Jump to content

මිශ්‍ර ලෝහ

විකිපීඩියා වෙතින්
ප්‍රධාන සංඝටකය යකඩ වන සහ , ස්කන්ධයෙන් 0.02% සහ 2.14% අතර කාබන් අන්තර්ගතයක් සහිත මිශ්‍ර ලෝහයක් වන වානේ වෙතින් සැදුණු කම්බි කඹයක්.

මිශ්‍ර ලෝහයක් යනු, ලෝහයක් සහ වෙනත් මූලද්‍රව්‍යයකින් සමන්විත මිශ්‍රණයක් හෝ ඝන ද්‍රාවණයකි.[1] මිශ්‍ර ලෝහයක් වෙත පහත තුනෙන් එකක් හෝ වැඩි ගණනක් අඩංගු වෙයි: මූලද්‍රව්‍යයන්ගේ ඝන ද්‍රාවණයක් (තනි කලාපයක්); ලෝහමය කලාපයන්ගේ මිශ්‍රණයක් (ද්‍රාවණයන් දෙකක් හෝ වැඩි ගණනක්); කලාප අතර ප්‍රභින්න මායිම් නොමැති අන්තර් ලෞහික සංයෝගයක්. ඝන ද්‍රාවණ මිශ්‍ර ලෝහ විසින් තනි ඝන කලාප සූක්ෂ්ම ව්‍යුහයක් ලබා දෙන අතර, ද්‍රව්‍යයේ (රත් පිළියම) ඉතිහාසය මත රඳාපවතින පරිදී, ව්‍යාප්තිය සමජාතීය හෝ එසේ නොවන හෝ කලාප දෙකක් හෝ වැඩි ගණනක් හෝ අර්ධ ද්‍රාවණ විසින් දක්වයි. අන්තර් ලෞහික සංයෝගයක් වෙත පවතින්නේ, අනෙකුත් ශුද්ධ ලෝහයක් තුල එම්බා ඇති එත් වෙනත් මිශ්‍ර ලෝහයක් හෝ ශුද්ධ ලෝහයක් හෝ වෙයි.

සමහරක් උපයෝජ්‍ය තුල මිශ්‍ර ලෝහ භාවිතා වන්නේ, කිසියම් දෙන ලද උපයෝජ්‍යයක් සඳහා, ශුද්ධ සංඝටක මූලද්‍රව්‍යයන්හී ගුණාංගයන්ට වඩා ඒවායේ ගුණාංග උත්තරීතර වන විටය. මිශ්‍ර ලෝහ සඳහා නිදසුන් වන්නේ, වානේ, පාහනය, පිත්තල, පිව්ටර්, පොස්පර් ලෝකඩ සහ සංරසයක් වෙති.

මිශ්‍ර ලෝහ සංඝටක සාමාන්‍යයෙන් මනිනු ලබන්නේ ස්කන්ධය අනුවය. මිශ්‍ර ලෝහය තනන පරමාණුක පිළියෙළ පරිදී පදනම්ව, ආදේශන හෝ අන්තරාල හෝ ලෙසින් මිශ්‍ර ලෝහ වර්ගීකරණය කෙරෙයි. ඒවා තවදුරටත් වර්ගීකරණය කල හැක්කේ, සමජාතීය (තනි කලාපයකින් සමන්විත) හෝ, විෂමජාතීය (කලාප දෙකකින් හෝ වැඩි ගණනකින් සමන්විත) හෝ අන්තර් ලෞහික (කලාප අතර ප්‍රභින්න මායිම් නොමැති) ලෙසිනි.

හැඳින්වීම

[සංස්කරණය]
වාත්තු කිරීමේදී, ද්‍රව ලෝකඩ, අච්චු වලට වත්කරන අයුරු.
පිත්තල පහනක්.

මිශ්‍ර ලෝහයක් යනු, ශුද්ධ හෝ තරමක් ශුද්ධ රසායනික මූලද්‍රව්‍යයන්ගේ මිශ්‍රණයක් වන අතර, එය විසින් ලෝහයක ගතිලක්ෂණ පවත්වා ගෙන යන්නාවූ අශුද්ධ ද්‍රව්‍යයක් (සම්මිශ්‍රණය) තනයි. මිශ්‍ර ලෝහයක් අශුද්ධ ලෝහයකින් ප්‍රභින්න වෙන්නේ, සිද්ධ යකඩ වැනි ඒවා සැලකූ කල, මිශ්‍ර ලෝහයක, එකතු කල අපද්‍රව්‍ය සාමාන්‍යයෙන් අභිමත ඒවා වන අතර දර්ශීය වශයෙන් කිසියම් ප්‍රයෝජනවත් ප්‍රතිලාභයක් සලසන බැවිනි. මිශ්‍ර ලෝහ තැනෙන්නේ මූලද්‍රව්‍ය දෙකක් හෝ වැඩි ගණනක් මිශ්‍ර කිරීමෙනි; එයින් අවම වශයෙන් එකක් හෝ ලෝහයක් වෙයි. මෙය සාමාන්‍ය වශයෙන් ප්‍රාථමික ලෝහය ලෙසින් හෝ පදනම් ලෝහය ලෙසින් හෝ හැඳින්වෙන අතර, මෙම ලෝහයේ නම, මිශ්‍ර ලෝහයේ නමද විය හැක. අනෙකුත් සංඝටක, ලෝහයන් වීම හෝ ලෝහයන් නොවීම හෝ විය හැකි අතර, විලීන පදනම් ලෝහය හා සමගින් මිශ්‍ර කල විට, ඒවා මිශ්‍රණයට ද්‍රාව්‍ය වීම සිදුවෙයි. මිශ්‍ර ලෝහය සිසිල් වී ඝනීභවනයවත්ම ( ස්ඵටිකීකරණයවත්ම), බොහෝ විට එහි යාන්ත්‍ර විද්‍යාත්මක ගුණාංග, එහි ප්‍රත්‍යක සංඝටකයන්ට වඩා අතිශයින් වෙනස් විය හැක. සාමාන්‍යයෙන් අතිශයින් මෘදු සහ ආහන්‍ය, ඇලුමිනියම් වැනි ලෝහයක්, කොපර් වැනි, අනෙකුත් මෘදු ලෝහයක් හා සමගින් මිශ්‍ර ලෝහයක් තැනීමට සැලසීමෙන්, වෙනසට භාජනය කල හැක. ලෝහ දෙකම අතිශයින් මෘදු සහ තන්‍ය වුවද, මෙහිදී තැනෙන ඇලුමිනියම් මිශ්‍ර ලෝහය, වඩාත් දැඩි සහ ප්‍රබල වනු ඇත. අලෝහයක් වන කාබන් කුඩා ප්‍රමාණයක් යකඩ වෙත එක් කිරීමෙන් වානේ නම් මිශ්‍ර ලෝහයක් තනා ගත හැක.

නාමකරණය

[සංස්කරණය]
අයනෙල් වෙතින් තැනුනු දොරටු කපාටයක්.

ප්‍රාථමික සංඝටකය ලෝහයක් වන, පරමාණු මිශ්‍රණයකට මිශ්‍ර ලෝහය යන පදය යෙදෙයි.

භාවිතයෙහිදී, සමහරක් මිශ්‍ර ලෝහයන් ඒවායේ පාදම ලෝහය වෙනුවෙන් කෙතරම් ප්‍රමුඛතර ලෙසින් භාවිත කරන්නේද යත් ප්‍රාථමික සංඝටකයෙහි නාමය මිශ්‍ර ලෝහයෙහි නාමය ලෙසින්ද යෙදෙයි. නිදසුනක් ලෙසින්, කැරට් 14 (පරිශුද්ධිය)රත්රන් යනු රත්රන් සමග අනෙකුත් මූලද්‍රව්‍යයන් යෙදෙන මිශ්‍ර ලෝහයකි. එලෙසින්ම, ස්වර්ණාභරණයන්හී භාවිත වන රිදී මෙන්ම ගොඩනැගිලි ව්‍යුහාත්මක ද්‍රව්‍යයක් ලෙසින් භාවිත වන ඇලුමිනියම්ද මිශ්‍ර ලෝහයන් වෙති.

මිශ්‍ර ලෝහය සඳහා වන ඉංග්‍රීසි වදන වන "ඇලෝයි" යන්න සමහර විට එදිනෙදා කථන භාවිතයෙහිදී යම් මිශ්‍ර ලෝහයක් වෙනුවට පර්යාය පදයක් ලෙසින් භාවිත වෙයි. නිදසුනක් ලෙසින්, ඇලුමිනියම් මිශ්‍ර ලෝහය භාවිතයෙන් තැනෙන මෝටර් රථ රෝද සාමාන්‍ය ව්‍යවහාරයේ හඳුන්වන්නේ සරල අයුරින් "මිශ්‍ර ලෝහ රෝද" යන අරුත් දෙන "ඇලෝයි වීල්" යනුවෙනි. මෙම භාවිතය පැහැදිලි ලෙසින් අවිනිශ්චිත බවක් දරන්නේ, ප්‍රායෝගික භාවිතයෙහි පවතින වානේ සහ බොහෝ අනෙකුත් ලෝහද මිශ්‍ර ලෝහ වන බැවිනි.

සිද්ධාන්තය

[සංස්කරණය]

කිසියම් ලෝහයක් මිශ්‍ර ලෝහයක් බවට පත්කෙරෙනුයේ, අනෙකුත් ලෝහ හෝ අලෝහ හෝ එකක් හෝ වැඩි ගණනක් සමගින් සුසංයෝග කිරීමෙන් වන අතර, එය මගින් ගුණාංග උසස් කෙරුමක් ඩොහෝ විට සිදු වෙයි.

එක් ලෝහයක්, තවත් ලෝහ(යක්) හෝ අලෝහ(යක්) හෝ හා සමග මිශ්‍ර කෙරුමෙන් බොහෝවිට එහි ගතිගුණ වැඩි කිරීමට අවකාශ සලසා ගනියි. නිදසුනක් ලෙසින්, එහි ප්‍රාථමික මූලද්‍රව්‍යය වන යකඩවලට වඩා, වානේ දැඩිය. මිශ්‍ර ලෝහයක ඝනත්වය, ප්‍රතික්‍රීයකතාවය(රසායන විද්‍යාව)ප්‍රතික්‍රීයකතාවය, යංග් මාපාංකය, සහ විද්‍යුත් සන්නායකතාවය විද්‍යුත් සහ තාපජ සන්නායකතාවය වැනි භෞතික ගුණාංගයන්, එහි සංඝටක මූලද්‍රව්‍යයන්හි එම ගුණාංගවලින් බොහෝ සෙයින් වෙනස් නොවුනද,ආතන්‍ය ප්‍රබලතාවය සහ ව්‍යාකෘති ප්‍රබලතාවය වැනි ඉංජිනේරුමය ගතිගුණයන්, එහි සංඝටක ද්‍රව්‍යයන්ගේ එම ගතිගුණවලින් බොහෝ ලෙසින් වෙනස් වීමට ඉඩ ඇත.මිශ්‍ර ලෝහවල ඇති පරමාණු විවිධ වූ විශාලත්වයන් ගෙන් යුක්තය. එම නිසා විශාල පරමාණු විසින් ඒවාට සාමන්ත පරමාණු වෙත සම්පීඩක බලයන්ද යොදන අතර කුඩා පරමාණු විසින් ඒවායේ සමීප (සාමන්ත) පරමාණු වෙත ආතන්‍ය බලයන් යොදයි.ඒ විරූපණයට එරෙහි වීමට හැකියාවක් මිශ්‍ර ලෝහ වෙත ලබා දීම නිසාය. එක් මූලද්‍රව්‍යයක ඉතා කුඩා ප්‍රමාණයක් පැවතීම නිසාවෙන් වුව පැවැත්මෙහි මහත් වෙනසක් මිශ්‍ර ලෝහයක් මගින් පෙන්නුම් කෙරුමට අවකාශ ඇත. නිදසුනක් ලෙසින්, වයිට්, හෝගන්, සුහ්ල්, වියාන් ඇබ්රී සහ නකාමුරා විසින් මුලින් පුරෝකථනය කළ පරිදි,ෆෙරෝචුම්බක මිශ්‍ර ලෝහවල පවතින අශුද්ධ ද්‍රව්‍යය නිසාවෙන් වෙනස්වූ ගතිගුණ ඇතිවෙයි. සමහරක් මිශ්‍ර ලෝහ තැනෙනුයේ දෙකක් හෝ වැඩි ගණනක් ලෝහ ද්‍රව කොට මිශ්‍ර කෙරුමෙනි. පිත්තල යනු තඹ සහ සින්ක් වලින් සැදෙන මිශ්‍ර ලෝහයකි.බෙයාරිම (යාන්ත්‍රික විද්‍යාව) පිළිමයන්, අබරණ (වාස්තුවිද්‍යාව) සහ දේවස්ථාන සීනුව සඳහා භාවිත කෙරෙන ලෝකඩ යනු, තඹ සහ ටින් වල මිශ්‍ර ලෝහයකි.

බොහෝ මිශ්‍ර ලෝහ සඳහා සංශුද්ධ ලෝහවලට මෙන් තනි ද්‍රවාංකයක් නැත. ඒ වෙනුවට, ඒවා සතුව ඇත්තේ ද්‍රවාංක පරාසයකි. එය තුළදී ද්‍රව්‍යය ඝන හා ද්‍රව කලාපයන්හී මිශ්‍රණයක්ව පවතියි. විලයනය ආරම්භ වන උෂ්ණත්වය හැඳින්වෙනුයේ ඝන වක්‍රය (රසායන විද්‍යාව)ඝන වක්‍රය ලෙසින් වන අතර, විලයනය අවසන් වන උෂ්ණත්වය හැඳින්වෙනුයේ ද්‍රව වක්‍රය ලෙසිනි.කෙසේවෙතත්, බොහෝ මිශ්‍ර ලෝහයන් සඳහා, සංඝටකයන්හී (විරල අවස්ථාවන්හී දෙකක) කිසියම් අනුපාතයක් සඳහා තනි ද්‍රවාංකයක් පවතියි. මෙය හැඳින්වෙන්නේ මිශ්‍ර ලෝහයෙහි සුද්‍රාව්‍ය මිශ්‍රණය ලෙසිනි.

ඉතිහාසය

[සංස්කරණය]
ලෝකඩ පොරවක් 1100 ක්‍රියුපෙ

මානවයන් විසින් මිශ්‍ර ලෝහ භාවිතය ඇරඹුනේ, ස්වභාවිකව පවතින නිකල් හා යකඩ මිශ්‍ර ලෝහයක් වන යකඩ උල්කා යකඩ භාවිතයද හා සමගිනි. නිකල් වෙතින් යකඩ වෙන් කිරීමට කිසිදු ලෝහ විද්‍යාත්මක ක්‍රමවේදයක් භාවිත නොකෙරුණු නිසාවෙන් මිශ්‍ර ලෝහය එලෙසින්ම භාවිතා කෙරිණි.

උල්කාපාත යකඩ

[සංස්කරණය]
උල්කාශ්මයක් සහ උප්කාපාත යකඩ වෙතින් කම්මලෙහිදී තැනුනු කෙටේරියක්.

නිකල් සහ යකඩ යන ලෝහයන්ගේ ස්වභාවිකව හමුවන මිශ්‍ර ලෝහයක් වන උල්කාපාත යකඩ භාවිතයත් සමගම, මානවයන් විසින් මිශ්‍ර ලෝහ භාවිතය ඇරඹුනි. යකඩ හා නිකල් වෙන්කිරීමට ලෝහ විද්‍යාත්මක ක්‍රමවේදයක් භාවිතා නොකෙරුණු බැවින්, මෙම මිශ්‍ර ලෝහය එලෙසින්ම භාවිතා කෙරිණි.[2] උල්කාපාත යකඩ රක්තතාප කල විට පට්ටල වැඩ එය මත සිදු කල හැකිවූ අතර, එය විසින් මෙවලම්, ආයුධ සහ, ඇණ තැනිය හැකි විය. බොහෝ සංස්කෘතින්හීදී, එය රත් නොකොටම මිටියෙන් තලා හැඩ ගන්වා, පිහි සහ හී තුඩ සාදා ගන්නා ලදි. ඒවා බොහෝ විට කිණිහිරි වශයෙන්ද භාවිතා කර ඇත. උල්කාපාත යකඩ බෙහෙවින් දුලබ සහ වටනා වූ අතර, ඒවා මත පට්ටල වැඩ කිරීම, පුරාතනයන්ට බෙහෙවින් දුෂ්කර කාර්යයක් විය. [3]

ආශ්‍රිත

[සංස්කරණය]
  1. ^ මෙටල්ස් ඇන්ඩ් අලෝයිස්. බීබීසී
  2. ^ රිකාඩ්, ටී. ඒ. (1941). "දි යූස් ඔෆ් මීටියොරික් අයන්". ජර්නල් ඔෆ් ද රෝයල් ඇන්ත්‍රොපොලොජිකල් ඉන්ස්ටිට්‍යුට්. 71 (1/2). මහා බ්‍රිතාන්‍යයෙහි සහ අයර්ලන්තයෙහි රාජකීය මානවවිද්‍යාත්මක ආයතනය: 55–66. doi:10.2307/2844401. JSTOR 2844401.
  3. ^ බක්වාල්ඩ්, පිටු. 13–22

මෙයද බලන්න

[සංස්කරණය]

බාහිර සබැඳි

[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=මිශ්‍ර_ලෝහ&oldid=592966" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි