දීපංකර බුදුරජාණන් වහන්සේ

විකිපීඩියා වෙතින්
(දීපංකර බුදුන් වෙතින් යළි-යොමු කරන ලදි)
දීපංකර බුදුන් වහන්සේ
සංස්කෘතDīpaṃkara
පාලිDīpaṃkara
බුරුමဒီပင်္ကရာ ([dìpɪ̀ɴkəɹà])
චීන燃燈佛 (සැකිල්ල:CJKV)
ජපන්燃燈仏 (ねんとうぶつ)
කොරියානුහංගුල්연등불; ප්‍රරෝYeondeungbul
මොංගෝලියානුᠵᠣᠯᠠ ᠢᠢᠨ ᠵᠥᠬᠢᠶᠠᠭᠴᠢ᠂ ᠳᠢᠸᠠᠩ᠋ᠭᠠᠷ;
Зулын Зохиогч, Дивангар;
Zula yin Zohiyagci, Divangar
තායිพระทีปังกรพุทธเจ้า
ටිබෙට්mar me mdzad
වියට්නාමNhiên Đăng Phật
තොරතුරු
Venerated byථෙරවාද, මහායාන , වජ්‍රයාන
AttributesCauser of Light
පූර්වප්‍රාප්තිකසරණංකර
අනුප්‍රාප්තිකකොණ්ඩඤ්ඤ
Portal icon බුද්ධාගම ද්වාරය

දීපංකර බුදුන් වහන්සේ මෙම මහා භද්‍ර කල්පයට සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයකට පෙර සාරමණ්ඩ නමවූ කල්පයෙහි දී ලොවට පහළවූ සම්මා සම්බුදුවරයෙකි. පියා සුදේව නම් නරපතියෙකි. මව සුමේධා බිසව විය. මෙම කල්පයේදී මිනිසාගේ පරම ආයුෂ වසර ලක්ෂයක් විය. දීපංකර බෝසතානන් වහන්සේ වසර දස දහසක් ගිහිගෙයි වාසය කළහ. මෙම කාලය තුල පදුමා නම් වූ බිසවක් සරණ පාවා ගෙන යුවරාජ පදවිය දැරීය. වෘෂභ ස්කන්ධ නම් කුමරු ලද දිනයේ මංගල හස්ථියා පිට නැග අසූහාර දහසක් රජදරුවන් සමග මහාභිනිෂ්ක්‍රමණය කළහ. දස මාසයක් දුෂ්කර ක්‍රියාකර පුර අංගනාවක් විසින් පිළිගන්වන ලද කිරිපිඬු වළදා පුලීල නම්වූ බෝධීන් වහන්සේට පිටදී වෙසක් පොහෝදින අළුයම් කාලයේ දී ලොවුතුරා බුදු බවට පත්විය. අග්‍ර ශ්‍රාවකයන් වූයේ සුමංගල හා තිස්ස යන අග්‍ර ශ්‍රාවකයන් දෙදෙනා වහන්සේ ය. අග්‍ර උපස්ථායක ස්වාමීන් වහන්සේ වූයේ සාගත නම් මහ තෙරුන් වහන්සේ ය. අග්‍ර ශ්‍රාවිකාවන් දෙදෙන වූයේ නන්දා හා සුනන්දා යන තෙරණීන් වහන්සේලා ය. මෙම සම්මා සම්බුදුන් වහන්සේගේ කාලයේ ගෞතම බොධිසත්වයන් වහන්සේ සුමේධ තාපස ව ඉපදී නියත විවරණ ලදහ.

බාහිර සබැදුම්[සංස්කරණය]