වොරියර් බෙක් දොං-සූ

විකිපීඩියා වෙතින්
වොරියර් බෙක් දොං-සූ
වොරියර් බෙක් දොං-සූ සඳහා ප්‍රවර්ධන පෝස්ටරයක්
මෙලෙසද හැඳින්වේThe Warrior, Baek Dong-soo
ප්‍රභේදයකාලාන්තර නාට්‍ය
ක්‍රියාදාම
ප්‍රේම කථා
නාට්‍ය
මත පදනම්වලී ජේ-හොන්ගේ ඔනරබල් බෙක් දොං-සූ ඇසුරෙනි
රචනය කලේක්වොන් සූන්-ක්යු
අධ්‍යක්ෂණය කලේලී හ්යුන්-ජික්
කිම් හොං-සුන්
රඟපෑමජි චං-වූක්
යූ ස්‍යුං-හෝ
යූන් සෝ-යි
ෂින් හ්යුන්-බින්
චෝයි මින්-සූ
ජුන් ක්වං-ර්යුල්
සම්භව රටදකුණු කොරියාව
භාෂාව(න්)කොරියානු
කථාංග ගණන30
නිෂ්පාදනය
ස්ථානය(න්)කොරියාව
ධාවන කාලයසඳුදා සහ අඟහරුවාදා 21:55ට (KST)
ප්‍රචාරණය
මුල් නාලිකාවසෝල් විකාශන පද්ධතිය
මුල් ධාවනය4 ජූලි 2011 (2011-07-04) – 10 ඔක්තෝබර් 2011 (2011-10-10)
කාලානුක්‍රමය
පූර්වගමනය වනුයේලයි ටු මී
අනුගමනය වනුයේඅ තවුසන්ඩ් ඩේ’ස් ප්‍රොමිස්
බාහිර සබැඳි
SBS නිල වෙබ්අඩවිය

වොරියර් බෙක් දොං-සූ (කොරියානු무사 백동수; ප්‍රරෝමුසා බෙක් දොං-සු) යනු 2011 දකුණු කොරියානු ප්‍රබන්ධ ඓතිහාසික කතාමාලාවක් වන අතර, එහි ප්‍රධාන චරිත නිරූපණය ජි චං-වූක්, යූ ස්‍යුං-හෝ, යූන් සෝ-යි, ෂින් හ්යුන්-බින්, චෝයි මින්-සූ සහ ජුන් ක්වං-ර්යුල් විසින් සිදුකොට ඇත.[1] මෙය SBS නාළිකාව ඔස්සේ 2011 ජූලි 4 සිට ඔක්තෝබර් 10 වනදා දක්වා සඳුදා සහ අඟහරුවාදා දිනවල 21:55ට කථාංග 29කින් යුක්තව විකාශය කරන ලදී.[2][3] මෙය 2010දී ප්‍රකාශයට පත් වූ චිත්‍රකථාවක් වූ ලී ජේ-හොන්ගේ Honorable Baek Dong-soo ඇසුරෙන් නිමවා ඇත. මෙමගින් ජොසොන් රාජවංශයේ ඓතිහාසික චරිතයක් වූ ‍බෙක් දොං-සූ අසිපත්කරුවකු සහ ජනතා වීරයකු බවට පත් වූ අයුරු නිරූපිත ය. එසේම බෙක් ජොංජෝ රජු විසින් පත්කරන ලද මුයෙදොබොතොංජි නම් වූ ප්‍රධාන යුධ කෘතියෙහි කතුවරයින් තිදෙනාගෙන් එක් අයෙකි. ජොසොන් රාජවංශයේ දේශපාලන පක්ෂ අතර, එනම් ජොංජෝ රජු, ක්විං තානාපති, ජපන් අසිපත්කරු කෙන්සෝ, සහ ඝාතක හ්‍යුක්සා චොරොං වැන්නවුන්ගේ බල අරගල මැදින් දිවෙන මේ කතාමාලාව සහෝදරත්වය, මිත්‍රත්වය, පාක්ෂිකභාවය සහ ගෞරවය පිළිබඳ කරුණු රැසක් අපට හෙළිකරයි.[4]

චරිත නිරූපණය[සංස්කරණය]

නිදහස් අසිපත්කරුවකු වන මොහු රාජකීය ආරක්ෂකයකු ලෙස සිය වගකීම මෙහෙයවයි.
යෝ චෝ-සංගේ පුත්‍රයායි. දොං-සූගේ මිතුරා වේ. ඔහු යූ ජි-සුන්ට ප්‍රියකරයි.
ජි සහ කිම් ග්වං-තේක්ගේ දියණියයි. දොං-සූගේ ළමා වියේ මිතුරියකි.
සදෝ කුමරුගේ උපබිසවකි. පසුව දොං-සූ සහ වූන්ට ඇය ප්‍රියකරයි.
ශයුක්සා චොරොං ඝාතක කල්ලියේ නායකයායි. යෝ වූන්ගේ ගුරුවරයායි.
ජොසොන්හි ඉහළම අසිපත්කරුවායි, දොං-සූගේ ගුරුවරයායි.
දොං-සූව හදාවඩා ගන්නා තැනැත්තායි.
දොං-සූ, වූන් සහ චෝ-රිප් සටන්කලාව උගත් පුහුණු කඳවුරේ නායකයායි.
  • ලී ජින්-ආ, ජං-මි ලෙස
හ්‍යුක් සා-මෝගේ පෙම්වතියයි.
අසිපත්කාරිණියකි. චුන් සහ කිම් ග්වං-තෙක්ගේ හදවත දිනාගන්නී ය. ජින්-ජූගේ මවයි.
චොන් සහ ජිට අමතරව හ්‍යුක්ෂා චොරොංහි නායකයින් තිදෙනාගෙන් තෙවැන්නායි.
ජොසොන්හි රාජ්‍ය අමාත්‍යවරයා සහ කතාමාලාවේ සිටින ප්‍රධාන දුෂ්ටයා යි. ඔහු කුමන්ත්‍රණයක් සැලසුම් කරනමුත් එය අසාර්ථක වීමෙන් පසු, ඔහු සහ ඔහුගේ පුත්‍රයාට දඬුවම් පමුණුවනු ලැබෙයි.
ජොසොන් සෙන්පතියකු සහ සදෝ කුමරුගේ හිතවතෙකි.
  • කිම් දොං-ක්‍යුන්, බූ ග්වන් ලෙස
හොං දේ-ජුගේ අදක්ෂ දෙවැන්නායි.
  • චෝයි ජේ-හ්වන්, යැං චෝ-රිප් ලෙස
දොං-සූ සහ වූන්ගේ මිතුරු තුන්හවුලේ තෙවැන්නායි.
යෝ වූන්ගේ පියායි.
ජින්-ජූව සිය දියණිය ලෙස හදාගත් තැනැත්තායි.
සිතුවම් ශිල්පියකු වන මොහු දොං-සූගේ මිතුරෙකි. ජින්-ජූට ප්‍රිය කරයි.
ජං දේ-ප්යෝගේ දියණියයි. පසුව චෝ-රිප්ගේ පෙම්වතිය බවට පත් වේ.
  • කං සුං, හොං සා-හ්යේ ලෙස
හොං දේ-ජුගේ පුත්‍රයා යි.
යෝ වොන්ට උපකාර කරන මාලිග පාලිකාවකි.
ජපන් සමුරායිවරයෙකි
  • චෝයි යූ-සුං

අන්තර්ජාතික විකාශය[සංස්කරණය]

මෙය තායිලන්තය තුළ මෙය චැනල් 7 නාළිකාව ඔස්සේ nạk s̄ū̂ khū̀ bạllạngk̒ (นักสู้คู่บัลลังค์) යන තේමාව ඔස්සේ 2014 මැයි 15දින විකාශය අරඹන ලදී.[5]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. කිම්, හී-ජු (20 ජූනි 2011). "ඔන් ද සෙට් ඔෆ් SBS ටීවී සීරීස් ද වොරියර්, බෙක් දොං-සූ". 10ඒෂියා. සම්ප්‍රවේශය 2013-02-25.
  2. හන්, යෝ-වූල් (6 සැප්තැම්බර් 2011). "SBS සීරීස් ද වොරියර්, බෙක් දොං-සූ එක්ස්ටෙන්ඩඩ් බයි 6 එපිසෝඩ්ස්". 10ඒෂියා. සම්ප්‍රවේශය 2013-02-25.
  3. හොං, ලුෂියා (12 ඔක්තෝබර් 2011). "ද වොරියර් බෙක් දොං-සූ බොව්ස් අවුට් අටොප් මන්-ටියුස් ලයිනප් ෆෝ 13ත් වින්". 10ඒෂියා. සම්ප්‍රවේශය 2013-02-25.
  4. හ්වැං, හ්යෝ-ජින් (5 ජූලි 2011). "රිවීව්: SBS ටීවී සීරීස් ද වොරියර්, බෙක් දොං-සූ - ෆස්ට් එපිසෝඩ්". 10ඒෂියා. සම්ප්‍රවේශය 2013-02-25. {{cite web}}: no-break space character in |title= at position 17 (help)
  5. "වොරියර් බෙක් දොං-සූ นักสู้คู่บัลลังก์ – ซีรีย์เกาหลี". korea.tlcthai.com. 28 අගෝස්තු 2015. තායි: Thai

බාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=වොරියර්_බෙක්_දොං-සූ&oldid=535333" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි