ටප්පා

විකිපීඩියා වෙතින්

ටප්පා සංගීත ශෛලිය යනු ඉන්දියාවේ මුල් කාලීනව  කාන්තාර අශ්‍රිතව නිර්මාණය වූ සංගීත ශෛලියකි.එනම් කාන්තාරය හරහා මුල් කාලීනව ගමනාගමනය සිදු කරනු ලැබුවේ ඔටුවන්පිටය.එම අවස්ථාවේ ගායනය කරනු ලැබූ ටප්පා ගායන ශෛලිය තුල ඔටුවාගේ ගැස්සීම් පැද්දීම් වලට අනුව ගායනයේ හඬ වෙනස්වීම් දක්නට ලැබේ.මෙය ලංකාවේ දේශීය ජන සංගීතය තුල ඇති කරත්ත කවි හා යම් තරමක සමානත්වයක් පවතී. 

"https://si.wikipedia.org/w/index.php?title=ටප්පා&oldid=469309" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි