ජෑං ඔක්-ජොං, ලිවිං බයි ලව්

විකිපීඩියා වෙතින්
ජෑං ඔක්-ජොං, ලිවිං බයි ලව්
ජෑං ඹක්-ජොං, ලිවිං බයි ලව් සඳහා ප්‍රවර්ධන පෝස්ටරයක්
මෙලෙසද හැඳින්වේJang Ok-jung, Live for Love
Jang Ok-jung, Living in Love
Jang Ok-jung Lives in Love
ප්‍රභේදයකාලාන්තර නාට්‍ය
ප්‍රේම කථා
මත පදනම්වචෝයි ජුං-මි විසින් රචිත ජෑං හුයි-බින්, ලිවිං බයි ලව්
රචනය කලේචෝයි ජුං-මි
අධ්‍යක්ෂණය කලේබූ සුං-චුල්
රඟපෑමකිම් තේ-හී
යූ ආ-ඉන්
හොං සූ-හ්යුන්
ජේ හී
අවසන් තේමාවයිම් ජේ-බොම් - 비가
Composer(s)කිම් ජුක්-සොක්
ජුං සේ-රින්
සම්භව රටදකුණු කොරියාව
භාෂාව(න්)කොරියානු
කථාංග ගණන24
නිෂ්පාදනය
විධායකනිෂ්පාදක(යෝ)ලී හ්යුන්-ජික්
නිෂ්පාදක(යෝ)කිම් ජින්-ග්‍යුන්
ලී සුං-හූන්
සංස්කාරක(යන්)කිම් යූ-මි
ස්ථානය(න්)කොරියාව
සිනෙමාරූපණයලී යොං-චොල්
ජං සං-ඉල්
ධාවන කාලයමිනිත්තු 60, සඳුදා සහ අඟහරුවාදා 21:55ට (KST)
නිෂ්පාදන සමාගමස්ටෝරිTV
ප්‍රචාරණය
මුල් නාලිකාවසෝල් විකාශන පද්ධතිය
මුල් ධාවනය8 අප්‍රේල් 2013 (2013-04-08) – 25 ජුනි 2013 (2013-06-25)
කාලානුක්‍රමය
පූර්වගමනය වනුයේකිං ඔෆ් ඇම්බිෂන්
අනුගමනය වනුයේඑම්පයර් ඔෆ් ගෝල්ඩ්
බාහිර සබැඳි
වෙබ් අඩවිය
කොරියානු නම
හංගුල්장옥정, 사랑에 살다
හන්ජා張玉貞, 사랑에 살다
ප්‍රතිශෝධිත රෝමානුකරණයජෑං ඔක්-ජොං, සරාං-ඉ සල්දා
මැකූන්–‍රයිෂවර්චෑං ඔක්=චෝං, සරං-ඉ සල්දා
මෙමලිපියෙහි කොරියානු පෙළ අඩංගුය. යෝග්‍ය අනුවාද පහසුකම් නොමැත්තේ නම්, ඔබ හට, හංගුල් සහ හංජා වෙනුවට ප්‍රශ්නාර්ථ ලකුණු, කොටු, හෝ අනෙකුත් සංකේත දිස්විය හැකිය.

ජෑං ඔක්-ජොං, ලිවිං බයි ලව් (කොරියානු장옥정, 사랑에 살다; ප්‍රරෝජෑං ඔක්-ජොං, සරං-ඉ සාල්දා) යනු 2013 දකුණු කොරියානු ඓතිහාසික රූපවාහිනී කතාමාලාවක් වන අතර, මෙහි චරිත නිරූපණය කිම් තේ-හී, යූ ආ-ඉන්, හොං සූ-හ්යුන් සහ ජේ හී විසින් සිදුකරන ලදී. මෙය ජෑං ඔක්-ජොං හෙවත් ජෑං හුයි-බින් යන සැබෑ නාමයෙන් හැඳින්වුණු ජොසොන් රාජවංශයේ උපබිසවක් වටා ගෙතී ඇත. ඇය ඇගේ බල තණ්හාව සහ ක්‍රෑරත්වය නිසා කුප්‍රකට වූ අතර අවසානයේ මරණය හිමි විය. මෙය 2008 චෝයි ජුං-මි විසින් රචිත ජෑං හුයි-බින්ගේ ජීවිතකථාව ඇසුරෙන් ප්‍රබන්ධ කළ නවකථාවක් ඇසුරෙන් නිමවා ඇත. මෙය තුළ නිරූපිත ජෑං හුයි-බින්, ජොසොන් රාජවංශය තුළ මෝස්තර නිර්මාණකරණයේ සහ රූපලාවන්‍ය ද්‍රව්‍ය නිර්මාණයේ නියැළුණු තැනැත්තියක ලෙස දක්වා ඇත.[1][2][3]

මෙම කතාමාලාව කොරියාවේ එස්බීඑස් නාළිකාව මගින් 2013 අප්‍රේල් 8 සිට ජූනි 25 දක්වා සඳුදා සහ අඟහරුවාදා දිනවල 21:55ට කථාංග 24කින් යුක්තව විකාශය කරන ලදී.

චරිත නිරූපණය[සංස්කරණය]

ප්‍රධාන චරිත[සංස්කරණය]

සහාය රංගනය[සංස්කරණය]

  • සුං දොං-ඉල්, ජෑං හ්යුන් ලෙස
  • ලී හ්යෝ-ජුං, මින් යූ-ජූං ලෙස
  • කිම් සෝ-රා, යූන් මැතිණිය ලෙස, ඔක්-ජොංගේ මවයි
  • ගෝ යොං-බින්, ජෑං හී-ජේ ලෙස
    • ලී ජි-ඕ, ළමා ජෑං හී-ජේ ලෙස
  • ජොන් ඉන්-තේක්, හ්යොන්ජොං රජු ලෙස
  • කිමි සුන්-ක්යුං, මියොංසොං අගබිසව ලෙස
  • ලී හ්යෝ-චුන්, ජංන්‍යොල් අගබිසව ලෙස
  • ආ යොං, ම්යොංගන් කුමරිය ලෙස
  • ලී දොං-ෂින්, කිම් මන්-කි ලෙස
  • කිම් හා-ඉයුන්, ඉන්ග්යොං අගබිසව ලෙස
  • යූන් යූ-සුන්, කං මැතිණිය ලෙස
  • ජං යොං-නම්, චොන් පාලිකාව ලෙස
  • ජි යූ, ජා-ක්යොං ලෙස
    • කිම් මින්-හ්වා, ළමා ජා-ක්යොං ලෙස
  • චෝයි සං-හූන්, ජෝ සා-සොක් ලෙස
  • රා මි-රන්, ජෝ සා-සොක්ගේ බිරිඳ ලෙස
  • ලී හ්යුං-චුල්, බොක්සුන් කුමරු ලෙස
  • බේ ජින්-සොබ්, හ්යුන්-මූ ලෙස
  • ලී ගුන්-ජූ, යැං පණ්ඩක ලෙස
  • කිම් ගා-ඉයුන්, හ්යෑං-යි ලෙස
    • සොං සූ-හ්යුන්, ළමා හ්යෑං-යි ලෙස
  • ලී හ්යෝ-රිම්, සෝල්-හ්යෑං ලෙස
  • කිම් සේ-ඉන්, ජුං හොන්-ජා ලෙස, උතුරු ගම්මාන කාන්තාවකි
  • කිම් නන්-ජූ, චෝයි පාලිකාව ලෙස
  • මින් ජි-ආ, හොං-ජූ ලෙස
  • යූ සා-රා, සෝල්-බි ලෙස
  • ලී ජා-මින්, යොන්-හොං ලෙස
  • කිම් සූන්-තේ, උයි-ක්වන් ලෙස
  • ලී සා-රං, යකැදුරු ඕ-ර්යේ ලෙස
  • හා ෂි-ඉයුන්, ෂි-යොං ලෙස
  • ජං යොං-ජූ, මාලිග සේවිකාවක් ලෙස
  • චෝයි යේ-ජි, සුළුදියණිය ලෙස

නිෂ්පාදනය[සංස්කරණය]

මෙම කතාමාලාව රචනා කරන ලද්දේ චෝයි ජුං-මි නිසින් ඇගේ 2008 වර්ෂයේ රචිත නවකථාවක් වූ ජෑං හුයි-බින්, ලිවිං බයි ලව් ඇසුරෙනි.[11] මෙය අධ්‍යක්ෂණය කරන ලද්දේ බූ සුං-චුල් විසිනි. ඔහු විසින් මීට පෙර එස්බීඑස් නාළිකාවේ මයි ගර්ල්ෆ්‍රෙන්ඩ් ඊස් අ ගුමිහෝ (2010) සහ ස්ටාර්’ස් ලවර් (2009) යන නාට්‍ය අධ්‍යක්ෂණය කරන ලදී.

2013 ජනවාරි 22 දින, යූ ආ-ඉන්ගේ රංගනය පිළිබඳ නිවේදනය කරන ලදී. මෙය කේබීඑස් නාළිකාවලින් 2008දී විකාශය වූ ස්ට්‍රෝංගස්ට් චිල් වූ සහ 2010දී විකාශය වූ සංක්යුන්ක්වාන් ස්කැන්ඩල් යන කතාමාලාවලින් පසු එරට විකාශය වූ තෙවන ඓතිහාසික කතාමාලාව විය. නිෂ්පාදකයින් විසින් ජෑං ඔක්-ජොංට වඩා සුක්ජොං වයසින් බාල බවට වූ ඓතිහාසික වාර්තාව සැලකිල්ලට ගනිමින් චරිතය සඳහා කිම් තේ-හීට වඩා අවුරුදු පහකින් ලාබාල යූව තෝරාගන්නා ලදී.[12] යූ පැවසූයේ "මේ චරිතය රඟපෑමේ අවස්ථාව අහිමි කරගන්නට මා කැමති නැහැ. මේ චරිතය සහ මා අතර යම් සමානතාවන් තිබෙනවා. ඒ නිසා කවුරුන් මාව වැළැක්වුවත්, මේ චරිතය පිළිබඳ මගේ තිබෙන සම්බන්ධය නැතිවන්නේ නැහැ" යනුවෙනි.[13]

2013 පෙබරවාරි 1 දින මෙහි නළුවන් සහ නිෂ්පාදකයින් එහි පළමු පිටපත් කියවීමට සහභාගී වූහ.[14]

සම්මාන සහ නිර්දේශ[සංස්කරණය]

වර්ෂය සම්මානය ප්‍රවර්ගය පුද්ගලයා ප්‍රතිඵලය
2013 2වන APAN ස්ටාර් සම්මාන රංගන සම්මානය, නිළිය ජං යොං-නම් නිර්දේශිත
හොඳම නවක නළුවා ලී සං-යොබ් නිර්දේශිත
SBS නාට්‍ය සම්මාන[15] විශිෂ්ට සම්මානය, විශේෂ නාට්‍යයක නළුවා යූ ආ-ඉන් නිර්දේශිත
සුං දොං-ඉල් දිනාගති
විශිෂ්ට සම්මානය, විශේෂ නාට්‍යයක නිළිය කිම් තේ-හී නිර්දේශිත
විශේෂ රංගන සම්මානය, විශේෂ නාට්‍යයක නළුවා ලී හ්යෝ-ජුං දිනාගති

අන්තර්ජාතික විකාශය[සංස්කරණය]

රට රූපවාහිනී ජාලය විකාශය ඇරඹීම තේමාව
තායිලන්තය චැනල් 3 May 17, 2016 จางอ๊กจอง ตำนานรักคู่บัลลังก์[16]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. හෝ, ස්ටුවර්ට් (8 October 2012). "කිම් තේ හී කාස්ට් න් හර් ෆස්ට් හිස්ටොරික් ඩ්‍රාමා, ජෑං ඔක් ජොං ඈස් ජෝසොන් ඩයිනාස්ටි'ස් ඉන්ෆේමස් ලේඩි ජෑං හී බින්". ඊනිව්ස්වර්ල්ඩ්. CJ E&M. සම්ප්‍රවේශය 2013-01-23.
  2. සුන්වූ, කාර්ලා (9 October 2012). "කිම් තේ-හී ටු ටේක් ඔන් ෆස්ට් පීරියඩ් ඩ්‍රාමා". කොරියා ජූංඇං ඩේලි. සම්ප්‍රවේශය 2013-01-23.
  3. කිම්, තොං-හ්යුං (12 March 2013). "මිඩ්වීක් රවුන්ඩ්අප්: ඉන් කේස් යූ මිස්ඩ් ඉට්". ද කොරියා ටයිම්ස්. සම්ප්‍රවේශය 2013-03-17.
  4. ලී, හ්යේ-ජි (10 October 2012). "කිම් තේ-හී ටු ටර්ව් ෆෙම් ෆේටේල් ඉන් නිව් ටීවී සීරීස්". ටෙන්ඒෂියා. සම්ප්‍රවේශය 2013-01-23.
  5. ලී, හ්යේ-ජි (22 January 2013). "යු ආ-ඉන් ටු ටේක් ලීඩ් ඉන් කිම් තේ-හී'ස් නිව් ඩ්‍රාමා". ටෙන්ඒෂියා. සම්ප්‍රවේශය 2013-01-25.
  6. චෝයි, බෝ-රන් (22 January 2013). "යූ ආ ඉන් ප්ලේස් ඔපොසිට් ටු කිම් තේ හී ඔන් නිව් ටීවී සීරීස්". ස්ටාර් නිව්ස්. සම්ප්‍රවේශය 2013-01-25.
  7. දෝ, ජෙ-හේ (17 June 2013). "නිව් ෆේස් ඔෆ් කොරියන් ඩ්‍රාමා: යූ ආ-ඉන් ස්ටීල්ස් ෂෝ ඉන් SBS ජෑං ඔක්-ජොං, ලිවිං බයි ලව්". ද කොරියා ටයිම්ස්. සම්ප්‍රවේශය 2013-06-28.
  8. කං, ජුං-යොන් (27 June 2013). "යු ආ-ඉන් බිඩ්ස් ෆෙයාවෙල් ටු ෆෑන්ස් ඔෆ් ජෑං ඔක්-ජොං". ටෙන්ඒෂියා. සම්ප්‍රවේශය 2013-06-28.
  9. හෝ, ස්ටුවර්ට් (24 January 2013). "ඇක්ටර් ජේ හී ජොයින්ස් ජෑං ඔක් ජොං ඈස් කිම් තේ හී'ස් ෆස්ට් ලව්". ඊනිව්ස්වර්ල්ඩ්. CJ E&M. සම්ප්‍රවේශය 2013-01-27.
  10. සුන්වූ, කාර්ලා (4 February 2013). "KARA'ස් හන් ටු වර්ක් විත් කිම් තේ-හී". කොරියා ජූංඇං ඩේලි. සම්ප්‍රවේශය 2013-02-04.
  11. 장희빈 사랑에 살다. ක්යෝබෝ බුක්ස්ටෝර් (කොරියානු බසින්). සම්ප්‍රවේශය 2013-04-16.
  12. අන්, සෝ-හ්යෝන් (2013 ජනවාරි 22). "යූ ආ ඉන් කාස්ට් ඈස් සුක්ජොං ෆෝ ජෑං ඔක් ජොං". ඊනිව්ස්වර්ල්ඩ්. CJ E&M. සම්ප්‍රවේශය 2013-01-25. {{cite web}}: Check date values in: |date= (help)
  13. යූන්, සං-ග්‍යුන් (2012 මාර්තු 27). "යූ ආ ඉන්: "සුක්ජොං ඊස් සිමිලර්ටු මී"". ස්ටාර් නිව්ස්. සම්ප්‍රවේශය 2013-04-16. {{cite news}}: Check date values in: |date= (help)
  14. චෝයි, බෝ-රන් (2013 පෙබරවාරි 1). "කිම් තේ හී ඇන්ඩ් යූ ආ ඉන් හෑව් ෆස්ට් මීටිං ෆෝ අ නිව් ටීවී සීරීස්". ස්ටාර් නිව්ස්. සම්ප්‍රවේශය 2013-02-04. {{cite news}}: Check date values in: |date= (help)
  15. ලී, කෝරි (2014 ජනවාරි 2). "ලී බෝ-යොං ග්‍රැබ්ස් ෆස්ට් ටොප් ‍ප්‍රයිස් ඇට් ද 2013 SBS ඩ්‍රාමා අවෝඩ්ස්". ටෙන්ඒෂියා. සම්ප්‍රවේශය 2014-02-01. {{cite web}}: Check date values in: |date= (help)
  16. ආ ජොං (ජූලි 19, 2016). "จางอ๊กจอง ตำนานรักคู่บัลลังก์ ජෑං ඔක් ජොං – ซีรีย์เกาหลี". korea.tlcthai (තායි බසින්). සම්ප්‍රවේශය 2016 අගෝස්තු 12. {{cite news}}: Check date values in: |accessdate= (help)

බාහිර සබැඳි[සංස්කරණය]