ලංකාවේ රාජාණ්ඩුව

විකිපීඩියා වෙතින්

ලංකාවේ රාජාණ්ඩුව (ලාංකීය රාජාණ්ඩුව) වනාහී 1948 සිට 1972 දක්වා ආවේණික රජෙකු ලංකා ඩොමීනියන් රාජ්‍යයේ (වර්තමානයෙහි ශ්‍රී ලංකාව) මහරජ ලෙසින් රජ කල ආණ්ඩුක්‍රමයකි[1]. පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍යයන් ගණනාවක් හා සමග මෙම මහරජගේ ආධිපත්‍යය හවුලේ භුක්ති විඳීමට ලංකාවට සිදු විය. රජුගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය භූමිකාවේ බොහෝ ලෙසින් ලංකාවේ අග්‍රාණ්ඩුකාරවරයා වෙත පවරා තිබුණි. 1701 ඉංග්‍රීසි නිරාකරණ පණත විසින් නියම කරනු ලැබුණු ක්‍රම වේදයක් පරිදී රාජකීය උරුමක්‍රමය ක්‍රියාත්මක විය .

1972 මැයි 22 දිනදී රාජාණ්ඩුව අහෝසි කරන ලද්දේ, ලංකාව පොදු රාජ්‍ය මණ්ඩලය තුල ජනරජයක් බවට පත්වී එහි නම ශ්‍රී ලංකාව බවට වෙනස් කිරීමත් සමගය.

අභිධානය[සංස්කරණය]

ලංකාව අරභයා, රැජිණගේ නිල අභිධානය වූයේ: දෙවන එලිසබෙත්, ලංකාවේ සහ ඕතුමන්ගේ අනෙකුත් රාජ්‍යයන් හා භූමි ප්‍රදේශයන්හී රාජණිය, පොදු රාජ්‍ය මණ්ඩලයෙහි නායිකාව.

ලංකාවේ රජවරු[සංස්කරණය]

නම ආල්ඛ්‍යය රාජ්‍ය කාලය ඇරඹුම රාජ්‍ය කාලය අවසානය රජුගේ සම්පූර්ණ අභිධානය
1 හයවන ජෝර්ජ්
(1895–1952)
4 පෙබරවාරි
1948
6 පෙබරවාරි
1952
"මහා බ්‍රිතාන්‍යයේ, අයර්ලන්තයේ, මුහුදෙන් එතෙර බ්‍රිතාන්‍ය ඩොමීනියන් රාජ්‍යයන්හී දෙවිහහොත්තමයාණන්ගේ වරප්‍රසාදයෙන්, රජ, ඇදහිල්ලේ ආරක්ෂක, ඉන්දියාවේ අධිරාජ්‍යයා"; 1948 ජූනි 22 දින නිකුත්කෙරුණු පූර්වකාරී ප්‍රකාශනය මගින් හා 1947 අගෝස්තු 15 දින සිට බලපැවැත්වෙන පරිදී "ඉන්දියාවේ අධිරාජ්‍යයා" යන්න අත්හරින ලදි.
2 දෙවන එලිසබෙත්
(1926-)
6 පෙබරවාරි
1952
22 මාර්තු
1971
6 පෙබරවාරි 1952 - 29 මැයි 1953: "මහා බ්‍රිතාන්‍යයේ, අයර්ලන්තයේ, මුහුදෙන් එතෙර බ්‍රිතාන්‍ය ඩොමීනියන් රාජ්‍යයන්හී දෙවිහහොත්තමයාණන්ගේ වරප්‍රසාදයෙන්, රෑජින, ඇදහිල්ලේ ආරක්ෂක";

29 මැයි 1953 - 22 මැයි 1972: "ලංකාවේ සහ ඕතුමන්ගේ අනෙකුත් රාජ්‍යයන් හා භූමි ප්‍රදේශයන්හී රාජණිය, පොදු රාජ්‍ය මණ්ඩලයෙහි නායිකාව".

මෙයද බලන්න[සංස්කරණය]

ආශ්‍රිත[සංස්කරණය]

සැකිල්ල:පොදුරාජ්‍යමණ්ඩල රාජ්‍යයන්

"https://si.wikipedia.org/w/index.php?title=ලංකාවේ_රාජාණ්ඩුව&oldid=451788" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි