සිතාරය
Jump to navigation
Jump to search
වර්ගීකරණය[සංස්කරණය]
1.ඇවුරුම් බදාම බඳුනක් වැනි ගෙල 2.තත් වාද්‍ය භාණ්ඩයකි
සිතාරය පෙළු තන්තු සහිත වාද්‍ය භාණ්ඩයකි. එය අනුවේගී තන්තු ඔස්සේ දිග බොකුටු ගෙලක් සහ ලබු කලබකින් සමන්විතය මෙයින් උසස් සංකීර්ණ සම ස්වර අනුනාදයක් නිපදවයි. අති ප්‍රමුඛ ලෙස සම්භාව්‍ය හින්දුස්ථානී සිතාරය, හින්දුස්ථානි සම්භාව්‍ය සංගීතයේ මධ්‍ය කාලයේදී සාර්වත්‍රික වී ඇත. ප්‍රධාන වශයෙන් මෙම වාද්‍ය භාණ්ඩය ඉන්දියානු උපමහද්වීපය තුළම භාවිතයට ගනී.
විවිධ ප්‍රමාණයන්ගෙන් ඝනකමින් යුත් තන්තුද දිගු හිස් වු මදයක් සහිත ගෙලක්ද පරිපුර්ණ වු නාදයන් නිෂ්පාදන කල හැකි සංකීර්ණ පද්ධතියකින් මෙම සංගීත භාණ්ඩ සමන්විත වෙයි. හින්දුස්ථාන රාගධාරි සංගීතයේ ඉතා වැදගත් සංගීත භාණ්ඩයක් ලෙස මෙය සැලකෙන අතර ඉන්දියනු උපමහද්විපය පුරාම විවිධ වු සංගීත ශෛලින් සදහා විවිධ වු අවස්ථාවන්හිදී බහුලවම භාවිතා වේ.