භෛරවී රාගය
| භෛරවී රාගය | ||
| ථාට් | භෛරවී | |
| ආරෝහන | ස රි ග ම ප ධ නි ස' | |
| අවරෝහන | ස' නි ධ ප ම ග රි ස | |
| පකාඩ් | නි ස ග ම ධ ප ම ග ම රි ස | |
| වාදි | ම | |
| සංවාදි | ස | |
| ප්‍රහාර් (කාලය) | උදෑසන (ප්‍රථම් ප්‍රහරය | |
භෛරවී රාගය හින්දුස්ථානි සංගීතයට අයත් රාගයකි. මෙය 2007 වසරේ සිට ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ අ.පො.ස. (සා.පෙ.) සඳහා වූ නව විෂය නිර්දේශය යටතේ සිසුනට නිර්දේශිත ය. අන් රාග සේ ම මීට ද සර්ගම්, ලක්‍ෂණ හා මධ්‍යලය ගීත ඇතුලත් වේ.
| හින්දුස්තානී ශාස්ත්‍රීය සංගීතය |
|---|
| සංකල්ප |
| ප්‍රභේද |
| ථාට |
| තාල |
| රාග |
රාග විවරණ
[සංස්කරණය]| භෛරවී රාගය | රාග විවරණ |
|---|---|
| ථාටය (මේලය) | භෛරවී |
| ආරෝහණ | ස, රි, ග, ම, ප, ධ, නි, ස |
| අවරෝහණ | ස, නි, ධ, ප, ම, ග, රි, ස |
| වාදී ස්වරය | ම |
| සංවාදී ස්වරය | ප |
| මුඛ්‍යාංගය | මග සරිස ධනිස |
| ගායන සමය | දිවා ප්‍රථම ප්‍රහරය |
| රස | භක්ති |
| ජතිය | සම්පුර්ණ |
සර්ගම් ගීතය.
[සංස්කරණය]භෛරවී රාගය සඳහා වූ එක් සර්ගම් ගීතයක් පහතින් දැක්වේ.(මෙහි රි, ග, ධ ,නි යන ස්වර කෝමල ස්වර වේ, * මෙම සලකුණට පෙර යෙදන ස්වර උච්ච වන අතර , ^ මෙම සලකුණට පෙර යෙදන ස්වර මන්ද්ර වේ. )
-
- තාලය- ත්‍රිතාලය
- තාලය- ත්‍රිතාලය
ස්ථායි
/ම ග රි/ස රි නි^/ස - ධ^/නි^ ස -/
/ස රි ග/ම ප ධ/ප ම ග/රි ස- /
අන්තරා
/ධ ම ධ/නි ස -/ධ නි ස*/රි*ස*-/
/ස*ග*රි*/ස*නි ධ/ප ම ග/රි ස -/
මධ්‍ය ලය ගීතය
[සංස්කරණය]භෛරවී රාගය සඳහා වූ එක් ලක්‍ෂණ ගීතයක් පහතින් දැක්වේ.(මෙහි රි, ග, ධ ,නි යන ස්වර කෝමල ස්වර වේ, * මෙම සලකුණට පෙර යෙදන ස්වර උච්ච වන අතර , ^ මෙම සලකුණට පෙර යෙදන ස්වර මන්ද්ර වේ. )
සරිගම / -ග-රි / ස-ධ^නි^ / --- පධපම / -ග-රි / ස-ධ^නි^ / ස--- ---- / සපපප / පපපප /පධනිස* ධනිධප/ සපපප / පපපප /පධනිස* ධනිධප/ සධපධ /මපමග / ම--- සරිගම / -ග-රි / ස-ධ^නි^ / ස---
ධමධනි/ ස*-ස*ස*/නිනිස*ස*/ධනිධප ධමධනි/ ස*-ස*ස*/නිනිස*ස*/ධනිධප සධපධ/ මපමග /ම--- සරිගම/ -ග-රි / ස-ධ^නි^ / ස---
|}
