Image 7වොයේජර් 2 යානය සටහන් කරගත් ට්‍රයිටන් ග්‍රහලොවේ ඡායා රුවක්
ට්‍රයිටන් නෙප්චුන් ග්‍රහයාගේ විශාලතම උප ග්‍රහයා වන අතර එය ක්‍රිස්තු වර්ෂ 1846 ක් වූ ඔක්තෝබර් මස 10 වෙනි දින සොයා ගන්න ලද්දේ ඉංග්‍රීසි ජාතික තාරකා විද්‍යාඥයෙකු වූ විලියම් ලැසල් විසිනි. එය
සෞරග්‍රහ මණ්ඩලය තුල පිහිටි මව් ග්‍රහයාගේ භ්රරමණ දිශාවට ප්රතිගාමී චලිතයක් දක්වන විශාලතම උප ග්‍රහයා ය. විශ්කම්භයෙන් කිලෝමීටර් 2700 ක විශාලත්වයක් දක්වන ට්‍රයිටන් උප ග්‍රහයා විශාලත්වය අතින් සැලකීමේදී සෞරග්‍රහ මණ්ඩලයේ සත් වැන්නට විශාලතම උප ග්‍රහයා වේ. ට්‍රයිටන් ග්‍රහයාගේ ප්රතිගාමී චලිත රටාව සහ ග්‍රහයාගේ මූලද්‍රව්‍ය සංයුතිය පිළිබද සැලකීමෙන් පසු තාරකාවිද්‍යාඥයින් අනුමානය වන්නේ ට්‍රයිටන් ග්‍රහලොව කූපර් පටිය තුල පැවතෙන්නට ඇති බවත් පසු කාලීනව ගුරුත්වාකර්ෂණ ක්‍රියාවලියක ප්‍රතිපලයක් ලෙස
නෙප්චූන් ග්‍රහයාගේ උප ග්‍රහයෙක් බවට පත් වන්නට ඇති බවත් ය. ට්‍රයිටන්ගේ පෘෂ්ඨය මූලිකවම ඝණ නයිට්රජන් සහ අයිස් මිශ්‍රණයකින් වැසී පවතින අතර ඊට අමතරව ලෝහ සහ පාෂාණ වැස්මකින්ද සමන්විත වේ. එය ග්‍රහලොවේ මුළු ස්කන්ධයෙන් තුනෙන් දෙකක පමණ ප්‍රමාණයක් දක්වා අගයක් ගනී. ට්‍රයිටන් ග්‍රහයාගේ මධ්‍යනය ඝනත්වය 2.061 g/cm3 පමණ වන අතර ග්‍රහ ලොවේ ස්කන්ධයෙන් 15–35% දක්වා ප්‍රමාණයක් ජලය ද්‍රව අයිස් ලෙස පවතී.
ට්‍රයිටන් යනු සෞරග්‍රහ මණ්ඩලය තුල භූ විද්‍යාත්මක ලෙස සැලකු විට සක්‍රීයව පවතින උපග්රහයන් කිහිපය අතුරින් එක් උපග්‍රහයෙක් වන අතර අනෙකුත් ග්‍රහලෝක වලට සාපේක්ෂව තරුණ ග්රහලොවක් වන මෙහි මතුපිට පෘෂ්ටය එම නිසා මෙතෙක් අවබෝධ කර නොගත් භූ විෂමතා කලාප, පැහැදිලි හේතුවක් පැවසිය නොහැකි නිතර පෘෂ්ටය මත සිදු වන භූචලන වලින් පිරි පවතී. ග්රහලෝවෙන් කොටසක මතුපිට පෘෂ්ටය මත විසිරී පවතින උණුදිය උල්පත් නිතරම අධික උෂ්ණත්වයකට ලක්වෙමින් උතුරා යන ලක්ෂණ පෙන්වයි.ට්‍රයිටන් මතුපිට වායුගෝලය මත පවතින
නයිට්රජන් වායුව පෘතුවියේ මෙන් 1/70,000 ක් පමණ තුනී ස්තරයක් ලෙස විසිරී පවතී. (
තව දුරටත්...)