ද්වාරය:සෞරග්‍රහ මණ්ඩලය
මෙවලම්
සාමාන්‍ය
මුද්‍රණය/අපනයනය
වෙනත් ව්‍යාපෘති තුල
පෙනුම
විකිපීඩියා වෙතින්
Wikipedia's portal for exploring content related to සෞරග්‍රහ මණ්ඩලයසැකිල්ල:SHORTDESC:Wikipedia's portal for exploring content related to සෞරග්‍රහ මණ්ඩලය
Portal maintenance status: (2023 ඔක්තෝබර්)
|
හැඳින්වීම
තෝරාගත් ලිපි
- Image 1

A montage of Jupiter and its four largest moons (දුර සනහ ප්‍රමාණය, පරිමාණයට නොවේ)
වන විට දත්තවලට අනුව, බ්‍රහස්පති ග්‍රහ ලොව සතුව කක්ෂය තහවුරු කරන ලද චන්ද්‍රයන් අනූ පහක් (95) පවතියි.
බ්‍රහස්පතිට නම් කරන ලද ස්වාභාවික උපග්‍රහයින් 63 ක් ඇත. මෙයින් 47 ක විශ්කම්භය කිලෝමීටර් 10 ට වඩා අඩු අතර මේවා අනාවරණය කොට ගෙන ඇත්තේ 1975 වර්ෂයෙන් පසුවය. “ගැලීලියානු” චන්ද්‍රයන් ලෙස හැඳින්වෙන බ්‍රහස්පතිගේ විශාලතම චන්ද්‍රයන් සතර අයෝ, යුරෝපා, ගැනිමිඩ්, කැලිස්ටෝ යන නම් වලින් හඳුන්වයි. (තව දුරටත්...) - Image 2

⯰ 
ඒරිස්ගේ කක්ෂය (නිල්) සෙනසුරු, යුරේනස්, නෙප්චූන් හා ප්ලූටෝගේ කක්ෂ (සුදු හා අළු) වලට සංසන්දනාත්මකව, දක්වා ඇත. කක්ෂ තරලයට පහළින් වූ චාප අඳුරු පැහැයෙන් සටහන් කර ඇති අතර රතු පැහැති තිතකින් දක්වා ඇත්තේ සූර්යයායි. වමෙහි රූප සටහන ධ්‍රැවීය පෙණුම වන අතර දකුණෙහි වූ රූප සටහන ධ්‍රැවීය පෙණුම වන අතර දකුණෙහි වූ රූප සටහන් කක්ෂ තලයේ සිට පෙනෙන විවිධ ආකාර වේ.
එරිස් (සංකේතය: (තව දුරටත්...) - Image 3

☿
බුධ යනු හිරුගේ සිට පළමු වැනියට පිහිටි සෞරග්‍රහ මණ්ඩලයේ කුඩාම ග්‍රහලෝකය වේ. හිරුට ආසන්නයේම පිහිටා අති මෙය කි.මි.4,887 ක විශ්කම්භයකින් යුක්තය. අධික උෂ්ණත්වයකින් යුතු මෙම ග්‍රහයා තුල ජලය නොමැත.දිවාකාලයේ උෂ්ණත්වය කෙල්වින් 673කි.එය රාත්‍රියට 175 කි. මෙහි ජීවී වාසයක් නොමැත. මෙහි චුම්බක ක්ෂේත්රය පෘථිවිය මෙන් 1% කි.අභ්‍යන්තර මදය ද්‍රව යකඩවලින් සමන්විත වීම එයට හේතුවයි. ඉලිප්සාකාර කක්ෂයක සූර්යයා වටා ගමන් කරන බුධ ග්‍රහයා තමා වටා භ්‍රමණය වීමට පෘථිවි දින 58ක් සහ පැය 15ක් ගත වන අතර සූර්යයා වටා එක් වරක් භ්‍රමණය වීමට දින 88ක් ගත වේ.
භෞතික ලෙස බුධ ග්‍රහයාගේ පෙනුම චන්ද්‍රයාගේ පෙනුමට සමාන වේ. එය ආවාට විශාල ප්‍රමාණයකින් සමන්විත අතර ස්වභාවික චන්ද්‍රිකා හෝ එහි වායුගෝලයක් ඇති බව සනාථ වී නැත. බුධ ග්‍රහයා සතුව විශාල යකඩ හරයක් ඇති අතර එමඟින් පෘථිවියේ චුම්බක ක්ෂේත්රයෙන් 1% ක් පමණ වන චුම්බක ක්ෂේත්රයක් උත්පාදනය කරයි. එය අසාමාන්‍ය ලෙස ඝන ග්‍රහයක් වී ඇත්තේ එහි හරය විශාල වීම නිසාය. බුධ ග්‍රහයාගේ මතුපිට උෂ්ණත්වය 90 – 700 k ( -180 සිට 430 සෙල්සියස්) දක්වා වන අතර සුර්යයාට පහලින් ඇති ලක්ෂය උණුසුමින් වැඩිම ස්ථානය වන අතර ධ්රැව අසල ඇති ආවාටවල පතුල සීතලම ස්ථානය වේ. (තව දුරටත්...) - Image 4මහ පොළොව හෙවත් පෘථිවිය සූර්යයාගේ සිට පිළිවෙලින් 3 වැනි ග්‍රහලෝකයයි. එය සෞරග්‍රහ මණ්ඩලයේ ඇති ග්‍රහලෝක 7 (පෘථිවිය නොමැතිව) න් ඝණත්වයෙන් වැඩිම සහ 5 වැනි විශාලම ග්‍රහලොවයි. එමෙන්ම එය සෞරග්‍රහ මණ්ඩලයේ ඇති භූමියක් සහිත ග්‍රහලෝක අතුරින් විශාලතම ග්‍රහලොවයි. සමහර අවස්ථා වලදී එය ලෝකය , නිල් ග්‍රහලොව , හෝ එහි ලතින් නාමය වන "ටෙරා" යන නම් වලින් හඳුන්වයි.
මිනිසා ඇතුළු සත්ව විශේෂ මිලියන ගණනකට නිවහන වන පෘථිවිය දැනට සොයාගෙන ඇති පරිදි ජීවය පවතින එකම ආකාශ වස්තුවයි. මෙම ග්‍රහලෝකය මීට අවුරුදු බිලියන 4.54 කට පෙර නිර්මාණය වුණු අතර අදට අවුරුදු බිලියනයකට පෙර පෘථිවි පෘෂ්ඨය මත ජීවය බිහි විය. (තව දුරටත්...) - Image 5

සම්පූර්ණ වළලු පද්ධතිය 2006 සැප්තැම්බර් 15 දින කැසිනි අභ්‍යවකාශයානය සෙනසුරු ග්‍රහයා ඉහළින් ගමන් කිරීම නිසා ඇති වූ සූර්ය ග්‍රහණය වූ අවස්ථාවේ ඡායාරූපයකි. (මෙම ඡායාරූපයේ දීප්තිය නියම ප්‍රමාණයට වඩා වෙනස් කර ඇත)
සෙනසුරු වළලු යනු සෙනසුරු ග්‍රහයා වටා පිහිටා ඇති ග්රහලෝකමය වළලු වේ. එය සමන්විත වී ඇත්තේ විශාලත්වයෙන් මයික්‍රෝ මීටර් සිට මීටර් දක්වා පරාසයක විශාලත්වයෙන් යුතු නොගිනිය හැකි තරම් විශාල සංඛ්‍යාවක් වූ අංශුවලිනි. ඒවා සෙනසුරු ග්‍රහයා වටා සමූහයක් ලෙස කක්ෂගත වී ඇත. වළලු සෑදී ඇති මෙම අංශු සම්පූර්ණයෙන්ම සෑදී ඇත්තේ ජල හිම කැට (water ice) වලින් වන අතර සමහර ඒවා දූවිලි සහ වෙනත් රසායනික ද්‍රව්‍යවලින් දූෂිත වී ඇත. (තව දුරටත්...) - Image 6

🝼
මාකේමාකේ (සංකේතය: ) වාමන ග්‍රහලොව කුයිපර් වළල්ලේ ඇති විශාල ග්රහවස්තූන්ගෙන් එකකි. මෙහි විශ්කම්භය ප්ලූටෝ ග්‍රහලොව මෙන් 2/3 කි. මේක්මේක් හට උපග්රහයන් නොමැති බැවින් එය කුයිපර් වළල්ලේ ඇති අනෙක් ග්‍රහලෝක අතුරින් වෙන්කර හඳුනාගත හැකිය. එමගින් එහි බර නිමානය කලහැකිය. එහි උෂ්ණත්වය 30 K (−243.2 °C) ක පමන ඉතාමත් අඩු ප්රතිශතයක උෂ්ණත්වයකි. එමගින් කියවෙන්නේ එහි මතුපිට එතේන්,මෙතේන් සහ නයිට්රජන් අයිස් මගින් ආවරනය වී ඇති බවයි. (තව දුරටත්...) - Image 7
- Image 8

Uranus and its six largest moons compared at their proper relative sizes and relative positions. From left to right: Puck, Miranda, Ariel, Umbriel, Titania, and Oberon
සෞරග්‍රහ මණ්ඩලයේ හත්වන ග්‍රහලෝකය වන යුරේනස් සතුව දන්නා චන්ද්‍රයින් 29ක් ඇති අතර, ඒවායින් බොහොමයක් නම් කර ඇත්තේ විලියම් ෂේක්ස්පියර් සහ ඇලෙක්සැන්ඩර් පාප්ගේ කෘතිවල එන හෝ සඳහන් වන චරිත අනුවය.[1] යුරේනස්ගේ චන්ද්‍රයන් කාණ්ඩ තුනකට බෙදා ඇත: අභ්‍යන්තර චන්ද්‍රයින් දහතුනක්, ප්‍රධාන චන්ද්‍රයින් පහක් සහ අක්‍රමවත් චන්ද්‍රයින් නවයක්. අභ්‍යන්තර සහ ප්‍රධාන චන්ද්‍රයන් සියල්ලටම ප්‍රගති කක්ෂ ඇති අතර අක්‍රමවත් කක්ෂ බොහෝ දුරට ප්රතිගාමී වේ. අභ්‍යන්තර චන්ද්‍රයන් යුරේනස්ගේ වළලු සමග පොදු ගුණ සහ සම්භවය බෙදා ගන්නා කුඩා අඳුරු සිරුරු වේ. ප්‍රධාන චන්ද්‍රයන් පහ ඉලිප්සාකාර වන අතර, ඒවා ඒවායේ අතීතයේ යම් අවස්ථාවක දී ජල ස්ථිතික සමතුලිතතාවයට ළඟා වූ බව පෙන්නුම් කරයි (සහ තවමත් සමතුලිතතාවයේ පවතී), සහ ඒවායින් හතරක් ඒවායේ මතුපිට කැනියොන් සෑදීම සහ ගිනිකඳු වැනි අභ්‍යන්තර ක්‍රියාවලීන්ගේ සලකුණු පෙන්වයි. ] මෙම පහෙන් විශාලතම, ටයිටේනියා, විෂ්කම්භය කිලෝමීටර 1,578 ක් වන අතර සෞරග්‍රහ මණ්ඩලයේ අටවන විශාලතම චන්ද්‍රයා වන අතර එය පෘථිවි චන්ද්‍රයාගේ ස්කන්ධයෙන් විස්සෙන් එකක් පමණ වේ. නිත්‍ය චන්ද්‍රයන්ගේ කක්ෂ යුරේනස්ගේ සමකයට ආසන්නව කොප්ලානාර් වන අතර එය එහි කක්ෂයට 97.77° ඇලව ඇත. යුරේනස්ගේ අක්‍රමවත් චන්ද්‍රයන්ට ග්‍රහලෝකයේ සිට විශාල දුරින් ඉලිප්සාකාර සහ දැඩි ලෙස ආනත (බොහෝ විට ප්රතිගාමී) කක්ෂ ඇත. (තව දුරටත්...) - Image 9

♂ 
හබිල් අභ්‍යවකාශ දුරදක්නයකින් අඟහරු ග්‍රහයා දිස්වෙන අයුරු
අඟහරු ග්‍රහලොව (සංකේතය: ), සෞරග්‍රහ මණ්ඩලයේ ඇති ග්‍රහයන්ගෙන් සූර්යයාගේ සිට හතරවැන්නා වේ. එයට රතු ග්‍රහයා යන නම භාවිතා වන්නේ පෘථිවියේ සිට බලන කල එය රතු පැහැයෙන් දිස්වන බැවිනි. මාස් (Mars) යන ඉංග්‍රීසි නාමය එයට ලැබී ඇත්තේ යුද්ධයට අධිපති රෝම දෙවිවරයා සිහිපත් කරමිනි. (තව දුරටත්...) - Image 10සෞරග්‍රහ මණ්ඩලයේ විශාලතමයා ලෙස විරුදාවලි ලබන බ්‍රහස්පති ග්‍රහයා සූර්යයාගේ සිට පස්වැනියට පිහිටා ඇත. සෞරග්‍රහ මණ්ඩලයයේ අනෙකුත් ග්‍රහයින් සියල්ල එකතු කළ විට ලැබෙන ප්‍රමාණය මෙන් 2.5 ගුණයක් බ්‍රහස්පති ග්‍රහයා විශාලවේ. සෙනසුරු, යුරේනස්, සහ නෙප්චූන් මෙන්ම බ්‍රහස්පති ද සැලකෙන්නේ වායු යෝධයකු (gas giant) ලෙසටයි
බ්‍රහස්පති ග්‍රහයා අතීතයේ දී තාරකා විද්‍යාඥයින්ගේ අවධානයට යොමු වූවක් වන අතර බොහෝ සංස්කෘතිවල මිත්‍යා විශ්වාස වලට සහ ආගම් වලට එය සම්බන්ධ කොට ගෙන තිබේ. එයට ජුපිටර් යන නාමය ලැබී ඇත්තේ රෝම දෙවිවරයෙකු වන ජුපිටර් සිහිපත් වීමටය . පෘථිවියේ සිට බලන කල එහි දීප්තිමත් බව -2.8 ක් වන අතර චන්ද්‍රයා සහ සිකුරු ග්‍රහයා හැරුණු විට රෑ අහසේ තෙවැනියට දීප්තිමත්ම වස්තුව මෙය වේ. (තව දුරටත්...)
ඔබට යමක් සම්බන්ධයෙන් උදව් අවශ්‍ය ද?
ඔබට සෞරග්‍රහ මණ්ඩලය සම්බන්ධයෙන් පිළිතුරු සොයාගැනීමට අපහසු පැණයක් තිබේ ද?
සමහර විට විකිපීඩියා නිර්දේශ කවුලුව වෙත යොමුවීම, ඉක්මන් පිළිතුරක් සොයාගැනීමට මාර්ගයක් විය හැක.
උප මාතෘකා
| |||||||||||||||||
සෞරග්‍රහ මණ්ඩලය → Local Interstellar Cloud → Local Bubble → Gould Belt → Orion Arm → ක්ෂීර පථය → Milky Way subgroup → Local Group → Virgo Supercluster → Laniakea Supercluster → Observable universe → විශ්වය | |||||||||||||||||
ආශ්රිත විකිමීඩියා
විකිබුක්ස්
පොත්

කොමන්ස්
මාධ්‍ය

විකිනිව්ස්
පුවත්

විකික්වෝට්
කියමන්

විකිසෝර්ක්
මූලාශ්‍ර

විකිවර්සිටි
ඉගෙනුම් මූලාශ්‍ර

වික්ෂනරි
අර්ථ දැක්වීම්

විකිඩේටා
දත්ත ගබඩාව

"https://si.wikipedia.org/w/index.php?title=ද්වාරය:සෞරග්‍රහ_මණ්ඩලය&oldid=596206" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි












