කිරුළ හිමි සදෝ කුමරු
කිරුළ හිමි සදෝ කුමරු | |
![]() කිරුළහිමි සදෝ කුමරුගේ උඩුකය රුව | |
කොරියානු නම | |
---|---|
හංගුල් | 장조 |
හන්ජා | 莊祖 |
ප්‍රතිශෝධිත රෝමානුකරණය | ජංජෝ |
මැකූන්–රයිෂවර් | චංජෝ |
මරණාපර නාමය | |
හංගුල් | 사도 세자 |
හන්ජා | 思悼 世子 |
ප්‍රතිශෝධිත රෝමානුකරණය | සදෝ සේජා |
මැකූන්–රයිෂවර් | සදෝ සේජා |
කිරුළහිමි සදෝ කුමරු (13 පෙබරවාරි 1735 - 12 ජූලි 1762) යනු ජංහොන් කුමරු යනුවෙන් උපත ලැබූ, යොංජෝ රජුගේ (1694 – 1776) දෙවන පුත්‍රයායි. ඔහුගේ වැඩිමහල් සොහොයුරා වූ හ්යෝජං කුමරුගේ (1728) මරණයත් සමග, නව කුමරු රාජකීය අනුප්‍රාප්තිකයා බවට පත් විය. කෙසේනමුත් සදෝ කුමරුට රාජ්‍යත්වයට පත්වීමට අවස්ථාව නොලැබිණි. 27වැනි වියේ දී, සිය පියාගේ අණින් ඔහුට දඬුවම් පමුණුවන ලද අතර, සහල් බහාලුමක සිරකරනු ලදුව, කුසගින්න හේතුවෙන් ඔහු මියගියේ ය.[1] ඔහුගේ පියා විසින් ඔහුට "දැඩි ශෝකයක් සමග සිහිකැඳවන" යන අරුතැති සදෝ යන මරණාපර නාමය ලබාදෙන ලදී.
දඬුවම
[සංස්කරණය]ඉතිහාසයේ සඳහන් වන්නේ සදෝ මානසික ආබාධයකින් පෙළුණු බවයි; අත්තනෝමතිකව මාලිගයේ ජනතාව ඝාතනය කළ ඔහු ස්ත්‍රී දූෂකයකු ලෙස සැලකේ. මාලිගයේ නීති අනුව, රාජකීයයකු සාමාන්‍ය මහජන දඬුවම් ක්‍රම අනුව දඬුවම් පැමිණවිය නොහැකි වූ නිසා, සදෝගේ බිරිඳ සහ පුත්‍රයාව ද (පවුලේ එකම පිරිමි අනුප්‍රාප්තිකයා) මරණ දඬුවමට ලක්කිරීමේ හෝ පිටුවහල් කිරීමේ හැකියාව තිබිණි.[2] එහි ප්‍රතිඵලයක් ලෙස යොංජෝ රජු, සදෝගේ මව වූ යි බිසවගේ අනුමැතිය ඇතිව 1762 උණුසුම් ජූලි දිනෙක සදෝව දැවයෙන් තැනූ සහල් බහාලුමක (දළ වශයෙන් අඩි 4x4x4) සිරකිරීමට රාජකීය නියෝගයක් නිකුත්කළේ ය. ඉන් දින අටකට පසු, සදෝ මියගියේ ය.[3]
කුමන්ත්‍රණ න්‍යාය
[සංස්කරණය]19වන සියවසේ දී, සදෝ කුමරුට මානිසක රෝගයක් නොතිබූ බවටත්, ඔහුව වැරදිවලට හසුකළ බවටත් කටකතා පැතිරගියේ ය. කෙසේනමුත්, ඔහුගේ බිරිඳ වූ හ්යේග්යොං ආර්යාව සිය හ්යේග්යොං ආර්යාවගේ මතක සටහන් ග්‍රන්ථය තුළ මේවා ප්‍රතික්ෂේප කොට ඇත. සදෝගේ මරණය ඔහුගේ අපචාරී කියවලට දුන් දඬවමක් නිසා සිදු වී ද, නැතහොත් ඔහුව ඔහුගේ දේශපාලන විරුද්ධවාදීන්ගේ කුමන්ත්‍රණයකට හසුවීමෙන් සිදුවූවවක් ද යන්න පිළිබඳ නොයෙකුත් වාදවිවාද පවතී.
භූමදානය
[සංස්කරණය]කිරුළහිමි සදෝ කුමරුගේ දේහය යංජුහි බේබොංසන් කන්දේ භූමදාන කරන ලදී. පසුව ඔහුගේ පුත්‍රයා වූ ජොංජෝ රජු විසින් 1789දී එය දැන් පවතින ස්ථානය වන සෝල්වලට කිලෝමීටර් 30ක් දකුණින් පිහිටි සුවොන් අසල, හ්යොල්ල්‍යුංවොන් වෙත රැගෙන යන ලදී. විශේෂයෙන්ම වසර පහකට පසු ජොංජෝ රජු විසින් ඔහුව අනුස්මරණය කොට සිය පියාගේ සොහොනට ගෞරව දැක්වීම සඳහා සුවොන්හි හ්වාසොං බලකොටුව ඉදිකරන ලදී. (මෙය ඉදිකිරීම 1794-1796 කාලයේ සිදු වූ අතර, නිල වශයෙන් පිළිගැනෙන්නේ 1795දී බවයි) 1816දී හ්යේග්යොං ආර්යාව ද මියගිය අතර, ඇයව ද ඇගේ සැමියා අසලින් මිහිදන් කරන ලදී.
සදෝ කුමරු සහ හ්යේග්යොං ආර්යාව මරණින් පසු නිලයෙන් ඉහළට ඔසවන ලද අතර, ඔවුනට 1899දී යැංජෝ අධිරාජයා සහ හොන්යොං අධිරාජිනිය යන නාමයන් ප්‍රදානය කරන ලදී. ඔවුන්ගේ සොහොන් සහ ඔවුනට යාබද පිහිටි ඔවුන්ගේ පුත්‍රයා වූ ජොංජෝ රජුගේ සහ හ්යෝයී අගබිසවගේ සොහොන් පසුව යුංන්‍යොං ලෙස නම්කරන ලදී.
තහනම සහ ප්‍රතිෂ්ඨාපනය
[සංස්කරණය]සදෝ කුමරුගේ මරණින් වසර පහළොවකට පසුව, ඔහුව නැවත තනතුරෙහි පිහිටුවන ලදී. යොංජෝ රජු සිය රාජ්‍ය සමයේ දී, සදෝ යන නාමය පවා තහනම් කොට තිබූ බව පැවසේ. මේ තීරණය හේතුවෙන්, යොංජෝගෙන් පසුව රාජ්‍යත්වයට පත් වූ සදෝ කුමරුගේ පුත්‍රයා වූ ජොංජෝගේ නම ඔහුගේ මියගිය මාමණ්ඩියගේ (හ්යෝජං කුමරුගේ) පවුලේ නාමලේඛනයට ඇතුළත් කරන ලදී. රජ බවට පත්වීමෙන් අනතුරුව, ජොංජෝ රජුගේ පළමු කාර්යයන් අතරින් එකක් වූයේ, "මමා සදෝ කුමරුගේ පුතණුවන් වෙමි"යි යනුවෙන් සඳහන් කරන ලදී. ජොංජෝ සෑඹවිටම සිය පියාණන් වූ සදෝ කුමරුට දැඩි සෙනෙහසක් දැක් වූ අතර, ඔහුගේ සැබෑ නාමය සහ තනතුර වූ ජංහොන් කුමරු යන නාමය නැවත පිහිටුවන ලදී.
පවුල
[සංස්කරණය]- පියා: ජොසොන්හි යොංජෝ (영조), 21වන රජු
- මව: ජොන්‍යුයි යි වංශයේ රාජකීය වංශවත් යොං බිසව (영빈 이씨, 1696–1764)[4][5]
- බිසෝවරු:
- පූංසන් හොං වංශයේ හ්යේග්යොං ආර්යාව, 혜경궁 홍씨, 1735–1816). හොං බොං-හන් (홍봉한) —සොන්ජෝ රජුගේ එකම නීත්‍යානුකූල දියණිය වූ ජොංම්යොං (1603-1685) කුමරියගේ මී මී මුණුපුරා— සහ හන්සුන් යි වංශයේ යි මැතිණියගේ දියණියයි. 1899දී කොරියාවේ ගෝජොං අධිරාජයා විසින් ඇයව හොංග්යොං අගබිසව (헌경왕후) යන නාමයට උසස් කරන ලදී.
- අනුප්‍රාප්තික කුමාර උයිසෝ (의소세자, 1750–1752)
- ජොසොන්හි ජොංජෝ (1752-1800), කුමාර අනුප්‍රාප්තික පැවතෙන්නා (왕세손), 22වන රජු (정조)
- චොංග්යොන් කුමරිය (청연공주, 1754-1821)
- චොංසොන් කුමරිය (청선공주, 1756–1802)
- ඉම් වංශයේ රාජකීය වංශවත් සුක් බිසව (숙빈 임씨)
- පාක් වංශයේ රාජකීය වංශවත් ග්යොං බිසව (경빈 박씨)
- ඉයුන්ජොන් කුමරු (은전군, 1759–1778)
- චොංග්‍යුන් කුමරිය (청근옹주, 1758–1792)
ඔහුගේ සම්පූර්ණ මරණාපර නාමය
[සංස්කරණය]- අනුප්‍රාප්තික කුමර සදෝ සුදොක් දොංග්යොං හොංගින් ග්යොංජි ජංර්යුන් ර්යුංබොම් කිම්යොං චංහ්යු ජංහොන්
- 사도수덕돈경홍인경지장륜륭범기명창휴장헌세자
- 思悼綏德敦慶弘仁景祉章倫隆範基命彰休莊獻世子
ඔහුගේ අධිරාජ්‍ය මරණාපර නාමය
[සංස්කරණය]- උයි අධිරාජ ජංජෝ
- 장조의황제
- 莊祖懿皇帝
ජනප්‍රිය සංස්කෘතිය තුළ
[සංස්කරණය]- 1956 චිත්‍රපටයක් වූ ද ට්‍රැජික් ප්‍රින්ස් තුළ
- 1963 චිත්‍රපටයක් වූ මංබුසොක් (අ වයිෆ් ටර්න්ඩ් ටු ස්ටෝන්) තුළ
- 1972 රූපවාහිනී කතාමාලාවක් වූ ද මෙමොයර්ස් ඔෆ් ලේඩි හ්යේග්යොං තුළ
- ජොං බෝ-සොක් විසින් 1988 රූපවාහිනී කතාමාලාවක් වූ ඕ, හෙවන් තුළ
- චෝයි සූ-ජොං විසින් 1988 රූපවාහිනී කතාමාලාවක් වූ 500 ඉයර්ස් ඔෆ් ජෝසොන්: ද මෙමොයර්ස් ඔෆ් ලේඩි හ්යේග්යොං තුළ
- 1994 චිත්‍රපටයක් වූ ද එටර්නල් එම්පයර් තුළ
- ඉම් හෝ විසින් 1998 රූපවාහිනී කතාමාලාවක් වූ ද ග්‍රේට් කිං'ස් රෝඩ් තුළ
- ලී චං-හූන් විසින් 2007 රූපවාහිනී කතාමාලාවක් වූ යි සන් තුළ
- ඕ මන්-සොක් විසින් 2011 රූපවාහිනී කතාමාලාවක් වූ වොරියර් බෙක් දොං-සූ තුළ
- ලී ජේ-හූන් විසින් 2014 රූපවාහිනී කතාමාලාවක් වූ සීක්‍රට් ඩෝ තුළ
- යූ ආ-ඉන් විසින් 2015 චිත්‍රපටයක් වන ද ත්‍රෝන් තුළ[6] ඔහුගේ චරිතය නිරූපණය කොට ඇත.
පෙළපත
[සංස්කරණය]කිරුළහිමි සදෝ කුමරුගේ පූර්වජයන් | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
|
මූලාශ්‍ර
[සංස්කරණය]- ^ හ්යේග්යොං ආර්යාවගේ මතක සටහන්, පරිවර්තනය ජාහ්යුන් කිම් හාබූෂ්, පි. 321
- ^ හ්යේග්යොං ආර්යාවගේ මතක සටහන්, පරිවර්තනය ජාහ්යුන් කිම් හාබූෂ්, පි. 2
- ^ හ්යේග්යොං ආර්යාවගේ මතක සටහන් (한중록, 閑中錄)
- ^ යි යූ බොන් (이유번) සහ ගිම් මැතිණියගේ දියණියයි
- ^ සොන්හුයි ආර්යාව ලෙස ද හඳුන්වයි
- ^ ජින්, ඉයුන්-සූ (15 ඔක්තෝබර් 2015). "ද එවර්-චේන්ජිං හිස්ට්‍රි ඔෆ් ප්‍රින්ස් සදෝ". කොරියා ජූංඇං ඩේලි. සම්ප්‍රවේශය 22 ඔක්තෝබර් 2015.
බාහිර සබැඳි
[සංස්කරණය]- කොරියාවේ කිරුළහිමි සදෝ කුමරුගේ චරිතාපදානය
- සදෝ කුමරු කොරියන් රෝයල්ටි. ෆයින්ඩ් අ ග්‍රේව්. 2006 දෙසැ. 6. සම්ප්‍රවේෂණය 2011 අගෝ. 19.