Jump to content

සිලිකන්

විකිපීඩියා වෙතින්
aluminiumsiliconphosphorus
C

Si

Ge
මුහුණුවර
crystalline, reflective with bluish-tinged faces


Spectral lines of Silicon
ප්‍රධාන ගුණ
නම, සංකේතය, ක්‍රමාංකය silicon, Si, 14
උච්චාරණය /ˈsɪlɪkən/ SIL-ə-kən or /ˈsɪlɪkɒn/ SIL-ə-kon
මූලද්‍රව්‍ය කාණ්ඩය metalloid
කාණ්ඩය, ආවර්තය, ගොනුව 143, p
සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 28.0855(3) g·mol−1
ඉලෙක්ට්‍රෝන වින්‍යාසය [Ne] 3s2 3p2
කවච වල ඇති ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව 2, 8, 4
ද්‍රව්‍යමය ගුණ
අවධිය solid
ඝනත්වය (කා.උ. දී) 2.3290 g·cm−3
ද්‍රවාංකයේ දී ද්‍රව ඝනත්වය 2.57 g·cm−3
ද්‍රවාංකය 1687 K, 1414 °C, 2577 °F
තාපාංකය 3538 K, 3265 °C, 5909 °F
විලයන එන්තැල්පිය 50.21 kJ·mol−1
වාෂ්පීභවන එන්තැල්පිය 359 kJ·mol−1
විශිෂ්ට තාප ධාරිතාව (25 °C) 19.789 J·mol−1·K−1
වාෂ්ප පීඩනය
පීඩ. (Pa) 1 10 100 1 k 10 k 100 k
උෂ්. (K) 1908 2102 2339 2636 3021 3537
පරමාණුක ගුණ
ඔක්සිකරණ අංකය 4, 3 , 2 , 1[1] -1, -2, -3, -4
(amphoteric oxide)
විද්‍යුත් ඍණතාව 1.90 (පෝලිං පරිමාණයෙන්)
අයනීකරණ ශක්ති 1වන: 786.5 kJ·mol−1
2වන: 1577.1 kJ·mol−1
3වන: 3231.6 kJ·mol−1
පරමාණුක අරය 111 pm
සහසංයුජ අරය 111 pm
වැන්ඩ වාල්ස් අරය 210 pm
ප්‍රකීර්ණක
ස්එටික ආකෘතිය diamond cubic
චුම්බකත්වය diamagnetic[2]
විද්‍යුත් ප්‍රතිරෝධිතාව (20 °C) 103 [3]Ω·m
තාප සන්නායකතාව (300 K) 149 W·m−1·K−1
තාප ප්‍රසාරණය (25 °C) 2.6 µm·m−1·K−1
ධ්වනි වේගය (තුනී දණ්ඩක් හරහා) (20 °C) 8433 m/s
යං මාපාංකය 185[3] GPa
ව්‍යාකෘති මාපාංකය 52[3] GPa
නිකර මාපාංකය 100 GPa
පොයිසෝන් අනුපාතය 0.28[3]
මෝ දැඩියාව 7
CAS ලේඛනගත අංකය 7440-21-3
300 K දී කලාප හිඩැස් ශක්තිය 1.12 eV
ඉතාමත් ස්ථායී සමස්ථානික
ප්‍රධාන ලිපිය: silicon වල සමස්ථානික
සමස්. ස්.සු. අර්ධ ජීව කාලය ක්.නිය. ක්.ශ. (MeV) ක්.නිශ්.
28Si 92.23% 28Si is stable with 14 neutrons
29Si 4.67% 29Si is stable with 15 neutrons
30Si 3.1% 30Si is stable with 16 neutrons
32Si trace 170 y β 13.020 32P

සිලිකන් යනු පරමාණුක ක්‍රමාංකය 14 වූ මූලද්‍රව්‍යයයි. එහි රසායනික සංකේතය Si ය. සිලිකන් ඒක පරමාණුක ඝණයකි. ආවර්තිතා වගුවේ IV (4) කාණ්‍ඩයේ සිටී. සිලිකන් හි ඉලෙට්‍රොනික වින්‍යාසය 2,8,4 වේ. ආවර්තය 3 වන අතර කාන්ඩය IV වේ. සාදන ප්‍රධාන අයනය - හෝ + 4 වේ. ප්‍රධාන සංයුජතාව 4 වේ.

ඉතිහාසය

[සංස්කරණය]

සිලිකන් ඩයොක්සයිඩ් හෙවත් සිලිකාවලට (SiO2) ආම්ලික ලක්ෂන ඇති බව 1660 ටැකනියස්(Tachenius) විසින් පෙන්වා දෙන ලදි. සිලිකා යනු එතෙක් සොයා නොගනු ලැබු මූලද්‍රවයක ඔක්සයිඩය යැයි ලැවොසියර් සිතිය. සිලිකන් ෆ්ලුවෝරයිඩ් SiF4 නම් වායුමය සංයෝගය තුල පොටැසියම් රත් කිරිමේන් 1809-11 පමන ගේ ලුසැක් සහ තේනාඩ් විසින් දළ සිලිකන් පිළියෙල කළහ. සිලිකන් අලෝහයක් භව ඩේවි හෙළි කලේය. සිලිකන් සහ කාබන් අතර ඇති කිට්ටු සමානත්වයද ඔහු පෙන්වාදුනි.

පිහිටිම

[සංස්කරණය]

මුක්ත මූලද්‍රවය වශයෙන් සිලිකන් ස්වභාවයෙන් නොපිහිටයි. එහෙත් වැලි , ගිනිගල්,මැටි ආදි සිලිකා සංයෝගත් සිලිකාත් කොතරම් බහුලද යත් පෘථියේ කබොලේ බරෙන් හතරෙන් 1 පමණ සිලිකන් වලින් සමන්විත වෙයි.

පිලියෙල කිරිම

[සංස්කරණය]

සිලිකන් ටෙට්‍රප්ලුවොරයිඩ් තුල සෝඩියම් හෝ පොටැසියම් ලෝහය රත් කිරිමෙන් අස්ඵටික සිලිකන් සදාගත් හැක.

SiF4 + 4 K(s) → Si(s) + 4 KF(g)

අස්ඵටික සිලිකන් වූකලි, වාතයේ හෝ ඔක්සිජන් තුල හෝ ප්‍රබල ලෙස රත් කල විට සිලිකා ලබදෙමින් දැවෙන දුඹුරු පැහැති කුඩකි. ස්වේත තප්ත අවස්ථාවේදි හුමාලය වියෝජන කරයි. උණු දාහක සාන්ද්‍ර ක්ෂාර ද්‍රාවන තුල සිලිකන් පහසුවේන් ද්‍රාවණය වී සිලිකේට සාදයි.අස්ඵටික රූපි සිලිකන් වල ලෝහමය පෙනුමක් ඇත. එහෙත් එය ඉතා දුර්වල විද්‍යුත් සන්නායකයකි. අම්ල වලට ඔරොත්තු දෙන වානේ සෑදිමට සිලිකන් යොදාගනු ලැබේ.

සිලිකන් සංයෝග

[සංස්කරණය]

සිලිකන් ඩයොක්සයිඩ් (සිලිකා) (SiO(2))

[සංස්කරණය]

සිලිකා අස්ඵටික අකාරයෙන්, ගිනිගල් ,උපල(Opal) සහ කියල්ගුවර් (kieselguhr) වහයෙන්ද , තිරුවාණ,ට්‍රිඩිමයිට් (tridymite), සහ ක්‍රිස්ටොබලයිට් (cristobalite) යන ස්ඵටික රූපි අකාරයෙන්ද ස්වභාවිකව හට ගනි. සංශුද්ධ පාරදුශ්‍ය අවර්ණ තිරුවාන ආකර ස්ඵටික ලෙස හැඳින්වේ. තරමක් සියුම්ව වෙන්ව ඇති විට වැලි යැ‍යි හැඳින්වේ. මැංගනීස් හෝ යකඩ හෝ අංශු මාත්‍ර වලින් වර්ණවත් වූ විට ට් අමතේස නම් වේ.

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ^ R. S. Ram et al. "Fourier Transform Emission Spectroscopy of the A2D–X2P Transition of SiH and SiD" J. Mol. Spectr. 190, 341–352 (1998)
  2. ^ Magnetic susceptibility of the elements and inorganic compounds, in Handbook of Chemistry and Physics 81st edition, CRC press.
  3. ^ a b c d http://www.ioffe.ru/SVA/NSM/Semicond/Si
[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=සිලිකන්&oldid=593785" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි