Jump to content

"සීඑන්එන්-අයිබීඑන්" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
'{{තොරතුරුකොටුව රූපවාහිනී නාලිකාව | name = සීඑන්එන්...' යොදමින් නව පිටුවක් තනන ලදි
(වෙනසක් නොමැත)

14:48, 11 පෙබරවාරි 2014 තෙක් සංශෝධනය

සීඑන්එන්-අයිබීඑන්
CNN-IBN
ගොනුව:CNN-IBN 2010.png
CNN-IBN
දියත් කළේ2005 දෙසැම්බර් 16
ජාලයසීඑන්එන්
හිමිකාරිත්වයTV18 (NBCUniversal සහ Network 18)
Turner International India
රූප ආකෘතිය4:3 (576i, SDTV)
1080i (HDTV)
උද්යෝග පාඨය"Whatever it takes".
රට ඉන්දියාව
භාෂාවඉංග්‍රීසි
විකාශන ප්‍රදේශයඉන්දියාව
මූලස්ථානNoida, Gautam Buddh Nagar , උත්තර් ප්‍රදේශ්
සහෝදර නාළිකාව(න්)IBN7
IBN-Lokmat
වෙබ්අඩවියIBNLive.com

සීඑන්එන්-අයිබීඑන් (CNN-Indian Broadcasting Network) (CNN-IBN) යනු ඉන්දියාව පදනම් කරගත් ඉංග්‍රීසී ප්‍රවෘත්ති නාලිකාවකි. මෙම නාලිකාවේ හිමිකාරීත්වය TV18 Broadcast Limited සහ Turner International India යන සමාගම් සතු වෙයි.[1]

ජාත්‍යන්තර පුවත් ආවරණය සීඑන්එන් විසින් සිදුකරන අතර, අයිබීඑන් (Indian Broadcasting Network) විසින් දේශීය පුවත් ආවරණය කරනු ලබයි.[2]

ඉතිහාසය

සීඑන්එන්-අයිබීඑන් (CNN-IBN) නාලිකාවේ ප්‍රථම විකාශනය 2005 දෙසැම්බර් 16 දින සිදුකරන ලදී.[3]

වර්ථමානයේදී, සීඑන්එන් ඉන්ටර්නැෂනල් නාලිකාවට වඩා වැඩි ප්‍රේක්ෂක පිරිසක් සීඑන්එන්-අයිබීඑන් නාලිකාව සතු වෙයි. මෙම නාලිකා ද්විත්වයම ඉංග්‍රීසි පුවත් නාලිකා වෙයි.[3]

Network 18 ට අනූව, දිනකට මිලියන 45 ක පමණ ප්‍රේක්ෂක පිරිසක් මෙම නාලිකාව නරඹයි.[4]

සීඑන්එන්-අයිබීඑන් විසින් ප්‍රධානය කරනු ලබන සම්මාන

  • CNN-IBN Indian of the Year[5]
  • Real Heroes[6]
  • Young Indian Leaders[7]
  • Citizen Journalist Awards[8]
  • India Positive Awards[9]

වැඩසටහන්

වැඩසටහන විස්තරය
*IBN Morning පෙර දිනයේ සිදුවූ ප්‍රධාන සිදුවීම් සාරාංශයක් ලෙස ඉදිරිපත් කරයි.[10][11]
*Breakfast with India උදෑසන ප්‍රවෘත්ති සහ විවිධ වැඩසටහන්.[12]
*IBN News පුවත් විකාශය.[12][13]
*IBN Sports ක්‍රීඩා පුවත්.[14][15]
*Good Afternoon India දහවල් පුවත් විකාශය සහ විවිධාංග වැඩසටහන.[16]
*Devil’s Advocate
*News 360 පුවත් විකාශය.[17][18]
*The Last Word
*India at 9 ප්‍රධාන පුවත් විකාශය (දේශීය සහ ජාත්‍යන්තර)[19][20]
*Face the People සංවාදමය වැඩසටහන.[21][22]
*Late Night Edition පුවත් විකාශය.[12][23]
*World View with Suhasini Haidar සංවාදමය වැඩසටහන.[24][25]
*The Citizen Journalist Show
*The Week That Wasn’t සතියේ සිදුවූ ප්‍රධාන සිදුවීම් පිළිබඳ විපරම.[26][27]
*Now Showing බොලිවුඩය සම්බන්ධ විවිධ පුවත් සහ ඕපාදූප.
*Living It Up
*India Positive

