‘ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය’ යන යෙදුමෙහි ඓතිහාසික භාවිතය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search

‘ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය’ යන යෙදුම පළමුවෙන් පෘථුල ලෙස භාවිතයට ගැනුනේ රුසියානු සහ යුරෝපීය රජයන් විසිනි. දෙවනුව එ.ජනපද රජයද රාජ්‍ය වීරෝධීන් විසින් ජාත්‍යන්තර දේශපාලන නායකයින්ට එරෙහිව කරනු ලබන පහර දීම් නැවැත් වීමට කරන ලද උත්සාහයන් හැඳින්වීම සඳහාය බටහිර මාධ්‍යයන් පාවිච්චි කළ යෙදුමක් ලෙසටයි. (උදා බලන්න නිව් යෝර්ක් ටයිම්ස් 1881 අප්‍රේල් 2) බොහෝ රාජ්‍ය විරෝධින් ඔවුන්ව හඳුන්වා ගත්තේ ත්‍රස්තවාදින් ලෙසටය. රුසියානු මාක්ස්වාදි ටේරා සයුලිච් රුසියානු පොලිස් නිලධාරියෙකු වෙඩි තබා තුවාල කළාය. මෙම පොලිස් නිලධාරියා 1878 ජනවාරි 24 දින සැකකරුවන් හිංසාවට ලක් කර ඇත. උදාහරණයනක් වශයෙන් ඇය ඔහුව මරණවා වෙනුවට ඇයගේ ආයුධය බිම දමා “මම ත්‍රස්තවාදියෙක්මි මිනිමරුවෙකු නොවෙමි” යයි කීවාය.

ඉන් පසුව මෙම යෙදුම ප්‍රසිද්ධියට පත් වූයේ 1940 වර්ෂයේ අග භාගයේදි ‘පලස්තීනයට බලය පැරීමේ බ්‍රිතාන්‍ය නියෝගය දුන් අවස්ථාවේදී ඇති වුනු යුදෙව් පහර දීම් මාලාව අවසන් කිරීමට බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනය විසින් ගන්නා ලද උත්සාහයන් විස්තර කිරීමට එම යෙදුම ප්‍රයෝජනයට ගත් අවස්ථාවේදීය. මෙහිදි බ්‍රිතාන්‍යයන් ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය ප්‍රකාශ කළ අතර ඉර්ගුන් සහ ලෙහි සහ ඔවුන් සමග සබඳතා පවත්වන අයට එරෙහි ඉතා තද ක්‍රියා මාර්ගයක් ගත්තතේය. මෙම යුදෙව් ප්‍රහාර අරාබි ප්‍රහාර සහ කැරළි ගැසීම් සහ ඉන් පසු ඇති වුනු බ්‍රිතාන්‍ය පසු බෑම් පලස්තීනයේ බ්‍රිතාන්‍යයන්ට පිටමං වීමට මග පෑවේය. මෙම යෙදුම එ.ජනපද ජනාධිපති රොනල්ඩ් රේගන් විසින් 1980 කාලවලදි බොහෝ සෙයින් භාවිතා කරන ලදි. මෙම යෙදුම ලෝකය පුරා බොහෝ නායකයින් ත්‍රස්තවාදි කටයුතු සමග ක්‍රියා කිරීමේදි ප්‍රයෝජනයට ගත්හ.

2001 සැප්තැම්බර් 20 වෙනි දින ඇමෙරිකන් ජනතාව සහ කොංග්‍රසයේ ඒකාබද්ධ සැසියක් අමතා ජනාධිපති ජෝර්ජ් ඩබ්.බුෂ් දේශනයක් පවත් වමින් ත්‍රස්තවාදයට එරෙහිව යුද්ධය ප්‍රකාශ කළේ ත්‍රස්තවාදයට එරෙහි අපේ සටන මුලින්ම පටන් ගත්නේ අල්ඛයිඩාවට එරෙහිවයි. එහෙත් එය ඔවුන්ගෙන් කෙළවර වන්නේ නැත. ලෝකය පුරා ව්‍යාප්තව සිටින සෑම ත්‍රස්තවාදි කණ්ඩායමක්ම සොයා ගෙන ත්‍රස්තවාදි ක්‍රියා නවතා ඔවුන් පරාජය කරන තෙක් එය අවසාන නොවේ යනුවෙන් කියමිනි.

එක්සත් ජනපද විදේශ ප්‍රතිපත්තියෙහි ක්‍රියාත්මක කිරීම නිර්වචනය කිරිම

එක්සත් ජනපද ෆෙඩරල් අපරාධ නීති සංග්‍රහය යටතේ ත්‍රස්තවාදය යන්න විග්‍රහ කර ඇත. එම නීති සංග්‍රහය 18 වෙනි මාතෘකාව යටතේ ඇති අංක 1 කොටස 113 බී පරිච්ඡේදය ත්‍රස්තවාදය යන්න විග්‍රහ කර ඇති අතර ඒ ගැන හා සම්බන්ධ අපරාධ ලැයිස්තුවක් ද ඉදිරිපත් කර ඇත්තේ මෙසේය.

“ප්‍රචණ්ඩ ක්‍රියාවලට සම්බන්ධ ක්‍රියාවන් නැතහොත් ජීවිත වලට තර්ජන කරන ක්‍රියාවන් මේවා එක්සත් ජනපදයේ මෙන්ම ඕනෑම රාජ්‍යයක නීතිය කඩ කිරීමකි. එසේම අදහස් කර ඇති බව පෙනෙන,

  • I. මහජනතාව භය ගැන්වීම නැතහොත් භය ගන්වා පලවා හැරීම.
  • II. භය ගැන්වීමෙන් හෝ පලවා හැරීමෙන් රජයක ප්‍රතිපත්ති වලට බලපෑම් කිරීම
  • III. පැහැර ගැනීමෙන්, බරපතල විනාශයන් සිදු කිරීමෙන් හා ඝාතණ වලින් රජයේ පාලනයට බලපෑම් කිරීම සහ රට තුලට නම් මූලික වශයෙන් සිදු වන්නේ එක්සත් ජනපද දේශ සීමා බල ප්‍රදේශ තුල සිදු වන්නේ නම් අන්තර්ජාතික වශයෙන් නම් යනාදි වශයෙනි.

ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය නමින් හැඳින්වෙන ඔහුගේ ප්‍රතිපත්ති විග්‍රහ කිරීම සම්බන්ධයෙන් ජනාධිපති විස්තර කර ඇත්තේ,

“අද ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය සීතල යුද්ධයක් වැනිය එය නිදහසට ගර්හා කරන ඒකාධිපති රාජ්‍යයක් වෙත ගමන් කරන සතුරෙකු සමග කරන මතවාදි අරගලයකි. මම අපේ කම්පනයේ බලයෙන් ලැබුණු සියලු වත්කම් ත්‍රස්තවාදය පරාජය කිරීමට ප්‍රයෝජනයට ගනිමි. එසේම අපි දෙආකාරයකට මේ සම්බන්ධයෙන් කටයුතු කරමු. පළමුවැන්නා සතුරා සොයා ගෙන ගොස් අල්ලා නීතිය ඉදිරියට ගෙන ඒමයි තර්ජනය සුළු කොට නොතැකීමයි. දෙවැන්න නිදහස පැතිරවීමයි.

http://en.wikipedia.org/wiki/War_on_terror#Historical_usage_of_phrase