Jump to content

ත්‍රස්තවාදයට එරෙහි ගෝලීය යුද්ධය

විකිපීඩියා වෙතින්
ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය

ඉහළ වම් කෙළවරෙහි සිට දක්ෂිණාවර්තව: සැප්තැම්බර් 11 ප්‍රහාර වලින් පසු දර්ශන; එජ පාබළ හමුදාව ඇෆ්ගනිස්තානයෙහි; එජ සොල්දාදුවෙකු හා ඇෆ්ගන් භාෂා පරිවර්තකයෙකු ඇෆ්ගනිස්තානයෙහි, සාබුල් ප්‍රාන්තයෙහි; ඉරාක මෝටර් රථ බෝම්බයක් පිපිරීමක් බැග්ඩෑඩයෙහි
දිනය7 ඔක්තොම්බර් 2001 – අද වන තුරු පවතියි
(23 years, 3 weeks and 4 days)
පිහිටුම
ගෝලීය (විශේෂයෙන් මැද පෙරදිග, ආසියාවේ සහ අප්‍රිකාවේ, යුරෝපයේ සඑ උතුරු ඇමරිකාවේ කොටස්)
Status

ඇෆ්ගනිස්තානයෙහි යුද්ධය (2001–වර්තමානය):

ඉරාක යුද්ධය (2003–2010):

වෙනත්:

යුද්ධාවතීරයන්

නේටෝ සහභාගීයන්:

- (සාමාජිකයන් ලැයිස්තුව)
  • ඇල්බේනියාව ඇල්බේනියාව
  • බෙල්ජියම බෙල්ජියම
  • බල්ගේරියාව බල්ගේරියාව
  • කැනඩාව කැනඩාව
  • ක්‍රොඒෂියා ක්‍රොඒෂියාව
  • චෙක් ජනරජය චෙක් ජනරජය
  • ඩෙන්මාර්කය ඩෙන්මාර්කය
  • එස්ටෝනියා එස්ටෝනියාව
  • ප්‍රංශය ප්‍රංශය
  • ජර්මනිය ජර්මනිය
  • ග්‍රීසිය ග්‍රීසිය
  • හන්ගේරියාව හන්ගේරියාව
  • අයිස්ලන්තය අයිස්ලන්තය
  • ඉතාලිය ඉතාලිය
  • ලැට්වියාව ලැට්වියාව
  • ලිතුවේනියාව ලිතුවේනියාව
  • නෙදර්ලන්තය නෙදර්ලන්තය
  • ලක්සම්බර්ග් ලක්සම්බර්ග්
  • නෝර්වේ නෝර්වේ
  • පෝලන්තය පෝලන්තය
  • පෘතුගාලය පෘතුගාලය
  • රුමේනියාව රුමේනියාව
  • ස්ලොවැකියාව ස්ලොවැකියාව
  • ස්ලොවෙනියාව ස්ලොවෙනියාව
  • ස්පාඤ්ඤය ස්පාඤ්ඤය
  • තුර්කිය තුර්කිය

නේටෝ-නොවන සහභාගීයන්:

අන්තර්ජාතික මෙහෙයුම්:

(සටහන: දායකත්වය සපයන බොහෝ ජාතීන්, ජාත්‍යන්තර ක්‍රියාන්විතය හි ඇතුලත් කර ඇත)

ප්‍රධාන ඉලක්කයන්:

වෙනත් ඉලක්ක:

ආඥාපතියන් සහ නායකයන්
එක්සත් ජනපද ජන. ටොමී ෆ්‍රෑන්ක්ස් (CENTCOM ආඥාපති 2001–2003),
එක්සත් ජනපද ජන. ජෝන් අබිසයිඩ් (ISAF ආඥාපති 2009–වර්තමානය),
එක්සත් ජනපද අද්. විලියම් ජේ. ෆලෝන් (CENTCOM ආඥාපති 2007–2008),
එක්සත් ජනපද ජන. ඩේවිඩ් පෙට්‍රනියස් (CENTCOM ආඥාපති 2008–වර්තමානය),
එක්සත් ජනපද ජන. ස්ටැන්ලි ඒ. මැක්‍රිස්ටල් (ISAF ආඥාපති 2009–2010),
පකිස්තානය ජන. අෂ්ෆාක් පාවේස් කයානි (යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි 2007–වර්තමානය)
පකිස්තානය ජන. ටාරික් කාන් ( FC හි මේජර් ජනරාල්)
ඇෆ්ගනිස්තානය මොහම්මඩ් ඔමාර්
ඇෆ්ගනිස්තානය බයිතුල්ලා මෙහ්සුද්  
ඇෆ්ගනිස්තානය මුල්ලා ඩාඩුල්ලා  
ඔසාමා බින් ලාඩන්  
අයිමාන් අල්-සවාහිරි
අබු මුසාබ් අල්-සාකාවි  
අබු අයුබ් අල්-මස්රි  
ඉමාඩ් මග්නියා  

ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය ( ත්‍රස්තවාදයට එරෙහි ගෝලීය යුද්ධය හෝ භීෂණයට එරෙහි යුද්ධය ලෙසින්ද හැඳින්වේ) යනු අමෙරිකා එක්සත් ජනපදයට ක්‍රි.ව. 2001 සැප්තැම්බර් 11 ප්‍රහාර දින සිදුවූ ත්‍රස්තවාදී ප්‍රහාර මාලාවට පසු අමෙරිකා එක්සත් ජනපදයේ මූලිකත්වයෙන් ඇරඹි මිලටරි ව්‍යාපාරයයි.

නේටෝ මෙන්ම නේටෝ-නොවන රටවල් වල සහය ඇතුව එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය නායකත්වය සපයමින් සිදු කරනලදී. මෙම මෙහෙයුම දියත් කෙරුණේ අල්-කයිඩා සහ අනෙකුත් හමුදාමය සංවිධාන වලට එරෙහිව වන අතර අභිප්‍රාය වූයේ ඔවුන් මුලිනුපුටාදැමීමය.[1]

ත්‍රස්තවාදී ලෙසින් නම් කෙරුණු සංවිධාන හා ඒවා හා සම්බන්ධ කම් පවත්වන බවට හෝ ඒවාට උපකාර සපයන බවට හෝ චෝදනා එල්ලවී ඇති රාජ්‍යයන් හෝ සාමාන්‍ය ලෙසින් ගත් කල එජ යට හෝ එහි මිත්‍ර රටවලට තර්ජන එල්ල කර බවට දැනෙන හෝ එසේ තර්ජනයක් වී ඇත්තාවූ හෝ රාජ්‍යයන් වලට එරෙහිව දියත් කර ඇති ගෝලීය හමුදාමය, දේශපාලනමය, නීතිමය, සහ මතවාදීය අරගලය හැඳින්වීමට 'ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය' යන වාක්‍යාංශය මුලින්ම භාවිතා කරන ලද්දේ එජ ජනාධිපති ජෝර්ජ් ඩබ්. බුෂ් සහ අනෙකුත් උසස්-තලයේ එජ නිලධාරින් විසිනි. එය ප්‍රරූපීය වශයෙන් භාවිතා කරන ලද්දේ සටන්කාමී ඉස්ලාමීයයන් සහ අල්-කයිඩා අරභයා සුවිශේෂ ලෙසින් ඉලක්ක කර ගනිමිනි.

එජ ජනාධිපති බරාක් ඔබාමාගේ පරිපාලනය විසින් මෙම යෙදුම නිල වශයෙන් භාවිතා නොකරන්නේ වුවද (එය විසින් ඒ වෙනුවට විදේශ අවිනිශ්චිත ක්‍රියාන්විතය යන වාක්‍යාංශය භාවිතා කරයි), මාධ්‍යයන් තුලදී එය තවමත් දේශපාලනඥයන් විසින් පොදු ලෙසින් භාවිතා කරන අතර, එක්සත් ජනපදයේ ත්‍රස්තවාදයට එරෙහි ගෝලීය යුද්ධය සේවා පදක්කම වැනි තැන්හී සමහරක් රාජ්‍ය අංශ වල නිල වශයෙන් භාවිතා වෙයි.

9/11 ප්‍රහාරයන්ට පෙරනිමිත්ත

[සංස්කරණය]
මෙයද බලන්න: ත්‍රස්තවාදය සහ ත්‍රස්තවාදී සිදුවීම් ලැයිස්තුව

ලොව පුරා ත්‍රස්තවාදය ක්‍රියාත්මක වීම් පොළඹවන සහ ත්‍රස්ත සක්‍රීයයන් පුහුණු කරන ජාලයක් ලෙසින් අල්-කයිඩා සංවිධානයෙහි සම්භවයන් ඇෆ්ගනිස්තානයේ සෝවියට් යුද්ධය (දෙසැම්බර් 1979 – පෙබරවාරි 1989) දක්වා අන්වේශනය කළ හැක. [2] ඔසාමා බින් ලාඩන් විසින් අනුග්‍රාහකත්වය ලද හා පසුව අල්-කයිඩා ලෙසින් ප්‍රතිසංස්කෘත, යුදෙව්වන්ට හා කුරුස යුද්ධභටයන්ට එරෙහි ජිහාඩ් සඳහා ලෝක ඉස්ලාමීය පෙරමුණ (WIFJAJC) විසින්, 1996 මැයි මසදී, එම වසරෙහිදීම තලෙයිබාන් ඉස්ලාම්වාදී අන්තවාදී රාජ්‍යය විසින් එහි බලය නතු කර ගත් ඇෆ්ගනිස්තානය තුල මහා පරිමාණ ක්‍රියාන්විතයන් දියත් කිරීම ඇරඹීය.[3] අල්-කයිඩා නායකයා වශයෙන්, බටහිර ලෝකය සහ ඊශ්‍රායෙලය ට එරෙහිව යුද්ධ ප්‍රකාශ කරමින්, ඔසාමා බින් ලාඩන් විසින් 1998 පෙබරවාරියේදී ෆට්වා නියෝගයකට අත්සන් තැබූ අතර [4][5]එම වසරෙහිම මැයි මසදී අල්-කයිඩා විසින් වීඩියෝ පටයක් නිකුත් කරන ලද්දේ එජ සහ බටහිර ලෝකයට එරෙහිව යුද්ධ ප්‍රකාශ කරමිනි. [6][7]

කෙන්යාවේ සහ ටැන්සානියාවේ එජ තානාපති කාර්යාලයන්ට බෝම්බ දැමීමේ සිද්ධියට අනතුරුව,[8] එජ ජනාධිපති බිල් ක්ලින්ටන් විසින්, යුදෙව්වන්ට හා කුරුස යුද්ධභටයන්ට එරෙහි ජිහාඩ් සඳහා ලෝක ඉස්ලාමීය පෙරමුණ (WIFJAJC) හා සබැඳි යැයි එජ විසින් ප්‍රනිශ්චය කෙරුණු, සුඩානයේ සහ ඇෆ්ගනිස්තානයේ ඉලක්ක වෙත බෝම්බ හෙලීමේ මෙහෙයුමක් වූ, ඉන්ෆයිනයිට් රීච් මෙහෙයුම දියත් කෙරුණු මුත්,[9][10] අනෙකුන් පැන නැගුයේ සුඩානයේ ඖෂධ නිපැයුම් කම්හලක් රසායනික අවි නිපැයීමට භාවිතා වූයේද යන්නයි. මෙම කම්හල විසින් ප්‍රදේශයේ මැලේරියානාශක ඖෂධ අවශ්‍යතාවයෙන් බොහෝමයක් [11] සහ සුඩානයේ ඖෂධ අවශ්‍යතාවයෙන් 50% පමණ සපුරාලන ලදි.[12] WIFJAJC හෝ තලෙයිබාන් හෝ සංවිධානයන්හී කිසිදු නායකයෙකු මරා දැමීමට මෙම ප්‍රහාර අසමත් විය.[11]

ලොස් ඇන්ජලීස් ජාත්‍යන්තර ගුවන් තොටුපොලට බෝම්බ හෙලීමට තැත්කිරීමද ඇතුළු 2000 සහශ්‍ර පහරදීම් උපක්‍රම ඉන්පසු සිදුවිය. . 2000 ඔක්තොම්බරයෙහිදී USS කෝල් බෝම්බදැමීම සිදුවූ අතර, ඉන් අනතුරුව ඊලඟට 2001 දී සිදුවූයේ සැප්තැම්බර් 11 ප්‍රහාරයන් වෙති. [13]

නාමකරණය

[සංස්කරණය]

"ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය" යන යෙදුම විශේෂිත වශයෙන් භාවිතා කර ඇත්තේ එජ, එරා සහ ඔවුන්ගේ මිත්‍ර පාක්ෂිකයන් විසින් නායකත්වය සැපයෙමින් හා ඔවුන් විසින් ත්‍රස්තවාදී ලෙසින් හඳුනාගෙන තිබූ සංවිධාන සහ අධිපාලනයන්ට එරෙහිව ක්‍රියාත්මක වූ හමුදාමය මෙහෙයුම් හැඳින්වීමට වන අතර රුසියාව සහ ඉන්දියාව වැන්නවුන් විසින් ක්‍රියාත්මකවූ අනෙකුත් ස්වාධීන ත්‍රස්තවාදයට-එරෙහි ක්‍රියාන්විතයන් සහ මෙහෙයුම් නොසලකා හරිමිනි. ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය නොවන වෙනත් නම් වලින්ද ගැටුම් හඳුන්වා තිබේ. ඒවා මෙලෙසද හඳුන්වා ඇත:

ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය යන යෙදුම පළමුවෙන් පෘථුල ලෙස භාවිතයට ගැනුනේ රුසියානු සහ යුරෝපීය රජයන් විසිනි. දෙවනුව එ.ජනපද රජයද රාජ්‍ය වීරෝධීන් විසින් ජාත්‍යන්තර දේශපාලන නායකයින්ට එරෙහිව කරනු ලබන පහර දීම් නැවැත් වීමට කරන ලද උත්සාහයන් හැඳින්වීම සඳහා බටහිර මාධ්‍යයන් පාවිච්චි කළ යෙදුමක් ලෙසටයි. (උදා නිව්යෝර්ක් ටයිම්ස් 1881 අප්‍රේල් 2) බොහෝ රාජ්‍ය විරෝධින් ඔවුන්ව හඳුන්වා ගත්තේ ත්‍රස්තවාදින් ලෙසටය. රුසියානු මාක්ස්වාදි 'ටේරා සයුලිච්' රුසියානු පොලිස් නිලධාරියෙකු වෙඩි තබා තුවාල කළාය. මෙම පොලිස් නිලධාරියා 1878 ජනවාරි 24 දින සැකකරුවන් හිංසාවට ලක් කර ඇත. ඇය ඔහුව මරණවා වෙනුවට ඇයගේ ආයුධය බිම දමා “මම ත්‍රස්තවාදියෙක්මි මිනිමරුවෙකු නොවෙමි” යයි කීවාය.

ඉන් පසුව මෙම යෙදුම ප්‍රසිද්ධියට පත් වූයේ 1940 වර්ෂයේ අග භාගයේදි ‘පලස්තීනයට බලය පැරීමේ බ්‍රිතාන්‍ය නියෝගය දුන් අවස්ථාවේදී ඇති වුනු යුදෙව් පහර දීම් මාලාව අවසන් කිරීමට බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනය විසින් ගන්නා ලද උත්සාහයන් විස්තර කිරීමට එම යෙදුම ප්‍රයෝජනයට ගත් අවස්ථාවේදීය. මෙහිදි බ්‍රිතාන්‍යයන් ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය ප්‍රකාශ කළ අතර ඉර්ගුන් සහ ලෙහි සහ ඔවුන් සමග සබඳතා පවත්වන අයට එරෙහි ඉතා තද ක්‍රියා මාර්ගයක් ගත්තතේය. මෙම යුදෙව් ප්‍රහාර අරාබි ප්‍රහාර සහ කැරළි ගැසීම් සහ ඉන් පසු ඇති වුනු බ්‍රිතාන්‍ය පසු බෑම් පලස්තීනයේ බ්‍රිතාන්‍යයන්ට පිටමං වීමට මග පෑවේය. මෙම යෙදුම එ.ජනපද ජනාධිපති රොනල්ඩ් රේගන් විසින් 1980 කාලවලදි බොහෝ සෙයින් භාවිතා කරන ලදි. මෙම යෙදුම ලෝකය පුරා බොහෝ නායකයින් ත්‍රස්තවාදි කටයුතු සමග ක්‍රියා කිරීමේදි ප්‍රයෝජනයට ගත්හ.

2001 සැප්තැම්බර් 20 වෙනි දින ඇමෙරිකන් ජනතාව සහ කොංග්‍රසයේ ඒකාබද්ධ සැසියක් අමතා ජනාධිපති ජෝර්ජ් ඩබ්.බුෂ් දේශනයක් පවත් වමින් ත්‍රස්තවාදයට එරෙහිව යුද්ධය ප්‍රකාශ කළේ ත්‍රස්තවාදයට එරෙහි අපේ සටන මුලින්ම පටන් ගත්නේ අල්ඛයිඩාවට එරෙහිවයි. එහෙත් එය ඔවුන්ගෙන් කෙළවර වන්නේ නැත. ලෝකය පුරා ව්‍යාප්තව සිටින සෑම ත්‍රස්තවාදි කණ්ඩායමක්ම සොයා ගෙන ත්‍රස්තවාදි ක්‍රියා නවතා ඔවුන් පරාජය කරන තෙක් එය අවසාන නොවේ යනුවෙන් කියමිනි.

එක්සත් ජනපද විදේශ ප්‍රතිපත්තියෙහි ක්‍රියාත්මක කිරීම නිර්වචනය කිරිම

[සංස්කරණය]

එක්සත් ජනපද ෆෙඩරල් අපරාධ නීති සංග්‍රහය යටතේ ත්‍රස්තවාදය යන්න විග්‍රහ කර ඇත. එම නීති සංග්‍රහය 18 වෙනි මාතෘකාව යටතේ ඇති අංක 1 කොටස 113 බී පරිච්ඡේදය ත්‍රස්තවාදය යන්න විග්‍රහ කර ඇති අතර ඒ ගැන හා සම්බන්ධ අපරාධ ලැයිස්තුවක් ද ඉදිරිපත් කර ඇත්තේ මෙසේය.

“ප්‍රචණ්ඩ ක්‍රියාවලට සම්බන්ධ ක්‍රියාවන් නැතහොත් ජීවිත වලට තර්ජන කරන ක්‍රියාවන් මේවා එක්සත් ජනපදයේ මෙන්ම ඕනෑම රාජ්‍යයක නීතිය කඩ කිරීමකි. එසේම අදහස් කර ඇති බව පෙනෙන,

I. මහජනතාව භය ගැන්වීම නැතහොත් භය ගන්වා පලවා හැරීම. II. භය ගැන්වීමෙන් හෝ පලවා හැරීමෙන් රජයක ප්‍රතිපත්ති වලට බලපෑම් කිරීම III. පැහැර ගැනීමෙන්, බරපතල විනාශයන් සිදු කිරීමෙන් හා ඝාතණ වලින් රජයේ පාලනයට බලපෑම් කිරීම සහ රට තුලට නම් මූලික වශයෙන් සිදු වන්නේ එක්සත් ජනපද දේශ සීමා බල ප්‍රදේශ තුල සිදු වන්නේ නම් අන්තර්ජාතික වශයෙන් නම් යනාදි වශයෙනි. ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය නමින් හැඳින්වෙන ඔහුගේ ප්‍රතිපත්ති විග්‍රහ කිරීම සම්බන්ධයෙන් ජනාධිපති විස්තර කර ඇත්තේ,

“අද ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය සීතල යුද්ධයක් වැනිය එය නිදහසට ගර්හා කරන ඒකාධිපති රාජ්‍යයක් වෙත ගමන් කරන සතුරෙකු සමග කරන මතවාදි අරගලයකි. මම අපේ කම්පනයේ බලයෙන් ලැබුණු සියලු වත්කම් ත්‍රස්තවාදය පරාජය කිරීමට ප්‍රයෝජනයට ගනිමි. එසේම අපි දෙආකාරයකට මේ සම්බන්ධයෙන් කටයුතු කරමු. පළමුවැන්නා සතුරා සොයා ගෙන ගොස් අල්ලා නීතිය ඉදිරියට ගෙන ඒමයි තර්ජනය සුළු කොට නොතැකීමයි. දෙවැන්න නිදහස පැතිරවීමයි.

2001 සැප්තැම්බර් 11 පහර දීම

[සංස්කරණය]

ඇමෙරිකන් ගුවන් සේවයේ පියාසර අංක 175 දරන ගුවන් යානය ඇමෙරිකාවේ ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ දකුණු කුළුණට කඩා වැදීමෙන් පසු ගිණි ගන්නා අයුරු. ඊට කලින් ඇමෙරිකන් ගුවන් සේවයේ පියාසර අංක 11 ගුවන් යානය වැදීමෙන් පසු තවමත් දුම්වලා පිටකරමින් තිබෙන උතුරු කුලුණ වම් පසින් දක්නට ඇත.


නිව් යෝර්ක් සිටි එක්සත් ජනපදය (පළමු සහ දෙවැනි) පිහිටීම: ආර්ලිංග්ටන් Co, VA එක්සත් ජනපදය (තුන්වැනි) පෙන්සල්වේනියා ෂැංක්ස්විල් අසල (එක්සත් ජනපද‍4 වැනි)


දිනය: 2001 සැප්තැම්බර් 11 අඟහරුවාදා පෙ.ව. 8.46 - පෙ.ව. 10.28 (UTC – 4)


පහර දීමේ ගුවන් යානා පැහැර ගැනීම විශාල මනුෂ්‍ය ඝාතන, මිනී මරුම්, සිය දිවි හානිකර ගැනීම්, ආකාරය මරාගෙන මැරෙන ප්‍රහාරයන්


මරණ සංඛ්‍යාව 6291 +


වැරදිකරුවෝ ඔසාමා බින් ලාඩන් මෙහෙයවූ අල් ඛයිඩා - වගකීම හා සංවිධායකයින් සඳහා දකුණු පැත්තේ තීරුවද බලන්න.

උතුරු ඇමරිකාව

[සංස්කරණය]
ඇමරිකා එක්සත් ජනපද, දේශ සීමා ආරක්ෂකයින් සහ රේගු භටයින් පිරිසක්.

එක්සත් ජනපද කොංග්‍රසය විසින් ඇමෙරිකන් ඩොලර් බිලියන හතලිහක හදිසි වියදම් පනතක්ද අතිරේක ඩොලර් බිලියන 20 ක් ගුවන් සේවා කර්මාන්තය සඳහා ද අනුමත කරන ලදී.

දහස් ගණනක් රහස් තොරතුරු පසු පස ලුහු බඳිමින් බොහෝ රාජ්‍යවල බොහෝ ශාඛාවන් හරහා පරික්ෂණ ආරම්භ වුනේය.

අධිකරණ දෙපාර්ථමේන්තුවේ එක්සත් ජනපදය තුල සිටින පුරවැසි නොවු ඇතැම් පිරිමි සඳහා විශේෂ ලියා පදිංචි කිරීමේ ක්‍රමයක් ආරම්භ කළේය. ඒ අනුව ඔවුන් ආගමන විගමන සහ රටවැසියන් ලියා පදිංචි කිරීමේ කාර්යාල වල ලියා පදිංචි වීම අවශ්‍ය විය.

එක්සත් ජනපදය තුල නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතනයන්ට පරික්ෂණ බලතල වැඩි කිරීම සඳහා පනත් කීපයක් සම්මත වුනේය. මෙයින් විශේෂිත වන්නේ (USA Patriot Act) එ.ජ.දේශමාමක පනතයි. මෙම නව පනත් මගින් රජය සතුව පවතින වැදගත් සීමා වන් ඉවත් කරන බවත් ජනතා නිදහසට අයුතු බලපෑම ඇති වන බවත් ජුලි 30 දා කෙරුනු හතරවැනි සංශෝධනයේ ව්‍යවස්ථානූකූල නොවන උල්ලංඝණයන් සිදු වන බවත් කියමින් මහජන නිදහස් සංවිධාන චෝදනා නැගුහ. ACLU සංවිධානය දේශමාමක පනතේ 215 වැනි වගන්තියට එරෙහිව නීතිමය අභියෝගයන් ගොනු කළේය. ඔවුන් කීවේ මෙම පනත් මගින් පුරවැසියන්ගේ පළමු වැනි සංශෝධිත අයිතින් ද හතර වැනි සංශෝධිත අයිතීන්ද FBI ආයතනයට උල්ලංඝනය කිරීමට ඉඩ ප්‍රස්ථාව ලැබෙන බවයි. එමෙන්ම ව්‍යපාර සෝදිසියට පොත් සාප්පු සහ ත්‍රස්තවාදි පරීක්ෂණ වල එක්රැස් කළ තොරතුරු අදාළ පුද්ගලයාට හෙළි නොකර පරිකෂා කිරීමේ අයිතිය ද FBI ආයතනයට ලැබෙන බවද කීහ. ප්‍රජාවන් කීපයක් පාලන සංවිධාන එම පනත් වලට එරෙහිව ආදර්ශ විසඳුම් සම්මත කර ගත්හ.

2005 ජුනි 9 දින ජනාධිපති බුෂ් කළ කතාවකින් කීවේ එ.ජා.දේශමාමක පනත උපයෝගි කර ගෙන 400 ක් පමණ සැකකරුවන් විරුද්ධව චෝදනා ගොනු කළ බවයි. එයින් භාගයකට වඩා පිරිසක් වැරදිකරුවන් කර ඇත. මේ අතර (American Civil liberation Union) 7000 ක පිරිසක් පනත අනිසි ලෙස යෙදවීම ගැන පැමිණිලි කර ඇති බව අධිකරණ දෙපර්ථමේන්තුවේ වාර්තා උපුටා දක්වමින් කීහ. ACLU සංවිධානය තව දුරටත් කීවේ බොහෝ දෙනා තමුන් පරික්ෂාවට භාජනය වෙමින් සිටින බව ‍නොදැන සිටි බවයි. ඒ මන්ද යත් කියතොත් නීතිය මගින් අවශ්‍ය වූයේ පරීක්ෂණ රහසේ කළ යුතු වීමයි. DARPA නම් ආයතනය 2002 මුලදී සම්පූර්ණ තොරතුරු ලබා ගැනීමේ අවස්ථාව ඇති වැඩ සටහන් ආරම්භ කළේය. එය සැළසුම් කරන ලද්දේ ත්‍රස්ත විරෝධි කටයුතු වල දී පාවිච්චි කිරීමට හැකි වීම පිණිස තොරතුරු තාක්ෂණය දියුණු කිරිම සඳහා මෙම වැඩ සටහනට බොහෝ විවේචන එල්ල වීම නිසා කොංග්‍රසය විසින් මුදල් යෙදවීම නතර කරනු ලැබිනි.

ආරක්ෂාව සහ යුද කටයුතු සම්බන්ධයෙන් කටයුතු කළ රජයේ බලඅධිකාරියේ බොහොමයක් නැවත ප්‍රතිසංවිධානය කරන ලදී. මෙයින් වඩාත් වැදගත් වූයේ දේශයේ ආරක්ෂා කටයුතු සම්බන්ධයෙන් දේශය සුරකීමේ දෙපාර්ථමේන්තුවයි. (The Department of Homeland Security) පිහිටුවිමයි. මෙය ආරක්ෂක දෙපාර්ථමේන්තුව තුළට හමුදාවන් ඒකාබද්ධ කිරීම ඇරඹීමෙන් පසු කරන ලද එ.ජනපද ෆෙඩරල් රජයේ විශාලතම ප්‍රතිසංවිධානයයි. 9/11 න් පසු රහසින් ස්ට්‍රැටර්ජික් ඉන්ෆ්ලුවන්ස් කාර්යාලය නිර්මාණය කරන ලද්දේ ප්‍රචාරක කටයුතු සම්බන්ධිකරණය සඳහා වුවත් එය අනාවරණය වීමෙන් සුළු කලකට පසුව වසා දමන ලදී.

නොබොදා නියෝජිත මන්ත්‍රි මණ්ඩල මණ්ඩලය 9/11කොමිෂමෙන් නිර්දේශය කරන ලද කරුණු බොහොමයක් නීතිගත කරමින් පණතක් සම්මත කළේය. පනත පාර්ලිමේන්තුව තුළ 299 – 128 ප්‍රමාණයකින් සම්මත වුවත් තවමත් සෙනෙට් මන්ත්‍රි මණ්ඩලය තුළ සළකා බැලෙමින් පවතී. තවමත් පනත සම්බන්ධයෙන් ප්‍රතිපාදන යොදවා නැත.

ජාත්‍යන්තර හමුදා සහයෝගය

[සංස්කරණය]

පළමු ප්‍රහාර රැල්ල ආරම්භ කරනු ලැබුවේ ඇ.එ.ජ හා බ්‍රිතාන්‍යය හමුදාවන් ය. ආක්‍රමණ පැවැති මුල් කාල පරිච්ජේදයෙන් පසුව මෙම හමුදාවත් සමග ඔස්ට්‍රේලියා, කැනඩා, ඩෙන්මාර්ක්, ප්‍රංශ, ජර්මනි, ඉතාලි, නෙදර්ලන්ත, නවසීලන්ත හා නෝර්වේ හමුදා හා ගුවන්යානා ඇතුළු විය. 2006 වන විට ඇෆ්ගනිස්ථානය තුළ 30,000 පමණ හමුදාවක් රැදි සිටියහ.

2001 සැප්තැම්බර් 12වන දින එනම් නිව්යෝර්ක් හා වොෂින්ටන් ප්‍රහාරයෙන් පැය 24ක් යාමටත් මත්තෙන් නේටෝ විසින් උතුරු අත්ලාන්තික් ප්‍රඥප්තියේ 05වන වගන්තියේ පිහිට පතමින් සැප්තැම්බර් ප්‍රහාරය 19වන සියළු නේටෝ සාමාජිකයන්ට විරුද්ධව එල්ල වු ප්‍රහාරයක් බවට ප්‍රකාශ කරන ලදි. ඕස්ට්‍රේලියානු අගමැති ජෝන් හෝවාර්ඩ් විසින් ඕස්ට්‍රේලියාව එම මාර්ගයේම යෑම සදහා ඇන්සස් (ANZUS) ප්‍රඥප්තිය යොදා ගැනීමට හැකි බව ප්‍රකාශ කරන ලදි.

ඊළග මාසයේදී නේටෝ විසින් ත්‍රස්තවාදය මැඩලීම සදහා පුළුල් ක්‍රියාමාර්ග ගණනාවක් ගන්නා ලදී. 2002 නොවැම්බර් 22 වනදා EAPC හි සාමාජික රටවල් විසින් ත්‍රස්තවාදයට එරෙහි සහයෝගීතා ක්‍රියාමාර්ග සැලැස්මකට එකගත්වය පළකරන ලදී. මෙමගින් සාමාජික රාජ්‍යයක් ත්‍රස්තවාදයට එරෙහි සටනේ දී මුලික අයිතිවාසිකම් හා මානව හිමිකම් මෙන්ම ආරක්ෂා කිරිමත් ඒවා ප්‍රවර්ධනය කිරිමත් සදහා සියළු සාමාජික රටවල් එකගත්වය ප්‍රකාශ කරනු ලැබීය. පොදුවේ නාවික ගමනාගමනය ආරක්ෂා කිරිමටත් ත්‍රස්තවාදීන් එහා මෙහා ගමන් කිරිම වැලැක්වීමටත් සංහාරක අවි ප්‍රවාහනය වැළැක්වීමත් නේටෝ විසින් මධ්‍යධරණි මුහුදේ නාවික මෙහෙයුම් ස්ථාපනය කළ අතර එය සජිවි (Operation Active Endeavour) ප්‍රයත්න ක්‍රියාන්විතය යන නමින් හැදින්වේ.

මෙම යුද්ධයේ ප්‍රථම පියවර ව්‍රයේ ඇමරිකා හා බ්‍රිතාන්‍යය හමුදා ඇෆ්ගනිස්ථාන උතුරු සංවිදානයේ හමුදා එක්ව ඇෆ්ගනිස්ථානය ආක්‍රමණයයි.

ජිවිත හානි

[සංස්කරණය]

ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයේ දී මියගිය පිරිස ඇෆ්ගනිස්ථාන යුද්ධය, ඉරාක යුද්ධය, ඊට පිටත ත්‍රස්තවාදයට එරෙහි යුද්ධ වැනි "ත්‍රස්තවාදය පිටු දැකීමේ යුද්ධයේ දී" මිය ගිය පිරිස කොතරම් දැයියන්නට නිශ්චිත පිළිතුරක් ලබා දිය නොහැකිය.

සමහර තක්සේරුවන් අනුකූලව නම් ඉරාකය තුළ 950,000 – 1,124,000 අතර ප්‍රමාණයක් මිය ගොස් ඇත.

අගොස්තු 12-19 දිනවල පැවැත්වු ජනමත පර්යේෂණ ව්‍යාපාරික මත විමසුම (ORB) මගින් හෙළිදරවු කරන ලද්දේ 1,033,000 අතර මරණ ප්‍රමාණයක් ඉරාක යුද්ධයෙන් සිදුවී ඇති බවයි. එම ප්‍රමාණය 946,000 – 1,120,000 අතර වේ. ජාතික වශයෙන් නියෝජනය වන 2000ක් පමණ නියැදිවකින් සමන්විත ඉරාක වැඩිහිටි පිරිස් වෙතින් ලබා ගත් තොරතුරු අනුව ඉන් 22% ක්ගේ පවුලේ සාමාජිකයන් කෙනෙකු හෝ ඔවුන් සමග එක වහළක් යට ජිවත් වන පුද්ගලයන් එක් අයෙකුවත් යුද්ධය නිසා මිය ගොස් ඇත.

ORB වාර්තාවට අනුව ප්‍රතිචාර ඇක්වුවන්ගෙන් 48%ක් මියගොස් ඇත්තේ වෙඩි ප්‍රහාරට ලක් වීමෙනි. 20% කාර් බෝම්බවලට හසු වීමෙනි. 9%ක් ගුවන් බෝම්බ පතිත වීමෙන්, 6%ක් හදිසි අනතුරු සහ 6%ක් වෙනත් පිපිරිම් සහ අටවන ලද තුවක්කු පත්තු වීමෙන් මිය ගොස් ඇත.

942, 636 අතර තක්සේරු කරන ඉරාක සිවිල් ජනතාව හා සොල්දාදුවන්, පිරිසක් මරණ පිළිබද වෙැනි ලැන්සෙට් වාර්තාවෙන් මියගිය බවට සනාත කරයි.
Iraq Body Count මගින් අනාවරණය කර ඇති අන්දමට විද්‍යුත් මාධ්‍ය වෙත වාර්තා වී ඇති සාමාන්‍යය ජනතා මරණ ප්‍රමාණය 62,570කි.

2002 අගභාගයේදී ඇ.එ.ජ විසින් ඉරාකය ආක්‍රමණය කළ හේතු දැක්වීමෙන් පසු ඊට ලැබුනු සහයෝගය උදාසීන විය. කෙසේ වෙතත් "මනාප රටවල් වල එකතුව" (සහය දක්වන රටවල් වල එකතුව මෙම සටනේදී කොන්දේසියකින් තොරව සහය දැක්වු අතර ඇෆ්ගනිස්තානයට හමුදා යැවීමක් විශේෂයෙන් තලේබාන්වරුන්ට සහය දැක්වු පකිස්තානයත් දහස් ගණන් සෙබළුන් ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය සදහා යැවීමත් දැකගත හැකිය. පකිතානය වසිරිස්තාන යුද්ධයටද සහභාගී විය. ඇමරිකා සහය ලබා ගනිමින් උතුරු ග්‍රෝතික ප්‍රදේශ වලින් තලේබාන් හා අල්කයිඩා තර්ජන තුරන් කිරිමට පකිස්තානය උත්සුක විය.

ජාත්‍යන්තර ආරක්ෂක සහයෝගීතා බළකාය

[සංස්කරණය]

නේටෝ සංවිධානය‍ට අනුබද්ධව ජාත්‍යන්තර ආරක්ෂක සහයෝගීතා බළකාය පිහිටුවා ගනු ලැබුවේ ඇෆ්ගනිස්තාන තාවකාලික පරිපාලනයට සහයෝගය දැක්වීමටත් සහ තලේබාන් පාලනයෙන් පසු බලයට පත් රජයට සහය දැක්වීමටත් ය.

Operation Enduring Freedom

[සංස්කරණය]

ඇෆ්ඝනිස්තානය

[සංස්කරණය]

2001 සැප්තැම්බර් 11 ප්‍රහාරය සිදු වීමෙන් පසු ඉතා ඉක්මණින්ම 2001 ඔක්තෝබරයේදී නැටෝ හමුදා ඇෆ්ඝන්ස්ථානයට පහර දුන්නේ එහි සිටින අල්ඛයිඩා හමුදා එලවා දැමීම සහ එරට පාලනය කරමින් සිටි තලේබාන් රජය පෙරලා දැමීමේ අදහසිනි. 2001 සැප්තැතම්බර් 20 දින ජෝර්ජ් ඩබ්. බුෂ් තලිබාන් පාලනයට අවසාන නිවේදනයක් නිකුත් කළේ එහි සිටින ඔසාමා බින් ලාඩන් සහ අල්ඛයිඩා නායකයින් භාර දෙන ලෙස ඉල්ලමිනි. ඔසාමා බින් ලාඩන් සැප්තැම්බර් 11 ප්‍රහාරයට සම්බන්ධ නම් ඒ පිළිබඳ සාක්ෂි ඉදිරිපත් කරන ලෙසත් එම සාක්ෂි ඔහුට එරෙහිව නඩු පැවරීමට ප්‍රමාණවත් නම් ඉස්ලාමීය අධිකරණයක ඒ නඩුව විමසිය යුතු බවත් තලේබාන් පාලනය දන්වා සිටියේය. 2001 ඔක්තෝබර් 07 වැනි දින ගුවන් ප්‍රහාර මාලාවක් ආරම්භ කරමින් බ්‍රිතාන්‍යය සහ ඇමෙරිකාව නිල වශයෙන් යුද්ධය ආරම්භ කළහ.

පකිස්ථානය

[සංස්කරණය]

මේ අතර පකිස්තාන නිලධාරීන් සහ එක්සත් ජනපද හමුදා සමග එක් වී කරන ලද සෝදිසි මෙහෙයුම් කීපයකින් පසු 2002 මාර්තු 23 වැනි දින සවුදි ජන්මයක් ඇති සයින් අල් - අබ්දින් මොහම්මද් හසේන් අබු සුබෙයිදා අත් අඩංගුවට ගන්නා ලදි. මෙම මෙහෙයුම පැවති අවස්ථාවේ සැකකරු හමුදා නිලධාරීන්ගෙන් බේරී පැන යාමට කරන ලද උත්සාහයන්හිදී තුන්වරක් වෙඩි ප්‍රහාර වලට ලක් විය. සුබයිදා ඒ වන විට අල් - ඛයිඩා පුහුණු කඳවුරු පවත්වා ගෙන යාමේ ප්‍රධානියා ලෙසද කටයුතු කරමින් සිටි බව කියනු ලැබේ. එම අවුරුද්දේම අවසාන භාගයේ 2002 සැප්තැම්බර් 14 වැනි දින පැය තුනක් පුරා පොලිසිය සමග කරන ලද වෙඩි හුවමාරුවකින් පසු රම්සි බිනල්ෂිබ් පකිස්ථානයේදී අත් අඩංගුවට ගන්නා ලදි. ඔහු මොහමඩ් අට්ටා සමග ජර්මනියේ හැම්බර්ග් නුවර එක කාමරයක නැවතී සිටි බව හා අල් ඛයිඩා සංවිධානයේ මෙහෙයුම් වලට මූල්‍ය ආධාර සැපයූ තැනැත්තෙකු ලෙස හඳුන්වා තිබිනි. බිනල්ෂිබ්ද ගුවන් යානා මංකොල්ලකරුවන් ගෙන් එක් අයෙකු යයි අනුමාන කර තිබුනි. කෙසේ වුවද, එක්සත් ජනපද පුරවැසි සහ ආගමන සේවාව ඔහුගේ වීසා ඉල්ලුම් පත්‍ර තුන් වරක් ප්‍රතික්ෂේප කළේය. මේ නිසා ඔහුට සංවිධානයට මූල්‍ය පහසුකම් සපයන තැනැත්තෙකු ලෙස පමණක් කටයුතු කිරීමට සිදු විය. බිනල්ෂිබ් විසින් ජර්මනියේ සිට එක්සත් ජනපදයට මුදල් යැවීමේදි මොහමඩ් අට්ටා සහ සකරියාස් මුසාවි දෙදෙනාද හවුල් වූහ.

2003 මාර්තු 1 වැනි දින CIA සංවිධානය විසින් කරන ලද පරීක්ෂණ මෙහෙයුමකින් පකිස්තාන් අගනුවර වූ ඉලස්ලාමාබාද් සිට සැතපුම් නමයක් ඈත රාවල්පින්ඩි ප්‍රදේශයේදී ඛාලිඩ් ෂෙයික් මොහමඩ් අත් අඩංගුවට ගැනුනේය. ඔහු අත් අඩංගුවට පත් වන විට අල් ඛයිඩා සංවිධානයේ ඉහළ පෙලේ නායකයින් අතර තුන්වැන්න‍ා ලෙස සිටියා පමණක් නොව සැප්තැම්බර් 11 ප්‍රහාරයේ ප්‍රධාන මොළකාරයා ලෙසත් කටයුතු කර තිබුනේය. මීට කලින් ඔහු අල්ලා ගැනීමට කරන ලද මෙහෙයුමකින් බේරී පැන ගත් අවස්ථාවේදී, ඊට පෙර අත් අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් ලබා ගන්නා ලද තොරතුරු ඔහු නැවත අත් අඩංගුවට ගැනීමට උපකාරී විය. 1996 දී එක්සත් ජනපද රජය මොහමඩ්ට එරෙහිව ඇමෙරිකානු සිවිල් ගුවන් සේවාවෙහි බෝම්බ ඇටවීමේ කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් නඩු පවරා තිබුනේය. ඔහු සම්බන්ධ වූ අනෙක් එවැනි සිද්ධීන් නම්, ඩැනියෙල් පර්ල් නම් වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවත් පතේ වාර්තාකරු මරා දැමීමට නියෝග කිරිම, USS Cole බෝම්බ ප්‍රහාරය, සපත්තු බෝම්බයක් මගින් එක්සත් ජනපද සිවිල් ගුවන් යානයක් පුපුරුවා හැරීමට රිචඩ් රීඩ් ගත් උත්සාහය, සහ ටියුනිසියාවේ ඩ්ජෙර්බා හි එල් ග්රිබා නම් යුදෙව් භක්තික ආයතනයක් වෙත එල්ල කරන ලද ප්‍රහාරය යනාදියයි. ඛාලිඩ් ෂෙයික් මොහමඩ්, අල් ඛයිඩා හමුදා කමිටුවෙහි ප්‍රධානිය ලෙස කටයුතු කළ බව සටහන් වෙයි.

මේ සියලු කටයුතු අතරේ 2006 වර්ෂයේදී නැටෝ සංවිධානයේ අණදෙන නිළධාරි විසින් ඇ‍ෆ්ගනිස්ථානයේ තලේබාන්වරුන්ට උදව් හා අනුබල දීම සම්බන්ධයෙන් පකිස්ථානයට චෝදනා කරන ලදි. එහෙත් පසුව පකිස්ථානය හෝ ISI (Inter Service Intelligence) සංවිධානය ත්‍රස්තවාදය සම්බන්ධයෙන් අනුග්‍රහයක් නොදක්වන බව නැටෝ සංවිධානය තේරුම් ගත්තේය. කෙසේ වෙතත් 2007 වර්ෂයේ ISI සම්බන්ධයෙන් චෝදනාවක් එල්ල වූයේ ඝාතණය කරනු ලබන සෑම නැටෝ සංවිධානයේ සාමාජිකයෙකු සඳහාම පාකිස්ථානු රුපියල් ලක්ෂයක් (CDN 1900) ඔවුන් විසින් පරිත්‍යාග වශයෙන් රහසේ ගෙවමින් සිටි බවයි. මේ අතර, ඒ ආසන්න කාලයේ ඝාතණය කරනු ලැබූ තලිබාන් සංවිධානයේ ජ්‍යේෂ්ඨ හමුදා ප්‍රධානියෙකු වූ මුල්ලා දාදුල්ලාහ් ආරක්ෂා කිරීම සහ වෙනත් අන්දමින් සටන්කාමීන්ට උදව් කිරීම සම්බන්ධයෙන් ඇෆ්ඝන් රජයේ චෝදනාද ISI වෙත එල්ල වූ නමුත් මෙම චෝදනා පකිස්තාන රජය පිළි නොගත්තේය. මේ අතර ඉන්දියාව නොකඩවාම පකිස්තානයේ අන්තර් සේවා බුද්ධි සේවාව (ISI) වෙත චෝදනා එල්ල කළේ එම සංවිධානය ඉන්දියානු ජනරජයේ කාශ්මීරයේ සහ වෙනත් ප්‍රදේශවල ත්‍රස්තවාදී ප්‍රහාරයන් කිරීමට සැලසුම් කරන්නේය කියමිනි. මෙම චෝදනාවලට 2006 ජූලි 11 දින මුම්බායි දුම්රිය බෝම්බ ප්‍රහාරයද ඇතුලත් විය. එහෙත් පකිස්ථානය මෙහි වගකීම පැවරුවේ දේශීය ත්‍රස්තවාදය වෙතටයි.ඇෆ්ඝනිස්ථානය සහ එක්සත් රාජධානිය වැනි අනෙක් බොහෝ රටවල් ත්‍රස්තවාදයට රාජ්‍ය අනුග්‍රහය සහ මූල්‍ය පහසුකම් සැපයීම ගැන පකිස්තානයට චෝදනා එල්ල කළහ. පකිස්තානය සහ අසල්වැසි ඇෆ්ඝනිස්ථානය තුල අමෙරිකානු හමුදා ක්‍රියාකාරකම් ඉහළ යාම, පකිස්ථානු රජයට අමෙරිකානු යුද ආධාර වැඩි වැඩියෙන් ලැබීමට හේතුවක් විය. සැප්තැම්බර් 11 ප්‍රහාරයට පෙර වූ අවුරුදු 3 තුල අමෙරිකානු යුද ආධාර වශයෙන් අමෙරිකන් ඩොලර් මිලියන 9 ක් (දළ වශයෙන්) පකිස්තානයට ලැබුනි. ප්‍රහාරයට පසුව ගත වූ අවුරුදු තුනක කාලය ඇතුලත මෙම ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 4.2 දක්වා ඉහළ දැමුනේ 9/11 ඉහළම අරමුදල් ලබා දුන් රාජ්‍යය බවට පත් කරමිනි. මෙපමණ අති විශාල මුදල් ප්‍රමාණයක් රට තුළට ගලා ඒමෙන් ගැටලු සහගත තත්වයක් නිර්මාණය වූයේ, මෙම මුදල් කිසිදු පැහැදිලි කිරීමකින් සහ වගකීමකින්ද තොරව ලැබුනු හෙයිනි.මෙම මුදල් වලින් විශාල ප්‍රමාණයක් මානව හිමිකම් උල්ලංඝණය කිරීමේ කටයුතු වලට බලුඛිස්ථාන නොසන්සුන්තාවය වැනි දේශීය ගැටලු සම්බන්ධයෙන් ප්‍රයෝජනයට ගැනුනි.

අප්‍රිකාව

[සංස්කරණය]

2001 සැප්තැම්බර් 11 වෙනි දින එක්සත් ජනපදයට එල්ල කළ ප්‍රහාරයට ප්‍රතිචාර දැක්වීම සඳහා “ඔපරේෂන් එන්ඩ්යුරින්ග් ෆ්රීඩම්” නම් මෙහෙයුම ආරම්භ කරන ලදි. අනෙකුත් මෙහෙයුම් මෙන් නොව OEF – HOA සතුව ඉලක්කයන් වශයෙන් නිස්චිත ත්‍රස්තවාදි සංවිධානයක් නොතිබුනි. ඒ වෙනුවට කලාපය තුල ත්‍රස්තවාදි ක්‍රියා කාරකම් සොයා බැලීමත් ඒවා නතර කිරීමත් නැවත ත්‍රස්තවාදි ක්‍රියා මතු නොවීමට සත්කාරක රටවල් සමග එක්ව කටයුතු කිරීමත් යනාදි කරුණු එහි ඉලක්කයන් විය.

2002 ඔක්තෝම්බර් මාසයේදි ඒකාබද්ධ විශේෂ කාර්ය බලකාය හෝර්න් ඔෆ් ඇෆ්රිකා (CJTF – HOA) ජිබුට්හි කෑම්ප් ල මොනියර් හිදි ආරම්භ කරන ලදි. මෙයට දල වශයෙන් 2000 ක පිරිසක් අයත් වූහ. (එක්සත් ජනපද හමුදා ස්පෙෂල් ඔපරේෂන් ෆෝර්සස්, සහ ඒකාබද්ධ බලකායේ සාමාජිකයින්, ඒකාබද්ධ විශේෂ කාර්ය බලකායේ 150 ක් වශයෙනි) ඒකාබද්ධ බලකායට ඕස්ට්රේලියාව, කැනඩාව, ජර්මනිය, ඉතාලිය, නෙදර්ලන්තය, පාකිස්ථානය, නවසීලන්තය, ස්පාඤ්ඤය සහ එක්සත් රාජධානිය යන රටවල සාමාජිකයින් ඇතුලත් වූහ. මෙම ඒකාබද්ධ හමුදාවට පැවරුන විශේෂ වගකීම වූයේ හෝර්න් ඔෆ් ඇෆ්රිකා කලාපයට සහ ඔපරේශන් ඉරාකි ෆ්රීඩම් කලාපයට ඇතුලු වන සැකකටයුතු නැව්, නැව් බඩු පරික්ෂා කිරීම සැකකටයුතු බඩු ඇතුලු වීම වැලැක්වීමයි. මෙම මෙහෙයුම් වලට ජිබ්වි, කෙන්යා සහ ඉතියෝපියා යන රටවල තෝරා ගත් හමුදාවන්, ත්‍රස්ත විරෝධි කටයුතු සම්බන්ධ පුහුණු කිරීම්ද ඇතුලත් විය. (JTF – HOA) විසින් මෙහෙයවන ලද මානුෂීය ක්‍රියා කාරකම් අතරට පුහුණු වන හමුදා සෙබලුන් අයිති රටවල් වල පාසැල් ගොඩනැගිලි අලුත්වැඩියාව, වෛද්‍ය සායන, වෛද්‍ය සේවා ආදියද ඇතුලත් විය. කෙසේ වෙතත් ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය නම් වැඩ පිළිවෙලට සුඩානය ඇතුලත් නොවීය. එහි රජය විසින් මෙහෙයවන ත්‍රස්තවාදය හේතුවෙන් 400,000 ක් දෙනා මිය ගොස් ඇත.

2006 ජුලි 1 වැනිදා අන්තර්ජාලය ඔස්සේ විසුරුවා හරින ලද ඔසාමා බින් ලාඩන් (ගේ විය හැකි) පණිවුඩයක් මගින් ඉස්ලාමීය රාජ්‍යයක් සෝමාලියාවේ බිහි කරන මෙන ඉල්ලා තිබුනි. එමෙන්ම එයට එරෙහි බටහිර රටවල් කටයුතු කරන්නේ නම් ඔවුන්ට විරුද්ධව සටන් කරන බවද දන්වා තිබුනි.

සෝමාලියාව සැළකුනේ “අසමත් රාජ්‍යයක්” ලෙසිනි. මක්නිසාද යත් එහි මධ්යම රජය ඉතා දුර්වල විය. එහි බලය පතුරුවා ගෙන සිටින්නේ සටන් කාමි කණ්ඩායම් විසිනි. එහි පාලනය ගෙන යාමට තරම් රජය ශක්තිමත් නොවේ. 2006 වර්ෂයේ මැද භාගයේ ආරම්භ වුනු ෂාරියා නීතිය යටතේ නීතය හා සාමය ආරක්ෂා කිරීමට ව්‍යාපාරයක් ගෙන ගිය ඉස්ලාමීක් කෝර්ට්ස් යූනියන් නම් සංවිධානය ඉතා ඉක්මණින් දකුණු සෝමාලියවේ විශාල ප්‍රදේශයක පාලන බලය ලබා ගත්තේය. 2006 දෙසැම්බර් 14 වෙනි දින ඇමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් ජෙන්ඩවි ෆ් රේසර්, ඉස්ලාමික් කොර්ට්ස් යූනියන් සංවිධානය පාලනය කරනු ලබන්නේ අල්ඛයිඩාව විසින් බව කියා සිටියේය. එහෙත් එම ප්‍රකාශය එම සංවිධානය විසින් ප්‍රතික්ෂේප කරන ලදී.

2006 අවසාන භාගයේදි පමණ එක්සත් ජාතීන්ගේ සහයෝගය ලැබු සෝමාලියාවේ අන්තර්වාර ෆෙඩරල් රජය එහි බලය බයිඩෝවා (Biadoa) වට පමණක් සීමා වී ඇති බව දුටුවේය. අග නගරය වූ මොගඩිෂු ඇතුලු සොමාලියාවේ දකුණු ප්‍රදේශයේ වැඩි ප්‍රමාණයක් පාලනය කරන ලද්දේ ඉස්ලාමික් කෝර්ට්ස් යූනියන් සංවිධානය විසිනි. දෙසැම්බර් 20 වෙනි දින ඉස්ලාමික් කෝර්ට්ස් යූනියන් විසින් රජයේ පාලනය හොඳින් පැවති බයිඩෝව ආක්‍රමණය කළේය. ඉතා ඉක්මණින් එහි වාසි දායක ප්‍රතිඵල ලබා ගැනීමට පළමුව ඉතියෝපියාව රජය කෙරෙහි පක්ෂපාතිත්වයෙන් සහයෝගය දැක්වීමට මැදිහත් විය. දෙසැම්බර් විසි හය වැනි දින වන විට ඉස්ලාමික් කෝර්ට්ස් යූනියන් උපක්‍රමයක් ලෙස මොගඩිෂු දෙසට පසු බැස්සේය. අන්තර්වාර ෆෙඩරල් රජය සහ ඉතියෝපියානු හමුදා ළං වෙද්දි ඉස්ලාමික් කෝර්ට්ස් යූනියන් කිස්මයෝ දෙසට පලා ගියහ. 1998 තානාපති කාර්යාලයට බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ සිද්ධියේ සැකකරුවන් තිදෙනෙකු කිස්මයෝ හි රැකවරනය ලබන බව සෝමාලියා අගමැති කියා සිටියේය. 2006 දෙසැම්බර් 30 වැනි දින අල්ඛයිඩා උප නායක අයිමන් අල් - සවාහිරි සියලු ලෝකවාසි මුස්ලිම් වරුනට ආයාචනා කරමින් ඉතියෝපියාව සහ අන්තර්වාර ෆෙඩරල් රජයට එරෙහිව සටන් වදින ලෙස ඉල්ලා සිටියේය.

2007 ජනවාරි 08 වැනි දින සැකකරුවන්ට එරෙහිව සෝමාලියාවේදී AC – 130 යුධ ගුවන් යානා උපයෝගි කර ගනිමින් එක්සත් ජනපදය විසින් ප්‍රහාරයක් එල්ල කරන ලදී.

වසිරිස්ථානය

[සංස්කරණය]

2004 වර්ෂයේදී ෆෙඩරල් පාලනය යටතේ තිබු පාකිස්ථානයේ ගෝත්‍රික කණ්ඩායම් වාසය කරන කලාපයක් වූ වසිරිස්ථානයට 80000 ක භට හමුදාවක් යවමින් පාකිස්ථාන් හමුදාව සටන් ආරම්භ කළේය. මෙහි අරමුණ වූයේ එම කලාපයේ සිටි තලේබාන් සහ අල්ඛයිඩා කණ්ඩායම් ප්‍රදේශයෙන් ඉවත් කිරීමයි. තලේබාන් පාලනය බිඳ වැටුනු පසු තලේබාන් සටන්කාමී සාමාජිකයින් බොහෝ ප්‍රමාණයක් ඇෆ්ගනිස්ථානයේ උතුරු දේශසීමා කලාපයට සහ පකිස්ථානයට පලා ගියහ. පකිස්ථානයේ මෙම ප්‍රදේශ පකිස්ථාන් හමුදාවේ පාලනයට යොමු වී තිබුනේ අඩුවෙනි. ඇමෙරිකා එක්සත් ජනපදයේ ලැබුනු ද්‍රව්‍යමය හා ගුවන් ආධාර උපයෝගි කර ගෙන කාලිඩ් ෂෙයික් මොහොමඩ් වැනි අල්ඛයිඩා ක්‍රියාකාරින් අත්අඩංගුවට ගැනීමට හෝ මරා දැමීමට පකිස්ථාන් හමුදාවට හැකි විය. මෙම ඛාලීඩ් ෂෙයික් මොහොමඩ් USS COLE බෝම්බ ප්‍රහාරයන් ඔබ්ලන් බොජින්කා කුමණ්ත්‍රනයේ සහ වෝල් ස්ට්රීට් ජර්නල් වාර්තාකරුවන් ඩැනියෙල්ගේ ඝාතණය යනාදිය සම්බන්ධයෙන් අවශ්‍ය වී සිටි තැනැත්තෙකි. කෙසේ වෙතත් තලේබාන් සටන් කාමීන් හජි ඕමාර් යටතේ ෆෙඩරල් පාලනයක් පවතින ගෝත්‍රික ප්‍රදේශ වල තවමත් ක්‍රියාකාරිව සිටිති.

ගිණිකොන ආසියාව

[සංස්කරණය]

2002 දී සහ නැවත 2005 දී ද ඉන්දුනිසියාවේ බාලි දූපත මරාගෙන මැරෙන හා මෝටර් රථ බෝම්බ ප්‍රහාරයන්ට ගොදුරු විය. මෙහි ප්‍රතිඵලය ලෙස 200 කට අධික සංඛ්යාවක් මිය ගිය අතර 300 කට අධික සංඛ්යාවක් තුවාල ලදහ. 2002 දී සිදු වූ බෝම්බ ප්‍රහාරයන්ට ‘සාරි ක්ලබ්’ ඉදිරිපිට සිදු වුනු කාර්බෝම්බ පිපිරීමද ඇමෙරිකානු කොන්ස්යුලේට් කාර්යාලය ඉදිරිපිට සිදු වුනු දුරස්ථ පාලකයකින් ක්‍රියාත්මක කළ කාර් බෝම්බය සහ ‘පැඩ්ස් බාර්’ ඇතුලත සිදු වු තවත් බෝම්බ පිපිරීමක්ද ඇතැලත් විය. 2005 දී සිදු වූයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයන් දෙකකි. පළමුවැන්න අහාර ද්‍රව්‍යය විකුණන(ජම්බරන්හි) වෙළඳ සැළක ඉදිරිපිට සිදු වූ අතර දෙවැන්න කුටාහි ප්‍රධාන චතුරස්‍රයේ සිදු විය. මෙම ප්‍රහාරයන් දෙකම සිදු කරන ලද්දේ ජෙමා ඉස්ලාමියා නම් කණ්ඩායම බවට ඉන්දුනිසියානු බලධාරින් සැක කළහ.

2004 සැප්තැම්බර් 9 වැනි දින ජකාර්ථා හි ඕස්ට්රේලියන් තානාපති මන්දිරයට පිටත කාර් බෝම්බයක් පිපිරුනි. මෙයින් ඉන්දුනිසියානු ජාතිකයින් 10 දෙනෙකු මිය ගිය අතර 140 කට වඩා පිරිසකට තුවාල සිදු විය. මුලින් ලැබුනු විපරිත තොරතුරු හැරුනු විට සිද්ධියෙන් මිය ගිය ඕස්ට්රේලියානු ජාතිකයින් ගැන වාර්තා නොවේ. අබුබකර් බෂිර් සිරෙන් නිදහස් නොකළහොත් මෙම ප්‍රහාරය එල්ල කරන බව ඉන්දුනිසියානු බලධාරින්ට ජංගම දුරකථනයක ලඝු පණිවුඩයක් මගින් දැනුම් දී තිබුනු බව විදේශ අමාත්ය ඇලෙක්සැන්ඩර් ඩව්නර් වාර්තා කළේය. 2002 සහ 2005 දි සිදු වූ බාලි බෝම්බ ප්‍රහාරයට රාජ ද්‍රෝහි චෝදනා නගා අබු බකර් බෂිර් සිර ගත කර තිබුනේය. දැනට මෙම ප්‍රහාරයන් දියත් කිරීම සම්බන්ධයෙන් ජෙමාහ් ඉස්ලාමියා සංවිධානය සැකකරන ලබන අතර ප්‍රධාන සැකකරු වන්නේ නුර්දින් මොහොමඩ් ටොප් නම් වූ තැනැත්තාය. ටොප් වනාහි බෝම්බ නිෂ්පාදකයෙකු මෙන්ම ජෙමාහ් ඉස්ලාමියා සංවිධානයේ සිටි පිපිරුම් කටයුතු විශේෂඥයෙකි.

පිලිපීනය

[සංස්කරණය]

2002 ජනවාර්යේදි ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීමට පිලිපීනයට උපදෙස් හා උපකාර කිරීම සඳහා එක්සත් ජනපද විශේෂ මෙහෙයුම් බලකායක් වූ පැසිෆික් පිලිපීනය වෙත යවන ලදී. මෙම මෙහෙයුම ප්‍රධාන වශයෙන් යොමු වූයේ බායිලන් දූපතේ සිටි අබු සායෆ් කණ්ඩායම හා ජෙමා ඉස්ලාමීය කණ්ඩායම් ඉවත් කිරිමයි. අබු සායෆ් කණ්ඩායමේ සාමාජිකයින්ගේ 80% ක ප්‍රමාණයක් එම කලාපයෙන් ඉවත් කළ බව එක්සත් ජනපද හමුදා වාර්තා කළේය. මෙම මෙහෙයුම් දෙවැනි කොටස මෙහෙයවන ලද්දේ වඩාත් මානූෂීය ආකාරයටයි. එහි නම ඔපරේෂන් ස්මයිලිස් (සිනා මෙහෙයුම) යන්නයි. මෙම ව්‍යාපෘතියේ ඉලක්කය වූයේ බායිලන් කලාපයට වෛද්‍ය ආධාර සැපයීම සේවා සැපයීම යනාදියයි. මෙහි පරමාර්ථය වූයේ ත්‍රස්තවාදී කණ්ඩායම්වලට එම ප්‍රදේශ නැවත ස්ථාපිත වීමට ඇති හැකියාව වැළැක්වීමයි.

ප්‍රකාශිත ඇමරිකානු අරමුණු හා උපායමාර්ග

[සංස්කරණය]

ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයක් ඇරඹීමේදී බලපාන අරමුණු ලෙස බුෂ් පාලනය මඟින් පහත කරුණු අර්ථ දක්වා ඇත.



1.‍ ත්‍රස්තවාදීන් හා ඔවුන්ගේ සංවිධාන පරාජය කිරීම.

2. හඳුනාගැනීම, පිහිටි තැන් සොයාගැනීම හා ත්‍රස්තවාදීන් ඔවුන්ගේ සංවිධාන සමඟම විනාශ කිරීම.

3. ත්‍රස්තවාදීන්ට අනුග්‍රහය, උදව් දීම හා ආරක්ෂාව ලබාදීම ප්‍රතික්ෂේප කිරීම.

(i) ත්‍රස්තවාදයට ජනපදවලින් ලැබෙන අනුග්‍රහය නතර කිරීම.

(ii) ත්‍රස්තවාදයට එරෙහිව අන්තර්ජාතික මතයන් හා තත්ත්ව ස්ථාපිත කිරීම හා පවත්වාගෙන යාම.

(iii) ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීමේ අන්තර්ජාතික ප්‍රයත්නය ශක්තිමත් කිරීම හා පවත්වාගෙන යාම.

(iv) කැමැත්ත දක්වන ප්‍රබල ජනපද සමඟ එකට වැඩකිරීම.

(v) දුර්වල ජනපද වලට බලය ලබාදීම.

(vi) ලැදියාවක් නොදක්වන ජනපද වලට ඒත්තු ගැන්වීම.

(vii) කැමැත්ත නොදක්වන ජනපද වලට බල කිරීම.

(viii) ත්‍රස්තවාදයට උදව්දෙන ද්‍රව්‍යමය දෑ නිරෝධනය කිරීම හා විනාශ කිරීම.

(ix) ත්‍රස්තවාදීන් ආරක්ෂා කරන ස්ථාන තුරන් කිරීම.

4. ත්‍රස්තවාදීන් අයුතු ප්‍රයෝජන ගැනීමට සොයන නීති හා කොන්දේසි හීන කිරීම.

(i) අන්තර්ජාතික ප්‍රජාව සමඟ හවුල් වී දුර්වල ජනපද ශක්තිමත් කිරීම හා ත්‍රස්තවාදය නැවත මතු වීම නැවත්විම.

(ii) පරමාදර්ශ යුද්ධය ජයගැනීම.

5. රටින් රට හා රට තුළ සිටින ඇමරිකානු පුරවැසියන් ආරක්ෂා කිරීම හා අයිතිවාසිකම් සුරැකීම.

(i) මවු‍බිමේ ආරක්ෂාව සඳහා ජාතික ප්‍රතිපත්තියක් ක්‍රියාවට නැංවීම.

(ii) රාජ්‍යය දැනුවත් වීම හා අරමුණු මුදුන් පමුණුවා ගැනීම.

(iii) රටින් පිටත හා රට තුළ දැනුම පදනම් වූ සහජීවනය, කල්පැවැත්ම හා උපයෝජ්‍යතාව වර්ධනය කිරීමට ක්‍රියාමාර්ග ගැනීම.

(iv) රටින් රට ඇමරිකානු පුරවැසියන් ආරක්ෂා කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග සංඝටනය කිරීම.

(v) සංඝටනය කරන ලද කළමනාකාරීත්ව හැකියාවන් සුරක්ෂිත කිරීම.

අන්තර්ජාතික සහයෝගය අඩුවීම

[සංස්කරණය]

බ්‍රිතාන්‍ය ජනතාව නැවත නැවතත් කියා සිටියේ ජනාධිපතිගේ ත්‍රස්තවාදයට එරෙහිව සටනට ඔවුන් සහයෝගය නොදක්වන බවයි. ඇමෙරිකාවේ ඉලක්කය ඉරාක තෙල් සොරකම් කිරීමය යන්න ඔවුන්ගේ විශ්වාසය විය. යුද්ධය සාධාරණ කිරීම සඳහා ඇමෙරිකාව ප්‍රයෝජනයට ගත් සංඛ්‍යා ලේඛණ ව්‍යාජ ඒවා බැව් ඔප්පු විය. 2002 දී බ්‍රිතාන්‍යයේ, ප්‍රංශයේ, ජර්මනියේ, ජපානයේ, ඉන්දියාවේ සහ රුසියාවේ බහුතරයක් ඇමෙරිකාව මෙහෙයවු ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයට සහයෝගය දැක්වූහ. 2006 වන විට මෙම සංඛ්‍යාව බ්‍රිතාන්‍ය (49%) ප්‍රංශය (43%) ජර්මනිය (47%) සහ ජපානය (26%) යන රටවල් වල පහල බැස තිබුනේය. රුසියාවේ තවමත් බහුතරයක් ත්‍රස්තවාදයට එරෙහි සටනට සහයෝගය දැක් වූ නමුත් පෙර කී වැඩි සංඛ්‍යාව 21% කින් අඩු වී තිබුනි. 2003 දි ස්පාඤ්ඤ ජනතාවගේ 63% ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයට පක්ෂ වූ අතර 2006 දී එම සංඛ්‍යාව 19% ක් විය. චීන ජනගහණයෙන් 19% ක් එම යුද්ධයට සහයෝගය දක්වති. තුර්කියේ ඊජීප්තුවේ සහ ජෝර්දාන් යන රටවල් ජනගහණයෙන් පහෙන් එකකට අඩු සංඛ්‍යාවක් සහයෝගය පල කළ අතර ඉන්දියාවේ සහයෝගය නොවෙනස්ව පැවතුනේය. ඇන්ඩෲ කොහුම් එ.ජනපද විදේශ කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කමිටුව දේශනයක් පවත්වමින් කියා සිටියේ 2004 දි පිච් පර්යේෂණ මධ්‍යස්ථානය විසින් පවත්වන ලද ජනමත විචාරණයේ ප්‍රතිඵල අනුව රටවල් නමයකින් බහුතරයක් වූ රටවල් හතක් කීවේ ත්‍රස්තවාදයට එරෙහිව කරන ඇමෙරිකාවේ යුද්ධය හුදෙක් අන්තර්ජාතික ත්‍රස්තවාදය මැඩලීම අරභයා කරන අවංක උත්සාහයක් නොවේය යන්නයි. මෙය මොරොක්කෝව, තුර්කිය වැනි මුස්ලිම් රටවල් වල පමණක් නොව ප්‍රංශය සහ ජර්මනියේද පිළිගැනුනේය. මැද පෙරදිග තෙල් පාලනය කිරීමට සහ ලෝකයේ බලවතා බව පෙන්වීමට ඇමෙරිකාවේ තිබෙන කැමැත්ත ත්‍රස්තවාදයට එරෙහි ඇමෙරිකාව ගෙන යන සැබෑ අරමුණ විය.

එක්සත් ජනපද මාධ්‍යයන්හි භූමිකාව

[සංස්කරණය]

මාධ්‍යයන් මගින් යුද්ධය හා බැඳුණු තොරතුරු වාර්තා කරන ස්වරූපය අනුව ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය පිළිබඳ ඇමෙරිකාවේ තේරුම් ගැනීම කෙලින්ම හැඩ ගැසි ඇති බව සන්නිවේදනය හා දේශපාලන පර්යේෂකයින් සොය‍ා ගෙන ඇත. දේශපාලන සන්නිවේදන පර්යේෂකයෙකු වූ ජිම් ඒ කුයිපර් ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය ආවරණය කිරීමේදි පුවත් පත් කෙතරම් අසමත් වූයේද යන්න Bush war බුෂ්ගේ යුද්ධය නම් ප්‍රකාශනයේ සඳහන් කර ඇත. සැම සන්සන්දනය කිරීමකදිම ප්‍රවෘත්ති ආයතන පැත්තෙන් විශාල අගතියක් සිදු වූ බව කුයිපර්ස් විසින් සොයා ගෙන ඇත. මෙම පර්යේෂකයා ප්‍රධාන ප්‍රවාහයේ ප්‍රවෘත්ති මාධ්‍යයන් හඳුන්වා දී ඇත්තේ ප්‍රජාතන්ත්‍ර විරෝධි ආයතනයක් වශයෙනි. 9/11 සිද්ධියත් සමගම ප්‍රධාන ප්‍රවාහයේ ප්‍රවෘත්ති ආයතන (CBS,ABC,NBC,USA Today, නිව් යෝර්ක් ටයිම්ස් සහ Washinton post) බුෂ්ම ප්‍රතිරාවය කළේය. එහෙත් සති අටක් තුළ එය ජාත්‍යන්තර වශයෙන් ජනාධිපති බුෂ් හා සම්බන්ධ තොරතුරු නොසලකා හැරියේය. ඒ වෙනුවට ජනාධිපතිගේ තේමාවන් නැවත සකස් කළහ. නැතහොත් අරමුණ වෙනස් කිරීමට නව කාරණා හඳුන්වා දුන්හ.

පුවත් පත්වල ඉතා වැදගත් ක්‍රියාවක් වූ මෙය විකල්ප මත වාර්තා කිරීමට වඩා දුරට යන්නේය “කෙටියෙන් කියතොත්” යනුවෙන් කුයිපර්ස් මෙ‍සේ කීවේය. “කෙනෙකු ප්‍රවෘත්ති සඳහා ප්‍රධාන ප්‍රවාහයේ මාධ්‍ය කෙරෙහි පමණක් විශ්වාසය තබන්නේ නම් ජනාධිපති ඇත්තටම කීවේ කුමක්ද යන්න ගැන ඔවුනට වැටහීමක් නැත. එය හරියට පුවත් පත් වෙනත් කථාවක් වාර්තා කළා මෙනි” අධ්‍යයනය යනු ඉතා වැදගත් සන්සන්දනාත්මක කරුණු සකස් කිරීමේ විශ්ලේශණයකි. සියල්ලටම වඩා කුයිපර්ස් ජනාධිපති ප්‍රයෝජනයට ගත් 9/11 සහ ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයේ තේමාවන් ගැන පරික්ෂා කර ජනාධිපති කීවේ කුමක්දැයි වාර්තා කරන විට පුවත් පත් විසින් පාවිච්චි කළ තේමාවන් සමග සැසඳුවේය.

“තොරතුරු ගොනු කිරීම එක්තරා ක්‍රියාවලියකි. එහිදි සන්නිවේදකයෝ සංචේතනික හෝ අචේතනික ක්‍රියා කරමින් කිසියම් මත වාදයක් ගොඩනැංවීමට ක‍ටයුතු කරති. මෙයින් තමන්ට ලැබෙන තත්වයක පවත්නා ස්වරූපය වෙනත් පිරිසක් විසින් විශේෂිත ආකාරයකට අර්ථකථනය කිරීමට උනන්දු කරවයි” යනුවෙන් කුයිපර්ස් ලීවේය. ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය සාධාරණීකරනය සහ ඊට සම්බන්ධ සැළසුම් ගැන මහජනතාවට වැරදි තොරතුරු ලැබුනු බව ඉහත කී හෙලිදරව් කිරීම් මගින් හෙළි වේ.

දේශපාලන විද්‍යාඥයෙකු වූ ඉයන් එස් ලුස්ටික් ඔහුගේ “ට්‍රෑෂ් ඉන් ද වෝර් ඔන් ටෙරර්” නම් කෘතියෙහි “ඉදිරියේදි විය හැකි ත්‍රස්තවාදි ව්‍යසනයක් සහ ඊට රජයේ ප්‍රතිචාරය දුර්වල වීම සහ අසමත් වීම සම්බන්ධයෙන් මාධ්‍ය මගින් නිරතුරු අවධානය යොමු කර ඇත” යනුවෙන් ලියා ඇත. ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය යථාර්තයෙන් වෙන් කර ඇති බව ලුස්ටික් පෙන්වා දුන්නේය. ඉරාකය ආක්‍රමණය කිරීම සඳහා කාරණයක් ලෙසින් ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය ආරම්භ විය. මාධ්‍ය ආවරණ මගින් පෝෂණය ලැබු යුද්ධය දිගටම කෙරි ගෙන ගියේය.

මාධ්‍ය පර්යේෂකයෙකු වූ ස්ටීවන් ඩි කූපර්ගේ මාධ්‍ය විවේචන විශ්ලේෂණයක් වූ ‘වොචින් ද වොච් ඩොග්’ (මුර බල්ලන් නිරීක්ෂණය කිරිම්) නම් කෘතියෙහි ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය වාර්තා කිරිම් වලට අදාළ මතවාදයන් ගැටලු පිළිබඳ බොහෝ උදාහරණ අඩංගු වේ. තොරතුරු සොයන්න්ගේ වාර්තා වල වැරදි තොරතුරු පිළිබඳ විවේචන පළ කිරිමට පළමුව ඒවා පරික්ෂා කිරීමට අසමත් වීම පිළිබඳ කරුණු සොයා ගත්තේය. මේ නිසා බොහෝ ප්‍රවෘත්ති ආයතන වලට නැවත මුල සිට යාමට හෝ ප්‍රවෘත්ති නිවැරදි කිරීමට සිදු විය.

මාධ්‍ය ආවරණයේ විවේචනය විශේඥතාවය දක්වන තොරතුරු සොයන්නන් කරුණු හතරක් ඉදිරිපත් කළහ.

1. ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය පිළිබඳ ප්‍රධාන ප්‍රවාහයේ වාර්තා කිරීම් නිතරම සාධක වශයෙන් නිවැරදි නොවන බව - සමහරක් අවස්ථාවන්හිදි වැරදි කරුණු නිවැරදි නොකර තිබේ. ඊටත් වඩා නිවැරදි කිරීම් පෙන්වා දුන්නද එයට ලැබෙන්නනේ මුල් ප්‍රවෘත්තියට වඩා අඩු ස්ථානයකි. 2. ප්‍රධාන ප්‍රවාහයේ ප්‍රවෘත්ති ආයතන තොරතුරු වල හෝ කුලියට ලබා ගත් ඉරාක වාර්තා කරුවන්ගේ වීඩියෝ දර්ශන වල නිවැරදි භාවය සෙවීමට අසමත් වීම. 3. කථා ගොනු කිරීම සෑම විටම වාගේ ප්‍රශ්නකාරි වීම විශේෂයෙන් වීථියක හමුවන තැනැත්තෙකුගේ ප්‍රකාශයක් සමස්ථ ඉරාකයේම අදහසක් බව පෙන්වීමට වෑයම් කිරීම. 4. ප්‍රධාන ප්‍රවාහයේ ප්‍රවෘත්ති ආයතන වැඩිපුර ප්‍රචණ්ඩකාරි ක්‍රියාවන් සිදු වන ප්‍රදේශවල තොරතුරු වාර්තා කිරීමට තිබෙන වැඩි නැඹුරුව සහ ඇතැම් විට සන්සුන් පෙදෙස් වල තොරතුරු අඩුවෙන් වාර්තා කිරීම හෝ කෙසේවත් නොකර සිටීම.


ත්‍රස්තවාදයට විරුද්ධ සටනේ අනපේක්ෂිත ප්‍රතිඵල

[සංස්කරණය]

කාබුල් ප්‍රදේශයේ ඇමෙරිකානු සෙබළෙක් සහ ඇෆ්ගනිස්ථානු පරිවර්තකයෙක්,ඉරාක කාර් බොම්බ පිපිරීමක්]] දේශපාලකයන්, ආරක්ෂක විශේෂඥයින්, ප්‍රතිපත්ති සංවිධාන වලින් සමන්විත සැලකිය යුතු පිරිසක් ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය අනපේක්ෂිත ප්‍රතිඵල ලබාදී ඇති බව පවසයි. මෙම යුද්ධය ඇමෙරිකාවට එරෙහි සංවිධාන ඒකරාශි කිරීමද, අනාගතයේ ඇමෙරිකාවට හා මිතුරු රටවලට එවැනි පහරදීම් සිදුකිරීමේ ඉඩකඩ වැඩිකිරීමද, ත්‍රස්තවාදී බඳවාගැනීම් වර්ධනයටද රුකුල්දී ඇති බව ඔවුන් කියයි. 2005 දී ඔක්ස්ෆඩ් පර්යේෂණ කණ්ඩායම සංක්ෂිප්ත වර්තාවකින් වාර්තා කරන්නේය.

අල්-කයිඩා හා ඔවුන්ගේ සහයකයන් තවමත් ක්‍රියාශිලී අතර ඔවුන්ට වඩා ශක්තිමත් පදනමක් හා 9/11 පහරදීමට වඩා වැඩි පහරදීම් තීව්‍රතාවයක් දැනට පවතී. ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය ජයගැනීමට වඩා දෙවන ‍ජෝර්ජ් W. බුෂ් පාලනයෙන් යුද හමුදා බළඇණිවලට සමාන ක්‍රියාදාමයන් එම පාලනයේ ප්‍රතිපත්ති තුළින් කපා දැමීමක් නොවන අතර සත්‍ය වශයෙන්ම ඇමෙරිකානු-විරෝධී ප්‍රචණ්ඩත්වය වැඩිවීමක් පමණක් සිදුව ඇත.

බ්‍රිතාන්‍යය ආරක්ෂක අමාත්‍යාංශය මඟින් කළ පර්යේෂණය දකුණු අප්‍රිකානු ඩේලි ඇන්ඩ් ගාඩියන් (Daily & Guardian) මෙසේ විස්තර කරයි.

"ඉරාක යුද්ධය ලොව පුරා සිටින මුස්ලිම් අන්තවාදීන් බඳවා ගැනීමකට උදව් වී තිබේ. මෙය අල් කයිඩා හට තරුණයන් බඳවා ගැනීමට රුකුල් දෙන දර්ශනවාදයත්, අවශ්‍යතාවයත් හා බලාපොරොත්තුවක් ලෙස ක්‍රියාකර තිබේ."

පීටර් බර්ගන් හා පෝල් ක්රූක් ප්‍රෑන්ක් (NYU නීති පාසල් නීතිය හා ආරක්ෂාව අංශයේ පර්යේෂකයන්) වාද කර කියා සිටින්නේ ඉරාක යුද්ධයෙන් ඇතිවූ "ප්‍රාණත්‍යාගයේ ගෝලියකරණයය" (Globalization of martyrdom) නිසා වසරක් පාසා සිදුවන ඝාතන ජිහාද් පහරදීම් හා අමතර ත්‍රස්තවාදී පහරදීම් ගණන හා සිවිල් ජනයාගේ අතුරුදහන් වීම් වැඩි වූ බවයි.

වසර 2007 දී ජාතික බුද්ධි අංශ ඇස්තුමේන්තුව (National Intelligence Estimate) පහත ප්‍රධාන තීරණවලට එළඹිණ.

ඉරාක අර්බුදය මුස්ලිම් ප්‍රජාවගේ බලවත් කලකිරීමට හා ඒ හේතුව නිසා ජිහාද් සංවිධානයට ලැබෙන සහය වැඩිවීමකට හේතුවිය. කුඩා සටන්කරුවන් ගණනකින් වුවද සටන ගෙනයාමට තරම් ජිහාද් සංවිධානයේ පෙළඹීම වැඩිවී ඇත.


ද්විත්ව සම්මත (double standards)

අනෙක් පිරිස් ඇමෙරිකාවේ ද්විත්ව සම්මතය විවේචනයට ලක්කර ඇත. ඔවුන් පවසන්නේ පකිස්ථානය වැනි ත්‍රස්තවාදී කොටස් වලට සහය දෙන රටවල් සමඟ ඇමෙරිකාව මිතුරු සම්බන්ධකම් පවත්වන බවයි. ඇෆ්ගනිස්ථානයේ ජනාධිපති හමීඩ් කාසයි (Hamid Kazai) පවසන්නේ "ත්‍රස්තවාදයට එරෙහි සටනේ" කේන්ද්‍රය පකිස්ථානය බවයි. ISI එක හරහා තලෙයිබාන් සංවිධානයට ආධාර සපයන බවට පකිස්ථානයට චෝදනා එල්ලවීද තිබේ. මෙම ද්විත්ව සම්මත චෝදනාවන් වලට සිවිල් නිදහස, සිවිල් අයිතීන් හා ත්‍රස්තවාදය යන කාරණා අයත්ය. ඇමෙරිකානු විද්‍යාඥයන්ගේ සංවිධානය කියා සිටින්නේ "ඇමෙරිකානු පරිපාලනයේ ත්‍රස්තවාදයට එරෙහිව ජනපද ශක්තිය වැඩිකිරීමේ ඉක්මන් වීම නිසා, මානුෂික අයිතීන් උල්ලංඝනය කරන රාජ්‍යයන්ට ආධාර දීම වැළකීම වැනි තීරණ මගහැරී ඇති බවයි.

ජාත්‍යන්තර ක්ෂමා ආයතනය පවසන්නේ දේශමාමක පනත මඟින් ඇමෙරිකානු රජයට පුරවැසියන්ගේ ව්‍යවස්ථාදායක අයිතීන් උල්ලංඝනය කිරීමට නිදහස ලැබී ඇති බවයි. බුෂ් පාලනයේ අසාමාන්‍ය රඳවාගැනීම්, රහස් සිරගෙවල් හා වධදීම් වැනි ක්‍රියා ත්‍රස්තවාදයට ‍එරෙහි යුද්ධයට විරුද්ධ මතවල බලය වැඩිකිරීමක් සිදුකර ඇත.


ආශ්‍රිත

[සංස්කරණය]
  1. ^ ETA ධවල මන්දිරය (ඉහළ වම් කෙළවරෙහි සිට දක්ෂිණාවර්තව: ලෝක වෙළඳ මධ්‍යස්ථානයෙහි ගිනි ගෙන දැවෙන සුන්බුන්, ඇනකොන්ඩා ක්‍රියාන්විතය අතරතුර එජ සොල්දාදුවන් චයිනූක් හෙලිකොප්ටරයකට ගොඩ වෙමින්, සතුරෙක් හා සටන් වැදීමට සූදානමින් සිටින ඇෆ්ගන් හා එජ සොල්දාදුවෙක්, ඉරාකයාහි බැග්ඩෑඩයෙහි මෝටර් රථ බෝම්බයක් පුපුරා යමින් (සැප්තැම්බර් 11, 2001). "ප්‍රසිඩන්ෂල් එඩ්‍රස් ටු ද නේෂන්". පුවත්පත් නිවේදනය.
  2. ^ කෝලි, ජෝන් කේ. (වසන්තය 2003). "අන්හෝලි වෝස්: ඇෆ්ගනිස්තාන්, ඇමරිකා ඇන්ඩ් ඉන්ටර්නැෂන්ල් ටෙරරිස්ම්" (reprint). ඩෙමොක්‍රටිසට්සියා. Archived from the original on 2008-02-19. http://web.archive.org/web/20080219234628/http://findarticles.com/p/articles/mi_qa3996/is_200304/ai_n9199132. 
  3. ^ මේගන් කේ. ස්ටැක් (දෙසැම්බර් 6, 2001). "ෆයිටර්ස් හන්ට් ෆෝමර් ඇලයි". articles.latimes.com. http://articles.latimes.com/2001/dec/06/news/mn-12224. සම්ප්‍රවේශය කෙරුණු දිනය මැයි 2, 2010. 
  4. ^ "අල් කයිඩාස් ෆට්වා". PBS නිවුස්අවර්. 23 පෙබරවාරි 1998. http://www.pbs.org/newshour/terrorism/international/fatwa_1998.html. සම්ප්‍රවේශය කෙරුණු දිනය 10 සැප්තැම්බර් 2011. 
  5. ^ ජේ. ටී. කරුසෝ (8 දෙසැම්බර් 2001). "අල්-කයිඩා ඉන්ටර්නැෂනල්". වර්ල්ඩ් බියුරො ඔෆ් ඉන්වෙස්ටිගේෂන්. එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුව. සම්ප්‍රවේශය 10 සැප්තැම්බර් 2011.
  6. ^ නික් රොබට්සන් (19 අගෝස්තු 2002). "ප්‍රිවියස්ලි අන්සීන් ටේප් ෂෝස් බින් ලාඩන්ස් ඩෙක්ලරේෂන් ඔෆ් වෝ". CNN. http://articles.cnn.com/2002-08-19/us/terror.tape.main_1_bin-international-islamic-front-osama?_s=PM:US. සම්ප්‍රවේශය කෙරුණු දිනය 10 සැප්තැම්බර් 2011. 
  7. ^ ලිසා මේයර්ස් (17 මාර්තු 2004). "ඔසාමා බින් ලාඩන්: මිස්ඩ් ඔපචූනිටීස්". NBC. http://www.msnbc.msn.com/id/4540958/ns/nightly_news/t/osama-bin-laden-missed-opportunities/. සම්ප්‍රවේශය කෙරුණු දිනය 10 සැප්තැම්බර් 2011. 
  8. ^ "රිපෝට් ඔෆ් ද එකවුන්ටිබිලිටි රිවීව් බෝඩ්ස්". එජ රජ්‍ය දෙපාර්තමේන්තුව. අගෝස්තු 7, 1998. http://www.state.gov/www/regions/africa/board_introduction.html. 
  9. ^ "යූ.එස්. ස්ට්‍රයික්ස් ටෙරරිස්ට් ටාගට්ස් ඉන් ඇෆ්ගනිස්තාන්, සුඩාන්". සීඑන්එන්. අගෝස්තු 20, 1998. http://edition.cnn.com/US/9808/20/clinton.02/index.html?eref=sitesearch. 
  10. ^ "යූ.එස්. රිටැලියේට්ස් ෆො ඇෆ්රිකා බොමිංස්". සීඑන්එන්. අගෝස්තු 20, 1998. http://edition.cnn.com/US/9808/20/clinton.01/index.html?eref=sitesearch. 
  11. ^ a b මැල්කම් ක්ලාක්. "බෑඩ් එයාර් ඇන්ඩ් රෑන්ක් හිපොක්‍රසි". www.newstatesman.com. සම්ප්‍රවේශය මැයි 2, 2010. {{cite web}}: Text "මාර්තු 20, 2000" ignored (help)
  12. ^ ස්ටීව්ල් ලී මයර්ස් සහ ටිම් වීනර් (අගෝස්තු 27, 1998). "පොසිබ්ල් බනායින් යූස් ඊස් සීන් ෆො කෙමිකල් ෆැන්ටරි ඉන් සුඩාන්". partners.nytimes.com. http://partners.nytimes.com/library/world/africa/082798attack-us.html. සම්ප්‍රවේශය කෙරුණු දිනය මැයි 2, 2010. 
  13. ^ "වට් පෲෆ් ඔෆ් බින් ලාඩ්න්ස් ඉන්වෝල්මන්ට්". සීඑන්එන්. සැප්තැම්බර් 13, 2001. Archived from the original on 2009-01-24. http://web.archive.org/web/20090124201216/http://cnn.com/2001/US/09/13/binladen.evidence/index.html?eref=sitesearch.