මතභේදයට ලක්වීම්

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා විකාශන කොන්ත්‍රාත්තුව

2011 අගෝතු 5 දින ඉන්දියානු පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ වාර්ථාවක දැක්වුනේ 2010 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල ප්‍රචාරණ කටයුතු සඳහා ටෙන්ඩර කැඳවූ අවස්ථාවේ එහි නිලදාරීන් විසින් එම කොන්ත්‍රාත්තු හිතුමනාප ලෙස එන්ඩීටීවී සහ සීඑන්එන්-අයිබීඑන් (CNN-IBN) නාලිකා වෙත ලබා දීමට කටයුතු කර ඇති බවයි.[28][29][30]

ව්‍යාජ ට්විටර් ප්‍රතිචාර

සංවාදමය පුවත් වැඩසටහනක් අතරතුර, තිරය යටින් ප්‍රේක්ෂකයින් විසින් එවනු ලැබූ බව කියන ව්‍යාජ ට්විටර් (Twitter) ප්‍රතිචාර දැක්වීමක් පිළිබඳව මෙම නාලිකාවට චෝදනා එල්ල වී තිබෙයි.[31]

ව්‍යාජ සජීවී සංවාද

2012 නොවැම්බරයේදී, මෙම නාලිකාව සජීවී යන නාමය යටතේ කලින් පටිගත කොට තුබූ සංවාද වැඩසටහනක් විකාශනය කරන ලදී.[32][33]

සේවකයින් නෙරපා දැමීම

2013 අගෝස්තුවේදී, සීඑන්එන්-අයිබීඑන් නාලිකාවේ සේවකයන්ද ඇතුළත් වන පරිදි, TV18 විසින් සමාගමේ සේවකයින් 400 ක පමණ පිරිසක් නෙරපා දැමූ අතර, සමාගම මේ පිළිබඳව හේතු දැක්වීමක් සිදු නොකරන ලදී.[34]

මේවාද බලන්න

මූලාශ්‍ර

  1. Network18 Website on CNN-IBN
  2. Philip Seib. The Al Jazeera Effect: How the New Global Media Are Reshaping World Politics Potomac Books, Inc., 2008.
  3. 3.0 3.1 Ulrike Rohn. Cultural Barriers to the Success of Foreign Media Content: Western Media in China, India, and Japan Peter Lang, 2009 p. 278-279, 293
  4. CNN-IBN reaches out to 45 million households every day
  5. Indian of the Year
  6. CNN-IBN Real Heroes honours extraordinary services of ordinary women
  7. Honouring the young Indian leaders
  8. About the Citizen Journalist Awards
  9. Inspirational people felicitated at India Positive Awards
  10. 10 on 10 for CNN-IBN
  11. CNN-IBN retains position among top 10 English News Genre
  12. 12.0 12.1 12.2 CNN-IBN Shows
  13. NDTV, CNN-IBN - News Channels Or New Threats?
  14. CNN-IBN & IBN7 gear up for ICC Champions Trophy 2013
  15. Couch Talk Episode 43 with Gaurav Kalra, CNN IBN Sports Editor
  16. Good Afternoon India
  17. All the news no views
  18. CNN-IBN rejigs primetime programming
  19. CNN-IBN India’s Best News Channel is also Asia’s Best
  20. India at 9
  21. Face the people
  22. I don't want to see Modi as the PM in 2014: Amartya Sen
  23. Late Night Edition
  24. World View with Suhasini Haidar
  25. More about Suhasini Haidar
  26. Interview: Cyrus Broacha On The Week That Wasn’t
  27. The Week that Wasn't
  28. "CAG Report on XIX Commonwealth Games" (PDF). Comptroller & Auditor General of India (Pdf).
  29. "CAG blames top media houses in Commonwealth Games Scam". News of Delhi.
  30. "Games contracts to media houses arbitrary and biased: CAG". India Today.
  31. Priscilla Jebaraj (2010-12-19). "Thehindu.com". Thehindu.com. සම්ප්‍රවේශය 2011-06-07.
  32. "Face The Nation: A clarification and an apology". November 10, 2011. සම්ප්‍රවේශය November 21, 2011.
  33. "CNN-IBN 'small' apology to Sri Sri". November 11, 2011. සම්ප්‍රවේශය November 21, 2011.
  34. Layoffs at TV18 group | Business Standard

භාහිර සබැදි


"https://si.wikipedia.org/w/index.php?title=සීඑන්එන්-අයිබීඑන්&oldid=288651" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි