ඉරාක යුද්ධය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
ඉරාක යුද්ධය
ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය කොටසකි
Iraq header 2.jpg
දක්ෂිණාවර්තව, උඩු වම් කෙළවරෙන් පටන් ගෙන: සාමරාහී ඒකාබද්ධ මුර සංචාරයක්; ෆර්ඩොස් චතුරස්‍රයෙහිදී සදාම් හුසේන් ප්‍රතිමාව පෙරලීම; පහරදීමකදී ඉරාක හමුදා සොල්දාදුවෙක් ඔහුගේ රයිෆලය සූදානම් කරයි; මග අසබඩ බෝම්බයක් දකුණු බැග්ඩෑඩයේදී පුපුරායමින්.
දිනය 20 මාර්තු 2003 (2003-03-20) – 18 දෙසැම්බර් 2011 (2011-12-18) (වර්ෂ &0000000000000008.0000008, දින &0000000000000273.000000273)
ස්ථානය ඉරාකය
ප්‍රතිඵලය  • ඉරාකය ආක්‍රමණය කිරීම සහ අත්පත් කරගැනීම
 • බාත් පක්ෂ රජය බලයෙන් නෙරපීම සහ සදාම් හුසේන් මරණයට පමුණුවීම
 • ත්‍රස්තවාදය, විදේශ ත්‍රස්තවාදී මෙහෙයුම්, සහ වාර්ගික ප්‍රචණ්ඩත්වය[1]
 • ඉරාක කැරැල්ලෙහි අපරාපරිය හායනය,[2] මහජන ආරක්ෂාවේ උන්නතිය[3]
 • ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ යළි=සංස්ථාපනය කිරීම හා නව රජයක් පිහිටුවීම
 • හමුදා රඳවා තැබීමේ තරාතිරම පිළිබඳ එ.ජ.-ඉරාක එකඟතාවය
 • ඉරාකයෙන් එ.ජ. හමුදා ඉවත් කර ගැනීම
 • ත්‍රස්තවාදය දිගටම පැවතීම
රණපත්හු

 ඉරාකය (පශ්චාත් ආක්‍රමණ)
ඉරාක කුර්දිස්තානය පෙෂ්මර්ගා
ඉරාකය පිබිදෙන කවුන්සිල
බහු-ජාතික හමුදාව – ඉරාකය

 එක්සත් ජනපද (03–11)
 එක්සත් රාජධානිය (03–11)
 ඕස්ට්‍රේලියාව (03–09)
 පෝලන්තය (03–08)
 කොරියානු සමූහාණ්ඩුව (03–08)
 ඉතාලිය (03–06)
 ජෝර්ජියාව (03–08)
 යුක්‍රේනය (03–08)
 නෙදර්ලන්තය (03–05)
 ස්පාඤ්ඤය (03–04)
වෙනත් රටවල් 30

ත්‍රස්තවාදී කණ්ඩායම්:
ඉරාක බාත් පක්ෂය රාජපාක්ෂිකයන්
ඉරාක ඉස්ලාමීය රාජ්‍යය
ඉරාකය තුල අල්-කයිඩා
මහ්ඩි හමුදාව
විශේෂ කණ්ඩායම්
ඉරාක ඉස්ලාමීය හමුදාව
අන්සාර් අල්-සුන්නාහ්


ඉරාකය ඉරාකය (2003)


ත්‍රස්තවාදී කණ්ඩායම් අතර සටන් සඳහා, ඉරාකය තුල සිවිල් යුද්ධය බලන්න.


ඉරාක යුද්ධය යනු 2003 මාර්තු 20 දින ඇරඹුණු ලෝකයේ විවිධ රටවල් සහය පළකල සංහාරයකි. එය ඇමරිකා එක්සත් ජනපදයේ මුලිකත්වය යටතේ ක්‍රියාත්මක වු අරත මහා බ්‍රිතාන්‍යය, ඕස්ට්‍රේලියාව, ඩෙන්මාර්කය, පෝලන්තය යන රාජ්‍යවලද සහය පළවිය. මෙය ඉරාකය නිදහස් කරගැනීමේ මෙහෙයුම ලෙසද හැඳින්වින.

ඉරාකය අල්කයිමා සංවිධානයට උදව් කිරීමත්, නීතිවිරෝධි ගිනි අවි නිෂ්පාදනය,ඉරාකය ආක‍්‍රමණය කිරීමට මුලික හේතු දෙක ලෙස ඇමරිකා එක්සත් ජනපදයේ දැක්වුයේ ය. නමුත් ආක‍්‍රමණ අතරතුර එවැනි ගිනිඅවි සොයාගැනීමට අපොහොසත් වු අතර බොහෝ දෙනෙකුගේ මත වුයේ ඉරාකය එවැනි ගිනිඅවි නිපදවීම බොහෝ කලකට පෙර නතර කර දැමු බවය.

සමහරකුගේ මතය වුයේ ඇමරිකා එක්සත් ජනපදය ඉරාකය ආක‍්‍රමණය කිරීමට හේතු වුයේ පලස්තින බෝම්බ කරුවන්ට ඉරාකය උපකාර කිරීම, ඉරාක රජය මානව හිමිකම් උල්ලංඝනය කිරීම, ඉරාකීය තෙල් ආර්ථිකය යන සාධක නිසා බවයි.

ආක‍්‍රමණයේ ප‍්‍රතිඵලයක් ලෙස 2003 දෙසැම්බර් මාසයේදී ඉරාක ජනාධිපති සදාම් හුසේන් අත්අඩංගුවට පත්වු අතර 2006 දෙසැම්බර් මාසයේදී ඔහු එල්ලා මරනු ලැබීය. ඉන්පසු ඉරාක පිරිස් සහ අල් කයිඩා සංවිධානයේ විවිධ විරෝධතා ඇමරිකානු හමුදා වෙත එල්ල විය.

මෙම ආක‍්‍රමණය නිසා මිලියනකට අධික මරණ සංඛ්‍යාවක් සිදුවු බවට ඇස්තමේන්තු ගත කර ඇත.

ඉරාකය ආක්‍රමණය සඳහා ඇමරිකානු ජනාධිපති ජෝර්ජ් W බුෂ් ප්‍රමුඛ එකමුතුව මගින් ප්‍රධාන හේතු යුගලක් ගෙනහැර දක්වන ලදී. ඉන් පළමුවැන්න වූ ඉරාකය අල්කයිඩා සංවිධානයට ඍජුව සහයෝගය දක්වන බවට වූ චෝදනාවයි. දෙවැන්න වූයේ ඉරාකය සතුව සමූල ඝාතක අවි පවතින බවත් 1991 එකඟතාවය බිඳ හෙළමින් ඔවුන් තව දුරටත් සමූල ඝාතක අවි නිෂ්පාදනය කරන බවට වූ චෝදනාවයි. මෙම චෝදනා යුගල සඳහාම ඇමරිකානු ඔත්තු සේවා මගින් යම් ප්‍රමාණයක එකඟතාවක් දක්වන ලදී.

යුද්ධය ආරම්භයේදී එක්සත් ජනපද නිලධාරීන් ප්‍රකාශ කළේ ඉරාකය එක්සත් ජනපදයට , එහි ජනතාවට , මිත්‍ර රටවලට සහ වැදගත් ක්‍රියාකාරකම්වලට ප්‍රභල අවදානමක් එල්ල කරන බවයි. කෙසේ නමුත් මෙම ප්‍රකාශයන්ට මුල් වූ බුද්ධි තොරතුරු දැඩි ලෙස විවේචනයට ලක් වූ අතර ආයුධ පරීක්ෂකයන්ට සමූල ඝාතක අවි පැවති බවට කිසිදු සාධකයක් හමු නොවීය. ඉරාක ආක්‍රමණය අවසානයේදී ඉරාකය සම්බන්ධ සමීක්ෂණ කණ්ඩායම් තම සොයා ගැනීම් ප්‍රකාශයට පත් කළ අතර ඔවුන්ට අනුව ඉරාකය තම සමූල ඝාතක අවි වැඩපිළිවෙල 1991 වසරේදී නවතා දමා ඇති අතර ඇමරිකා ආක්‍රමණය වන විට ඔවුන් සතුව සමූල ඝාතක අවි නොවීය. කෙසේ නමුත් ඉරාක සම්බාධක ඉවත් කළ විට නැවත සමූල ඝාතක අවි නිෂ්පාදනය කිරීමේ අදහසක් ඔවුන් සතු වූ බවද සමීක්ෂණ කණ්ඩායමේ මතය විය. ඉරාකය තුළ විනාශයට පත් වූ නැතහොත් අත්හැර දමන ලද පැරණි සමූල ඝාතක අවි කොටස් හමු වූ නමුත් ඒවා ආක්‍රමණය සාධාරණීකරණය සඳහා ප්‍රමාණවත් නොවීය. ඇතැම් එක්සත් ජනපද නිලධාරීන් සදාම් හුසේන් සහ අල්කයිඩා සංවිධානය අතර සම්බන්ධතා පැවති බවට ප්‍රකාශ කළ නමුත් එවැනි සම්බන්ධතාවයක් පිළිබඳ කිසිදු සාධකයක් සොයාගත නොහැකි විය. ඉරාක ආක්‍රමණය සඳහා නිලධාරීන් විසින් ඉදිරිපත් කළ අනෙකුත් හේතු අතරට පලස්තීන මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ පවුල්වලට ඉරාකය මගින් මූල්‍යමය ආධාර සැපයීම , ඉරාක රජය මගින් මානව හිමිකම් උල්ලංගනය කිරීම යන චෝදනා සහ ප්‍රජාතන්ත්‍රවාදය පැතිරවීම සහ ඉරාක ඛනිජ තෙල් නිධි යනාදියත් අයත් වේ. කෙසේ නමුත් මේ අතරින් තෙල් නිධි සම්බන්ධ අරමුණු ඇතැම් නිලධාරීන් විසින් ප්‍රතික්ෂේප කොට ඇත.

මෙම ආක්‍රමණයේ ප්‍රතිඵලයක් ලෙස ඉක්මණින්ම ඉරාක හමුදාව පරාජයට ලක් වූ අතර ජනාධිපති සදාම් හුසේන් පළායන ලදී. අනතුරුව 2003 වසරේ දෙසැම්බර් මාසයේදී ඔහු අල්ලා ගන්නා ලද අතර 2006 වසරේ දෙසැම්බර් මාසයේදී ඔහුට එරෙහිව මරණ දණ්ඩණය ක්‍රියාත්මක කරන ලදී. මේ අතර එක්සත් ජනපද ප්‍රමුඛ ඒකාබද්ධ හමුදාවන් තව දුරටත් ඉරාකයේ රැඳී සිටිමින් ප්‍රජාතන්ත්‍රවාදී රජයක් ගොඩනැගීමට උත්සාහ කළේය. කෙසේ නමුත් මුල් ආක්‍රමණයෙන් කෙටිකලක් ගතවත්ම ඒකාබද්ධ හමුදාවන්ට එරෙහිව සහ විවිධ ආගමික කණ්ඩායම් අතර ප්‍රචණ්ඩ ක්‍රියා හටගන්නා ලදී. මේත් සමගම අසම මිතික යුධ තත්වයක් ඇති වූ අතර සුන්නි සහ ෂියා මුස්ලිම් කණ්ඩායම් අතර ගැටුම් හට ගැනීමත් ඉරාකය තුළ අල්කයිඩා සංවිධානය ක්‍රියාත්මක වීමත් සිදු විය. මෙම තත්වයන් හේතුවෙන් සමස්තයක් ලෙස මිය ගිය ප්‍රමාණය සම්බන්ධ ඇස්තමේන්තු 150000 ට වැඩි සංඛ්‍යාවක සිට මිලියන එකකට අධික සංඛ්‍යාවක් දක්වා දිවේ. මේ අතර ඒකාබද්ධ හමුදා කණ්ඩායම් අතරින් ඇතැම් රටවල් තම සේනාංකයන් ඉවත් කර ගන්නා ලදී. මේ සඳහා එම රටවල ගොඩනැගුණු ජනමතයද හේතු විය. ක්‍රමයෙන් ඉරාක හමුදාවන් ආරක්ෂක වගකීම් බාර ගැනීම ආරම්භ කිරීමත් සමග හමුදාවන් ආපසු කැඳවා ගැනීම ක්‍රමයෙන් ඉහළ ගියේය.

1991 – 2003 එක්සත් ජාතීන්ගේ අවි පරීක්ෂකවරු සහ තහනම් ගුවන් කලාපය[සංස්කරණය]

1991 ගල්ෆ් යුද්ධයෙන් පසු එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ 687 යෝජනාවෙන් ඉරාකය සතු රසායන, ජීව විද්‍යාත්මක, න්‍යෂ්ටික අයුධ, දිගු දුර මිසයිල වැඩ සටහන නැවැත්වීම සහ එවැනි සියලු ආයුධ එක්සත් ජාතීන්ගේ විශේෂ කොමිෂමේ පාලනය යටතේ විනාශ කිරීමටද නියම කරන ලදී. ඉරාකය තුළ සිටින එක්සත් ජාතීන්ගේ අවි පරීක්ෂකවරුන්ට විශාල ප්‍රමාණයක සමූල ඝාතන අවි විනාශ කිරීම පරීක්ෂා කිරීමේ හැකියාව තිබින. එහෙත් එක්සත් ජනපද සහ එක්සත් රාජධානියෙන් ලඟදීම එල්ල විය හැකි ආක්‍රමණයක් පිළිබඳව UNSCOM ප්‍රධානි රිචඩ් බට්ලර් විශ්වාස කළේය. මෙම හේතුව නිසා 1998 දී අවි පරීක්ෂකවරු ඉරාකයෙන් පිට වූහ. ඉන් පසු එම ප්‍රශ්නය නොවිසඳී ඉතිරි විය. අවි පරීක්ෂකවරු පිට වූ සැනෙන් එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය සිව් දින බෝම්බ ප්‍රහාරය දියත් කළහ.

අවි පරීක්ෂණ ක්‍රියා දාමයට අමතරව එක්සත් ජනපදය බ්‍රිතාන්‍ය හා ප්‍රංශය ඉරාකය සමග කුඩා පරිමාණයේ සටන් වල යෙදුනේ උතුරු සහ දකුණු ඉරාකයේ තහනම් ගුවන් කලාප ඇති කිරීමට බල කරමිනි. මෙම කලාප පිහිටුවන ලද්දේ පර්සියන් ගලෆ් යුද්ධයෙන් පසු උතුරෙන් ඉරාක කුර්දිස්තානයත් දකුණු ෂියා මුස්ලිම් ප්‍රදේශයත් ආරක්ෂා කිරීම පිණිසයි. මෙය ඉරාක රජය විසින් දක්නා ලද්දේ ඉරාක රජයේ ස්වාධීනත්වය කඩ කිරීමක් ලෙසිනි. මෙම අවුරුදු හයක කාලය තුළ ඉරාක ගුවන් ආරක්ෂක පද්ධතිය සහ ඇමෙරිකානු, බ්‍රිතාන්‍ය ගුවන් මුර සේවා නොකඩවා වෙඩි හුවමාරු කර ගත්හ.

2001අප්‍රේල් මාසයේදි ජනාධිපති බුෂ්ගේ කැබිනට් මණ්ඩලය ඉරාකය තුළ හමුදා මැදිහත් වීමකට එකඟතාවය පල කළේ එයින් මැද පෙර දිග සිට අන්තර්ජාතික වෙළඳ පොලට තෙල් ගලා යාම අස්ථාවර කිරීමක් බලාපොරොත්තු වූ හෙයිනි. එක්සත් ජනපද නව කොන්සර්වේටිව්වරු ඉරාකයේ තිබෙන සියලු තෙල් බිම් අඩු මිලට විකිණිය යුතු යැයි ඉල්ලා සිටියහ. එමෙන්ම සැප්තැම්බර් 11 ප්‍රහාරයට බොහෝ ඉහතදි රජය පෙරලා දැමීමට කුමණ්ත්‍රණයක්ද දියත් දියත් කරන ලද්දේ නව රජය ඔපෙක් මිළ වැඩි කිරීමේ ගිවිසුම් විනාශ කිරිම සඳහා ඉරාක තෙල් ප්‍රයෝජනයට ගනු ඇතැයි ද ඔපෙක් හි සීමාවන් ඉක්මවා තෙල් නිෂ්පාදනය කරනු ඇතැයිද අපේක්ෂාවෙනි මෙම සැළසුම් ආක්‍රමණයේදි සිදු වී සුලු කලෙකින් අත් හැර දැමුනි. ඔවුන්ගේ තීරණ ක්‍රියාත්මක කිරීම භාරව සිටි ෂෙල් තෙල් සමාගමගේ කලින් සිටි නිලධාරියෙකු වූ පිලිප් කැරොල් ඉරාක තෙල් පෞද්ගලීකරණය කිරීම සම්බන්ධයෙන් මැදිහත් වීම ප්‍රතික්ෂේප කළේය. එයට හේතුව වූයේ රජය යටතේ වූ තෙල් අමාත්‍යාංශය යටතේ මෙන් නොව එක්සත් ජනපද ආයතන වලට ඉවත් වීමට සිදු වන හෙයිනි. 2001 වර්ෂයේදි බුෂ් ජනාධිපති තනතුරේ වැඩ භාර ගත් විගසම ඉරාක රජය පෙරලා දැමීම සම්බන්ධව වොෂින්ටනයේදි ද මැදපෙරදිග හා කැලිෆෝනියාවේදි තමන් රහස් සාකච්ඡා පැවැත් වූ බව එක්සත් ජනපද තෙල් කර්මාන්ත පිළිබඳ උපදේශකයෙකු වූ ෆලාහ් - අල් ජිබුටි කියා සිටියේය. ඔහු සදාම් හුසේන් ගෙන් පසු බලයට ඒමට ඉඩ තිබෙන තැනැත්තන් සමගද බුෂ් පාලනයේ වුවමනාව මත සාකච්ඡා පැවැත් වූ බව අල් ජිබුටි BBC යටද කියා ඇත.

‘ඔපරේෂන් ඉරාකි ෆ්‍රීඩම්’ නම් මෙහෙයුමට දළ වශයෙන් වසරකට කලින් එක්සත් ජනපදය ප්‍රධාන උපක්‍රමය සඳහා වෙනසක් ලෙස සදර්න් ෆෝකස් මෙහෙයුම ආරම්භ කළේය. මෙහිදි ඉරාකයේ හමුදා මෙහෙයුම් ව්‍යුහය කඩා කප්පල් කිරීම සඳහා සියලුම යුද ක්‍රියා මාර්ග සහ තහනම් ගුවන් කලාපය පුරා තෝරා ගත් ඉලක්ක ප්‍රමාණය වැඩි කර ගැනුනි. ඉරාකය මත හෙළනු ලැබු බෝම්බ ප්‍රමාණය ක්‍රමයෙන් වැඩි වූයේ කෙසේද යත් 2002 මාර්තු මාසයේදි කිසිදු බෝම්බ පතිත කිරීමක් නැත. අප්‍රේල් මසදි එය 0.3 කි මැයි - අගෝස්තු වන විට එය මසකට ටොන් අටේ සිට දාහතර දක්වා ඉහළ ගියේය. 2002 සැප්තැම්බර් වන විට (යුද්ධයට පෙර ඉහලම අගය) එය ටොන් 54.6 කි

2001 – 2003 නිරායුධකරණ ආරවුල් සහ පූර්ව යුද ඔත්තු සේවා

එක්සත් ජාතීන්ගේ අවි පරික්ෂාව[සංස්කරණය]

2005 මැයි 1 වැනි දින “ඩවුනික් වීදියේ මැමෝව (Meme)” සන්‍ඩේ ටයිම්ස් පුවත් පතේ පළ විය. මෙම මැමොවෙහි බුෂ්ට අවි බලය පාවිච්චි කර සදාම් ඉවත් කිරීමට අවශ්‍ය වී ඇති බව විස්තර කර ඇත. එම ප්‍රකාශයට අනුව 2002 ජුලි 23 වෙනි දින ඒ සම්බන්ධයෙන් රහස් සාකච්ඡාවක් පවත්වා ඇත. මෙයට එක්සත් රාජධානියේ කම්කරු රජය ආරක්ෂක සහ බුද්ධි සේවා නිලධාරිහු සහභාගි වී ඇත. මොවුන් සාකච්ඡා වී ඇත්තේ ඉරාකය සමග කෙරෙන යුද්ධය ගැනයි. මෙම සාකච්ඡාවලට වර්ග කරන ලද කාලීන එක්සත් ජනපද ප්‍රතිපත්ති කෙලින්ම අදාළ විය. එහෙත් බුද්ධි තොරතුරු සහ සාධක කරුණු ප්‍රතිපත්ති සමග බැඳී තිබුනි.

2002 සැප්තැම්බර් 18 දින ජොර්ජ් ටෙනෙට් විසින් සදාම් හුසේන් සතුව සමූල ඝාතණ අවි නොමැති බවට ජෝර්ජ් බුෂ්ට උපදෙස් දෙනු ලැබීය. එහෙත් බුෂ් එම තොරතුරු ප්‍රතික්ෂේප කළේය. එහෙත් පසුව එය සම්පූර්ණයෙන් නිවැරදි බව හෙළි විය. තොරතුරු කොංග්‍රසය සමග හෝ සීඅයිඒ නියෝජිතයින් සමගද කෙදිනක හෝ සාකච්ඡා නොවුනි. සිඅයිඒ සංවිධානය සදාම් හුසේන්ගේ විදේශ ඇමති වූ නජි සබ්රි සමග සම්බන්ධකම් පවත්වා තිබුනි. ඔහුට ඔත්තුකරුවෙකු ලෙස සළකා ප්‍රංශය විසින් ඒ සඳහා ගෙවීම් කරමින් තිබුනි. සදාම්ට න්‍යෂ්ඨික වැඩ පිළිවෙලක් ගැන අදහසක් තිබුනු බව සබ්රි ඔවුනට දැන්වීය. එහෙත් එය ක්‍රියාත්මත නොවූ එකකි. පරීක්ෂණ කටයුතු දිගටම පවත්වා ගෙන ගිය නමුත් ජීව විද්‍යාත්මක අවි ඉදිරිපත් නොකෙරුනි. ගබඩා කිරීම්ද සොයා ගත නොහැකි විය. යුද්ධයක් වුවහොත් රසායන අවි පාවිච්චි කිරීමේ අවසරය සදාම් විසින් ලබා දී තිබුනු බවට ඔත්තු කරුවන්ගේ වාර්තා වලින් එක්සත් ජනපදයට තොරතුරු ලැබී තිබුනි.

න්‍යෂ්ඨික බෝම්බ තැනීම සඳහා යුරේනියම් බල ගැන්වීමට අධි බල ඇලුමිනියම් බට දහස් ගණනක් ලබා ගැනීමට ඉරාකය උත්සාහ කරන බව 2002 සැප්තැම්බරයේදි බුෂ් රජය කියා සිටියේය. එක්සත් ජාතීන්ගේ නීති රීති අනුව එම බට ලබා ගැනීමට ඉරාකයට හිමි කමක් නොමැත. ඉරාකයේ තිබුනා යැයි කියන සැලසුම් සම්බන්ධව CIA සහ DIA සංවිධාන එකඟත්වය පල කළ නමුත් DOE (department of energy) බල ශක්ති දෙපාර්ථමේන්තුව සහ INR සංවිධාන ඊට විරුද්ධ විය. මන්ද කියතොත් ඇමරිකාවේ න්‍යෂ්ඨික අවි ව්‍යාප්තියේ සහ කේන්ද්‍රපසාරි බලයෙන් ගැස් සම්බන්ධ කටයුතු කිරීමේ ශක්තියද තිබුනේ මෙම බල ශක්ති දෙපාර්ථමේන්තුවට බැවිනි. ඉහත කී බට න්‍යෂ්ඨික අවි සඳහා යොද‍ා ගත හැකි බව සියලු සංවිධාන කියා සිටියද DOE සහ INR ආයතන කියා සිටියේ ඒවා එවැනි දෙයකට තරම් සුදුසු ‍නොවන බවය. එක්සත් ජාතීන් අමතා කොලින් කථා කිරීමට පළමුව DOE ආයතන එම කථාව වෙනස් කිරිමට උත්සාහ ගත් නමුත් රජය විසින් එය වලක්වන ලදි. ඇත්තෙන්ම සිදු වූයේ කොලින් පවල් විසින් (එළැඹෙන යුද්ධයට ටික කලකට පෙර) එක්සත් ජාතීන් අමතා කළ ඔහුගේ කථාවේදි මෙම ඇලුමිනියම් බට ගැන සඳහන් කළේය. එහෙත් විද්‍යාව සහ ජාත්‍යන්තර ආරක්ෂාව පිළිබඳ ආයතන මගින් නිකුත් කළ වාර්තාවක එම බට යුරේනියම් බල ගැන්වීමට ප්‍රමාණවත් නොවන බව ප්‍රකාශ විය. ඉරාක ආයුධ ගැන තමන් එක්සත් ජාතීන්ගේ සංවිධානයට පවසන ලද කරුණු වැරදි බවත් තමන්ට බුද්ධි සේවා මගින් ලැබී ඇත්තේ නොමග යවන තොරතුරු බවත් පසුව පවල් විසින් පිළිගන්නා ලදී.

2002 සැප්තැම්බර් සහ 2003 ජුනි අතර කාලය තුළ නියෝජ්‍ය ආරක්ෂක ලේකම් පොල් වොල්ෆොවිට්ස් ඒකකයත් නිර්මාණය කළේය. එහි නම ඔෆීස් ඔෆ් ස්පෙෂල් ජලෑන්ස් (OSP) වූ අතර ප්‍රධානියා වූයේ ඩග්ලස් ෆෙයිත් ය. මෙම ඒකකයේ අරමුණ වූයේ බුෂ්ගේ පාලනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් සමග ඉරාකයට සම්බන්ධ බුද්ධි සේවා නිලධාරින් සැපයීමයි. මොවුන් ඒ සඳහා යෙදවිය යුතු වූයේ CIA සංවිධානය වෙනත් බුද්ධි සේවා මග හරිමිනි. එක් පැරනි CIA නිලධාරියෙකු මෙය එක්සත් ජනපදයේ ආරක්ෂාවට අනතුරු දායක බවත් ලෝක සාමයට තර්ජනයක් බවත් සදාම් හුසේන් ඉවත් කිරීමේ න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීමට බුද්ධි සේවා ශූර ලෙස තව දුරටත් යොද‍ා ගන්නා බවත් ප්‍රකාශ කළේය. ඔහු තවදුරටත් ඒ ගැන කීවේ එම සංවිධානය බුද්ධි සේවා වලින් ලැබෙන තොරතුරු ටිකෙන් ටික ලබා ගන්නේ තම මතය තහවුරු කිරීමට බවත් ප්‍රතිවිරුද්ධ කරුණු බැහැර කරන බවත්ය. මෙහි ප්‍රතිඵලය ලෙස 2008 වර්ෂයේදී මහජන ඒකාබද්ධතාවය සඳහා වූ කිසිදු පක්ෂයකට සම්බන්ධ නොවු මධ්‍යස්ථානය, ජෝර්ජ් බුෂ් කර ලද සහ ඔහුගේ උසස් නිලධාරින් හය දෙනෙකු විසින් කරන ලද ප්‍රකාශ 935 ක් ගැන සඳහන් කළේය. මේවා 9/11 සිද්ධියෙන් පසු ඉතා ප්‍රවේශමෙන් තොරතුරු රැස් කර ඉරාකය ආක්‍රමණය කිරීම සඳහා මහා පරිමාණ වශයෙන් සහයෝගය ලබා ගැනීම අපේක්ෂාවෙන් කරන ලදී.

එක්සත් ජාතීන් - ආයුධ පරීක්ෂණය අරඹයි[සංස්කරණය]

ඉරාකයේ තිබේ යැයි කියන සමූල ඝාතණ අවි නිෂ්පාදනය සම්පූර්ණයෙන් නවතා දැමීමද එක්සත් ජාතීන්ගේ අවි පරීක්ෂක වරුන්ට බාධාවකින් තොරව ඉරාකයට ඇතුලු වී එවැනි අවි ආයුධ නිෂ්පාදන පහසුකම් තිබේ දැයි සොයා බැලීමට ඉරාකය ඉඩ දීමද යන කරුණු ඉටු වීම ජනාධිපති බුෂ් ඉතා තදින් අපේක්ෂා කළේය. ඉරාකය නිරායුධ කිරීමේ මෙම ප්‍රශ්නය 2002 – 2003 කාලයේ විශාල අර්බුදයක මාතෘකාවක් වී තිබුනි. මීට ඉහතදි ගල්ෆ් යුද්ධයෙන් පසු එවැනි ආයුධ නිපදවීම සංවර්ධනය කිරීම හා ළඟ තබා ගැනීම එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් තහනම් කර තිබුනි.

2002 වර්ෂයේ ජනාධිපති බුෂ් දිගින් දිගටම යුදමය තර්ජන විදහා දක්වමින් බාධා විරහිත පරික්ෂාවන් සහ නිරායුධකරණය ගැන ඉල්ලීම් කළේය. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සලයේ යෝජනාවට අනුව 2002 වර්ෂයේ අවසාන භාගයේදි ඉරාකය අකමැත්තෙන් නමුත් අලුත් පරීක්ෂණ සඳහා එකඟ විය. මේවායින් ලැබුනේ මිශ්‍ර ප්‍රථිඵලයි. සමූහ ඝාතණ අවි සොයා ගැනීමට නොහැකි විය.

සමූහ ඝාතණ අවි

ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයේ මුල් පියවර තුල ජෝර්ජ් ටෙනෙට් යටතේ වූ CIA සංවිධානය, ඇෆ්ගනිස්ථාන් යුද්ධයේදි කැපි පෙනුනේය. එසේ වුවද ඇෆ්ගනිස්ථානය සහ අල්ඛයිඩාව අතර සම්බන්ධයක් නොමැති බව ජෝර්ජ් ටෙනෙට් විසින් ජනාධිපති බුෂ්ට අවධාරණය කොට කියා සිටි අවස්ථාවේ උප ජනාධිපති ඩික් චෙනි සහ ආරක්ෂක ලේකම් ඩොනල්ඩ්ස් රම්ස්ෆෙල්ඩ් දෙදෙනා CIA සංවිධානය සහ ජෝර්ජ් ටෙනෙට් සීමා කර තැබීමටද, ලැබුනු තොරතුරු නැවත පරීක්ෂා කිරීමටද රහස් වැඩ පිළිවෙලක් ආරම්භ කළහ. මෙම රහස් වැඩ පිළිවෙල මගින් ලබා ගත් ප්‍රශ්න කළ හැකි බුද්ධි තොරතුරු චෙනීට දැන ගැනීමට (Stove piped) සැළැස්වූ අතර මහජනයා වෙතද ඉදිරි පත් කරන ලදි. ඇතැම් අවස්ථාවේදි චෙනී ගේ කාර්යාලයේද මෙම තොරතුරු පත්‍ර වාර්තාකරුවන් වෙතද කාන්දු විය. ඔව්හු ඒවා නිව් යෝර්ක් ටයිම්ස් වැනි පුවත් පත් මඟින් ප්‍රකාශ කළහ. ඉන් පසු චෙනි ඉරිදා ‍දේශපාලන රූපවාහිනි වැඩ සටහනට සම්බන්ධ වූ අතර එහිදි මෙම බුද්ධි තොරතුරු සාකච්ඡාවට භාජනය කළේය. මෙහිදි නිව් යෝර්ක් ටයිම්ස් පුවත් පත ගැන සඳහන් කරනු ලබන්නේ විශ්වාසය ඇති කිරීමේ පියවරක් ලෙසිනි. තානාපති ජෝශප් සී විල්සන්

2002 පෙබරවාරි මස අවසාන භාගයේ CIA සංවිධානය විසින් කලින් තානාපති නිලධාරියෙකු වූ ජෝශප් විල්සන් නයිජීරියාවට පිටත් කර හැරියේ, ඉරාකය නයිජීරියාවෙන් “යෙලෝ කේක් යුරේනියම්” මිළදි ගැනීමටද කරන ලද (සැක සහිත) උත්සාහයක් ගැන කරුණු සෙවීම පිණිසයි. විල්සන් පෙරලා පැමිණ CIA සංවිධානයට දන්වා සිටියේ එම “යෙලෝ කේක” ඉරාකයට විකිණීම පිළිබඳ කථාව ඉතා පැහැදිලි ලෙසම වැරදි බවයි. 2003 ජනවාරි මාසයේදි ඉරාකය යුරේනියම් ලබා ගැනීමට බලාපොරොත්තු වෙමින් සිටි බව හා යෙලෝ කේක් ලබා ගැනීමට දැරූ උත්ස‍ාහය ගැන බුෂ් දිගින් දිගටම චෝදනා කළේ ඉරාකය සමග යුධ ක්‍රියා මාර්ගයකට අවතීර්ණ වීමට එම කරුණු හේතුවක් කර ගැනීමේ අභිලාෂයෙනි. මෙයට ප්‍රතිචාර වශයෙන් විල්සන් නිව් යෝර්ක් ටයිම්ස් පුවත් පතට විචාරයක් ලියමින් (2003 ජුනි) ඔහු යෙලෝ කේක් සිද්ධිය සම්බන්ධව පෞද්ගලිකව සොයා බැලූ බවත් එය වංචාවක් බවත් කියා සිටියේය. විල්සන්ගේ වාර්තාවෙන් හෙලිවූ කරුණු විශ්ලේෂකයින්ට පැහැදිලි නොවීය. එහෙත් ඉරාක නියෝජිත නයිජීරියාවට පැමිනි බවත් එසේ පැමිණියේ යුරේනියම් ගැන සාකච්ඡා කිරීමට විය හැකි බවත් නයිජීරියානු අගමැති වරයා කියා තිබීම විශ්ලේෂකයින්ගේ උනන්දුවට කාරණයක් විය. විලියන්ගේ ලිපිය පළවීමත් සමග ඔහුගේ බිරිඳගේ CIA රහස් නියෝජිත වැලරි ප්ලේම් අනන්‍යතාවය රොබට් නොවැක් විසින් හෙළි කළේය. CIA නියෝජිතයෙකුගේ අනන්‍යතාවය හෙළි කිරීම බරපතල වරදක් බැවින් නොමැක් ගේ ලිපිය ගැන අධිකරණ දෙපාර්ථමේන්තුව මගින් පරීක්ෂණ පවත්වන ලදී. 2007 මාර්තු මාසයේදි ඩික් චෙනි ගේ කාර්ය මණ්ඩල ප්‍රධානි ලුවිස් ස්කූටර් ලබ්බි, ප්ලෙම් සම්බන්ධ තොරතුරු හෙලි වීමේ පරීක්ෂණයේදි බොරු කීම සම්බන්ධයෙන් වැරදි කරු විය. මෙම තොරතුරු කාන්දු වීම සම්බන්ධයෙන් නියෝජ්‍ය රාජ්‍ය ලේකම් රිචඩ් ආමීටේජ් වගකිව යුතු නමුත් එම අපරාධ සම්බන්ධයෙන් කිසිදු දිනෙක ඔහුට විරුද්ධව චෝදනා ඉදිරිපත් වූයේ නැත.

ආක්‍රමණ විරෝධය[සංස්කරණය]

2003 ජනවාරි 20 වෙනි දින ප්‍රංශ විදේශ අමාත්‍ය ඩොමිනික් ඩි විලෙපින් “යුද්ධමය මැදිහත් වීම් නරකම විසඳුම යයි අප විශ්වාස කරනවා” යයි ප්‍රකාශ කළේය. මේ අතර ලෝකය පුරා සිටින යුධ විරෝධී කණ්ඩායම් මහජන විරෝධතා ව්‍යාපාර සංවිධානය කළහ. ඩොමිනික් රෙයින් නම් ප්‍රංශ විද්‍යාපීඨයට අනුව 2003 ජනවාරි 03 දින සිට අප්‍රේල් 12 දක්වා කාලය තුල ලෝක ජනතාවගෙන් මිලියන 36 ක් ඉරාක යුද්ධයට එරෙහිව 3000 ක් තරම් වූ විරෝධතා ව්‍යාපාර වලට එක් වී ඇත. 2003 පෙබරවාරි 15 පවත්වන ලද විරෝධතා පෙළපාලිය විශාලතම සහ ඵලදායී එකක් විය.

2003 පෙබරවාරියේදී එක්සත් ජනපද යුද හමුදාවේ ඉහළ හමුදා නිලධාරියෙකු වූ එරික් ෂිනෙස්කි සෙනෙට් යුද සේවා කොමිටියට කීවේ ඉරාකය සුරක්ෂිත කිරීමට සෙබලු ලක්ෂ ගණනක් අවශ්‍ය විය හැකි බවයි. දින දෙකකට පසු ආරක්ෂක ලේකම් ඩොනල්ඩ්ස් රම්ස්ෆෙල්ඩ්, පශ්චාත් යුද හමුදා වගකීම් යුද්ධය දීනීමට අවශ්‍ය හමුදා සංඛ්‍යාවට වඩා අඩු විය හැකි බවත් එක්සත් ජනපද හමුදා ලක්ෂ කීපයක් අවශ්‍ය වේ යයි යන අදහස ඉලක්කයෙන් ඈත බවත් කීවේය. නියෝජ්‍ය ආරක්ෂක ලේකම් පෝල් වුල්ෆොවිට්ස්, ෂිනෙස්කිගේ ඇස්තමේන්තුව ඉලක්කයෙන් ඈත බව කීවේය. මක්නිසාද කියතොත් අනෙකුත් රටවල හමුදාවන්ටද එක් විය හැකි හෙයිනි.

2003 මාර්තු මාසදි හෑන්ස් බ්ලික්ස්, පරීක්ෂණ සම්බන්ධයෙන් ගෙන යන ක්‍රියා මාර්ග තව දුරටත් ගෙන යනු ඇතැයිද, මේ තාක් දුරට ඉරාකය තුල තහනම් ක්‍රියාකාරකම් තිබෙන බව සොයා ගෙන නැතැයි යනුවෙන්ද වාර්තා කළේය. එහෙත් රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියා මාර්ග ඵල රහිත වූ බවත්, ඉරාකය තුළ මහා පරිමාන විනාශ කාරී ආයුධ තිබෙන්නේය යන චෝදනාවෙන් ඉරාකය නිදහස් කිරීමට මිත්‍ර රටවල්වලද සහයෝගය ඇතිව තව දුරටත් කටයුතු කෙරෙන බවත් එක්සත් ජනපදය ප්‍රකාශ කළේය. එක්සත් ජනපද රජය එක්සත් ජාතීන්ගේ අවි පරීක්ෂකවරුන්ට බෑග්ඩෑග් නගරයෙන් ඉවත් වන ලෙස හදිසියේම උපදෙස් දුන්නේය.

දුර්වල සතුරන්ට එරෙහිව (ඉරාකයට) කළ හමුදා මෙහෙයුම පිළිබඳ බුෂ්ගේ ප්‍රතිපත්තිය සහ ඉරාකයට එරෙහිව කරන ලද යුද්ධය වටා බරපතල නීතිමය ප්‍රශ්න තිබුනේය. 2004 සැප්තැම්බර් මස 16 වැනි දින එක්සත් ජාතීන්ගේ මහ ලේකම් කොෆි අන්නන් “මම පෙන්වා දී තිබෙනවා එය එක්සත් ජාතීන්ගේ ප්‍රකාශනය සමග නොගැලපෙනවා සේම අපට පෙනෙන ආකාරයට සහ ප්‍රකාශනයේ හැටියටත් එය නීති වීරෝධියි” යනුවෙන් ප්‍රකාශ කළේය.

2003 ආක්‍රමණය[සංස්කරණය]

2003 මාර්තු 20 වැනි දින බෑග්ඩෑග් වේලාවෙන් උදෑසන 5.34 ට (අ.භා - 9.34 - මාර්තු 19 Est) ඉරාකය ආක්‍රමණය ආරම්භ විය. ජෙනරාල් ටොමි ෆ්රැන්ක්ස් ගේ නායකත්වයෙන් ඇරඹුනු 2003 ඉරාක ආක්‍රමණය එක්සත් ජනපදයේ “ඔපරේෂන් ඉරාකි ෆ්‍රීඩම්” යන සංකේත නාමයෙන් ද බ්‍රිතාන්‍යයේ “ඔපරේෂන් ටෙලික්” සහ ඕස්ට්‍රේලියාවේ “ඔපරේෂන් ෆැල්කන්” යන සංකේත නාම වලින්ද හඳුන්වනු ලැබීය. මිත්‍ර හමුදාවෝ කුර්දි පෙෂ්මෙර්ගා හමුදාවන් සමගද උතුරේදී එක් වූහ. දළ වශයෙන් හතලිහක් වූ අනෙකුත් ජාතීන්ද උපකරණ සැපයීමෙන්, සේවා, ආරක්ෂාව, සහ විශේෂ හමුදා සපයමින් සහයෝගය දැක් වූහ. මෙම මුල් ඒකාබද්ධ හමුදාව 300,000 ක් පමණ වූ අතර එයින් 98% ක් එක්සත් ජනපද සහ එක්සත් රාජධානි හමුදා විය.

ගොනුව:Iraaq-War-Map.png
2007 වන විට ඉරාක යුද්ධයේ ප්‍රධාන මෙහෙයුම් සහ සටන් දක්වන සිතියම


ආක්‍රමණයට අරමුණු අටක් ඇතුලත් විය. සෑම එකක්ම ජනාධිපති බුෂ්ගේ ජාතික ආරක්ෂක වැඩ පිළිවෙල තුල සැලසුම් කරන ලද ප්‍රධාන කාරණා අනුගමනය කිරීම පිණිස විය. මෙම අරමුණු නම් සදාම් හුසේන් පාලනය අවසන් කිරීම, ඉරාකයේ තිබෙන මහා පරිමාණ විනාශකාරී ආයුධ සෙවීම, විනාශ කිරීම, ත්‍රස්තවාදින් සෙවීම, අල්ලා ගැනීම සහ ත්‍රස්තවාදය තුරන් කිරීම, ත්‍රස්තවාදි ජාලයට අදාල බුද්ධි තොරතුරු ලබා ගැනීම, මහා පරිමාණ විනාශකාරී නීති වීරෝධි අවි ජාලයට අදාළ තොරතුරු එක්රැස් කිරීම, අවශ්‍යතාවන්ගෙන් පෙලෙන අයට මානූෂීය ආධාර බෙදා හැරීම සහ දඬුවම් පැමිණ වීම අවසාන කිරීම, ඉරාකයේ තෙල් නිධි සහ වෙනත් සම්පත් ආරක්ෂා කිරීම, නියෝජිතයන් මගින් පාලනය කරන රජයක් කරා යාමට ඉරාක ජනතාවට උපකාර කිරීම යනාදියයි. ඉරාක නිදහස් මෙහෙයුම නම් වූ එය උතුරු වියට්නාමයෙන් පසු ඇති වූ විශාලම විශේෂ මෙහෙයුම් බලවේගයක් විය. “අග්ලි බේබි” (කැත බබා) යන සංකේත නමින් හැඳින් වුනු මෙය වියට්නාම් යුද්ධයෙන් මෙපිට ඇති වූ විශාලම ගොඩබිම් යුද්ධයයි. මුහුණ පෑමට සිදු වූ බාධාවන් අල්ප වූ එය තීරණාත්මක මෙන්ම ඉක්මන් යුද්ධයක් විය. ඉරාක හමුදාව සම්පූර්ණයෙන් යටත් කරනු ලැබින. ෆෙඩයින් සදාම් නම් ප්‍රභූවරයා පමණක් විශාල අභියෝගයක් එල්ල කළ නමුත් එයද ජනතාව අතරම තුනි වී ගියේය. අප්‍රේල් 9 දින සදාම් හුසේන්ගේ වසර 24 ක පාලනය අවසන් කරමින් බෑග්ඩෑඩය යටත් විය. එක්සත් ජනපද හමුදාව විසින් අතහැර දමන ලද බාත් පක්ෂ අමාත්‍ය කාර්යාලය අල්ලා ගෙන මෙම සිද්ධියේ සංකේතය වූ සදාම්ගේ විශාල ලෝහ පිලිරුවක්ද, ඡයාරූප, වීඩියෝ ආදිය බිම ඇද දැමූහ. බෑග්ඩෑඩයේ හදිසි ඇද වැටීමත් සමග ජන ජීවිතය විශාල කඩා වැටීමකට ලක් විය. රජයේ ගොඩනැගිලි කොල්ල කෑමට ලක් විය. අපරාධ බෙහෙවින් ඉහළ ගියේය. මෙම සිද්ධින් ඩොනල්ඩ් රමස්ෆෙල්ඩ්ගේ ක්ෂණික අවධානයට ලක් විය. ට්‍රිපොලි කාර්ය සාධක නාවික හමුදාව මුහුණ පාන්නට සිදු සුලු බාධාවලින් පසු සදාම් හුසේන් උපන් නගරය වූ ටික්රිට් යටත් කර ගැනීමෙන් පසු අප්‍රේල් 15 දින ඒකාබද්ධ ආක්‍රමණය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වූ බව ප්‍රකාශ කරන ලදී.

(මෙම ආක්‍රමණය පැවති කාලයේ (මාර්තු 20 - අප්‍රේල් 30) ඉරාක සටන් කරුවන් 9200 ක් සහ සිවිල් වැසියන් 7299 ක් ප්‍රධාන වශයෙන් එක්සත් ජනපද ගුවන් හමුදාවේ සහ ගොඩබිම් හමුදා එල්ල කළ ප්‍රහාර වලින් මරු මුවට පත් වූහ. මෙම සටනින් එක්සත් ජනපද හමුදාවේ 139 ක් සහ එක්සත් රාජධානියේ 33 ක් හමුදා නිලධාරින් ඝාතණය වූ බව ඒකාබද්ධ හමුදාව වාර්තා කළේය.

2004 ත්‍රස්තවාදය ව්‍යාප්ත වීම[සංස්කරණය]

2004 වර්ෂයේ ආරම්භය සංසන්ධනාත්මකව බැලු විට ප්‍රචණ්ඩත්වයේ අඩුවක් පෙන්නුම් කළේය. බහු ජාතික හමුදාවන්ගේ උපක්‍රම අධ්‍යයනය කරමින් අලුත් සටනක් සඳහා සැළසුම් සකස් කරමින් එම කාලය තුළ ත්‍රස්තවාදී කණ්ඩායම් නැවත සංවිධානය වූහ. කෙසේ වෙතත් 2004 වර්ෂයේ ඉරාක (Spring) සටන් සමයේ අඩු මුසාබ් අල් සර්කාවි විසින් මෙහෙයවන ලද මැද පෙර දිග කලාපයේ විදේශ හමුදා සහ ඉරාකයේ අල් ඛයිඩාවරුන් සමග ප්‍රචණ්ඩ ක්‍රියා වැඩි වූයේ ත්‍රස්තවාදය පලවා හැරීමට උදව් කරමිනි.


කැරළි ප්‍රචණ්ඩ ක්‍රියා වැඩි වෙද්දී ඉලක්කයන් වෙනස්විය. එනම් ඒකාබද්ධ හමුදා වෙතින් නව ඉරාක ආරක්ෂක හමුදා වෙත මාරු වීමයි.එහි ප්‍රථිපලයක් වශයෙන් ඉරාක සිවිල් වැසියන් හා පොලිස් නිලධාරින් සිය ගණනක් එක දිගට එල්ල කෙරුනු දැවැන්ත බෝම්බ ප්‍රහාරවලින් ඝාතණයට ලක් වූහ. ජාතිකවාදි සහ ඉස්ලාම් අරමුණු මූලික කර ගත් හොඳින් ස්ථාපිත වූ සුන්නි ත්‍රස්තවාදය ඉරාකය පුරාම වඩාත් බලවත් වෙමින් පැවතියේය. ෂියා නිකායික මහ්දි හමුදාව ද ඉරාක ආරක්ෂක හමුදාවන්ගේ පාලනය අල්ලා ගැනීමේ උත්සාහයකදී ඒකාබද්ධ හමුදාවන් ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයන් දියත් කළේය. බහු ජාතික හමුදා ප්‍රති ප්‍රහාරයක් සඳහා සූදානම් වෙද්දී සහ තත්ත්වය පාලනය කිරීමට උත්සාහ ගනිමින් සිටියදී ඉරාකයේ දකුණු හා මධ්‍යම කොටස්, නාගරික ගරිල්ලා සටන් ක්‍රමයකට අවතීර්ණ වීම ආරම්භ කරමින් සිටියහ. 2004 ජුනි 28 දින ඒකාබද්ධ තවකාලික අධිකාරියේ අධ්‍යක්ෂ එල් - පෝල් බ්රූමර් ඉරාක අන්තර්වාර රජයට ස්වාධීනත්වය පවරමින් අත්සන් තැබීම එහිදී සිදුවිය.

යුද්ධයේ මෙතෙක් කාලයක් සිදු වූ දරුණුම සටන 2004 මාර්තු 31 දින ආරම්භ විය. මෙය සිදු වූයේ යුරෙස්ට් සර්විස් නම් ආහාර සපයන සමාගමට ආරක්ෂාව සපයමින් ගමන් කළ ඇමෙරිකානු පෞද්ගලික හමුදා කොන්ත්‍රාත් කරුවන් 4 දෙනෙකුද සහිත රථ පේළියකට ඉරාක ත්‍රස්තවාදීන් සැඟවී ප්‍රහාර එල්ල කිරීමත් සමගයි. ග්‍රෙනේඩ් ප්‍රහාර වලින් සහ කුඩා ගිණි අවි වලින් කරන ලද වෙඩි තැබීම් වලින් හමුදා කොන්ත්‍රාත්කරුවන් හතර දෙනා වූ ස්කොට් හෙල්වෙන්ස්ටන්,ජර්කෝ සොව්කෝ,වෙස්ලි බටලෝනා සහ මයිකල් තේග් (Teague) මරුමුවට පත් වූහ. අනතුරුව වාහනවලින් ඔවුන්ගේ සිරුරු එලියට ඇද පහර දී ගිණි තබනු ලැබීය. පසුව ගිණි තැබුනු එම එම සිරුරු යුප්‍රටීස් ගඟ හරහා දිවෙන පාලමක එල්ලා දැමුනි. මෙම සිද්ධියේ ඡායාරූප ලෝකය පුරා ප්‍රවෘත්ති ඒජන්සි වෙත නිකුත් විය. මෙයින් ඇමෙරිකානු ජනතාවගේ කේන්තිය ඇවිස්සුනේය.

2004 නොවැම්බරයේදී නැවතත් සටන් ඇරඹුනි.මෙය යුද්ධයේ අති බිහිසුනුම අවස්ථාව විය.මෙය හැඳින්වූයේ (second Battle of Fallujah) දෙවැනි ෆලූජා යුද්ධය නමිනි. එක්සත් ජනපද හමුදාව ඒ ගැන විස්තර කරන්නේ මෙසේය. “වියට්නාම් හියුනගරයේ යුද්ධයෙන් මෙපිට අපට මුහුණ පාන්නට සිදු වූ දැවැන්ත නාගරික (ගරිල්ලා) සටනයි.” සටනට පළමු ලැබුණු බුද්ධි තොරතුරු වලින් කියවුනේ “ඒකාබද්ධ හමුදාවට චෙච්නියන්, පිලිපීන, සවුදි, ඉරාන, ඉතාලි සහ සිරියන් සටන් කාමීන්ට මෙන්ම ස්වදේශීය ඉරාක ජාතිකයින්ටද මුහුණ දීමට සිදු වේ” යන්නයි. මෙම පහර දීමේ කාලය අතර තුර ඇමෙරිකානු හමුදා ත්‍රස්තවාදී නායකයින්ට එරෙහිව ගින්නෙන් විනාශ කිරීමේ ආයුධයක් ලෙස සුදු පොස්පරස් පාවිච්චි කළේ මත භේදයකට පොළඹවමිනි. දින 46 ක් ගත වූ යුද්ධය නිමා වූයේ ඒකාබද්ධ හමුදාවන්ට ජයග්‍රහණය ලැබීමෙනි. මෙහිදී ඇමෙරිකානුවන් 95 ක් මිය ගිය අතර ත්‍රස්තවාදීන් 1350 දෙනෙකු ඝාතණය වූහ. සිවිල් ජනතාවට වූ හානි අඩු වූයේ සටන් ඇරඹීමට ප්‍රථම ඔවුන් බොහෝදෙනෙකු ප්‍රදේශය අතහැර යාම හේතුවෙනි.

මෙම කාලය තුළ සිදු වූ තවත් ප්‍රසිද්ධ සිදුවීමක් නම් අබු ගරීබ් බන්ධනාගාරය තුළ සිටි සිරකරුවන් අපචාරයට ලක් කිරීම පිළිබඳව 2004 වසරේ අප්‍රෙල් මස තුළදී මාධ්‍ය මගින් හෙළිදරව් කිරීමය. ඇමෙරිකානු හමුදා භටයින් විසින් ඉරාක සිරකරුවන්ට කරන ලද ගර්හා කිරීම්, අපචාරයට ලක් කිරීම් සම්බන්ධ පළවූ ප්‍රවෘත්ති මහජනතාවගේ අවධානයට යොමු වූයේ 60 මිනිට්ස් ii නම් (අප්‍රෙල්28) ප්‍රවෘත්ති වාර්තාවෙන් සහ අප්‍රෙල් 30 දිනැති “නිව් යොර්ක්” හි පළවු සෙයිමෝර් එම් හෙර්ෂ් ගේ (Online) වාර්තා වලිනි. යුද්ධය ගැන අධ්‍යයනය කළ ලේඛකයෙකු වූ තෝමස් රික්ස් මෙම හෙළි කිරීම් මගින් සදාචාරය සාධාරණත්වය යන කාරණා බරපතල ලෙස උල්ලංඝණය කර ඇති බව ප්‍රකාශ විය.


නිකායික වශයෙන් ප්‍රචණ්ඩ ක්‍රියා වැඩි වීම[සංස්කරණය]

ඉරාකයේ සිටි නාවික හමුදා අණ දෙන නිලධාරියා අසාමාන්‍ය රහස් වාර්තාවක් ඉදිරිපත් කරමින් අන්බර් පළාත ආරක්ෂා කර ගැනීම සඳහා වන ඉදිරි බලාපොරොත්තු අපැහැදිළි බවත්, එම ප්‍රදේශය දේශපාලනික හා සමාජමය වශයෙන් වැඩි දියුණු කිරීම සඳහා එක්සත් ජනපද හමුදාවට කිසිවක්ම කළ නොහැකි යයි ප්‍රකාශ කළ බවත් වොෂින්ටන‍් පෝස්ට් පුවත්පත 2006 සැප්තැම්බර් මාසයේදී වාර්තා කළේය.

අමෙරිකානු ‘විදේශ ප්‍රතිපත්ති’ නම් සඟරාව සහ ෆන්ඩ් ෆෝර් පීස් නම් බුද්ධි මණ්ඩලය විසින් සකස් කරන ලද 2006 වසරේ අසමත් රාජ්‍ය පිලිබඳ දර්ශකයේ 4 වැනි ස්ථානය ගත්තේ ඉරාකයයි. සුඩානය පළමුවැන්නයි.

ඔක්තෝබර් 20 පමණ වන විට එක්සත් ජනපද හමුදාවේ (Operation together Forward) ‘එක්ව ක්‍රියාන්විතය ඉදිරියට’ නමැති වැඩ සටහන බැග්ඩෑඩයේ නැගී එන ප්‍රචණ්ඩ ක්‍රියා නැවැත්වීමට අසමත් වූ බව නිවේදනය කළේය. අල් සදර් යටතේ ෂයිට් සටන් කාමීහු දකුණු ඉරාකයේ නගර කීපයක් අල්ලා ගත්හ.

එක්සත් ජනපද කොංග්‍රස් චන්ද විමසීම සහ ප්‍රචණ්ඩ ක්‍රියා පැතිරීම[සංස්කරණය]

2006 නොවැම්බර් 7 වන දින එක්සත් ජනපද මධ්‍යවාර මැතිවරණ විසින් එක්සත් ජනපද කොංග්‍රසයේ කාර්යාල දෙකේම පාලනයෙන් රිපබ්ලිකන් පක්ෂය ඉවත් කරන ලදි. රිපබ්ලිකන් පක්ෂයේ පරාජයට හේතු වූ ප්‍රධාන කාරණා වලින් එකක් ලෙස ඉරාක යුද්ධයේදී වූ දුර්වලකම් පෙන්වා දෙනු ලැබ තිබුනි. නොවැම්බර් 23 වැනි දින ඉරාක යුද්ධය ආරම්භ කළ දිනෙන් පසු ඇති වූ මාරාන්තික පහර දීම සිදු විය. මෙම ප්‍රහාරයට සැක කරනු ලැබුවෝ සුන්නි - අරාබි සටන්කාමීහු වූහ. ඔව්හු මරාගෙන මැරෙන බෝම්බකරුවන් සහිත මෝටර් රථ කිහිපයක් පුපුරුවා හරිමින් සහ මෝටාර් ප්‍රහාර දෙකක් එල්ල කරමින් අගනුවර ෂයිට් සදර් නගරයේ මුඩුක්කු වලට ප්‍රහාර එල්ල කළහ. මෙයින් අඩු ගණනේ 215 දෙනෙකු මිය ගිය අතර 257 දෙනෙක් තුවාල ලැබූහ. ‍මෙයට වහාම ප්‍රතිචාර දැක්වූ ෂයිට් මුස්ලිම් කල්ලිය ෂෙල් වෙඩි 10 කින් ප්‍රහාර එල්ල කරමින් බැග්ඩෑඩයේ සුන්නිවරුන්ගේ අති පූජනීය පල්ලියක් වූ අබු හනිෆා පල්ලියට බරපතල හානි සිදු කළහ. මෙම සිද්ධියෙන් එක් අයෙකු මරුමුවට පත් විය. ඉරාකයේ ඉහල පෙලේ සුන්නි මුස්ලිම් සංවිධානයක් වූ “ඇසෝසියේෂන් ඔෆ් මුස්ලිම් ස්කොලර්ස්” නම් සංවිධානයේ කාර්යාල අසලට එල්ල වූ තවත් ප්‍රහාර 8 කින් අහල පහළ නිවාස ගිණි බත් විය. බටහිර බැග්ඩෑඩයේ සුන්නි ජනාවාසවලට එල්ල කළ තවත් මෝටාර් ප්‍රහාර දෙකකින් නම දෙනෙකු මියගොන් 21 දෙනෙකු තුවාල ලැබූ බව පොලිසිය ප්‍රකාශ කළේය.

එක්සත් ජනපද සහ ඉරාක හමුදා බලයට යුධමය වශයෙන් අල් අන්බර් පළාතේ ත්‍රස්තවාදය සම්බන්ධයෙන් තව දුරටත් යමක් කිරීමට ශක්තියක් නොමැති බවත්, ගම් මට්ටමේ සිට ප්‍රාදේශීය මට්ටම දක්වා රජයේ ආයතන සියල්ලක්ම පාහේ ඉරාකයේ අල් ඛයිඩාව විසින් කොටස් වලට බෙදා, දූෂිත තත්වයට පත් කර හෝ සංවිධානයේ අදහස් වලට නම්මවා ගෙන ඇති බවත් සඳහන් කර තිබුණු වාර්තා ස්ථිර කරමින් නොවැම්බර් 28 දින නාවික හමුදා බුද්ධි අංශයේ වාර්තාවක් නැවතත් නිකුත් කරන ලදී.

ඉරාක අධ්‍යයන කණ්ඩායම් වාර්තාව සහ සදාම් ඝාතණය[සංස්කරණය]

ඉරාකය පිළිබඳ අධ්‍යයන කණ්ඩායමේ වාර්තාව 2006 දෙසැම්බර් 06 වැනි දින නිකුත් වුනේය. කලින් රාජ්‍ය ලේකම්ව සිටි ජේම්ස් බේකර් සහ කලින් ඩිමොක්‍රටික් කොංග්‍රස් පාක්ෂික ලී හැමිල්ටන් විසින් මෙහෙයවන ලද පාර්ශව දෙකකින් යුතු ඉරාකය පිළිබඳ එම අධ්‍යයන කණ්ඩායම තීරණය කළේ “ඉරාකයේ තත්වය බැරෑරුම්ය, දිනෙන් දින නරක අතට හැරෙමින් තිබේ, එසේම එක්සත් ජනපද හමුදාව අවිනිශ්චිත තත්වයකක සිර වී සිටියි.” යනුවෙන් සඳහන් කරමිනි. එකී වාර්තාවේ සඳහන් උපදේශ 79 ට, ඉරානය සහ සිරියාව සමග රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වැඩි කර ගත යුතු බව සහ ඉරාක හමුදා පුහුණු කිරීමට ගන්නා උත්සාහයන් වැඩි කළ යුතු බවද ඇතුළත් විය. දෙසැම්බර් 18 වැනි දින පෙන්ටගන් වාර්තාවක් මගින් පල කළ කරුණු අනුව අමෙරිකානුවන්ට සහ ඉරාක ජාතිකයින්ට කෙරුනු පහර දීම් වල සාමාන්‍යය සතියකට 960 ක් පමණ වූ බව හෙළි විය. ඒකාබද්ධ හමුදාව විසින් එක් පළාතක පාලනය ඉරාක රජයට විධිමත්ව පවරා දෙන ලදි. එය යුද්ධය ඇරඹුනු පසු කෙරුනු පළමු කාර්යයයි. හමුදා අධිකරණය මගින්, ඉරාක සිවිල් වැසියන් 24 දෙනෙකුගේ මරණ සම්බන්ධයෙන් නාවික හමුදා නිලධාරීන් 8 දෙනෙකුට එරෙහිව චෝදනා ඉදිරිපත් කරන ලදි. 2005 නෙවැම්බරයේ ‘හදිතා’ හි සිදු වූ මෙම සිද්ධියේදී මියගිය අය අතුරෙන් දහ දෙනෙකු ළමයින් සහ කාන්තාවන් වූහ. නිලධාරීන් හතර දෙනෙකුටද මෙම සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ඉදිරිපත් කෙරුනේ ඔවුන් රාජකාරි පැහැර හැරීමේ හේතුවෙනි.

අවුරුද්දක කාලයක් ගත වූ නඩු විමසීමෙන් අනතුරුව අධිකරණය සදාම් හුසේන් වැරදි කරු බවට තීරණය කළ බැවින් 2006 දෙසැම්බර් 30 වැනි දින ඔහු එල්ලා මරණ ලදී.

2007 ජනවාරි 10 වෙනි දින අමෙරිකානු ජනතාව රූපවාහිනි‍ය මගින් ඇමතූ ජනාධිපති බුෂ් තවත් 21500 ක හමුදාවක් ඉරාකයට යැවීමටද, ඉරාක ජාතිකයින් සඳහා රැකියා ව්‍යාපෘතියක්ද, තවත් ප්‍රතිසංස්කරණ යෝජනාවන්ද ඉදිරිපත් කර සිටියේය. මෙම සැලසුම මේ අවස්ථාවේදී ක්‍රියාත්මක කරන්නේ මන්දැයි බුෂ් ගෙන් විමසූ විට ඔහු කීවේ “එය කළ යුතු නිසා” යනුවෙනි. 2007 ජනවාරි 23 ජනාධිපති බුෂ් 20000 කට අධික අතිරේක භට හමුදාවක් සහ නාවිකයින් පිරිසක් ඉරාකයට යොදවන බව නිවේදනය කළේය. 2007 පෙබරවාරි 10 දින එක්සත් ජනපද සියලු හමුදා අධීක්ෂණ තනතුර දැරූ ඩේවිඩ් පෙට්රාවුස් ඉරාකයේ බහු ජාතික හමුදාවේ අණ දෙන නිලධාරියා ලෙස පත් කරමින් ඉරාකයට යවනු ලැබුවේ එවකට එහි සිටි හමුදා ප්‍රධානි ජෝර්ජ් කේසි ආපසු කැඳවමිනි. පෙට්රාවුස් ඔහුගේ නව තනතුරේ රාජකාරි කරමින් ඉරාකයේ සියලු ඒකාබද්ධ හමුදා අධීක්ෂණය කළේය. ඒ සමගම බුෂ් ගේ පාලනයෙන් නියම කරන ලද පරිදි එකී හමුදා මෙහෙයවූයේය. 2007 වර්ෂයේදීද ත්‍රස්තවාදීන්ගේ ක්ලෝරින් බෝම්බ ප්‍රහාරයන්වල තියුණු වැඩිවීමක් දක්නට ලැබුනි.

කෙසේ වුවද විශාල හානි හමුවේ වුවද හමුදාවේ මට්ටම ඉහළ තත්වයක පවත්වාගෙන යාමට හමුදාව තුල වෙනස්කම් දෙකක් කිරීම අවශ්‍ය විය. හමුදා මෙහෙයුම් වැඩි වශයෙන් සිදු වූ අතර අපරාධ පිළිබඳ ඉතිහාසයක් ඇති ස්වේච්ඡා භටයින් ඉවත් කිරීම ලිහිල් කෙරුනි. අප්‍රේල් මාසයේදී නිකුත් කරන ලද සංඛ්‍යා ලේඛණ වලින් පෙන්නුම් කරන ලද්දේ තමන්ගේ රාජකාරිය අතහැර යන යුද සෙබලුන්ගේ සංඛ්‍යාව කලින් අවුරුදු වලට වඩා වැඩි වූ බවකි.

බ්‍රිතාන්‍ය හමුදා සේනාංක බස්රා ප්‍රදේශයෙන් ඉවත් කර ගැනීම හේතුවෙන් එක්සත් ජනපද හමුදාවට එල්ල වුනු පීඩනය දැඩි විය. සින්බෑඩ් මෙහෙයුමෙන් පසු ඉරාකයටම ආරක්ෂාව පිළිබඳ කටයුතු භාර දෙමින් බස්රා පෙදෙසින් එක්සත් රාජධානි හමුදා ඉවත් වීම අරඹන බැව් බ්‍රිතාන්‍ය අගමැති ටෝනි බ්ලෙයාර් නිවේදනය කළේය. මෙම නිවේදනය පසුව අගමැති පදවියට පත් වූ ගොර්ඩන් බවුන් විසින් ස්ථිර කරන ලදි. බ්‍රවුන් එවකට ඉතිරිව සිටි එක්සත් රාජධානි හමුදා ආපසු කැඳවිමට සැලසුමක් නැවතත් ඉදිරිපත් කළේය. එයට අනුව 2008 වර්ෂයේ අග භාගය වන විට එකී හමුදාව ආපසු කැඳවීමේ කාර්යය සම්පූර්ණ වන්නේය. ජූලි මාසයේදී ඩෙන්මාර්ක් අගමැති අන්ඩෙර්ස් ෆොග් රස්මුසන්ද, ඩෙන්මාර්ක හමුදාවේ 441 දෙනෙකු (නිරීක්ෂණ හෙලිකොප්ටර් යානා මෙහෙයවන නම දෙනෙකුගෙන් යුක්ත ඛණ්ඩයක් හැර) ආපසු ඉරාකයෙන් කැඳවන බව නිවේදනය කළේය.


ඉරාක සමීක්ෂණ කණ්ඩායමේ හා ප්‍රදේශීය අධිකාරියේ සන්ධානය[සංස්කරණය]

ඉරාකයේ අත්පත් කරගත් කලාප, සැප්තැම්බර්,2003

ආක්‍රමණයෙන් කෙටි කලකට පසුව බහු ජාතික සන්ධානයන් ප්‍රාදේශීය අධිකාරී සන්ධානය නිර්මාණය කළේය. හරිත කලාපය මත පාදක වූ එය ඉරාකයේ අන්තර්වාර රජයක් ලෙස ප්‍රජාතන්ත්‍රවාදී රජයක් ඇති වන තුරු ක්‍රියා කළේය. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්ස‍ලයෙන් ප්‍රතිබිම්භනය 1483 දී (2003.05.22) හා යුධ නීති යටතේ විධායක ව්‍යවස්ථාදායක හා අධිකරණ අධිකාරිය ඉරාක රජයෙන් එහි නිර්මාණයේ සිට එනම් 2003.04.21 සිට එහි විසිරීම එනම් 2004.06.28 දක්වා බැඳී සිටියහ.

CPA ආරම්භයේ දී මෙහෙයවනු ලැබූවේ හිටපු එක්සත් ජනපද යුධ නිළධාරියෙකු වූ ජේ. ගානර් විසින් වුව ද ඔහුගේ පත් වීම 2003.05.11 දින දක්වා පමණක් පැවතිය. ගානර් ඉල්ලා අස් වූ පසු ජනාධිපති බුෂ් CPA හි ප්‍රධානියා ලෙස පෝල් බ්‍රීමර් නම් කළ අතර ඔහු 2004 ජුලි මාසයේ CPA හි විසිරීම දක්වා ක්‍රියා කළේය. 2003 සරත් ඍතුවේ දී නිර්මාණය කළ තවත් කණ්ඩායමක් වන්නේ ඉරාක සමීක්ෂණ කණ්ඩායමයි. (එහි අවසාන වාර්තාව ඩුල්ෆර් වාර්තාව ලෙස හැඳින්වේ) මෙය ඉරාකයේ බහු ජාතික බලකායන් විසින් ඉරාකයට යවන ලද තොරතුරු සෙවීමේ මෙහෙයුමක් විය. 2003 ඉරාක ආක්‍රමණයෙන් පසු ඉරාකයේ පැවති සමූල ඝාතක අවි වැඩ පිළිවෙල පිළිබඳව ඔවුන් විසින් සොයන ලදී. පෙන්ටගනය හා CIA මඟින් සංවිධානය කළ මෙයට සමූල ඝාතක අවි ගබඩා, රසායනික හා ජෛව ආයුධ හෝ වෙනත් ඕනෑම සමූල ඝාතක අවි වර්ධනය කිරීමේ සමීක්ෂණ වැඩි පිලිවෙලවල් හෝ යටිතල පහසුකම් පිළිබඳව සොයා බැලීම සඳහා අන්තර්ජාතික 1400ක සාමාජික කණ්ඩායමක් අයත් විය. මෙහි වාර්තාවට අනුව ඉරාකයට සජීවී සමූල ඝාතක අවි වැඩ පිළිවෙලක් නොමැති බව හෙලි විය.

දේශපාලන සංවර්ධනයන්[සංස්කරණය]

කොන්ග්‍රසයේ 2007 දී පැවති ඉරාකය පිළිබද නිළ සාක්ච්ඡා වටයයි.

ඉරාක පාර්ලිමේන්තුවේ සාමාජිකයන්ගෙන් අඩකටත් වඩා පළමු වරට රටවෙනුවෙන් ඔවුන්ගේ සේවය ඉදිරියට ගෙනයාම ප්‍රතික්ෂේප කළහ. නීති සම්පාදකයන් 144 ක් අත්සන් කළ ව්‍යවස්ථා කෙටුම් පතෙන් ඉරාක රජයට 2007 අවසානයේදී කල්ඉකුත් වන විදේශ හමුදා ඉරාකයේ රැදිසිටීමට අදාල එක්සත් ජාතීන්ගේ විධානය දික්කෙරෙන අවසරයක් පාර්ලිමේන්තුවෙන් ඉල්ලා සිටී. එය තවදුරටත් බටපිරිස් ඉවත් කර ගැනීමට කාල සටහනක් හා විදේශ හමුදා ප්‍රමාණය අවම කිරීමට ඉල්ලා සිටි. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය එක්සත් ජනපදය මගින් මෙහෙය වන ඉරාකයේ රැදී සිටින බටපිරිස් වෙත ඉරාක රජයෙන් ඉල්ලා සිටිය හොත් ඉවත් කිරීමේ විධානයන් සපයනු ඇත. ඉරාක නීතියට අනුව කතා නායකයා නීති සම්පාදකයන් බහුතරයකගේ සම්මතයක් පෙන්විය යුතුය. ඒ අනුව ඔවු‍න්ගේ 59% ක් බටපිරිස් ඉවත් කිරීමේ කාලසටහනකට එක්සත් ජනපදයට සහයෝගය සැපයිමට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළහ.

2007 මැදදී සන්ධානය ඉරාක සුන්නි වරුන් ආරක්ෂක බලකා සම්පාදනයට බදවා ගැනීමේ මත ‍භේදාත්මක වැඩ පිළිවෙල ආරම්භ කළහ. එම ආරක්ෂක බලකායන් අභ්‍යන්තර ආරක්ෂාව සපයා ගත නොහැකි විවිධ සුන්නි අසල් වැසියන් ගලවා ගැනීමට හා සහයෝගය දැක්වීමට අදහස් කරයි.

ඉරාක ප්‍රහාරයට බලකාය යෙදවීම සඳහා අවසරය ලබා ගැනීම[සංස්කරණය]

ගිකොලින් පවෙල් විසින් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය වෙත කළ ඉදිරිපත් කිරීමේ දී ප්‍රදර්ශනය කළ ඇන්ත්‍රැක්ස් ආකෘති වයලය.

2002 ඔක්තෝම්බරයේ දී එක්සත් ජනපදයේ සෙනෙට් මණ්ඩලය ඉරාකයට එරෙහිව එක්සත් ජනපද යුධ හමුදා බලකායන් යෙදවීමට අනුමැතිය ලබා ගැනීමට ඒකාබද්ධ විසඳුමක් සඳහා වූ ඡන්දය පැවැත්වීමට දින කිහිපයකට ප්‍රථම සෙනෙට් සභිකයන් 75ක් පමණ මෙසේ පවසා සිටියේය. එනම් සදාම් හුසේන් විසින් යුඒස් මඟින් බෙදා හරින ලද ජීව හා රසායනික ආයුධ මඟින් එක්සත් ජනපදයේ බටහිර මුහුදු තටාකාංගනයට පහර දීමට අදහස් කර සිටින බවයි. 2003 පෙබරවාරි මාසයේ 05 වැනි දින කොලින් පවෙල්ද (එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ දී ඔහු විසින් ඉරාක ඩබ්ලිව්. එම්. ඩී. වැඩසටහන පිළිබඳ තොරතුරු ඉදිරිපත් කිරීමේ දී) තවදුරටත් සාක්ෂි සපයමින් පැවසුවේ යුඒවී මඟින් එක්සත් ජනපදයට විරුද්ධව ප්‍රහාර දියත් කිරීමට සූදානමින් සිටි බවයි. එම අවස්ථාවේ දී ඉරාක යුඒවී පිළිබඳව රහස් තොරතුරු අනුව රට අභ්‍යන්තරයේ සීඅයිඒ මඟින් ඉදිරිපත් කළ නිගමනයන් නිවැරදි ද නැද්ද යන්න පිළිබඳව ප්‍රබල විවාදයක් ඇති විය. එක්සත් ජනපදයේ ගුවන් හමුදා ඒජන්සිය යූඒවී සමඟ සමීපව කටයුතු කරයි. ඇ. එ. ජනපදයේ බුද්ධිමය හා ගවේෂණ කාර්යාලය සහ ආරක්ෂක බුද්ධිමය ඒජන්සිය ඉරාකය සතුව එවැනි ප්‍රහාරාත්මක යුඒවී හැකියාවක් ඇතැයි යන්න ප්‍රතික්ෂේප කරනු ලැබූ අතර ඔවුන් පවසා සිටියේ ඔවුන් කිහිපදෙනෙකු සෝදිසි කිරීමට බලාපොරොත්තු වූ බවයි. රහස් තොරතුරු කමිටුවේ බහුතරයක්දෙනා ඉරාකය, යූඒවී යොදා ගනු ලැබුවේ මූලික පරීක්ෂණ කටයුතු වෙනුවෙන් පමණක් බව පෙන්වා දුණි. සත්‍ය වශයෙන්ම ඉරාක යුඒවී නාවික හමුදාව ඵලදායී අයුරින් මෙහෙයුම්වල නිරත නොවීය. එමෙන්ම ඔවුනට කැමරා, වීඩියෝ පටිගත කිරීම් සඳහා අවැසි පහසුකම් හෝ අඩුම තරමින් යල් පැන ගිය පියා පරායන සහිත අඩි 24.5 දුර සිට පාලනය කෙරෙන නියමුවා රහිත ගුවන් යානා අතළොස්සක් හෝ අන්තර්ගත ප්‍රහාරාත්මක හැකියාවක් හෝ ඉරාකය සතු නොවීය. මෙම මතභේදය එසේ තිබියදීත් සෙනෙට් මණ්ඩලය ඒකාබද්ධ විසඳුමක් සඳහා අනුමැතිය ලබා ගැනීමට 2002 ඔක්තෝබර් 11 ඡන්දය පාවිච්චි කළහ. එමෙන්ම එමඟින් බුෂ් පරිපාලනයට ඉරාකය ආක්‍රමණය කිරීමට අවශ්‍ය නීතිමය පදනම සලසා දුනි. එක්සත් ජාතීන්ගේ යුද්ධායුධ සම්බන්ධව කටයුතු කරන නිලධාරියා වන හැන්ස් බිලික්ස් 2003 ජනවාරි මාසයේ දක්වා සිටියේ, අද වනවිටත් ඉරාකයේ වැසියනට ලෝකයේ සාමයෙන් ජීවත් වීමට සුදුසු පසුබිමක් උදාවී නොමැති බවයි. තවද ටොන් 1000 රසායනික කාරකයන් ගණනය කර නොමැති බවද ඔහු විසින් සටහන් කරන ලදී. ඉරාකයේ වී:එක්ස් නර්ව් නියෝජිත වැඩසටහනේ තොරතුරු අතුරුදහන්ව ඇති අතර එහි “සැලකිය යුතු සාක්ෂි නොමැත” “No convincing evidence” යනුවෙන් ඉදිරිපත් කරනු ලැබීය. එයින් ප්‍රකාශ කරන ලද්දේ ඇන්ත්‍රැක්ස් රෝගකාරක ලීටර් 8,500 නිසා විය හැකි විනාශය පිළිබඳව විය හැකියි. එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් වන කොලින් පවෙල් 2003 ජනවාරි 03 වැනි දින එක්සත් ජාතීන්ට කළ ඉදිරිපත් කිරීමේ දී ඔහු විසින් සැලසුම් කරන ලද පරිදි එක්සත් ජාතීන්ගේ සමාජිකයන්ට බලපෑම් කිරීමට සදාම් හුසේන් සතුව මහා විනාශකාරී ආයුධ ඇති බව ප්‍රකාශයක් නිකුත් කරන ලදී. ඔහුගේ ඉදිරිපත් කිරීමෙන් පසුව ඔහුගේ ඉදිරිපත් කිරීම නැරඹු අයගෙන් 71% සිතුවේ මෙය ආක්‍රමණය කිරීම සඳහා අන් රටවල අනුමැතිය ලබා ගැනීමට කරන ලද කූට උපායක් ලෙසයි. ඒ අතර තවත් 51% මතය වූයේ විශාල විනාශයක් කිරීමට අවශ්‍ය ආයුධ ඉරාකය සතුව ඇති බවට ඔප්පු කිරීමට ඔහු සැපයූ සාක්ෂි ප්‍රමාණවත් බවයි. ප්‍රංශයේ විශ්වාසය වූයේ සදාම් ඇන්ත්‍රැක්ස් සහ ආහාර විෂ වීම සඳහා යොදා ගන්නා විෂ ගබඩා කර ඇති බවත් තවද ඔහුට වී:එක්ස් නිෂ්පාදනය කිරීමට හැකි බවත්ය. නමුත් මාර්තු මාසයේ දී බිලික්ස් පැවසුවේ පූර්ණ පරීක්ෂාවකින් අනතුරුව ලබා ගත් ප්‍රගතියේදී ඩබ්ලිව්.එම්.ඩී පිළිබඳ කිසිදු සාක්ෂියක් සොයා ගැනීමට නොහැකි වූ බවයි. ඊනියා “18 වැනි යෝජනාවේ” යුදමය ක්‍රියාවන් මඟින් බලකෙරෙන්නේ යෝජනාවන් සමඟ එකඟත්වයකට එළඹෙන ලෙසය. මෙම යෝජනා විසඳුම සඳහා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයෙන් ලද සහයෝගය මද බැවින් එය නැවත ඉල්ලා අස් කරගනු ලැබීය. විශේෂයෙන් නෙටෝ සමාජිකයින් වන ප්‍රංශය, ජර්මනිය, කැනඩාව, රුසියාව ඉරාකය යුධමය වශයෙන් ආක්‍රමණයට මැදිහත් වීමට අකමැති විය. එයට හේතුව වූයේ ජාත්‍යන්තර ප්‍රජාවගේ ආරක්ෂාවට හා විදේශ සබඳතාවලට ආරක්ෂාකාරී නිරායුධකරණයෙන් ඇතිවිය හැකි විශාල අනතුරයි.

සැලසුම් කළ භට ඛණ්ඩ අවම කිරීම[සංස්කරණය]

ගොනුව:OIF fatalities by month thumb.png
ඉරාකයේදී සිදුවූ එක්සත් ජනපද සොල්දාදුවන්ගේ මරණ ගණන දැක්වෙන ප්‍රස්තාරයක්. නිල් සහ තැඹිලි වර්ණයන්ගෙන් දැක්වෙන්නේ භට ඛණ්ඩ අවම කිරීම පටන් ගැනීමෙන් පසු දත්ත ය.

2007.09.10 දින ජෙනරාල් ඩේවිඩ් පෙට්‍රාවුස් විසින් කොංග්‍රසය හමුවේ කළ කතාවක දී ඊළඟ ගිම්හානයේ දී දළ වශයෙන් එක්සත් ජනපද භට ඛණ්ඩ 30000ක් යළි ගෙන්වා ගැනීම සලකා බලන බව ප්‍රකාශයට පත් කළේය.සැප්තැම්බර් 14 වන දින ජනාධිපති බුෂ් ඉරාකයේ සිට සීමා සහිත භට ප්‍රමාණයක් ගෙන්වා ගැනීමට යළි ප්‍රකාශයන් ඉදිරිපත් කළේය. බුෂ්ගේ බලාපොරොත්තුව වූයේ 2007 නත්තල වන විට 5700ක පිරිසක් නිවෙස් බලා පැමිණෙනු ඇති අතර බවත්, 2008 ජුලි වන විට තවත් දහස් ගණනක් ගෙන්වා ගැනීමටත්ය. මෙම සැලැස්ම භටඛණ්ඩ සංඛ්‍යාව 2007 ආරම්භයේ දී කැරැල්ලට පෙර ගෙන්වීමට කටයුතු යොදා තිබුණි. රාජ්‍ය ලේකම් කොලින් පවෙල් කැරැල්ල ඇතිවීමට පෙර 2007 මැද දී භට කණ්ඩායම් අඩු කිරීමට නිවේදනය කිරීමත් සමඟ ආ‍න්දෝලනයක් ඇති විය.

ආරක්ෂාව සම්බන්ධයෙන් කැරැල්ලේ බලපෑම්[සංස්කරණය]

2007 මාර්තු 07 දී බැග්ඩෑඩ්හි අල්ඩවුරා ප්‍රදේශයේ කැරලිකරුවන් විසින් සිදු කළ වෙඩි තැබීමකින් ආවරණය වීමට උත්සාහ කරන එක්සත් ජනපද භටයන්.

2007 මැද භාගයේ දී බැග්ඩෑඩයේ එක්සත් ජනපද මූලාශ්‍රයන් විසින් වාර්තා කළ අන්දමට දරුණු තත්වයක් ඇති වී ඇති අතර එය 80%කින් මැඩ පවත්වා ඇත. කෙසේ නමුත් ස්වාධීන වාර්තා එවැනි ඇගයීම් සම්බන්ධයෙන් ප්‍රශ්න කළේය. ඉරාක යුධ ප්‍රකාශකයෙක් චෝදනා කළ අන්දමට 265 දක්වා භට පිරිස් වැඩි කිරීමේ සැලසුම සමඟ සිවිල් වැසියන් ඝාතනය ‍පෙර සති 4 දී 1440 කින් අඩු වී ඇත. නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පත සොයාගත් අන්දමට එම දින 28 තුළ දීම ඉරාක සාමාන්‍ය වැසියන් 450කට වඩා ඝාතනය වී ඇති අතර එය අභ්‍යන්තර කටයුතු පිළිබඳ අමාත්‍යංශයේ හා බලලත් නිළධාරීන්ගේ දෛනික වාර්තා මත පාදක වී ඇත. ඓතිහාසිකව දෛනික ගණනය කිරිම් NYT මඟින් ප්‍රකාශ කළ අන්දම හා සසඳන කළ එක්සත් ජනපද අධ්‍යයනයන් ප්‍රකාශ කළ මරණ සංඛ්‍යාවෙන් 50%ක් හෝ ඊට වඩා වාර්තා වී ඇත. ඉරාක සෞඛ්‍ය අමාත්‍යාංශයේ පිරිස් හා මරණයට පත් වූ පිරිස් මත එය රඳා පවතී.

ඇමරිකානු භට පිරිස්වල බැග්ඩෑඩ් හි දී මරණයට පත්වීමේ සීඝ්‍රතාව පළමු සති 7 තුළ දී උච්චත්වයට පත් වී ඇත. ආරක්ෂක වැඩි කිරීම පෙර කාල පරිච්ඡේදයට වඩා දෙගුණ වී ඇති අතර දිනකට 3.14 ප්‍රමාණයකට වැඩි වී ඇත.

ආශ්‍රිත[සංස්කරණය]

  1. "සෙක්ටේරියන් ඩිවිෂන්ස් චේන්ජ් බැග්ඩෑඩ්ස් ඉමේජ්". MSNBC. 2006-07-03. http://www.msnbc.msn.com/id/13684759/. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2007-02-18. 
  2. "යූ.එස්. සේස් ඉරාක් පුල්අවුට් වෝන්ට් කෝස් ඩ්‍රැමටික් වයලන්ස්". MSNBC. 2010-11-18. සම්ප්‍රවේශය 26 නොවැම්බර 2010.  Check date values in: |access-date= (help)
  3. "යූකේ 'ටු කන්ටිනියු ඩිපෝටිං ෆේල්ඩ් ඉරාකි එසයිලම් සීකර්ස්'". BBC. 2010-11-22. http://www.bbc.co.uk/news/uk-politics-11816974. සම්ප්‍රවේශය කෙරුණු දිනය 26 නොවැම්බර් 2010. 
"https://si.wikipedia.org/w/index.php?title=ඉරාක_යුද්ධය&oldid=341538" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි