නියෝන්

විකිපීඩියා වෙතින්
(නියොන් වෙතින් යළි-යොමු කරන ලදි)

නියොන් යනු රසායනික මුලද්‍රව්‍යයක් වන අතර එහි සංකේතය Ne සහ පරමාණු ක්‍රමාංකය 10 වේ.විශ්වයේ සුලභ මුලද්‍රව්‍යක් වන නමුත් පෘථිවියේ එය දුලභය.අවර්ණ නිශ්ක්‍රිය උසස් වායුව සම්මත තත්ව යටතේ,Ne පැහැදිලි දීප්තිමත් රතු පැහැයට හුරු තැඹිලි ලබාදේ.අඩු වෝල්ටීයතා යටතේ භාවිතයේදීද පහන් වලින් දීප්තිමත් ලබාදෙන අතර වැඩි වෝල්ටීයතාව යටතේ ටියුබ විසර්ජනය වේ හෝ සංඥාව ප්‍රදර්ශනය කරයි.එය වාණිජව අංශුමාත්‍ර ප්‍රමාණයක් ඇති වාතයෙන් ලබා ගනී.

ඉතිහාසය[සංස්කරණය]

Neon වායුව-විසර්ජන පහනs නියොන් සඳහා සංකේතය හැඩගැසීම "Ne".

නියොන් ග්‍රීක් භාෂාවෙන් තේරුම "අලුත් එකක් " ලෙසයි.එය පළමු වරට සොයා ගන්නා ලද්දේ 1898 දී බි‍්‍රතාන්‍යය ජාතික රසායනඥයකු වන ශ්‍රීමත් විලියම් රැම්සේ. (1852–1916) සහ මොරිස් W .ට්‍රැවර්ස් (1872–1961) ලන්ඩන් වලදීය.නියොන් සොයා ගන්නා ලද්දේ රැම්සේ විසින් වායුගෝලයෙන් කොටසක් ද්‍රව වනතුරු ශීත කර පසුව ද්‍රවය උණුසුම් කර ඉවතට යන වායුව රැස් කර ගැනීමෙනි.උණුසුම් වී ඉවතට යන වායුවේ මීට අමතරව නයිට්‍රජන්,ඔක්සිජන් සහ ආර්ගන් ,ක්‍රිප්ටන්,සෙනෝන් සහ නියෝන් ඇත.ගති ලක්ෂණ,බබලන රතු පැහැය වායුමය නියොන් විහිදුවයි,විද්‍යුතයෙන් කැලඹුන විට ඉක්මනින් ලබාදේ.ට්‍රැවර්ස් පසුව ලියා තිබේ" ටියුබයෙන් නිකුත් වෙන තද රතු දීප්තිමත් අලෝකය කියනවා තම කතාව සහ මතුපිට දර්ශනය කිසිවිට අමතක නොවේ" කියාය.
1900 මුල් කාලයෙදී වාණිජව නයිට්‍රජන් භාවිතා කරපු මොර්ටියුබ් පේළි නියොන් වල හිඟකම ආලෝකයේ භාවිතය අවහිර කරයි.1902 න් පසුව ජොර්ජ්ස් ක්ලෝඩ්ස් සමාගම ද්‍රව වායුවක් ලෙස කාර්මික ප්‍රමාණ වලින් නියෝන් ද්‍රව වායු ව්‍යාපාරයෙදී නිපදවන ලදී.1910 දෙසැම්බර් වල ක්ලෝඩ්ස් නියොන් අලෝකය තද බද කරන ලද ටියුබයක් තුල ආදශනය කරන ලදී.1912 දී ක්ලෝඩ්ස් සමාගම නියොන් විසර්ජන ටියුබ වෙළඳ ප්‍රචාරණ සංකේතයක් ලෙස වෙළඳාම් කිරීමට පටන් ගත්හ.1923 දී ඔවුන් U.S. වලට හඳුන්වා දුන් අතර විශාල නියොන් සංඥා දෙකක් ලොස් ඇන්ජලීස් පැකාර්ඩ් කාර් වෙළඳුන් විසින් මිලදි ගන්නා ලදී.නියොන් වල දීප්තිමත් රතු පැහැය තරඟකාරී බවෙන් සම්පුර්ණයෙන් වෙනස් විදියකට වෙලඳ ප්‍රචාරනය කරයි.
1913 දී පරමණු වල ස්වභාවය පිළිබඳ අවබෝධයක් ලබා ගනිද්දී නියොන් කාර්යභාරයක් ඉටු කරන ලදී.J.J.තොම්සන් විසින් ඔහුගේ ගවෙෂණයේ කොටසක් ලෙස සිදු කල කැනල් කිරන වල නිර්මාණයෙදී නියොන් අයන නාලිකා ධාරවක් චුම්භක හා විද්‍යුත් ක්ෂේත්‍ර ඔස්සේ ගලායාමට සලස්වා එහි අපගමනය ඡායාරූප තලයක් එම මාර්ගයේ තබා මැන ගන්නා ලදී.එහිදී තොම්සන් හට වෙන් වෙන්ව අලෝක ලප දෙකක් ඡායාරූප තලයේ දැක ගත හැකි විය.එමඟින් අපගමනයේදී වෙන් වෙන් පරාවලයන් දෙකක් ඇති බව යෝජනා වුණි.තොම්සන් අවසානයෙදී නියොන් වායුවේ පරමාණු කිහිපයක් අනිත් එවාට වඩා වැඩි ස්කන්ධයෙන් යුක්ත බව තහවරු කර ගත්තේය.තොම්සන්ගේ කාලයේ අවබෝධ කර නොගත්තද මෙය ප්‍රථම ස්ථායි පරමණු වල සමස්ථානික සොයා ගැනීම විය.එය අද භාවිතා කරන වර්ණාවලීමානයේ රලු ස්වරූපයක් විය.
.

නිර්මාණය[සංස්කරණය]

නියොන් වල ස්ථායි ආකාර නිපදවන්නේ තාරකා වලයි.එය නිපදවනුයේ ඇල්ෆා ක්‍රියාවලියෙන් හීලියම් හා ඔක්සිජන් විලයනය කිරීමෙනි.ඒ සඳහා උෂ්ණත්වය මෙගා කෙල්වින් 100ට වැඩි හා ස්කන්ධය සුර්ය ස්කන්ධයට වඩා 3 ගුණයක් වැඩි විය යුතුය.

සමස්ථානික[සංස්කරණය]

ස්ථායි පදාර්ථයේ සමස්ථානික ප්‍රථම සාක්ෂි සඳහා. පහළ දකුණ මුල්ලේ of J. J. Thomson's ඡායාරූප තලය වෙන් වෙන් ගැටුම් සලකුණු සමස්ථානික දෙක සඳහා neon-20 and neon-22.

නියොන් යනු දෙවෙනි ආලෝකමත්ම නිශ්ක්‍රිය වායුවයි.නියොන් වල ස්ථායි සමස්ථානික 3ක් ඇත.20Ne (90.48%), 21Ne (0.27%) හා 22Nee (9.25%).21Ne හා 22Ne යම් ප්‍රමාණයකට ප්‍රයිමොඩියල් හා නියුක්ලියොජෙනික් (i.e.,සෑදී ඇත්තේ අනෙක් නියුක්ලඩ් වල නියුට්‍රොන හෝ පරිසරයේ ඇති අනෙක් අංශු වලින් න්‍ය්ෂ්ඨික ප්‍රතික්‍රියා කිරීමෙනි.) හා ඒවායේ ස්වාභාවික බහුලත්වයේ විවිධත්වය හොඳින් වටහා ගැනීමෙනි.සසඳා වෙනස බැලීමෙදී 20Ne( ප්‍රධාන ප්‍රයිමොඩියල් සමස්ථානිකය සෑදී ඇත්තේ තරු සම්භන්ධ න්‍යශ්ඨික සංස්ලේෂණයේ දීය.) නියුක්ලියොජෙනික් හෝ රේඩියෝජෙනික් ලෙස හඳුන්වන්නේ නැත. (විශාල වශයෙන් ක්ෂය වීම වැළැක්වීමට සුලු ප්‍රමාණ වලින් නිශ්පාදනයට අදහස් කරන ලදී).20Ne වල පෘථිවියේ විචල්‍යතාවයට හේතුව පුලුල් වශයෙන් තර්ක කරයි.
ප්‍රධාන න්‍යශ්ඨික ප්‍රතික්‍රියා වලදී නියුක්ලියෝජෙනික් නියොන් සමස්ථානික ජනනය 24Mg හා 25Mg,වලින් පටන් ගෙන 21Ne and 22Ne, අනුපිළිවෙලින් නිෂ්පාදනය කරයි.එය සිදු වන්නේ නියුට්‍රෝන අත් පත් කරගැනීමෙන් හා ඇල්ෆා අංශු හදිසි පිට කිරිමෙනි.නියුට්‍රෝන බහුලව නිශ්පාදනය කරන්නේ යුරේනියම් ක්ෂය වීමේ දාමයේ වියුත්පන්නයක් ලෙස සෑදෙන ඇල්ෆා අංශු ද්වීතීකව ප්‍රතික්‍රියා කිරීමෙනි.අවම 20Ne/22Neහා උපරිම 21Ne/22Neවල ශුද්ධ ප්‍රතිඵල ඵලදාවක් ලබා දීමට නැඹුරු වන්නේ යුරේනියම් බහුල ග්‍රැනයිට් වැනි පාෂාණ වලිනි.පෘථිවියේ විවිධ ස්වාභාවික ප්‍රභව වලින්20Ne නියුට්‍රෝන අවශෝෂණය කරන විට සමහර වෙලාවන් වලදී නියොන්-21 නියුක්ලියොජනික් ප්‍රතික්‍රියා වලින් නිපදවයි.
ඊට අමතරව සමස්ථානික විශ්ලේෂණයේදී භූගෝලීය පාෂාණ වලින්නියොන්- 21 වල කොස්මික් කිරණ ආදර්ශනය කරයි.මෙම සමස්ථානික ජනනය කරන්නේ මැග්නීසියම්,සෝඩියම්,සිලිකන් හා අලුමිනියම් පතුරුවීමේ ප්‍රතික්‍රියා වලිනි.මෙම සියලු සමස්ථානික තුන විශ්ලේෂණයෙදී විශ්ව සම්භවයේ සංඝටක වෙන් වෙන්නේ මැග්මැටික් නියොන් හා නියුක්ලියෝජෙනික් නියොන් වලිනි.මෙමඟින් පැහැදිලි වෙනවා පෘෂ්ඨික පාෂාණ හා උල්කාෂ්ම වල කොස්මික් හෙලිදරව් කිරිමේ කාල නිමානයේදී නියෝන් ප්‍රයෝජනවත් උපකරණයක් වේ.
සෙනෝන් වලට සමාන ලෙස ගිනිකඳු වායු වලින් 22Neඅන්තර්ගතයට සාපෙක්ෂව 20Ne හා නියුක්ලියොජෙනික21Ne පරිපුර්න වී ඇති බව නිරීක්ෂණය කල හැක.සාම්පල වලින් උත්පත්තිය ලැබු මෙම සමස්ථානික අන්තර්ගතයන් වායුගෝලීය නොවන ප්‍රභව නිරූපනය කරයි. පෘථිවියේ ආදි කල්පිත විරල වායු සංරචක වල ගුණ 20Ne වලින් පරිපුර්න වු සංරචක මගින් දක්වයි.සුර්ය නියෝන් නිරූපණය කිරීමේ හැකියාවක්ද ඇත.එලිවේට්20Ne සුලභත්වය දියමන්ති වලින් හඳුනා ගත හැක.තවදුරටත් පෘථිවියේ සුර්ය නියොන් සංරකයන්ද ඇත.

ලක්ෂණ[සංස්කරණය]

නියොන් විසර්ජන ටියුබය

නියොන්(Ne) යනු හිලියම් වලින් පසුව දෙවෙනි දීප්තිමත් උසස් වායුවයි.එය රික්තක විසර්ජන ටියුභ වලින් රතු තැඹ්ලි දීප්තියක් ලබා දේ. තවද නියොන් පටුම ද්‍රව ශීලතාවක් ඇති වායුවකි.(24.55 K සිට 27.05 K (−248.45 °C සිට−245.95 °C, හෝ −415.21 °F සිට −410.71 °F).එයට ද්‍රව හීලියම් වලට වඩා 40 ගුණයක් වැඩි ශීතකාරක ධාරිතාවක් හා ද්‍රව හයිඩ්‍රජන් වලට වඩා 3 ගුනයක් වැඩි ධාරිතාවක් ඇත.(ඒකක ප්‍රමාණ ආකාරයට ).බොහෝ යෙදීම් වලදී හීලියම් වලට වඩා අඩු ශීතකාරක වටිනාකමක් ඇත.
සියලුම උසස් වායුන් අතරින් නියොන් ප්ලාස්මයට සාමන්‍ය වෝල්ටීයතාවක් හා ධාරවක් යටතේ ඉහළම තීව්‍රතාවයක් ඇත.මෙම ආලෝකයේ මිනිස් ඇසට සාමන්‍ය පැහය රතු තැඹිලි පැහැයයි.එයට හේතුව වැඩි පේළි ප්‍රමානයක් මෙම පරතරයේ ඇති නිසාය.තවද එහි වර්ණාවලීක්ෂයක් මගින් පමණක් දැක ගත හැකි සැඟවී ඇති කොල පේළියක්ද ඇත.

නියොන් වල වර්ණාවලියේ පාර ජම්බුල (at left) සහඅධෝරක්ත (at right) සුදු පැහැයෙන් පෙන්වන ලද රේඛා

සාමන්‍ය භාවිතයේ දී වෙනස් නියොන් ආලෝකයන් වර්ග 2ක් භාවිත වේ.නියොන් දීප්තිමත් ලාම්පු ක්‍රියා කරන්නේ 100-250V අතර ඉතා කුඩා ප්‍රමාණයකිනි.ඒවා බහුලව භාවිතා වන්නේ පාලනය පටන් ගැනීම පෙන්වන උපකරණ වල හා පරිපථ පරීක්ෂා කිරීමේ උපකරණ වලයි.නමුත් දැන් ආලෝක විමෝචක ඩයෝඩ එම භාවිතයන් පාලනය කරයි.ප්ලාස්ම සංදර්ශන තිර වල හා ප්ලාස්ම රූපවාහිනී තිර වල මෙම සරල නියොන් උපකරණ පුර්වගාමිකයා වී ඇත.නියොන් සංඥා සාමාන්‍යයෙන්න් වැඩ් වෝල්ටීයතාවක් (2–15 Kw),හා ලුමිනස් ටියුබ සාමාන්ය‍යෙන් වැඩි දිගකින් යුක්තයි.වීදුරු ටියුබ නිතරම වගේ හැඩතල ලෙස පරිවර්තනය කරන අතර අත්සන් වල භාවිතා කරන අකුරු වලටද,වාස්තුවිද්‍යාවෙදී ද කලාත්මක ක්‍රියාවන් වලටද භාවිතා කරයි.

සිදුවීම්[සංස්කරණය]

නියොන් විශ්ව ප්‍රමාණ වලින් බහුල වී ඇත.එය ස්කන්ධයෙන් සැලකූ විට හයිඩ්‍රජන්,හීලියම්,ඔක්සිජන් වලින් පසුව පස් වෙනි තැනට විශ්වයේ බහුල මුලද්‍රව්‍ය වේ.(බලන්නරසායනික මූලද්‍රව්‍ය).එය හීලියම් වගේ සාපේක්ෂව පෘථිවියේ දුලභ වී ඇත.එයට හේතු වන්නේ සාපේක්ෂ ආලෝක ප්‍රමාණය,අඩු උෂ්ණත්වයෙදී ඉහල වාෂ්ප පීඩනය හා රසායනික නිෂ්ක්‍රිය භාවය යි.සියලු ගුණ මගින් වායු ඝනීභවනය හා දුවිලි වළාකුලු වලින් පෘථිවිය වාගේ කුඩා උණුසුම් ග්‍රහයක් තැනීමට නැඹුරු වේ.
නියෝන් ඒක පරමාණුක නිසා පෘථිවි වායුගෝලයේ වැඩි ප්‍රමාණයක් අඩංගු වන නයිට්‍රජන් හා ඔක්සිජන් වැනි පරමාණු 2ක් ඇති වායු වලට වඩා සැහැල්ලුය.නියොන් පිරවු බැලුන වාතයේ ඉහල නගින්නේ හීලියම් බැලුන වලට වඩා සෙමිනි
ඒවායේ ස්කන්ධ බහුලත්වය 750න් කොටසක් හා සුර්යාගේ හා අනුමාන වශයෙන් ගත් ප්‍රථම සුර්ය පටලයේ ආසන්න ලෙස 600න් එකකි.ගැලිලියො අභ්‍යවකාශ යානයෙන් වායුගෝලයට පිවිසීමෙදී ජුපිටර් වල ඉහල වායුගෝලයෙදී නියොන් වල අධිකත්වය 10 ගුණයකින් අඩු වන අතර,ස්කන්ධයෙන් 6000න් එකක මට්ටමක පවතී.මෙමඟින් සඳහන් කරනවා සුර්ය මණ්ඩලයේ පිටතින් වු ශීත ග්‍රාහකයන්ගෙන්ද ජුපිටර් වලට නියොන් ගෙන එන අතර ඒවායේ කොටසක නියොන් තබා ගැනීමට ඉතා උණුසුම් කොටසක් අඩංගු වේ.(ජුපිටර් වල බහුල බරෙන් අධික නිෂ්ක්‍රිය වායු විවිධ අවස්ථා වලදී සුර්යාගෙන්ද සොය ගත හැක )නියොන් පෘථිවි වායුගෝලයේ දුලභ වශයෙන් ඇත.එය වායු පරිමානයෙන් 65000න් කොටසක් හෝ ස්කන්ධයෙන් 83000න් කොටසකි.එය කාර්මිකව නිපදවන්නේ ද්‍රවීකරණ වායු ක්‍රයොජෙනික් භාගික අසවනය කිරීමෙනි

යෙදීම්[සංස්කරණය]

"නියොන්" සංඥා සමහර විට නියොන් සමඟ අන් උසස් වායු භාවිත කරනවා

නියොන් නිතරම වාගේ සංඥා වලදී භාවිතා කරන අතර පැහැදිලි දීප්තිමත් රතු තැඹ්ලි ආලෝකයක් නිපදවයි.තවමත් "නියොන්" කියා හැඳින් උවත් අනෙක් සියලුම වර්ණ ජනනය වන්නේ අනිත් උසස් වායු මගින් හෝ ප්‍රතිදීපන ආලෝකයේ බහුල වර්ණ වලිනි.
නියොන් රික්තක ටියුබ වල,අධික වෝල්ටීයතා දර්ශක වල ,විදුලි නිවාරක වල ,තරංග මාපක ටියුබ වල,රූපවාහිනී ටියුබ වල හා හීලියම්,නියොන් ලේසර වල භාවිතා කරයි.ද්‍රව නියොන් වාණිජ ලෙස ක්‍රයොජෙනික් ශීතකාරක ලෙස භාවිතා කරන අතර එම භාවිතයෙදී අඩු උෂ්ණත්ව අන්තරයක් අවශ්‍ය නොවන අතර ඉහල ආන්තික ද්‍රව හීලියම් ශීතනයෙන් අත්පත් කරගනී.
කුඩා ප්‍රමාණ සඳහා නියොන් වායු හා ද්‍රව නියොන් සාපේක්ෂව මිලෙන් අධිකය.ද්‍රව නියොන් වල මිල ද්‍රව හිලියම් වලට වඩා 55 ගුණයකින් ඉහලය.එයට හේතුව නියොන් වල දුර්ලභතාව හා වාතයෙන් පමණක් ලබා ගත හැකි වීමයි.
නියොන් වල ත්‍රිත්ව ලක්ෂයේ උෂ්ණත්වය (24.5561 K) 1990 දී අන්තර්ජාතික උෂ්ණත්ව පරිමානයේ අචල ලක්ෂය අර්ථ දක්වයි.

සංයෝග[සංස්කරණය]

නියෝන් යනු p ගොනුවේ පළමු උසස් වායුවයි.නියෝන් පොදුවේ නිෂ්ක්‍රිය වායුවක් ලෙස සලකයි.නියෝන් වල උදාසීන සංයෝග ඇති බව සොයා ගෙන නැත.නමුත් අයනs Ne+, (NeAr)+, (NeH)+, හා (HeNe+) ප්‍රකාශ හා ස්කන්ධභේදමානය අධ්‍යනයේදී නිරීක්ශනය කල හැක,අස්ථායි හයිඩ්‍රේට ඇති බව තහවරු කර නොගත් වාර්තා වල ඇත.

මෙයද බලන්න[සංස්කරණය]

නිර්දේශය[සංස්කරණය]

බාහිර සබැඳි[සංස්කරණය]

සැකිල්ල:Neon compounds

"https://si.wikipedia.org/w/index.php?title=නියෝන්&oldid=341879" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි