයි. වසර 2005දී මීයන් යොදාගෙන කරණු ලැබූ පරීක්ෂණ වලින් මැංගනීස් ආශ්වාසයෙන් මධ්‍ය ස්නායු පද්ධතියට ඇතිවන බලපෑම මැන බලා තිබේ. මැංගනීස් නිසා මැංගනිසම නැමැති ස්නායු රෝගයක් ඇති වේ.(පාකින්සන් රෝගයට සමාන )මෙම රෝගී තත්වයට බහුලවම බඳුන් වන්නේ මැංගනීස් පතල් ආශ්‍රිතව වැඩකල ජනතාවයි. වසර 2010දී සිදුකල සොයාගැනීමක් උනේ පානීය ජලයේ ඇති මැංගනීස් දිගු කාලීනව ශරීර ගත වීමෙන් පාසල් වියේ දරුවන්ගේ බුද්ධිය සම්බන්ද ගැටලු ඇතිවන බවය.

වැඩිදුර කියවීම්[ප්‍රභව කේත සංස්කරණය කරන්න]

මූලාශ්‍ර[ප්‍රභව කේත සංස්කරණය කරන්න]

  1. Calvert, J.B. (2003-01-24). Chromium and Manganese. සම්ප්‍රවේශය 2009-04-30. 
  2. Chalmin, Emilie; Menu, Michel; Vignaud, Colette (2003). "Analysis of rock art painting and technology of Palaeolithic painters". Measurement Science and Technology 14 (9): 1590–1597. doi:10.1088/0957-0233/14/9/310. 
  3. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; USGSMCS2009 නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි

බාහිර සබැඳුම්[ප්‍රභව කේත සංස්කරණය කරන්න]

සැකිල්ල:Manganese compounds

"https://si.wikipedia.org/w/index.php?title=මැංගනීස්&oldid=343908" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි